රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ඉරිදා සේවය යළි දැනුම් දෙනතුරු නතර කරන බවට සිකුරාදා සිට එහි දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබේ. ඉරිදා සේවය කලක පටන් පැවැතියේය. ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් කොන්සියුලර් සේවා සපයා ගැනීමට බොහෝ දුර සිට රෝමයට පැමිණීමට පුරුදු වී සිටියහ. මේ ගැන විමසීමට තානාපති අසිත පෙරේරා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහා කළත් නොහැකි වූයේ ඔහු මොල්කා රජ්‍යයට ගොස් සිටි නිසාය. තානාපති කාරියාලයයේ මේ තත්ත්වය ගැන බොහෝ ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දෙයක් මතක්කරන්න ඕනෑ. අපරාදේ කියන්න බැහැ, මේ තාක් මගේ වැඩ ටික නම් රස්තියාදුවකින් තොරව ඉක්මනින් කරලා දීලා තියෙනවා. හැබැයි ඉතින් එහෙම සේවාවක් ලබාගන්න අපි ඉදිරිපත් කරන ලියකියවිලි, ඒවායේ පිටපත් ඇතුලු සියලු දේ 100% ක් නිවැරදිව ලබාදීමට සැළකිළිමත් විය යුතුයි. කවුන්ටර් එකේ ඉන්නවා ටිකක් කලු, උස, වගකීමකින් වැඩ කරන පුද්ගලයෙක්. එයාගේ සේවාව නම් උපරිමයි. ඒ වගේම පැහැදිලි කිරීම් නිවැරදිවම කරන පුද්ගලයෙක්. සමහර පිරිස් සේවාවට අදාල ලියකියවිලි රහිතව ඇවිත් නිලධාරීන්ට බැණවැදීම හා එම්බසියට ශාපකිරීම පිළිගත නොහැකියි. (නි)
ඉරිදට වැඩ වැඩි කියන්නේ (දී)
සතියම වැහුවත් මොකද (දී)
ජර්මන් තානාපති කාර්යාලයෙන් වැඩක් කරගන්න බැහැ..!(නු)
මොකද්ද ප්‍රශ්නේ දැන් (දී)
ඉරිදා සේවය නවත්වන්න හේතුව මොකක්ද ? (දී)
ජනතා සේවයම කරලා හරියන්නේ නැහැනේ තමන්ගේ වඩාත් බලා ගන්න ඕනෙනේ (දී)
අපි මොනවා කරන්නද
මම දැකපු තානාපති කාර්යාලවලින් රටේ අනන්‍යතාවය නිවැරදිවම පිළිඹිබුවෙනෙ විදියට තියෙන එකම තානාපති කාර්යාලය රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයි........ ගේට්ටුවෙන් ඇතුලට ගියපු ගමන් නිකන් මූකලානකට අඩිය තිව්වවගේ..... වටපිටාවෙ ගස් කොලන් වැවිල ගන්න සසරක් නෑ.......ඒ විතරක්ද ගේට්ටුව ඉස්සරහම පිටරැටියන් දෙනෝදාහක් යන මඟ ඉස්සරහ මේස කබලක් තියන් නරක්වෙච්ච කට්ලට් පැටිස් ප්ලේන්ටී විකුණනව....... ඔන්න ඕකයි ඉතාලි එම්බසියෙ වටපිටාව..... ඇහැ කන නහය තියෙන මනුස්සයෙක් රටේ ගෞරවය රැකෙන විදියට එම්බසිය පවත්වාගෙන ගියොත් වටිනව....... ස්ටාෆ් එකේ මහත්වරුන් කිහිපදෙනෙක් විශිෂ්ඨ විදියට සේවය සිදුකරනව. කෝල් ආන්ස කරන කෙනා ගැන නම් කියල වැඩක් නෑ....... අන්තිමටම දෙයක් කියන්න ඕන.... මම ඊයේ දවසෙම එම්බසියට කෝල් කළා..... දිනය තුල 30කට වඩා ඇමතුම් ගත්ත කවුරුවත් පිළිතුරු දුන් නෑ...... ඇයි දන් නෑ??? මා මෙය වගකීමෙන් කියන දෙයක්. .... ප්‍රියමනාප වටපිටාවක්වත් තියෙන එම්බසියක් ලැබෙන්න මේ ලිපිය හේතුවේවා........(ස)
