කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ දී නොසැලකිලිමත් ලෙස රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව චෝදනා පහක් අධිකරණයට ඉදිරිපත් කළ අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කැරිණි.
එම චෝදනා වලින් පළමු චෝදනා දෙකට තමා වරදකරු බව රමිත් රඹුක්වැල්ල අධිකරණයේ දී පිළිගත් අතර අනෙක් චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ කියා සිටියේය.
මේ අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුර සිදුවූ වේලාවේ සිදුකළ බැලූන් පරීක්ෂාවේදී ඔහු බීමතින් සිටි බව අනාවරණය වූ බවත් අනතුරින් පැය දෙකකට පමණ පසු තුවාල සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඔහු ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ඇල්කොහොල් ගඳ වහනය වූ බව එම වාර්තාවේ සඳහන් ව ඇති බවත් ය.
පොලිස් ඇප මත සිටින රමිත් රඹුක්වැල්ලට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේදී මේක වුනානම් එතන තාප්පේ බැඳපු එකා ඉවරයි..(බ)
ලෙස්ලි, පෙනෙනවානේ අද සිංහලයාට උදාවෙලා තිබෙන තත්වය? ඒ නහර වැඩි නිසාද? කොඳු ඇට පෙළක් නැති නිසාද? කලපනා කරන්නකෝ. (නි)
ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම තහනම්ද? එහෙම නම් දැන් මට මගේ මිණිබිරී ඉස්කෝලේ ගෙනියන්න වෙන්නේ නැහැ මොකද කාර් එක පුතාගේ. (අ)
සුරේෂ්, රියදුරු බලපත්‍රයක් ඇතිනම් තාත්තගේ හෝ බාප්පාගේ හෝ වෙනකුගේ හෝ රියක් පදවන එක ලංකාවේ තහනමක් නැහැ. නමුත් මත්පැන් බීලා රියක් පදවන එක තහනම් ඒවගේම බරපතල වරදක්. (අ)
එතකොට පොලිස් රියදුරන් එලවන්නේ කොහේ කාට ලියපදිංච් වෙච්ච වාහනද?බස් රියදුරන් එලවන්නේ ඔවුනට ලියපදිංචි වෙච්ච වාහනද? මෙම පුවත කියවීමෙන් අපට නැගුන ප්‍රස්න මේවා (අ)
සුරේෂ් ඩුබායි මේකාලේ මේනඩුවේ හැටියට තහනම් වෙන්නට ඇති (බ)
බණ්ඩාර - කැකිරාව සමහරවිට තහනම් කිරීමට බලපත්‍රයක් නැතිව ඇති. (බ)
නිරූ, එහෙම වෙච්ච එක සිදුවීමක් කියන්න පුලුවන්ද (බ)
මාලක සිල්වා වගේ නහරයක් වැඩි එකෙක් .ඔයවගේ අය ඉන්නේ මහින්ද මහත්තය ළඟ විතර වගේ (අ)
පව් අහිංසක කොල්ල! මේකත් කුමන්ත්‍රණයක් වෙන්න ඇති. (බ)
අනාගතේදී දේශපාලනේට එන්න මේ ප්‍රසිද්ධියම ඇති (බ)
පියාගේ අඩි පාරෙන් පෙරට.....(බ)
කැකිරාවේ බන්ඩෝ රණවක ඇමති බීලා වාහන පදවල අහුවෙලා බැලුම් පුම්බල බීලා හිටිය කියල ඔප්පුවෙලා තියෙනවද ? මමත් නොදන්නා නිසාමයි අහන්නේ ? (බ)
සුරේෂ් මෙම වාහනය ලියාපදිංචි කරපු එකක් නෙමේ (බ)
ලියාපදිංචිය වෙනත් කෙනෙකුට තිබෙන වාහනයක් පැදවීම වරදක්ද? (නි)
මේ නඩු වලටත් අර නඩු වලට එන නීතිඥ මහත්තයා එනවා වගේ. (නි)
ගරු විනිශ්යකාරතුමනි, මෙවැනි හොඳ තීරණ අපේ දේශපාලුවන්ගේ පුතුන්ට ඉදිරියේදීත් ලබාදෙන්න (නි)
ඉස්සරනම් මෙහෙම වෙයිද? ඔබට සතුටුද දැන්? (නි)
සුරේෂ්, හොඳ ප්‍රශ්නයක්. ලංකාවේ තමන්ගේම වාහන විතරක්ද පදවන්න පුළුවන්? වෙන්න බැරි දෙයක් නේද? (නි)
සුරේෂ් ඩුබායි, කිසිම වරදක් නැහැ. කරලා තියෙන වැරදි තේරුම් ගත්තා නම් ඒ ඇති. (නි)
ලංකාවේ තමයි මේ නීති තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල තමන් වාහනයක් පදවනවා නම් රජයේ ලියාපදිංචි ඩ්‍රයිවින් ලයිසන් පත වගේම තමන් පදවන වාහනේට තමන්ගේ නමින් හෝ තුන්වන පාර්ශ්වයකින් රක්ෂණයක් තිබිය යුතුයි
හොර වැඩ නැතුව අනුන්ගේ අංක තහඩු නැතුව, තව වාහනයේ අයිතිකරුගේ ඉන්ෂුවරන්ස් එකට ඔබ දෙවැනි පදවන්නා (දෙවැනි රියදුරු) කියලා එකතු කරගන්න.
ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම මොනතරම් වැරදිද? (නි)
අශීලාචාර පුතෙක්. මීට කලින් ක්‍රිකට් සංචාරයකදී බීමතින් ගුවන් යානයේ දොර අරින්න හැදුවෙත් මේ පුත්‍රයානේ. ඒ වැරැද්දට දඬුවමක් ලැබුනේ නැහැ මම දන්නා විදියට (නි)
දන්න කෙනෙක් කියනවද අපේ තාත්තගේ සහෝදරයෙකුගේ හෝ යාලුවෙකුගේ වාහනයක් මම ඩ්‍රයිව් කරන එක ලංකාවේ නිතිය අනුව තහනම්ද ? (බ)
එතකොට අර රණවක ඇමතිගේ රියදුරු බලපත්‍රයත් තහනම් කළාද ? නොදන්නා නිසයි අහන්නේ. (බ)
නීතිය මේ විදිහට ක්‍රියාත්මක වුණොත් අනාගතයේදී රිය අනතුරු හුඟක් අඩුවෙන බව නිසැකයි (නි)