
(බී.ජී. චතුරංග)
පුද්ගලයන් 4 දෙනකුට මරු කැඳවමින් තවත් 76 දෙනකුට තුවාල සිදු කරමින් පසුගිය 10 වැනි දින අනුරාධපුර - රඹෑව, වැලිඔය හංදිය ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් මියගිය කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියැදුරා අනතුර වෙද්දී මත්ද්‍රව්‍ය භාවිතා කර තිබූ බව වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියැදුරාගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය බව මූලික විමර්ශනවලින් අනතුරුව පොලිසිය මීට පෙර සඳහන් කළේය.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇටවීරගොල්ලෑව, හිරල්ලුගම, කැබිතිගොල්ලෑව යන ලිපිනයේ පදිංචිව සිටි 45 හැවිරිදි ලංකා ජයනාත් නමැති ලංගම බස් රථ රියැදුරෙකි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ රියැදුරා මත්ද්‍රව්‍ය භාවිතා කර තිබූ බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd