කි‍්‍රකට් තරගාවලියකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් සිට ශී‍්‍ර ලංකාව බලා පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ අසෝබනව හැසිරුණේ යයි ලද චෝදනාවට වැරදිකරු වීම නිසා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩක රමිත් රඹුක්වැල්ලගේ සංචාර මුදලින් 50 % ක් දඩ වශයෙන් නියම කර තිබේ.
ඉදිරියේදී මෙවැනි සිදුවීම් වලට මුහුණ නොදී සිටින මෙන්ම රටේත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේත් ගෞරවය ආරක්‍ෂා වන පරිදි කටයුතු කරන්නැ’යිද ඔහුට තදින් අවවාද කරන ලෙසත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය කමිටුවට දන්වා තිබේ.
ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී බි‍්‍රතාන්‍ය ගු-වන් සේවයට අයත් ගුවන් යානයක මගී කුටියේ දොර විවර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල චෝදනා ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එකෙක් කළා නම් ගුවන් තොටුපලින් කෙලින්ම අරන් යන්නේ පොලිස් කුඩුවට. (නි)
ඇමති පුතෙක්නේ..... (නි)
ඒ දඩ මුදලත් ගෙවන්න වෙන්නේ අපිට. අපෙන් ගන්න බදු මුදලින්නේ එයාල සෙල්ලම් දාන්නේ (නි)
මොකද දන්නේ නැහැ නේද මෙයාට විදේශ සංචාර අවලංගු නොකළේ? බැරිචෙලාවත් විදේශ ගමන් අවලංගු කරලා ගුවන් බලපත පාස්පෝට් එක උසාවි බාරයට ටිකකලකට හෝ ගත්තා නම් අන්න නියම දඩුවම. (නි)
මේ වගේ අයට දෙන මේ දඩුවම් ප්‍රමාණවත් මදි නැද්ද? වෙන කෙනෙක් කලානම් කොච්චර කාලෙකට තරග තහනම් කරයිද දන්නෙ නැහැ (නි)
නින්දෙන් එහෙම ඇවිදින්න එපා කියලා අවවාද කළේ නැද්ද ? (නි)
මේක හීනෙන් කරපු වැරද්දක්. ඔය දඩයත් නින්ද ගිය වෙලාවක හීනෙන්ම ගෙවල දාපන් කොල්ලෝ. වියදමකුත් නෑ එතකොට. (අ)
ජනමාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම පද්ධතිය සැකසීමේදී නින්දෙන් ලිවීම නිදහසට කරුණක් ලෙස සලකා බලන බව ඇතුලත් කල යුතුයි. නැත්නම් නින්දෙන් ඇවිද දඩ ගෙවු මේ පැටියට වුණ අසාධාරණය ඔවුනටත් අත්වේවි. (අ)
ඉස්මයිල් හුසේන් ඔබ හොද මුස්ලිම් මහත්මයෙය් .ඔබලා වගේ අදහස් තියෙන අය ඉන්නවනම් මේ රටේ ජාතිවාදි කරදර සදහටම නැතිවෙයි.ඔබට ජය . (අ)
කොහොමත් ඕක ගෙවන්නෙත් හීනෙන් තමා.හීනෙට හීනය කැපිල යනවා උත්තරය (අ)
ඉස්මෙල් හුස්සෙන් ඔබ හරි,(අ)
මොන අවවාදද? ප්‍රස්ද්ධ කරන්න දෙයකුත් ඕනා නේද? (නදී)
අර මොකාටද ගිය ලංකාවේ නිතිය. දැන් ක්‍රිකට් වලත් වෙලා.(නදී)
