IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝමයේ කවුළු පැයකට කළින් වහයි

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ වැඩ නිමවන වේලාවටත් කලින් සේවකයන් අඟහරුවාදා (2) ඉදිරිපස කවුළුවලින් ඉවත්ව ගිය බව ලංකාදීප එසැණට වාර්තා විය.

තම තමන් බලා සිටියදීම සවස දෙක වන විට ඉදිරිපස කවුළුවලින් නිලධාරීන් ඉවත්ව ගිය බව එතැන සිට ලංකාදීප එසැණ ඇමතූ කිහිප දෙනෙක් පැවසූහ.

පසුව කළ විමසීමේදී තානාපති කාර්යාල නිලධාරියෙක් ද මේ බව තහවුරු කළේය.

නියමිත වේලාව වන තෙක් කවුළු විවෘත කැර තබන්නැයි ඉහළ නිලධාරිනිය පැවසුව ද එක් නිලධාරියකු එයට ඇහුම්කම් නොදුන් බව කියති.

උදෑසන නවයේ සිට සවස තුන වන තෙක් මහජන සේවය සඳහා කවුළු ඇර තැබිය යුතු වුවත් හදිසි අවශ්‍යතා මත සවස පහ වන තෙක් සේවය ලබා දිය යුතුයැයි නියමයක් ද ඇත.

මෙවැනි නිලධාරීන්ට විරුද්ධව ලැබෙන පැමිණිලි අනුව ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් ක්‍රියා කරනා බවත්, පත්වන නව තානාපති ද දැනුවත් කරන බවත් විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පසුගියදා එසැණට කීවේය.



අදහස් (0)

රෝමයේ කවුළු පැයකට කළින් වහයි

රජිත් Friday, 05 April 2013 12:00 AM

කරු කුරුවක් නැති දවසක් නැහැනේ මේක ඇතුළේ? (නි)

:       0       0

සම්මික් Friday, 05 April 2013 01:08 AM

කරුණාකරලා වැඩ කරන්නෙ නැති අය එළවලා දාන්නකෝ (නි)

:       0       0

තරංග Friday, 05 April 2013 02:08 AM

කිසිම ප්‍රශ්නයකට මැදිහත් වෙන්න සුදානමක් නැහැ. ඇහුවොත් කියන්නේ "අපි දන්නේ නැහැ.අපිට අදාල නැහැ." (නි)

:       0       0

සෑම් Friday, 05 April 2013 03:00 AM

රටකට ගිය කලක්. (නි)

:       0       0

දමිමි Friday, 05 April 2013 05:27 AM

රුසිරු, මම ලඟදි ලංඩන් තානාපති කාර්යාලයට ගියා අලුත් පස්ස්පෝර්ට් එකක් ඉල්ලුම්කරන්න. අපරාදේ කියන්න බෑ ලියකියවිලි බලලා සල්ලි ගෙවන්න පය තුනක් ගත්තා. ඒක ඇතුලේ ලොකු ආපන ශාලාවත් තියෙනවා වැඩ කරන අයට. ඒක වැහුව නම් වැඩ ඉක්මන් වෙවී.(නදී)

:       0       0

රත්නසිරි Thursday, 04 April 2013 01:56 PM

මේ නිලධාරීන් කොහොම ආපු අයද? (ස)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 04 April 2013 02:20 PM

යුරෝපයේ ලංකාවේ තානාපති සේ‍වයේ අකාර්යක්ෂම තා බොහෝයි. ලං.කාදීපයට බොහොම ස්තුතියි මේවා හෙළිදරව් කරනවාට (ස)

:       0       0

නිහාල් ධර්මවර්ධන Thursday, 04 April 2013 02:34 PM

අවංක නිලධාරීන් වැඩ කරන්නේ කොහොමද ඉහල සහ පහල නිලධාරීන් දේශපාලන බලය පෙන්වන කොට. රාජ්‍ය සේවක අමුණුගම මහත්මයාට පුළුවන්ද අවංක නිලධාරීන් රැකගන්න? (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 04 April 2013 03:06 PM

නීතියට පිටතින් වැඩකරන හිතුවක්කාරීන් රජයේ සේවයට ගැලපෙන්නේ නැත. සේවයෙන් පහකළ යුතුයි. (ස)

