IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රනිල්ට ශ්‍රීලනිප නිමල් පිලේ සහය

(ආරියරත්න රණබාහු)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය

එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවම ත් අවසාන තීරණයකට පැමිණ නැතැයිද  ලේකම්වරයා කීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න  අවසන් කරගෙන ඇති බව පැවසූ ලේකම්වරයා ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවද පැවසීය

මේ වන විට නොයෙකුත් සන්ධාන  බිහිවෙමින් තිබුණත් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇතැයි කී දිසානායක මහතා විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ  ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ  ප්‍රකාශයට පත් කර ඇති  අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග ය පනවා ඇතැයිද කීය.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන  ඇති  බවත් ඒ අනුව වැඩ බලන  සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා කටයුතු කරන බවත් ඔහු කීය.

කොළඹ ඩාලි පාරේ පිහිටි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මුලස්ථනයේ ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මෙම අදහස් දැක්වූ අතර  පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ය ලසන්ත අලි ගෙවන්න මහතා ද අදහස් දැක්වීය



අදහස් (18)

රනිල්ට ශ්‍රීලනිප නිමල් පිලේ සහය

පිටරටවැසියා Thursday, 06 June 2024 04:52 PM

සබීතාද කිව්වේ?

:       5       81

ගමේ එකාලා Thursday, 06 June 2024 05:10 PM

පස් වතාවක් අගමැතිකම් කෙරුවා. පිනට ජනාධිපති වුණා... නහින දෙහින කාලේ. බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන් හදන්නේ රනිල්ගේ පිහිටෙන් ගොඩ යන්න පුළුවන් කියලා...

:       17       75

Chinthaka Friday, 07 June 2024 07:18 AM

රනිල්ට ලොකුම පිනක් නැත්නම් කොහොමද ජනාධිපති වුනේ කියලා නොසිතෙන මිනිස්සු මොක්කුද කියලා හිතෙනවා ලක්ෂ එකසිය විසි ගණනක් රනිල් ප්‍රතික්ෂේප කලාවුනත් ස්වභාව ධර්මයා රටේ නායකත්වය සදහා රනිල් සුදුසු බව පැහැදිලි කලා මිනිස්සු රනිල්ට මනාපය නොදෙන්නෙ රනිල් සුඛෝපභෝගී ජීවිතයක් ගතකල උගත් කමක් තියෙන පුරවැසියෙක් නිසා ඔහු ගැන තියෙන ඊර්ෂ්‍යාව හා කුහකත්වය නිසා තමයි ඉදිකටු තුඩක තරමින් රට ගැන හැගීමක් තියෙන කිසිවෙක් රනිල් ප්‍රතික්ෂේප කරන්නෙ නම් නැහැ

:       24       11

siri Thursday, 06 June 2024 05:26 PM

වාසියට එහාට මෙහාට පනින ඔහෙලා එක්ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ යන්න සූදානම් වෙයි කියලා හිතනවද?

:       0       2

Kamal Thursday, 06 June 2024 06:00 PM

නිමල් ඇමැති වෙලා නොහිටපු දවසක් කියන්න 94න් පස්සේ..

:       0       7

Rata Perata Thursday, 06 June 2024 06:12 PM

මේ ඔක්කොම එකයි කියන්න තව සාක්ෂී ඕනද? මේ හොරු රැළ එක එක ආරක්ෂා කරගන්නවා. අහිංසක මිනිස්සු රැවටෙනවා.

:       0       6

C.K.Lankaputhra Thursday, 06 June 2024 06:25 PM

ලංකා දේශපාලුවන් කියන්නේ වාසිය වෙනුවෙන් ඕනෑම පාහර වැඩක් කිසිම හිරිකිතයක් නැතුව කරලා මිනිසුන් ඉස්සරහට සුදනෝ වගේ එන ජාතියක්. හැබැයි ඒ වගේම මිනිසුන් ගොනාට අන්දලා ඡන්දේ ගන්නත් ඔවුන්ට පුදුම හැකියාවක් තියනවා. මහජනයා කියන්නේ ඕනෑම ජාතිකයෙකුට රැවටෙන්න පුදුම ආසාවක් තියන ගොන් හරක් රංචුවක්. ඔය දේශපාලුවෝ ඒ බව හොඳටම දන්නවා.

:       3       72

Reezah Hameem Thursday, 06 June 2024 06:30 PM

ඔව් ඉතින් තනතුරු නැතිව ඉන්න අමාරු වෙයිනේ..

:       3       55

ජයනාත් Thursday, 06 June 2024 07:56 PM

නරකද කට්ටිය ම යූඇන්පි එකට ගියා නම් .