මේවා තමයි කැකිල්ලේ තීන්දු .හරියට තාත්තා කතා කලේ එයත් ගුවන් යානයේ හිටිය වගේ.හා ..හා ...හා ...අනේ අනිච්චන්(අ)
අපරාදේ ලංකාවේ ක්‍රිකට් ගොඩ දන්නා හිටපු දක්ෂ කොල්ලෙක් (නි)
ඒ කියන්නේ කොල්ලා හීනෙන් ඇවිද්දලත් දඩ ගහනවද ?? මේක පුදුම ලෝකයක්. (නි)
හරිනම් මාසයක් මුත්‍රා කරන එක තහනම් කරන්න තිබුනේ අපේ රටටයි, අපේ ක්‍රිකට් වලටයි කරපු ලෝක අපහාසයට. (නි)
පහන් අනුර ඉස්මයිල් විතරක් නොවෙයි අප හා අත්වැල් බැදගත්තු තව ගොඩක් මුස්ලිම් සහෝදර වරු ඉන්නවා, ඒ නිසයි මම කාටත් කවදත් කියන්නේ පොදුවේ මොනම ජාතියකටවත් ගරහන්න එපා කියලා. අපි වසර තිහක යුද්දෙක ප්‍රතිපල තවම විදිනවා. ඒ හැලුනේ දෙමල ලේ පමණක් නොවෙයි කිසිම බේදයකින් තොරව සිංහල , දෙමල , මුස්ලිම් , බෞද්ද හින්දු , කතෝලික මෙන්ම සෑම ලාංකිකයෙකුගේම ලේ. එවැන්නක් නැවත අත්විදින්න අපි නොහිටියත් අපේ දරු මුණුබුරෝ ඉදියි. ඉස්මෛයිල් ඔයාලාටත් ලොකු වග කීමක් තියනවා තමන්ගේ සොහොයුරන්ව ඔය ඔලු හෝදන කට්ටිය ගෙන් බේරාගන්න. ලොකු පිනක්. මේ රටේ තමය් සර් රෂීඛ් පරීඩ්ලා , සර් පොන්නම්බලම් රාමනදන්ලා හිටියෙත් ,එය අමතක කරන්න එපා.(නදී)
ඉස්මෛල් හුසේන්,ඔබ නියම ශ්‍රී ලාංකියයෙක්.ඔබට අපේ ප්‍රණාමය! (නි)
මෙයාට පිටරටවල තරග වලට සහබාගි වීම තහනම් කළා නම් නේද හොද? නැත්නම් ආපසු ගුවන් යානා වල විකාර කළහම කැත වෙන්නේ ලංකාවේ නම. ඉදිරියට ක්‍රීඩකයන්ට ලංකාව නියෝජනය කරනකොට තරග කරන වෙලාවේදී සහ විවේක කාලයේදී මත් පැන් බිම තහනම් කරන්න. නිසි විනයක් ක්‍රීඩාවට අවශ්‍යයි (නි)
ඉස්මයිල් හුසේන්.ඔබ ගැන ආඩම්බරයි (නි)
මම නම් කියන්නේ එයාට ජීවත කාලයටම තරග තහනමක් පනවන්න ඕනෑ, රටට කරපු අවනම්බුවට (නි)
ඇයි මේ අහිංසක කොල්ලට දඩුවම් කලේ? වැසිකිලි දොර මොකක්ද අනෙක් දොර මොකක්ද කියලා මේ පොඩි පැටියා දන්නේ නැතුව ඇති. ඉතින් ගුවන් සේවිකාවන් ඒවා කියල දෙන්න ඕනෑ නේද ? මම නම් කියන්නේ ලංකාවේ නීතියට අනුව ගුවන් සේවිකාවන්ටයි දඩුවම් දෙන්න ඕනෑ ඒ දේවල් කියල නොදුන්නට. නැත්නම් කොහොමද මේක ආශ්චර්යමත් රටක් වෙන්නේ. (නි)
මෝහමඩ් රිස්වි දැනගන්න 50% නේ දඩය, ඒ කියන්නේ භාගයයි. ඉතින් බාගෙට නේ අස්වෙන්න ඕනෑ. බාගයයි කියන්නේ වැරදිත් නැහැ හරිත් නැහැ. ඉතින් තාත්තට අස්වෙන්න වැරැද්ද ඔප්පුවෙලා නැහැනේ. අනිත් එක ආචාර ධර්ම ගැන දන්න පියතුමෙකුට ඔබතුමා මෙවාගේ දේවල් කියල දෙන්න අවශ්‍ය නොමැති බවත් වැටහෙනවා ඇති.(නදී)
