
(අංජුල මහික වීරරත්න)
ලෝක ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයාට මෙතැන් සිට සෑම වසරකම ලෝකයේ හොඳම තත්වයේ හෙල්ල ලබා දීමට කටයුතු කරන බව අරලිය ව්‍යාපාරයේ නිර්මාතෘ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා සමඟ තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බවද ඩඩ්ලි සිරිසේන මහතා කියයි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුමේෂ් තරංගට රජයෙන් ලබා දෙන හෙල්ල වලට අමතරව තමා මෙම පරිත්‍යාගය කරන බව ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
ඔලිම්පික් රන් පදක්කම රටට දිනා දීම තෙක් ඔහු හැකි ආකාරයෙන් බලාගන්නා බවට තමා පොරොන්දු වූ බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
රුමේෂ් තරංග ක්‍රීඩකයා ලෝක මට්ටමට රැගෙන යාම දක්වා හොඳින් රැකබලා ගැනීමේ වගකීම මෙම අවස්ථාවේ රටේ ඉහළ පෙළේ දේශීය ව්‍යවසායකයන්ගේ යුතුකමක් බවද ඩඩ්ලි සිරිසේන මහතා කියයි.
ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සඳහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් කරන්න ඕන ගොඩක් දේවල් ඔහු කරන්නෙ. රටේ නොනිල ජනපති!
ඇනපං පුතේ, නෑ වැරදුනා දුරට විසිකරපං පුතේ මැටල් එක දිනන්ටම.
අපේ රටේ සැබෑවටම සිදුවිය යුත්තේ මෙන්න මේ දේ...පක්ෂ,පාට ජාති භේදයකින් තොරව සැබෑ සුදුස්සාට හැමෝම එකතු වී උදව් කළ යුතුයි. මගේ රට රනින් බබලවන්න ඇප කැප වූ රුමේෂ් තරංගටත්, මෙවැනි දක්ෂ ක්‍රීඩකයින්ට අත හිතදෙන ඩග්ලි සිරිසේන වැනි අපේ රටේ ව්‍යාපාරිකයන්ට මෙවැනි යහපත්ක්රියා සිදුකිරීමට යහපත් සිත්ම පහළ වේවා....respect මේ අප ඉපදුනු මාතෘ භූමියයි.ශ්‍රී ලංකා මාතා...
අනිත් දැනුවත්තුනුත් මෙය උදාහරණයකට අරගන්නේ. ඔබට වැඩි වැඩියෙන් සියලු දේම ලැබේවා.
හොද දෙයක් , එහෙත් ලංකාවෙ බිලියන ගනන් මුදලින් ආධාර කරන නහිල් විජේසුරිය මහත්තයට මේ කිසිවකුටත් කිට්ටුවෙන්න බැ , මෑතකදි ට්‍රිනිටි විදුහලට බිලියන 3 යි ආනන්දෙට බිලියන 1 1/2 යි , කාසල් රෝහලට බිලියන 1.5 යි, තවත් ආයතන කීපයකට බිලියන ගනන් දුන්න, හැබැයි ඔහු ප්‍රසිද්දියට කැමති නැ. නියම දානපතියන්ගෙ ලක්ෂනය එයයි.
බොහොම හොඳ ක්‍රියාවක් . හිත ඇත්නම් පත කුඩාද කිවුවලු .
ඩැඩ්ලි (Dadly) යනු ව්‍යාපාරිකයෙකුටත් වඩා විශිෂ්ට පෞරුෂයක් හිමි කෙනෙක්. ධනවත්ම ව්‍යාපාරිකයන්ට මෙන් ඔහුට කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. මම ඔබට ගරු කරනවා. ඔබ විශිෂ්ටයෙක්.
රූමේස් තරංග ගේ ඒ ජයග්‍රහයී හෙල්ල කඩා දැමීම කුමන්ත්‍රණයක් විය.හැක මේ ක්රක්රීඩකයාගේ ආරක්ෂාව හා රැකවරණය ගැන විශේෂ සැලකිල්ලක්.දැක්විය යුතුය මේ ක්‍රීඩා උපකරණ කඩා දැමීම පිළිබඳව විදිමත් පරීක්ෂණයක් කලයුතු ය රූමේස් තරංග ගේ සියලු ක්‍රීඩා උපකරණ ඔහු දැනට සේවය කරන ගුවන්හමුදා තුලින්ම ලබාගත හැකිනම් එය ඉතාමත්ම අගෙයි බාහිර කිසිවකු ගෙන් ලබා.නොගතයුතිය
මෙවැනි දානපතියෝ තව තවත් බිහිවේවා!
මෙවැනි ධානපතියන් තවතවත් බිහි වෙිවා