IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රමිත් රඹුක්වැල්ලට දඩ - තදබල අවවාද

කි‍්‍රකට් තරගාවලියකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් සිට ශී‍්‍ර ලංකාව බලා පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ අසෝබනව හැසිරුණේ යයි ලද චෝදනාවට වැරදිකරු වීම නිසා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩක රමිත් රඹුක්වැල්ලගේ සංචාර මුදලින් 50 % ක් දඩ වශයෙන් නියම කර තිබේ.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් වලට මුහුණ නොදී සිටින මෙන්ම රටේත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේත් ගෞරවය ආරක්‍ෂා වන පරිදි කටයුතු කරන්නැ’යිද ඔහුට තදින් අවවාද කරන ලෙසත්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය කමිටුවට දන්වා තිබේ.
ශී‍්‍ර ලංකා ‘ඒ‘ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී බි‍්‍රතාන්‍ය ගු-වන් සේවයට අයත් ගුවන් යානයක මගී කුටියේ දොර විවර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල චෝදනා ලැබීය.



අදහස් (0)

රමිත් රඹුක්වැල්ලට දඩ - තදබල අවවාද

අජිත් කරණාරත්න Thursday, 18 July 2013 05:00 PM

අපේ එකෙක් කළා නම් ගුවන් තොටුපලින් කෙලින්ම අරන් යන්නේ පොලිස් කුඩුවට. (නි)

:       0       0

ලංකා Thursday, 18 July 2013 05:02 PM

හරිනම් මාසයක් මුත්‍රා කරන එක තහනම් කරන්න තිබුනේ අපේ රටටයි, අපේ ක්‍රිකට් වලටයි කරපු ලෝක අපහාසයට. (නි)

:       0       0

ජෝන් Thursday, 18 July 2013 12:57 PM

මොකද අපි බලනවද එයාලගේ බැංකු ගිණුම්වල තත්වය? බැලුවොත් නම් ඉතින් යමක් දැනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

සේපාල Thursday, 18 July 2013 12:56 PM

මේ ගුවන් යානය ලංකාවේ එකක් වුනා නම් ප්‍රතිපලය කොහොමට හිටීවිද ? (නි)

:       0       0

නිලන්ත Thursday, 18 July 2013 12:59 PM

මේක ආශ්චර්යමත් ලංකාවක් නිසා අපිට අවුලක් නැහැ. අපිට ඕවා තේරෙන්නේත් නැහැ. (නි)

:       0       0

ශාන්ත Thursday, 18 July 2013 01:05 PM

මගේ දරුවෙක් මෙහෙම කළා නම් මට ෂුවර් වසරකවත් ක්‍රීඩා තහනමක් ලැබෙනවා (නි)

:       0       0

ශාන්ත Thursday, 18 July 2013 01:10 PM

95%ක්ම ලාංකිකයෝ ‍කොහොමත් පාකිස්ථානයට ආදරෙයි (නි)

:       0       0

ටෙනිසන් Thursday, 18 July 2013 05:31 PM

පහන් අනුර ඉස්මයිල් විතරක් නොවෙයි අප හා අත්වැල් බැදගත්තු තව ගොඩක් මුස්ලිම් සහෝදර වරු ඉන්නවා, ඒ නිසයි මම කාටත් කවදත් කියන්නේ පොදුවේ මොනම ජාතියකටවත් ගරහන්න එපා කියලා. අපි වසර තිහක යුද්දෙක ප්‍රතිපල තවම විදිනවා. ඒ හැලුනේ දෙමල ලේ පමණක් නොවෙයි කිසිම බේදයකින් තොරව සිංහල , දෙමල , මුස්ලිම් , බෞද්ද හින්දු , කතෝලික මෙන්ම සෑම ලාංකිකයෙකුගේම ලේ. එවැන්නක් නැවත අත්විදින්න අපි නොහිටියත් අපේ දරු මුණුබුරෝ ඉදියි. ඉස්මෛයිල් ඔයාලාටත් ලොකු වග කීමක් තියනවා තමන්ගේ සොහොයුරන්ව ඔය ඔලු හෝදන කට්ටිය ගෙන් බේරාගන්න. ලොකු පිනක්. මේ රටේ තමය් සර් රෂීඛ් පරීඩ්ලා , සර් පොන්නම්බලම් රාමනදන්ලා හිටියෙත් ,එය අමතක කරන්න එපා.(නදී)

