(යොහාන් භාසුර)
‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී දින 11 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙදපොල වටිනාකම රුපියල් මිලියන 858 ක් හෙවත් කෝටි 85 කට අධික බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 558.5 ක් හෙවත් කෝටි 55 කට අධික දේපළ පොලිස් භාරයට ගත් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (31) පෙරවරුවේ පැවසීය
එම කාලය තුළ මහජනතාව මත්ද්‍රව්‍ය පිලිබදව තොරතුරු දීමට දුරකථන ඇමතුම් 10,798 ක් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල දුන් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
එම දින 11 තුළදී හෙරොයින් කිලෝ 11 යි ග්‍රෑම් 600 ක්, අයිස් කිලෝ 8 යි 378 ක්, ගංජා කිලෝ 297 යි 800 ක් සහ මත්පෙති 72,272 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය කීය.
සමස්ත මෙහෙයුම්වලදී මේ දක්වා සැකකරුවන් 20,797 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 1,018 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව කී එම අමාත්‍යංශය සැකකරුවන් 189 ක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
එම සැකක්රුවන් අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 1,298 ක් පුනුරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4,584 න් සැකකරුවන් 1,625 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රුපියල් කෝටි 140 ක මත්ද්‍රව්‍ය - දේපළ පොලිස් බාරයට
Marikkar Monday, 01 January 2024 07:19 AM
එම මත්ද්‍රව්‍ය පැනඩෝල් කුඩු හෝ පිටි බවට පත් නොකිරීමට පොලිසිය උපරිම උත්සාහයක් ගත යුතුය.