අද කාර්යාල දුම්රිය 23ක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය කියයි.
බොහෝ දුම්රිය පැය බාගයේ සිට පැය එක හමාරක දක්වා ප්‍රමාද විය.
දුම්රිය රියැදුරන් පොතේ හැටියට දුම්රිය ධාවනය කිරීම මීට හේතුවයි.
පිට පිටම අනතුරු හතරක් සිදුවීමෙන් පසුව කිහිප දෙනකුගේ වැඩ තහනම් කිරීමත් සමග රියැදුරෝ මේ ක්‍රියා මාර්ගයට පිවිසී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදිනෙදා මහජනයාට අවශ්‍ය ප්‍රවාහන, රෝහල්, ඉන්දන, විදුලි ආදී සේවාවල ඉන්න සුළු පිරිසකට ලැබිල තියන අසාදාරන අයිතිවාසිකමක් තමයි මේ. ඔවුන් හිතා ගන්න ඕනේ අකුරට වැඩ කරලා හරි, වර්ජනය කරලා හරි, මුළු මහත් මහජනයාට ක්ෂණිකව රිද්දුවම ඔවුන්ගේ ඉල්ලීම් අසාදාරන උනත් රජය ඒවා දේවි කියලා. ඒ අයම දැන ගන්න ඕනේ සංවර්දන, පර්යේෂණ, කෘෂිකර්ම ආදී විවිද සේවාවල යෙදිල ඉන්න විශාල පිරිසට ඔය කියන ක්ෂණික රිදවීම කරන්න බැරි බව. ඒ නිසා ඒ අය තමාගේ ඉල්ලීම් ගන්න සාදාරන ක්‍රම තමයි අනුගමනය කරන්නේ. මේ කරන්නේ තමන්ගේ අතට පිහියක් ලැබිල තියන කොට ළඟ ඉන්න අයව කපන එක.(නදී)
දොස්තරලා , හෙදියෝ , දුම්රිය රියදුරෝ , හදන්නේ දුප්පත් අපිව ප්‍රාණ ඇපයට ගන්න , සල්ලි තිබෙන මිනිස්සු සහ දේශපාලකයන්ට සැප වාහන තිබෙන නිසා උන් කෝච්චිවල නොයති , සල්ලි කාරයෝ ප්‍රතිකාර ගන්නේ පුද්ගලික රෝහල් වලය , අන්තිමට මග රස්තියාදු වෙන්නේ , මැරෙන්නේ මධ්‍යම පන්තිකයන් සහ දුප්පතුන්ය , මොවුන්ට උගන්න්වන්න වියදම් කලේ අපේ බදු සල්ලිය , අපගේ ඉවසිමේත් සීමාවක් තිබේ . (ස)
ද සිල්වා, අවංක භාවය ගැන ස්තුතිය (දී)
අජිත් ඇත්තටම මම විෂය දන්නේ නැහැ. හිතට අාපු අදහසක් තමයි ලියුවේ. කල්යනවා නම් වෙන විකල්පයක් නැහැ. අද කලා වගේ අල්ලාගෙන ගහමු , වර්ජනය කලොත් සෙල්ලම් පිස්තෝලයක් දීල සබාපති තුමා ගෙදරට යවමු , රට යන පැත්තට විකල්ප ක්‍රම යොදාගත යුතුය . (ස)
එතකොට රුවන්, දුම්රිය පාරෙත් 80 ට ගියාම දඩ කොළ දෙනවද? නෑ මම ඒ ගැන අදයි දැනුවත් වුණේ. එක අතකට අපි වගේ මෝඩ පිරිස්, මොනවද ඕව ගැන දන්නේ නේද? (ස)
මෙතැන ප්‍රශ්නය රියදුරන් හෙමින් යන එක නෙවෙයි. බෝර්ඩ් වල තියෙන්නේ 50 නම් 50 ට යනවා. රජය කල යුත්තේ එම තැන් නිවැරදිව හදා එම තැන්වල 100 හෝ 80 සටහන් තැබීමි. එහෙම නැතිව රියදුරන්ට බනිනවා කියන්නේ මෙලෝ දෙයක් දන්නේ නෙති මෝඩ පිරිස්. සේවය හරියට කිරීම කාගේත් යුතුකමක්. පාරේ 80 ට ගියොත් දඩ කනවා. එතකොට බෝර්ඩ් හොඳයි. දැන් එ්කම වැරදීයි. මේක නුගත්කම.(නදී)
දුම්රිය රියදුරන් පුහුණු කරන්න ඔච්චර කල් යනවද?? ඕව බොරු කතා. දුම්රිය රියදුරන් පුහුණු කරන්න වැඩපිළිවෙලක් සකස් කළොත් ඒකටත් ඔය ගොල්ලන් විරුද්ධ වේවි. (ස)
ලංකාවේ තමා වැඩියෙන්ම වේග සීමා දාල තියෙන්නේ. ඇත්තටම දුම්රිය රියදුරන්ගේ අතේ වැරද්දක් නැහැ. ඒ අය මේ තාක් කල් කළේ තමන්ගේ රැකියාව අනතුරේ දාගෙන මිනිස්සුන්ව වෙලාවට ගෙනියන්න උත්සහ කරපු එක. මේකේ වැරැද්ද තියෙන්නේ සිග්නල් පද්ධතියේ සහ දුම්රිය මාර්ග වල. නීතියට දුම්රිය ධාවනය කළොත් වෙන්නේ පැය ගණන් ප්‍රමාද වෙන එක. කිසිම කෙනෙක් දුම්රිය මාර්ග අලුත් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. (ස)