නිශාන්ත මහතාණෙනි, ඔය තත්ත්වයට තානාපති කාර්යාලය පත් කරේ කවුද කියලා කවුරුත් දන්නවා. පරන කෙනා යනකොට තානාපති කාර්යාලයේ නිලධාරින්ව ඛෙදලා, අනලා තමා ගියේ. ඒකේ විපාක ගෙවන්න වෙලා තියෙන්නේ දැන් ඉන්න කෙනාට. රෝමයේ ලාංකිකයන් ඛෙදුවා වගේ ඒකත් ඛෙදලයි ගියේ. ඉරුදින සේවය ස්වේචා සේවයක්. ඒකට දැන් ඉන්න සේවකයන් කැමති නැහැ. තානාපති කාර්යාලයේ ඉහල නිලධාරින් ඛෙදිලා ඉන්න කල් පහල නිලධාරින්ගෙන් සේවය හරියට ලබා ගන්න බැහැ. ඒකට වග කියන්න අවශ්‍යය දැන් ඉන්න තානාපති නොවන වගත් තේරුම් ගත යුතු වෙනවා.හිටපු කෙනාගේ අගය නෙමේ, කල විපාකයේ තරම ඉතාලියේ ඉන්න සේරම හොඳට දන්නවා. සේරම සංවිධාන ඛෙදලා, ලාංකිකයන් ඛෙදලා, ගම කාලයි පරන කෙනා ගියේ. (දී)
කලින් හිටපු තානාපතිතුමා කළ සේවය අපි හොදින් දනිමු. වර්තමාන තානාපතිතුමා මෙතෙක් කළ සේවය කුමක්දැයි පවසන්න. අදහසක් දක්වන විට කාගේවත් පැති නොගෙන බුද්ධිමත්ව අදහස් දැක්විය යුතුයි. (නි)
හේතුව මොකක්ද
නිවාඩු දවසනේ
කොහොමද ජනතා සේවය
දැන් තමයි එහි ජනතා සේවය හරියටම කෙරෙන්නේ (නි)
තානාපති කාර්යාලය තුළ රාජ්‍ය විරෝධී ,කඩාකප්පල්කාරි පිරිස් සිටීද යන්න සොයා බැලීමටත්, පසුගියදා සිද්ධි සම්බන්ධව සොයා බැලීමටත්, ලක් රජයේ ජනාධිපතිතුමා ගේ අවධානය යොමු විය යුතුය. යුරෝපා පාර්ලිමේන්තුවේ ලක් රජයේ මානව හිමිකම් සම්බන්ධ අවධානය නැවත උසිගැන්වීමේ ක්‍රියා සදහා යොමු නොකිරීමට ද, තානාපති කාර්යාල නිලධාරීන් කටයුතු කිරීමට වග බලාගත යුතුය. (නි)
ජනතාව අසරණයි
2012 සැප්තැම්බර් 17 සෙනසුරාදා දිනය පුරාම දුරකතනයට පිළිතුරු නොදීමට හේතුව රාජ්‍ය සේවයේ පිරිහීම පිළිඹිබු කරයි. වැරදිලාවත් එදින නිවාඩු දිනයක් නම් (*අප නොදන්නා) පටිගතකල හඬපටයක් වත් දාන්න තාක්ශණයක් නැද්ද??? මේපිළිඹඳව බලධාරීන් සොයාබලත්වා....... (ස)
ලාංකිකයන්ට උදව් කරනවා වෙනුවට ලාංකිකයන්ව අවස්ථාවෙන් ගසාගෙන කන කිහිප දෙනෙක් විසින් කරන ලද වැඩ නිසා තානාපති කාර්යාලය ඉරුදින වසා දැම්ම බව නම් සහතිකයි. නමුත් එම ක්‍රියාවෙන් කරදරයට පත්වන්නේ අහිංසක අපගේම සහෝදර ලාංකිකයන්. තානාපතිතුමාටත් කල හැකි සීමාවක් තිඛෙනවා. අසංවරව හැසිරෙන ලාංකිකයන් හදන්න පුලූවන් කමක් තානාපති තුමාට නැහැ. ලාංකික ජනතාවට වූ පාඩුව නම් නිම කල නොහැකියි.(නු)
ඉරිදා සේවය නතර කිරීම ගැන දැඩිලෙස කම්පා වෙමු.හේතුව ඉතාලියේ සතියේ දිනවල නිවාඩු ගෙන යම් සේවයක් කර ගැනීමට කි.මි.1000ක් 1200ක් දුර බැහැර සිට යම් කෙනකු රෝමයට පැමිණෙන්නේ නම්,සතියේ දින දෙකක නිවාඩුවක් ගත යුතුය.එය වර්තමානයේ රැකියා අමාරු යුගයක ඉතාලියේ සේවය අත්හිටුවීමට පවා හේතුවක් වීමට පුළුවන. මෙවැනි අත්තනෝමතික තීරණ නිසා තානාපති සේවය හා ජනතාව උරණ වීමට ඉඩ ඇත.එය එතරම් කාලෝචිත කරුණක් හැටියට අප නොදකිමු. ගරු තානාපතිතුමනි, දුර දක්නා නුවන මෙවැනි කාරනා සදහා භාවිතා කරන්න.එය රටටත් අපෙන්ද පැසසුම් ලැබිය හැකි කරුණකි. විශේෂයෙන් ඔබතුමා ගැන ශ්‍රී ලාංකිකයන් අතර පැහැදීමක් ඇතිවී යන වකවානුවක එය වැදගත් වනු ඇත. (නි)
රට රස්සාවල් කරන අයට තමයි ප්‍රශ්නේ
