IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘රනිල්ගේ සේවය ලබන්න අපි වාසනාවන්තයි‘

එක්සත් ජාතික පක්ෂය විනාශ කර දමා  කඩා දැමීමට පසුගිය සන්ධාන රජය දැඩි උත්සහයක යෙදුනත් තම පක්ෂය එක්සත්ව එකා වගේ හිඳිමින් පසුගිය මැතිවරණවලට මුහුණ දීම හා ඒවාට නොසැලී මුහුණ දුන් නිසා මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වු බවත් ජාතික සමගියක් තුළ ඉදිරියට යාමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ජනතාව තේරුම් අරගෙන රනිල් වික්‍රමසිංහ නායකතුමා වටා සිංහල මුස්ලිම් දෙමල  සෑම ජන කොටසක්ම එකතුවිමද ජයග්‍රහණයට හේතුවක් වූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

‘එක්සත් ජාතික පක්ෂය වෙවර ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් සඳහන් කර තිබෙනවා. ඒ නිසා සියලු ජනතාවගේ සියලුම ප්‍රශ්න විසඳීමට හැකියාව තිබෙනවා. පසුගිය දශකය තුළ සන්ධාන  රජය ජාතිවාදය අවුස්සමින් බලයේ රැදී සිටිමට උත්සහ කළා. මහින්ද චින්තනය කියල චින්තනයක් දාගෙන මේ රට විනාස කළ එක පමණයි අප දැක්කේ. පාරකට කාපට් දැමු පමණින්ම එය සංවර්ධනයක් නෙමේ පසුගිය සන්ධාන රජය කාලයේ සැබෑ සංවර්ධනයක් අපි දැක්කෙ නෑ. සන්ධානය තුළ ඒ කට්ටිය කළේ දේශපාලනය පමණයි.

නුවර ජනතාව එජාපය වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනවා රටටම ආදර්ශයක් පණිවිඩයක් දුන් බවත් ඒ මතය මුළු මහත් රටම පිළිගත් බවත් ජයවර්ධන මහතා කීය.

ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග යන ප්‍රබල ජනපතිවරුන් යටතේ වැඩ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා රට ගැන විශේෂ දැක්මක් දර්ශනයක් ඇතිව වැඩ කරන්නට හැකි නායකයකු බවත් එවන් නායකයකුගේ සේවාව ලබන්නට ජනතාවට වාසනාව පෑදී ඇති බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ තුළින් රටට ජනතාවට සෞභාග්‍යමත් රටක් දැකිය හැකි බවත් ලකී ජයවර්ධන මහතා කීවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසු පස සිටි තනිවම දේශපාලනයක් කර ගන්නට බැරි කණ්ඩායමක්  එතුමාගේ පිහිට පතා  වටේ රොක්වී එතුමාව අසරණ කළ බව තමා දකින බවත් හිටපු ජනපතිතුමාගේ තනතුරු ලෝබය නිසා අගමැති අපේක්ෂාව බොඳවු බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

‘රනිල්ගේ සේවය ලබන්න අපි වාසනාවන්තයි‘

චමින්ද Wednesday, 19 August 2015 01:52 PM

ඔබට සුබ පතනවා දයාබර ලකී මැතිතුමනි. හොඳ සේවයක් උඩුනුවරට කරන්න. ඔබතුමා එවිට නැවතත් පත්වේවි ලබන වාරයටත්. (නි)

:       0       0

සිල්වා Wednesday, 19 August 2015 02:00 PM

අති ගරු රනිල් වික්‍රමසිංහ මහතා රටට වාසනාවක්. ඒ වගේම ලෝකය ඉදිරියේ පිළිගත් එකම නායකයා. අවංක බුද්ධිමත් සදාචාරසම්පන්න වැදගත් නායකයෙක්. එතුමාගේ දැක්ම රට ඉදිරියට ගෙනයාම සහ තිරසාර දියුණුවක් කරා ගෙනයාමයි. ඊට සියලු ශක්තිය ලැබේවා....! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 20 August 2015 04:28 AM

ඔබ වැනි අය පක්ෂයට වාසනාවක්. ඔය පිල් මාරු කර කර පනින රිලවුන්ට වැඩිය. සුබ පතනවා රටට ජනතාවට සේවයක් කරන්න කියලා. (ම)

:       0       0

වැකෝ Thursday, 20 August 2015 04:44 AM

දැන් කතා නතර කරලා , වැඩ කරලා දක්ෂකම් පෙන්වන්න.(ම)

:       0       0

ජයසේන Wednesday, 19 August 2015 03:58 PM

ඔබතුමාටත් ඔබතුමාගේ ප්‍රකාශයටත් සුබ පතමි. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 04:53 PM

ඒක ඇත්ත. (නි)

:       0       0

සාමා Thursday, 20 August 2015 12:07 AM

නියමයි. ජය වේවා මගේ ආදර ශ්‍රී ලංකාවට! (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 20 August 2015 12:15 AM

2005 හෙත් ලැබුනා නම් කොච්චර හොඳද නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 20 August 2015 12:40 AM

අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා රටට වාසනාවක් (නි)

:       0       0

යමුන Thursday, 20 August 2015 08:14 AM

ලොකු සැනසීමක් දැනෙනවා හිතට දැන්. මහින්ද ජනාධිපති සහ පවුලෙන් මේ රට ගලවගන්න බැරි වෙයි කියල හිතුවේ. (ම)

:       0       0

යසරත්න Thursday, 20 August 2015 01:19 AM

ඇත්ත. ඒක රටෙක් වාසනාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 77 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1104 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1817 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 798 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 196 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 531 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site