ඉතාලියේ රෝම නගරයේ කොර්තිනා දි අම්පේස්සෝ මාවතේ පිහිටි වැඩබිමකට , එහි ආරක්ෂිත වැට කපා ඇතුළුවී සේවකයන්ගේ ඇඳුම් මාරුකිරිමට යොදාගන්නා බහාලුමක ඇති ඔවුනගේ පෞද්ගලික වටිනා භාණ්ඩ අල්මාරියක් විවෘත කිරිමට සැරසුණු බව කියන ලාංකිකයෝ හතරදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි ජාතික වයසක කාන්තාවගේ අත් බෑග් එක හොරකම් කරලා දවස් කීයද ගියේ. ඒ පාර තව එකක්. (ස)
ඉතාලියේ යහමින් මුදල් හොයන්න පුළුවන් නම් ඇයි මෙහෙම කරන්නේ? (ත)
මෙයාලව එවන්න ලංකාවට. (ස)
කීදෙනෙකුට රස්සා නැතුව ඉන්න තැනක් නැතුව ඉන්නවද? පෝලිමේ ඉඳලා කීදෙනෙක් කෑම ඇදුම් ගන්නවද? (නි)
රන්ජිත් පිටිගල අයියේ, ඔයා කියනවා වගේ මෙහෙ පදිංචිකයන්ව හිතෙන හිතෙන වෙලාවට ලංකාවට යවන්න, ඔයා හිතුවද මෙහෙත් තියෙන්නේ ලංකාවේ නීතිය කියලා. (නදී)
මේ අය අපේ නමත් කනවා. (නි)
හැබැයි ඉතින් එකම හොදේ ලංකාවේ වගේ ඉතාලියේ දෙශපලකයන් පස්සේ ගිහින් නීතියෙන් බේරෙන්න බැහැ.ඒ නිසා නිසි දඩුවම් ලැබේවි . (ත)
මේ අයගේ ක්‍රියා නිසා ලාංකික අපෙත් ලංකාවෙත් නම කැත වෙනවා . මෙවෙනි රටකට ඇවිත් සාදාරන විදියට හැදෙන්න හොඳට පුළුවන් කම තිබියදී , මෙම නොහොබිනා ක්‍රියා කරන්නේ ඔවුන්ගේ ජන්ම ගතිය නිසා වන්නට ඕනේ (දී)
ලැජ්ජාවේ පන යනවා ............. (දී)
නන්දන පනාගොඩ මිලානෝ- ඇයි එහෙ නීතිය අවුල්ද? මං හිතුවේ වැරදිකරුවන්ට විතරයි හිතෙන හිතෙන වෙලාවට ලංකාවට යවන්න බැරි කියල .එහෙ පදිංචිකයන්ට හිතෙන හිතෙන වෙලාවට යන්න බැරි නං වැඩක් ඇ ,පුදුම නීතියක් තියෙන රටක්නේ..එතකොට ඔය කට්ටිය කොහොමද ලංකාවට ඇවිත් යන්නේ එන්නේ ? ? (ස)
කන්න නැත්තම් හිඟාකන එක නම්බුයි මෙහෙම හොර වැඩ නොකර. මේ තුළින් වෙන්නේ හොඳින් ජිවත් වෙන මිනිහටත් රටේ නමටත් කැළලක් වෙන එක විතරයි. (ස)
ලංකාවේ නම කනවා. හොඳට ඉන්න මිනිස්සුන්ටවත් ලංකාවෙන් අාවේ කියන්න බැරිවෙන එකයි වෙන්නේ ඔය වගේ අය නිසා... මේ වගේ මිනිස්සුන්ගේ වීසා අවලංගු කරන්න තියෙන්නේ නැවත කිසි රටකට යන්න බැරි වෙන්න. (නි)
ජයේ නම් ඉතාලියේ ඉන්න කෙනෙක් වගේ. සාමාන්‍ය දැනීම 'බින්දුවයි'. (ස)