තානාපති තුමා මෙවන විටත් රෝමයේ සිටී.ඉරිදා සෙවය ඔවුන් කරන්නේ ස්වෙච්චාවෙන්.එය රැක ගන්නට පේ මිනිසුන් දැනගත යුතුය.තානාපති තුමා මොල්කා රජ්‍යට පිටත් වන්නේ හෙට දිනයේ. (2012/09/16)(නු)
ජනතාව සම්පුර්ණ අතරමං
ලෝකෙම දැන් දුවන්නේ අනෙත් පැත්තට (දී)
මෝල්කාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ බුලත්සිංහල පැත්තේය... ඉතාලියේ තානාපති තුමා යනවානම් යනු ඇත්තේ හෝ මේ වන විට ගොසින් ඇත්තේ මෝල්ටා රාජ්‍යයට විය යුතුය.. අප්‍රිකාවේ කෙන්යාව නම් රටටද මෙසේ කින්නියාව කියා අපේ අය වැරදියට භාවිත කරතිය.. කින්නියාව තියෙන්නේ තිරිකුනාමලේ පැත්තේය.. එසේම මල්ලාවි කියා ගමක් වන්නියේ ඇත.. මලාවි කියා රටක් අප්‍රිකාවේ ඇත.. මේවා නිතරම වැරදියට භාවිත කර ඇති බව මා දැක තිබේ.. තරහට නෙමෙයි... නිකමට කිව්වේ කැමති නම් වැරැද්ද හදා ගන්න.. (නු)
පව් අසරණ ලංකාවේ මිනිස්සු ටික (දී)
තානාපති කාර්යාලයේ සේවය ඉරිදාට ලබා ගැනීමට ලංකාවේ ජනතාව එන්නේ එදා ඔවුනට නිවාඩු දිනයක් නිසා. තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉරිදාට සේවය කිරීම අපට මහත් පිටුබලයක්. ඒ සේවාව අපි අගය කල යුතුයි. තානාපති කාර්යාලයේ නිලධාරීන්ට තර්ජනය කර සේවා ලබා ගැනීමට ඉරිදා දිනවල අපි කාටවත් බැරි බව අප තේරුම් ගත යුතුයි. එක පුද්ගලයෙක් නිසා පාඩුව වුනේ ලාංකික අපි හැමෝටම.(නු)
අයියෝ සල්ලි
අවංකව කියන්න මොන ශ්‍රී ලංකා තානපති කාර්යාලයද අවංකව අපෙ අයට සේවය කලේ ??(නු)
මාලක මහතා, ඔබතුමාගේ දැනුවත් කීරීමත ස්තුයි.කමලිනී මහත්මිය,ඔබ තුමියගේ අදහස ඉතා වැදගත්.මෙහෙ ඉන්න නැනමද පන්ඩීතයින් නිසා අපහසු තාවයට පත්වන්නේ අසරන ජනතාවයි.එ අසරන ජනතාව ගැන සිතා නැවතත් තානාපති කාර්‍යාලය ඉරිදා සේවය ලබා දෙන්නේනම් පිං.(දී)
ලාංකිකයන් සේවය නිකන් ලබා ගන්නෙ නැ. ඒ හැම සේවයකටම ගෙවනවා. එනිසා තනාපති කාර්යාල වැඩ කළයුත්තේ නිළධාරීන්ට ඕන ඕන ව්දිහට නෙවෙයි සේවය ලබා ගැනීමට එන ජනතාවට (පාරිභෝගිකයාට ) අවශ්‍යය ව්දිහටයි. (නු)
මාලක ඔයා නිවාඩුවට ගිහිං නැද්ද?(නු)
මා දන්නා තරමට සෙසු තානාපති කාර්යාලවලට වඩා වැඩියෙන්ම වැඩ කරන්නේ රෝම තානාපති කාර්යාලය.නමුත් වැඩියෙන්ම බැනුම් අසන්නේත් එයමයි. කලකට පෙට මේ තත්වය මේ තරම් දරුණු මට්ටමින් පැවතුනේ නැත. මේ සියල්ල ඇති වී ඇත්තේ දැනට අවුරුද්දක පෙර සිටයි. ඊට හේතුව ඉහලම පරිපාලනයේ දුර්වලකම බව දන්නේ ඉතාම සුළු පිරිසක්. හිටපු තානාපති තුමාගේ යම් යම් දුබල තීරණ තිබුනත් එතුමාගේ අගය දැන් අපිට දැනෙනවා. වැදගත් තැනක් පාලනය කිරීමට පැමිණිය යුත්තේ පරිපාලනය දන්නා පුද්ගලයෙකුයි.(නු)
සාධාරණය කියලා දෙයක් ලෝකේ කොතැනවත් ගෑවිලාවත් නැහැ (දී)
ඉරිදා දිනය තිබෙන්නේ සාමානය්‍ය ජනයාට වූනත් එතන වෙන්නේ මුදලාලි කරනයයි තානාපතිගේ හෙන්චයියෝ කීහිපදෙනෙක් මිලානෝ වෙරෝනා නාපෝලි සහ සිසිලියෙන් නඩ පිටින් බස්වලින් ගෙනල්ලා වැඩ කරවගෙන ගානක් මරාගැනීමයි (දී)