ටෙනිසන් ඔබ තරමක් දුරට හරි .අවුරුදු 30 ක යුද්ධයේදී එල් .ටී .ටී .ඊ සංවිධානය විසින් මුස්ලිම් ලේ හැලුවා.එහෙත් ලංකා මාතාව වෙනුවෙන් මුස්ලිම් ලේ හැලුනේ හරිම අඩුවෙන්. (මුතාලිෆ් වගේ නිලධාරිනුත් හිටිය බව මම දනිමි )එහෙම රැකගත්ත භුමිය බන්දෙසියක තබා දෙන ලෙස ඉල්ලන මුස්ලිම් නායකයිනුත්, මස් රාත්තලම ඉල්ලා සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඔවුන්ට සහය දක්වන සියලු සුලු ජාතීනුත් නිවැරදි නොවේ (නි)
අනික් සැරේ පිටරට යනකොට මෙයාව සීට් එකට තියලා ටේප් කරන්න වෙයි. කවුද දන්නේ ආයෙත් හීනෙන් ඇවිදීද කියලා. (නි)
සිදු වුනු දෙඉන් පාඩමක් ඉගෙන ගෙන බුද්දීමත්ව විනය ගරුකව අදිෂ්ටනයක් ඇතිව රටට ඔය කල අගෞරවය මකල දන්න පුළුවන් විදිහේ ගෞරවයක් ගෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න..(දී)
දෙවියන්ම මෙයාව බලා ගන්න ඕනේ.(නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම් (දී)
මේක ලොකු වැරැද්දක්. මොහුව මෙම වරද නිවැරදි වනතෙක් මානසික ප්‍රතිකාර ආයතනයකට යොමු කරනවා නම් හොදයැයි මම සිතනවා (නි)
කොහොමත් උපරිම සුදුසුකම් සපුරලා තියෙන ක්‍රීඩකයක්ව ටීම් එකන් ඉවත්කරන්න පුලුවන්ද? (නි)
අවවාද පමණද? (නි)
ආයේ කණ්ඩායමට එන්න බැරිහින්ද අවූලක් නැහැ. ආයේ ගන්නවා නම් හැබැයි ඔන්න මමත් ට්‍රයි කරනවා කණ්ඩායමට එන්න. (නි)
මතකද අර ඉස්සර එංගලන්තේ සංචාරයේදී ෂොපින් ගිහින් හොරකම් කරලා අහුවුණා කට්ටියට වෙච්ච වැඩේ? (නි)
අර්ජුන අයගේ කාලේ නං මෙයා ඉතින් අපහු ලංකාවට සෙල්ලං කරලා ඉවරයි. මතකනේ නිරෝෂන් බණ්ඩාරතිලකට? එහෙමයි ලෝක පුජිත නායකයෝ ලංකාවේ ක්‍රිකට් හැදුවේ. එත් දැන් එහෙම කෙනෙක් හොයාගන්නවත් නැ. විනයක් නැති උනාම කොහොමත් මැච් පරදිනවා. දැන් ටෙස්ට් වල 7 ත් වෙනියා. මේ අව්රුද්දෙ මැච් ඇත්තෙත් නැ. ලංකාවේ ක්‍රිකට් ඉන්දියාවේ සල්ලි වලට තවත් යට වෙයි. අපි මොන ආගමක උනත් මේක අපෙත් රට එකයි. හිතට අමාරු. සමහරු හිතනවා අපි පකිස්තාන් එකට සපෝට් කරනවා කියල එහෙම කරන අයත් ඇති එත් හැමෝම එහෙම නැති බව මතක තියාගන්න. තැන්ක්ස් ...(අ)
අවවාද කියන්නේ? හරියට පැහැදිලි මදි. එක අතකට ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. නිකන් ලේ ටික පිච්චෙන එක විතරයි වෙන්නේ. (නි)
මෙය සුළු දෙයක් ලෙස ප්‍රකාශ කල පියාටත් තරයේ අවවාද කල යුතුයි මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට (අ)