:       0       0

ද්‍ර.සගාන් Thursday, 18 July 2013 05:44 PM

ඉස්මෛල් හුසේන්,ඔබ නියම ශ්‍රී ලාංකියයෙක්.ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 18 July 2013 01:15 PM

අර්ජුනගේ කාලේ විනයක් තිබුනා. එම නිසා සුපිරි පන්දු යවන්නන් නැති වුනත් ලෝක කුසලානය දිනුවේ. දැන් හැමදාම ලෝක කුසලානය අභියසට ඇවිත් පරදින්නේ විනයක් නැතිකම සහ ඉන්දියාවේ මුදල් බලයට අපේ ක්‍රිකෙට් යට වීම නිසයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 18 July 2013 05:47 PM

මෙයාට පිටරටවල තරග වලට සහබාගි වීම තහනම් කළා නම් නේද හොද? නැත්නම් ආපසු ගුවන් යානා වල විකාර කළහම කැත වෙන්නේ ලංකාවේ නම. ඉදිරියට ක්‍රීඩකයන්ට ලංකාව නියෝජනය කරනකොට තරග කරන වෙලාවේදී සහ විවේක කාලයේදී මත් පැන් බිම තහනම් කරන්න. නිසි විනයක් ක්‍රීඩාවට අවශ්‍යයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 18 July 2013 01:17 PM

ඉස්මිල් හුසේන්, ස්තුතියි නිරෝෂන් බන්ඩාරතිලකව මතක් කළාට. මට නම අමතකවෙලා තිබුනේ. හොඳ බෝලර් කෙනෙක්. නමුත් වරදට දඩුවම් විදින්න වුණා (නි)

:       0       0

ජෝ Thursday, 18 July 2013 01:19 PM

කළා කියන්ට මොනවා හරි කරන්ට එපැයි.... ඉතින් දඩයක් ගහලා ශේප් කර.... පරම්පරාවෙන් නිලම කන්,මාලිගාවේ අදිකාරම් පට්ටම් දරපු නින්දගම් අයිති මෙතුමලාට මේක කැළණි පාලම අස්සෙන් ගිය පොල් ලෙල්ලක් වගේ.සල්ලි උඩ නිදියන මිනිස්සුන්ට මේගැන මොකද්ද... (අ)

:       0       0

නුවන් Thursday, 18 July 2013 05:54 PM

ඉස්මයිල් හුසේන්.ඔබ ගැන ආඩම්බරයි (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 18 July 2013 06:00 PM

මම නම් කියන්නේ එයාට ජීවත කාලයටම තරග තහනමක් පනවන්න ඕනෑ, රටට කරපු අවනම්බුවට (නි)

:       0       0

විජේ Thursday, 18 July 2013 06:01 PM

ඇයි මේ අහිංසක කොල්ලට දඩුවම් කලේ? වැසිකිලි දොර මොකක්ද අනෙක් දොර මොකක්ද කියලා මේ පොඩි පැටියා දන්නේ නැතුව ඇති. ඉතින් ගුවන් සේවිකාවන් ඒවා කියල දෙන්න ඕනෑ නේද ? මම නම් කියන්නේ ලංකාවේ නීතියට අනුව ගුවන් සේවිකාවන්ටයි දඩුවම් දෙන්න ඕනෑ ඒ දේවල් කියල නොදුන්නට. නැත්නම් කොහොමද මේක ආශ්චර්යමත් රටක් වෙන්නේ. (නි)

:       0       0

ලසන්ත Thursday, 18 July 2013 01:23 PM

ඒ කියන්නේ ඇමතිගේ පුතා කිව්වේ බොරුවක් කියලා විනය මණ්ඩලය පිළිගත්තා. එහෙනම් විනය මණ්ඩලය නොමග යැවීමට තැත්කලා කියල තවත් විබාගයක් තියන්න (නි)