:       0       0

රුසිරු Thursday, 04 April 2013 03:24 PM

ලන්ඩන් වල නම් නියමයි..... සුහද සහ ඉක්මන් සේවයක් දෙනවා.. හැමෝටම මල් මිටක් .... (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 04 April 2013 03:37 PM

කාටවත් කිසිදෙයක් කරන්න බෑ. මොකද ඔක්කොම විවිධ සම්බන්දතා වලින් ආපු අය. (ස)

:       0       0

පාල Friday, 05 April 2013 04:06 PM

හැබයි අපිලු උතුම්ම ජාතිය.(නදී)

:       0       0

රුසිරු Friday, 05 April 2013 04:13 PM

දම්මි, මගේ පාස්පෝර්ට් එක නැතිවෙලා අලුත් එකක් ගන්න ගියහම පැය බාගෙන් අයදුම්පත් බාර දුන්න. එදාම හවස හදිසි බලපත්‍රය දුන්න. තාත්තා නැතිවෙලා දුවට ලංකාවට යන්න හදිසි පස්ස්පෝර්ට් එකක් ඉල්ලුම් කරලා පැය දෙකකින් පස්ස්පෝර්ට් එකත් හදල දුන්න. එච්චර ඉක්මනට වැඩක් කරගන්න ලන්කවෙදිවත් බැහැ.(නදී)

:       0       0

තේජා Thursday, 04 April 2013 04:30 PM

චන්ද්‍රා මහත්තයෝ, අහිංසක ලෙස විභාග වලින් ආපු අයත් ඉන්නවෝ! (ස)

:       0       0

රීටා Thursday, 04 April 2013 04:46 PM

කවුරුහරි දම්මලා කුණු බිත්තර පාරක් ගස්සන්න හිතෙනවා මට. (නි)

:       0       0

අනිල් පෙරේරා Thursday, 04 April 2013 04:55 PM

අනේ මන්ද අපේ රට කොහෙටද යන්නේ කියල ,හය හතර නොතේරෙන බබ්බු ටිකක් තානාපති සේවයට දාගෙන හුරතල් කරනවා ,(අ)

:       0       0

ඊඑම් Friday, 05 April 2013 12:12 PM

බොහෝම ස්තූතියි ලංකාදීප. දැන් වැඩ නොකරන රට ගැන නොහිතන අයට ලංකාදීප ඇණයක් වෙලා තියෙන්නේ. ප්‍රවෘත්ති පිළිබද පසු විපරමක් කරලා ගන්නා ලද පියවරයන් ද පාඨකයින් හට දැන ගන්නට සලස්වන්නේ නම් වඩාත් ළුලදායි වේ යැයි සිතමි. සුභ පැතුම්. (නි)

:       0       0

තරිඳු ප්‍රනාන්දු Thursday, 04 April 2013 07:44 PM

රෝමයේ තානාතිපති කාර්යාලයේ සේවය ගැන ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නෑ. ගිය වසරේදී ඉතාලියේ අනවසරව රැදී සිටින විදෙශිකින්ට රැදී සිටීමේ අවසර පත් ලබා දුන්න, එහිදී ගමන් බලපත්‍ර නොමැතිව සිටි ශ්‍රී ලන්කිකිනට බොහෝ අපහසු තවෛන්ට මුහුණ දීමට සිදු උනා, අපේ තානාතිපති සේවය අපේ මිනිස්සුන් ගැන හිතුවේ බොහොම අඩුවෙන්, 3000ක පමණ පිරිසක් විස ලබා ගනිමින් එන්නාව ඒ යට ලංකාවට යාමේදී ආගමන විගමන දෙපාර්ත මේන්තුවෙන් සිදුවන අපහසුතාව වලක්වන්න අද වෙන තුරු පියවරක් ගෙන නැහැ, මේ ය බෝට්ටුවල, දේශසීම වලින් ආපු අපේම සිංහල මිනිස්සු නේද, නය වෙලා ගැහැණු දරුවෝ තනිකරලා, අපේම සිහල මිනිස්සු අපේම මිනිස්සුන්ට මෙහෙම සලකන එක හරිම වැරදි. ඉතාලි තානාතිපති කාර්යාලයේ දුර්වලතා බොහොමි, ජනාදිපති තුමනි මේ ගැන ඔබේ අවදානය යොමු කරන ලෙස එල්ල සිටිමු . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 681 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 251 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1392 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2618 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 213 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1521 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site