බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක‍්‍රීඩාංගණයේදී 31 වැනි රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල විචිත්‍රාංග රැසකින් සමන්විත ව උත්කරුෂවත් ලෙස අද (06) ආරම්භ විය.
මෙවර රියෝ ඔලිම්පික් උළෙල සඳහා රටවල් 206 ක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ, පුහුණුකරුවෝ හා නිලධාරීහු 2500 කට වැඩි පිරිසක් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගි වී සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම ද සමාරම්භක උළෙලේ සිංහ ධජය සහිතව ගමන් කැරිණි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපේ සහෝදර සහෝදරියන්ට! ජයවේවා ශ්‍රී ලංකා! (නි)
ජාතික කොඩිය අල්ලාගෙන ඉන්නේ විදියේ එහෙම වැරද්දක් නෑ. කොඩිය දෙපැත්තම මුද්‍රණය කරලා තියෙනවා. එහෙනම් එක පැත්තක් හරියන කොට අනිත් පැත්ත හැම වෙලාවේම වැරදි වෙන්න ඕන. බොරුවට වැරදි දකින්නම පුරුදු වෙන්න එපා. (බ)
කොඩිය අපි කොහොම හරි හරවා ගමු ,වැඩ පෙන්වන්න කණ්ඩායම එකතුවෙලා අපේ කොල්ලන්ට, කෙල්ලන්ට ජයවේවා. (ම)
අපේ කණ්ඩායමට අපෙන් සුබ පැතුම්! (නි)
ශාන්ත එකපාරට වැරැද්ද හඳුනා ගැනීම ගැන මමනම් සතුටු වෙනවා. (හේ)
අපේ අයට ජය වේවා.(හේ)
ජයෙන් ජයවේවා!!! ක්‍රිකට් ජයමෙන්. (රේ)
අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දස්කම් දක්වන්න ශක්තිය ලැබේවා.(හේ)
කවුද කියලා තියනවා අපේ රට ගැන හරි ආඩම්බරයි කියලා. ඒ මොකද? මෙතන ක්‍රීඩකයන්ට වැඩිය නිලධාරියොයි එයාලගේ පවුලේ අයයි ගිහින්ද දන්නෙ නැහැ. අන්තිමට එක පදක්කමක්වත් අරන් අාවොත් ලොකු දෙයක්. (නි)
ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා! අපේ ජාතික කොඩිය කණපිට හරවා ප්‍රදර්ශනය කිරීම ගැන මට දුකයි. (නි)
දැන් ඉතින් ලංකාව මුළු ලෝකයේම නමක් රන්ඳයි (නි)
පොඩි අතපසුවීම් මේ තරමට ගණන් ගන්නා රටට ජාතියට මේ තරම් ආදරය කරන මිනිස්සු ඉන්නවා කියන එකත් පුදුමයක්. පටන්ගන්න වෙලාවේම අඩුපාඩු දකින එක අපේ මිනිසුන්ගේ හැටියක්. එතනට ගියේ සාමාන්‍ය මිනිස්සු මිස රොබෝ යන්ත්‍ර නොවේ. වැරදීම කාටත් පොදුයි. තෙරුවන් සරණින් එක පදක්කමක්වත් අරන් එන්න දරුවනේ. (නි)
ඔබ සැමට සුබ පැතුම්! (නි)
මට නම් ඒවිදිහට ජාතික කොඩිය අල්ලාගෙන ඉන්න එක ගැන ඒ ක්‍රීඩකයන්ට මොකුත් කියන්න බැහැ. සිංහල ජාතියම කණපිට හැරිලා තියෙද්දී කොඩිය විතරක් කෙලින් තියලා ඇති පලේ මොකක්ද? (නි)
අපේ කණ්ඩායමට උණුසුම් සුභපැතුම් පිරිනමමි. අලංකාර සංදර්ශනයෙන් පෙනෙන්නේ මේ රටවල් වල තාක්ෂණයේ දියුණුව ඉතා ඉහළ මට්ටමක තිබෙන බව නේද? (නි)
මේකත් යහපාලනයේ අළුත් වෙනසක්ද දන්නේ නැහැ. (නි)
ඔලිම්පික් වලට ගිහින් ඉන්න අපේ කට්ටියට මුලින්ම ජාතික කොඩිය අල්ලන පැත්ත කියලා දෙන්න ඕනෑ. (නි)
අබේරත්න, මාත් ඔබගේ කීමට එකඟයි. මේක තමන්ගේම හැඟීමෙන් එන්න ඕනෑ දෙයක්. එ්කටත් පොඩි කලේ ඉඳලම මේ හැඟීම හිතට ඇතිවෙන විදිහට හැදිලා තියෙන්න ඕනෑ. ඒ අතින් අපිට වෙනත් රටවල් ගොඩක් ආදර්ශයට ගන්න පුළුවන්. (නි)
මෙය විහිලුවට කරුණක් නොවෙයි. බොහෝවිට අප රට නියෝජනය කරන්නේ ජාතිකත්වය නොදන්නා උදවියයි. සමහරවිට ඒ අවස්ථාවේදී ඇතිවන හැඟීම නිසා එවැනි අතපසුවීම් සිදුවන්නටත් පුළුවන්. (නි)
ජය වේවා! පදක්කම් කීපයක් ලබා ගැනීමට ශක්තිය ලැබේවා! ක්‍රීඩිකාවන් රටේ අනන්‍යතාවයට ඔබින ඇඳුමකින් පෙනී සිටීමත් බොහෝම වැදගත්. බොහොම සන්තෝෂයි (නි)
ඔබ සැමට ජයවේවායි පතමි! තෙරුවන් සරණයි! (නි)
ඔය ඉස්සරහ තියන කොඩියට හුළඟක් වැදුනොත් එ්කත් වැරදියට අල්ලන් ඉන්න පැත්තට හැරෙනවා. ඉතින් එතකොට හුළඟටත් බනිනවද? අනික කවුද දන්නේ රහීම් එ්ක හරි පැත්තට හරවද්දී ඔය ෆොටෝ එක වැදුනද කියලා. හැමතැනම වැරදීම දැකීම පණ්ඩිතකමක් නොවේ (නි)
ජාතියේ අනන්‍යතාවය වන අපේ ජාතික ඇඳුම කෝ. (නි)
මේ අයද අපේ රටට කීර්තිය, ගෞරවය ළඟාකර දෙන්නේ? අනේ අපේ ජාතික වීරයෝ! (නි)
අපේ ජාතික ධජය කණපිට හරවා ප්‍රදර්ශනය කිරීම මඟින් අපේ අය අපේම ජාතික ධජයට අපහාසයක් කර තිබීම මට නම් කිසිසේත් සමාව දියහැකි දෙයක් නොවෙයි. (නි)
ජයවේවා! (නි)
හරිම ලස්සනයි (නි)
ජය වේවා! ජය වේවා! (නි)
ජය වේවා අපේ සහෝදර සහෝදරියන්ට! සහභිගිවීමම ලොකු ජයක් (නි)
අපේ රට ගැන අපිට ආඩම්බරයි (නි)
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
පිහිනුම් ඉසව්වෙන් අපේ රටට බලාපොරොත්තුවක් ඇත. (නි)