:       0       6

de silva Thursday, 06 June 2024 08:35 PM

මේ නාකි නිදිමතය හැර වෙන මිනිස්සු නැද්ද ඡන්දෙ දෙන්න

:       0       7

Rohana Thursday, 06 June 2024 10:29 PM

ලංකාවේ දේශපාලන පක්ෂවලට කිසිදු දර්ශනයක් ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් නැත. මැතිවරනයෙදි තමන්ට ලැබෙන වාසිය බලල යකාට හරි එකතුවෙලා බලය ගන්නමයි කල්පනා කරන්නෙ. දේශපාලනයකරන්නේ බඩවඩා ගැනීමට මිසක් රට හැදීමට නොවේ.

:       0       11

ashok Thursday, 06 June 2024 11:30 PM

හොරු රොත්තම එකට එකතු වෙන එක හොදයි.

:       1       10

චන්දිම Thursday, 06 June 2024 11:38 PM

අද පොහොටුවෝ ටික හරියට නයා මැරිච්ච අහිගුන්ටකයෝ වෙලා. මේ ගොල්ලොත් ඒ රැහේම හිටපු අය තමයි. මේ ගොල්ලෝ හැමෝටම තම තමන් කරන්නේ මොනවාද කියල හිතා ගන්න වත් බැහැ. දැන් හැමෝම ගොඩ ඉන්න හිතන් ඉන්න අලියාගේ නගුටේ එලිලා. එතන මේ ගොල්ලන්ට හරිම සුගන්ධවත් තැනක් වෙලා. ඉස්සර අලියා ඈත එනකොටත් කිව්වේ ෂිට් ගෙරියා ගඳ විතරක් කියලා. දැන් සුවඳ වෙලා. මේක දන්නා රනිල් දැන් මේ කට්ටියම සුවච කීකරු බලු බල්ලෝ රැලක් ගානට තමන්ට ඕනි ඕනි විදියට ඉන්ජු ඉන්ජු කියලා හසුරුවනවා. ඕනි තැනක ඕනි එහෙකට අත උස්සනවා කකුල උස්සනවා වලිගෙ වනනවා ඕනි එකක් ලෙවකනවා.

:       0       8

බිම්බාරසිංහ Friday, 07 June 2024 12:13 AM

මුන් නම් මිනිස්සු වෙන්න බෑ. කිසිම ප්‍රතිපත්තියක් නැති බලය වෙනුවෙන් ඕනෙම පහත් වැඩක්, ඕනෙම පාවදීමක් කරන්න සුදානම් වෙලා ඉන්නේ.

:       0       13

Lelwala Friday, 07 June 2024 02:16 AM

සිරා කියන්නෙ වැඩකටම නැති එකෙක් 1993 ඉදලම මහවැලි කාලා මුලු පරම්ලරාවම ගොඩදම්ම. ඇගට නොදෙනි මේ රටේ සම්පත් හොරාකාපු එකෙක්.

:       0       14

අරවින්ද මොනරවිල Friday, 07 June 2024 10:10 AM

රොස්මිඩ් වලව්වයි, කොල්ලූපිටියේ වලව්වයි එකතුවෙලා මුල ඉදලම ගේම ගැහුවේ ඕකට තමයි, මුලින්ම සිරිපාලලා අමරවීරලා සිරිසේනට ලංවෙලා දයාසිරිව පැන්නුවා ඒ දයාසිරි පූද්ගලිකවම රනිල් විරෝධියෙක් නිසා. ඊට පස්සේ චන්ද්‍රිකා දමලා හිටංගේ සභාපතිකමට ගේම දුන්නා, දැන් පක්ෂයේ නායකත්ව නිදිපාලට ලැබිලා මිනිහා ඇහැරිලා හිටියත් නිදාගෙන හිටියත් ආණ්ඩුවේ ඇමතිකමක් විතරයි මිනිහටයි එයාගේ කල්ලියේ අනිත් එවුන්ටයි ඕනා. රනිල් නොවෙයි පිල්ලයාං ජනාධිපති උනත් උන්ට කමක් නැහැ.

:       0       11

Kazi Shajahan Friday, 07 June 2024 01:49 PM

ඕකට නේ කැරකුණේ... මම කිව්වේ කැට තියලා. මෙයාලා රනිල්ගේ කරේ නගිනවා කියලා...

:       0       5

Sextus Saturday, 08 June 2024 11:58 AM

බුදු අම්මෝ ලොකු කටිටියක් ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 315 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4006 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2439 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site