අපෝ! 50%ක් දඩ කියන්නේ මොකක්ද? ඕක සුළු දෙයක්නේ (නි)
රෝහණ, ඇයි ඔයාට ලේ පිච්චෙන්ඩ තරං දේශප්‍රේමියෙක්ද,, (අ)
අනේ පව්.කොල්ලගේ හිත රිදෙන්න ඇති හොදටම. (නි)
ඉස්මයිල් හුසේන්, ඔබ ගැන මට ආඩම්බරයි .මක්කමට පමණක් දෙවෙනි වන ජෙරුසෙලමේ අෂ්කා මුස්ලිම් දේවස්ථානයට මම මේ සතියේ හෝ ලබන සතියේ යනවා (ලස්සන පල්ලියක්ලු )මම අනිවාර්යයෙන්ම ඔබේ නම එහිදී සිහිකරනවා .මම ජාතිවාදියෙකු ලෙස එසැනේ මිතුරන් හැදින්වුවත් මටත් හොද මුස්ලිම් මිතුරන් ඉන්නවා (නි)
අනිවාර්යයෙන් මෙයා 2015 ලෝක කුසලානයට ශ්‍රී ලංකා ජාතික සංචිතයට ඇතුලත් වෙනවා. (නි)
මොනවා? හීනෙන් ඇවිද්දට කොහොමද එහෙම කරන්නේ? එයා මොකුත් දන්නේ නැහැනේ. ඔක්කොම හීනෙන් වුන දේවල්නේ?? (නි)
බඩුත් හොරුන්ගේ නඩුත් හොරුන්ගේ කියන්නේ මෙකටයි (අ)
පාසලේ නමත් කනවානේ හැබෑට (නි)
පිස්සු හැදෙනවා මේවා අහලා අපිටත් (නි)
මම දැනගෙන හිටියා ඔය ටික. දොර ඇරියත් ඔය ටිකම තමා. (නි)
මොකද අපි බලනවද එයාලගේ බැංකු ගිණුම්වල තත්වය? බැලුවොත් නම් ඉතින් යමක් දැනගන්න පුළුවන් වෙයි (නි)
මේ ගුවන් යානය ලංකාවේ එකක් වුනා නම් ප්‍රතිපලය කොහොමට හිටීවිද ? (නි)
මේක ආශ්චර්යමත් ලංකාවක් නිසා අපිට අවුලක් නැහැ. අපිට ඕවා තේරෙන්නේත් නැහැ. (නි)
මගේ දරුවෙක් මෙහෙම කළා නම් මට ෂුවර් වසරකවත් ක්‍රීඩා තහනමක් ලැබෙනවා (නි)
95%ක්ම ලාංකිකයෝ කොහොමත් පාකිස්ථානයට ආදරෙයි (නි)
අර්ජුනගේ කාලේ විනයක් තිබුනා. එම නිසා සුපිරි පන්දු යවන්නන් නැති වුනත් ලෝක කුසලානය දිනුවේ. දැන් හැමදාම ලෝක කුසලානය අභියසට ඇවිත් පරදින්නේ විනයක් නැතිකම සහ ඉන්දියාවේ මුදල් බලයට අපේ ක්‍රිකෙට් යට වීම නිසයි. (නි)
ඉස්මිල් හුසේන්, ස්තුතියි නිරෝෂන් බන්ඩාරතිලකව මතක් කළාට. මට නම අමතකවෙලා තිබුනේ. හොඳ බෝලර් කෙනෙක්. නමුත් වරදට දඩුවම් විදින්න වුණා (නි)
කළා කියන්ට මොනවා හරි කරන්ට එපැයි.... ඉතින් දඩයක් ගහලා ශේප් කර.... පරම්පරාවෙන් නිලම කන්,මාලිගාවේ අදිකාරම් පට්ටම් දරපු නින්දගම් අයිති මෙතුමලාට මේක කැළණි පාලම අස්සෙන් ගිය පොල් ලෙල්ලක් වගේ.සල්ලි උඩ නිදියන මිනිස්සුන්ට මේගැන මොකද්ද... (අ)
ඒ කියන්නේ ඇමතිගේ පුතා කිව්වේ බොරුවක් කියලා විනය මණ්ඩලය පිළිගත්තා. එහෙනම් විනය මණ්ඩලය නොමග යැවීමට තැත්කලා කියල තවත් විබාගයක් තියන්න (නි)
මෙයාගේ තාත්තා මෑතකදී කිවුවා නේද වරද ඔප්පු වුනොත් එය මන්ත්‍රීකමෙන් අස්වෙනවා කියලා? (නි)