:       0       0

රත්නසිරි Thursday, 18 July 2013 06:12 PM

මෝහමඩ් රිස්වි දැනගන්න 50% නේ දඩය, ඒ කියන්නේ භාගයයි. ඉතින් බාගෙට නේ අස්වෙන්න ඕනෑ. බාගයයි කියන්නේ වැරදිත් නැහැ හරිත් නැහැ. ඉතින් තාත්තට අස්වෙන්න වැරැද්ද ඔප්පුවෙලා නැහැනේ. අනිත් එක ආචාර ධර්ම ගැන දන්න පියතුමෙකුට ඔබතුමා මෙවාගේ දේවල් කියල දෙන්න අවශ්‍ය නොමැති බවත් වැටහෙනවා ඇති.(නදී)

:       0       0

මෝහමෙඩ් රිස්වි Thursday, 18 July 2013 01:41 PM

මෙයාගේ තාත්තා මෑතකදී කිවුවා නේද වරද ඔප්පු වුනොත් එය මන්ත්‍රීකමෙන් අස්වෙනවා කියලා? (නි)

:       0       0

ලසන්ත Thursday, 18 July 2013 01:44 PM

ඒ කියන්නේ කොල්ලා හීනෙන් ඇවිද්දලත් දඩ ගහනවද ?? මේක පුදුම ලෝකයක්. (නි)

:       0       0

ආරච්චි Thursday, 18 July 2013 01:46 PM

ඇමති පුතෙක්නේ..... (නි)

:       0       0

ජෙරී Thursday, 18 July 2013 01:49 PM

ඒ දඩ මුදලත් ගෙවන්න වෙන්නේ අපිට. අපෙන් ගන්න බදු මුදලින්නේ එයාල සෙල්ලම් දාන්නේ (නි)

:       0       0

සිරි Thursday, 18 July 2013 02:00 PM

මොකද දන්නේ නැහැ නේද මෙයාට විදේශ සංචාර අවලංගු නොකළේ? බැරිචෙලාවත් විදේශ ගමන් අවලංගු කරලා ගුවන් බලපත පාස්පෝට් එක උසාවි බාරයට ටිකකලකට හෝ ගත්තා නම් අන්න නියම දඩුවම. (නි)

:       0       0

දුලනි Thursday, 18 July 2013 02:04 PM

මේ වගේ අයට දෙන මේ දඩුවම් ප්‍රමාණවත් මදි නැද්ද? වෙන කෙනෙක් කලානම් කොච්චර කාලෙකට තරග තහනම් කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 18 July 2013 07:31 PM

ටෙනිසන් ඔබ තරමක් දුරට හරි .අවුරුදු 30 ක යුද්ධයේදී එල් .ටී .ටී .ඊ සංවිධානය විසින් මුස්ලිම් ලේ හැලුවා.එහෙත් ලංකා මාතාව වෙනුවෙන් මුස්ලිම් ලේ හැලුනේ හරිම අඩුවෙන්. (මුතාලිෆ් වගේ නිලධාරිනුත් හිටිය බව මම දනිමි )එහෙම රැකගත්ත භුමිය බන්දෙසියක තබා දෙන ලෙස ඉල්ලන මුස්ලිම් නායකයිනුත්, මස් රාත්තලම ඉල්ලා සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඔවුන්ට සහය දක්වන සියලු සුලු ජාතීනුත් නිවැරදි නොවේ (නි)

:       0       0

රුහුණු Thursday, 18 July 2013 02:14 PM

නින්දෙන් එහෙම ඇවිදින්න එපා කියලා අවවාද කළේ නැද්ද ? (නි)

:       0       0

ගාමිණි Thursday, 18 July 2013 07:39 PM

අනික් සැරේ පිටරට යනකොට මෙයාව සීට් එකට තියලා ටේප් කරන්න වෙයි. කවුද දන්නේ ආයෙත් හීනෙන් ඇවිදීද කියලා. (නි)

:       0       0

උපාලි Thursday, 18 July 2013 02:20 PM

මේක හීනෙන් කරපු වැරද්දක්. ඔය දඩයත් නින්ද ගිය වෙලාවක හීනෙන්ම ගෙවල දාපන් කොල්ලෝ. වියදමකුත් නෑ එතකොට. (අ)