මටනම් කිසි අවුලක් නැහැ. බස් නැත්තම් කෝච්චි. කෝච්චි නැත්තම් බස්. (නි)
කාටවත් හිතෙන්නේ නැද්ද අපේ දුම්රිය නවීකරණයට ලක් කළ යුතුයි කියලා. තවම වැඩකරන්නේ අවුරුදු 100කටත් වඩා පැරණි සංඥා පද්ධතියක්. ඒ වගේම පරණ දුම්රියත් තියනවා. ඉතින් මේවත් එක්ක කොහොමද වැඩ කරන්නේ? දුම්රිය රියදුරන්ටයි සේවකයන්ටයි බැණ බැණ ඉඳලා වැඩක් නැහැ. මේවා හදන්නේ නැත්නම් හැමදාම දුම්රිය අනතුරු වෙයි. හැමදාම දුම්රිය ප්‍රමාද වෙයි.රටේ මිනිස්සු දුම්රිය සේවකයන්ට බනියි.සෙක්කුවේ බැන්ඳ ගොන්නු වගේ අපි හැමදාම මේ චක්කරේ කරකවනවද?(නි)
ඕක මොකක්ද කෝච්චි වල යන අය ඉඳල හිටලනෙ කොට කොට යන්නේ. බස්වල යන අපි හැමදාම කොට කොට යන්නෙ. ඒක නිසා අවුලක් නැහැ. (ස)
එහෙනම් ඒකත් බියගම වෙළඳ කලාපය හරහා කිරිබත්ගොඩ පුද්ගලික බස් සේවය වගේ ඇති. මගේ අම්මෝ මේ බසුත් කොටන කෙටිල්ලක්. අනික මේ පාරට ලංගම බස් දාන්නේ නැති ලංකාවේ තියෙන එකම බස් රූට් එකනේ. (ස)
ඕකට තමා 2020 දැක්කම කියල කියන්නෙ. (ස)
රැකියාවට ආදරේ රියදුරෝ කොට කොටා යති. වේගය පාලනය කරන්න පුලුවන් විදියට ගමනේ යා.(නදී)
සැලසුම් ඇතුව දුම්රිය අනතුරු කරන රියදුරන් නැහැ.ගන්න එන්ජින් ප්‍රමිතියෙන් ගත්තා නම් ඉවරයි.කොම්පැනි අයිතිකාරයෝ ඉහළ පුටුවල ඉන්න බවයි පෙනෙන්නේ. (නි)
රියදුරොයි කියලා ඉතින් මොනවා කරන්නද? (නි)
ද සිල්වා, දුම්රිය රියදුරෙක් හදන එක ත්‍රීරෝද රියදුරෙක් හදනවා වගේ නෙමෙයි. සැහෙන කල් යනවා,විෂය දන්නේ නැත්නම් දන්නා කෙනෙකුගෙන් දැනගෙන අදහස් දක්වන්න. නැත්නම් නොදන්නාකම එළියට පනිනවා (නි)
ඔවි දැන් මීලඟ දුමිරිය කොට කොටා කොමිපඤ්ඤවීදිය පලමුවෙනි වෙිදිකා වෙත ලඟා වෙනවා අැත. (ස)
සියලුම අනතුරු දුමිරිය සේවකයන් විසින් සිදුකරනවා විය හැකිය. (ස)
වැරැද්ද එක තැනකින් වුණා කියමුකෝ. නමුත් මේ ගොල්ලන්ගේ "කොට කොටා යාම" දිහා බලනකොට දින දෙක තුනක් ඇතුළත සිදුවූ දුම්රිය අනතුරු හතරම සැළසුමක් අනුව සිදුවෙලා කියලා පැහැදිලි නැද්ද? (නි)
මට දුක මේ රියදුරන්ගේ දෙමවුපියෝ ගැන. මඟීන් ඔවුන්ට අසංක කල්ප ලක්ෂයකට දෙව්ලොව යන්න පින් දෙන්න ඇති (නි)
"පහත් තැනින් යයි ගලා ජලේ" කියලා හැමෝම පළිගන්නේ අහිංසක ජනතාවගෙන් තමයි. පුදුමේ කියන්නේ, මේවා කරන අය හිතන්නේ නැහැනේ මේ වගේ වැඩ වලින් අපහසුවට පත්වෙන්නේ තමුන්ගේම පන්තියේ අයයි කියලා. (නි)
කරුණාකර දැන්වත් හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න ත්‍රිවිධ හමුදා රියදුරන් පුහුණුකර තබාගන්න. මේගොල්ලෝ හදන්නේ නිතරම ජනතාව ප්‍රාණ ඇපයට අරන් මේ ගොල්ලන්ට විරුද්ධව ඇති පරීක්ෂණ වලට බලපෑම් කරන්න (නි)
ලොකුවට කිසි දෙයක් කරන්න ඕනෑ නැහැ. තමුන්ගේ රස්සාව හරියට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
ඒ මිනිස්සුයි කියලා මොනවා කරන්නද? (නි)
මීළඟ දුම්රිය පළමුවන වේදිකාවට කොට කොටා ළඟාවෙනවා. එතකොට කොට කොටා යන්නට කැමති අය ටිකට් පත් අතැතිව සීරුවෙන් සිටින්න (නි)