:       0       0

රත්නසිරි Thursday, 18 July 2013 02:27 PM

ජනමාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම පද්ධතිය සැකසීමේදී නින්දෙන් ලිවීම නිදහසට කරුණක් ලෙස සලකා බලන බව ඇතුලත් කල යුතුයි. නැත්නම් නින්දෙන් ඇවිද දඩ ගෙවු මේ පැටියට වුණ අසාධාරණය ඔවුනටත් අත්වේවි. (අ)

:       0       0

අනුර Thursday, 18 July 2013 02:29 PM

ඉස්මයිල් හුසේන් ඔබ හොද මුස්ලිම් මහත්මයෙය් .ඔබලා වගේ අදහස් තියෙන අය ඉන්නවනම් මේ රටේ ජාතිවාදි කරදර සදහටම නැතිවෙයි.ඔබට ජය . (අ)

:       0       0

kumara Thursday, 18 July 2013 02:33 PM

කොහොමත් ඕක ගෙවන්නෙත් හීනෙන් තමා.හීනෙට හීනය කැපිල යනවා උත්තරය (අ)

:       0       0

නුවන් Thursday, 18 July 2013 02:34 PM

ඉස්මෙල් හුස්සෙන් ඔබ හරි,(අ)

:       0       0

අනුර Thursday, 18 July 2013 02:44 PM

මොන අවවාදද? ප්‍රස්ද්ධ කරන්න දෙයකුත් ඕනා නේද? (නදී)

:       0       0

අචිනි Thursday, 18 July 2013 02:46 PM

අර මොකාටද ගිය ලංකාවේ නිතිය. දැන් ක්‍රිකට් වලත් වෙලා.(නදී)

:       0       0

සමන්ත Thursday, 18 July 2013 03:11 PM

මේවා තමයි කැකිල්ලේ තීන්දු .හරියට තාත්තා කතා කලේ එයත් ගුවන් යානයේ හිටිය වගේ.හා ..හා ...හා ...අනේ අනිච්චන්(අ)

:       0       0

බන්දුල Thursday, 18 July 2013 09:00 PM

සිදු වුනු දෙඉන් පාඩමක් ඉගෙන ගෙන බුද්දීමත්ව විනය ගරුකව අදිෂ්ටනයක් ඇතිව රටට ඔය කල අගෞරවය මකල දන්න පුළුවන් විදිහේ ගෞරවයක් ගෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න..(දී)

:       0       0

ජගත් Thursday, 18 July 2013 09:05 PM

දෙවියන්ම මෙයාව බලා ගන්න ඕනේ.(නදී)

:       0       0

සමන් Thursday, 18 July 2013 11:22 AM

බඩුත් හොරුන්ගේ නඩුත් හොරුන්ගේ කියන්නේ මෙකටයි (අ)

:       0       0

සුමනා Thursday, 18 July 2013 11:24 AM

කොහොමත් උපරිම සුදුසුකම් සපුරලා තියෙන ක්‍රීඩකයක්ව ටීම් එකන් ඉවත්කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 18 July 2013 11:26 AM

අවවාද පමණද? (නි)

:       0       0

රුවන් පෙරේරා Thursday, 18 July 2013 11:29 AM

ආයේ කණ්ඩායමට එන්න බැරිහින්ද අවූලක් නැහැ. ආයේ ගන්නවා නම් හැබැයි ඔන්න මමත් ට්‍රයි කරනවා කණ්ඩායමට එන්න. (නි)

:       0       0

වරුණ Thursday, 18 July 2013 11:36 AM

මතකද අර ඉස්සර එංගලන්තේ සංචාරයේදී ෂොපින් ගිහින් හොරකම් කරලා අහුවුණා කට්ටියට වෙච්ච වැඩේ? (නි)

:       0       0

ද සිල්වා Thursday, 18 July 2013 09:34 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම් (දී)

:       0       0

ඉස්මෛල් හුසේන් Thursday, 18 July 2013 11:48 AM

අර්ජුන අයගේ කාලේ නං මෙයා ඉතින් අපහු ලංකාවට සෙල්ලං කරලා ඉවරයි. මතකනේ නිරෝෂන් බණ්ඩාරතිලකට? එහෙමයි ලෝක පුජිත නායකයෝ ලංකාවේ ක්‍රිකට් හැදුවේ. එත් දැන් එහෙම කෙනෙක් හොයාගන්නවත් නැ. විනයක් නැති උනාම කොහොමත් මැච් පරදිනවා. දැන් ටෙස්ට් වල 7 ත් වෙනියා. මේ අව්රුද්දෙ මැච් ඇත්තෙත් නැ. ලංකාවේ ක්‍රිකට් ඉන්දියාවේ සල්ලි වලට තවත් යට වෙයි. අපි මොන ආගමක උනත් මේක අපෙත් රට එකයි. හිතට අමාරු. සමහරු හිතනවා අපි පකිස්තාන් එකට සපෝට් කරනවා කියල එහෙම කරන අයත් ඇති එත් හැමෝම එහෙම නැති බව මතක තියාගන්න. තැන්ක්ස් ...(අ)

:       0       0

රෝහණ Thursday, 18 July 2013 11:52 AM

අවවාද කියන්නේ? හරියට පැහැදිලි මදි. එක අතකට ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ. නිකන් ලේ ටික පිච්චෙන එක විතරයි වෙන්නේ. (නි)

:       0       0

කමල් Thursday, 18 July 2013 11:54 AM

මෙය සුළු දෙයක් ලෙස ප්‍රකාශ කල පියාටත් තරයේ අවවාද කල යුතුයි මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නොකරන ලෙසට (අ)

:       0       0

පැතුම් Thursday, 18 July 2013 11:55 AM

අපෝ! 50%ක් දඩ කියන්නේ මොකක්ද? ඕක සුළු දෙයක්නේ (නි)

:       0       0

කමල් Thursday, 18 July 2013 04:14 PM

අපරාදේ ලංකාවේ ක්‍රිකට් ගොඩ දන්නා හිටපු දක්ෂ කොල්ලෙක් (නි)

:       0       0

රනිල් Thursday, 18 July 2013 12:01 PM

රෝහණ, ඇයි ඔයාට ලේ පිච්චෙන්ඩ තරං දේශප්‍රේමියෙක්ද,, (අ)

:       0       0

අසේල Thursday, 18 July 2013 12:04 PM

අනේ පව්.කොල්ලගේ හිත රිදෙන්න ඇති හොදටම. (නි)

:       0       0

පහන් Thursday, 18 July 2013 12:08 PM

ඉස්මයිල් හුසේන්, ඔබ ගැන මට ආඩම්බරයි .මක්කමට පමණක් දෙවෙනි වන ජෙරුසෙලමේ අෂ්කා මුස්ලිම් දේවස්ථානයට මම මේ සතියේ හෝ ලබන සතියේ යනවා (ලස්සන පල්ලියක්ලු )මම අනිවාර්යයෙන්ම ඔබේ නම එහිදී සිහිකරනවා .මම ජාතිවාදියෙකු ලෙස එසැනේ මිතුරන් හැදින්වුවත් මටත් හොද මුස්ලිම් මිතුරන් ඉන්නවා (නි)

:       0       0

ශහීම් Thursday, 18 July 2013 12:08 PM

අනිවාර්යයෙන් මෙයා 2015 ලෝක කුසලානයට ශ්‍රී ලංකා ජාතික සංචිතයට ඇතුලත් වෙනවා. (නි)

:       0       0

නාරද Thursday, 18 July 2013 12:09 PM

මොනවා? හීනෙන් ඇවිද්දට කොහොමද එහෙම කරන්නේ? එයා මොකුත් දන්නේ නැහැනේ. ඔක්කොම හීනෙන් වුන දේවල්නේ?? (නි)

:       0       0

දිනේෂ් Thursday, 18 July 2013 12:12 PM

මේක ලොකු වැරැද්දක්. මොහුව මෙම වරද නිවැරදි වනතෙක් මානසික ප්‍රතිකාර ආයතනයකට යොමු කරනවා නම් හොදයැයි මම සිතනවා (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 18 July 2013 12:25 PM

පාසලේ නමත් කනවානේ හැබෑට (නි)

:       0       0

සංජීව Thursday, 18 July 2013 12:32 PM

පිස්සු හැදෙනවා මේවා අහලා අපිටත් (නි)

:       0       0

තිලක් Thursday, 18 July 2013 12:35 PM

මම දැනගෙන හිටියා ඔය ටික. දොර ඇරියත් ඔය ටිකම තමා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 40 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2376 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1293 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 527 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 861 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1490 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site