පිටකෝට්ටේ නිහාල් රත්නායක නම් පෞද්ගලික කුලී රියදුරා (60) ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු බැද්දගානේදී අද අත් බෝම්බයක් ද මියගිය පුද්ගලයාගේ ජංගම දුරකතනයද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මිය ගිය රියදුරාගේ දියණියගේ දරුවකු පාසලකට ඇතුළු කරන බව කියා රුපියල් දෙලක්ෂයක් ඉල්ලා වසර කිහිපයකට පෙරරුපියල් පනස්දාහක් ගෙන වංචා කළැයි කියන සිද්ධීය පොලීසිය පැමිණිලි කිරිමේ වාඩුව ගැනීමට ඔහු මේ ඝාතනය කළේ දැයි සොයන බව පොලීසිය කියයි.
දින අනුවක රැදවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කැර ගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක මනුස්සයා මහන්සියන් හම්බකරගෙන ජීවිතය ගොඩනඟා ගත්තා. මාරයා ඒ අහිංසක මනුස්සයාව බිලිගත්තා. (නි)
ඉල්ලන්න තියෙන්නේ දෙන්නේ නැති දෙයක්. මෙහෙම අපරාධ කරන අයට එල්ලුම් ගහ තවම ප්‍රමාද ඇයි? (නි)
මේවගේ අපරාධ නඩු ඉක්මනට අහලා දඩුවම් කරනවානම් මුළු සමාජයටම සුගතියක් .මිනි මරන්න අපරාද කරුවන් දැන් බය නැහැ. (ස)
මෙයා ගෙන් තවත් මොනවා ආහන්නද ?ආයුධ හන්ගපුතැන් හොයන්න එකන් යමු (ස)
හිරේ දැම්මත් එල්ලුම් ගහට නියම කළත් වැඩක් නැහැ. සමාවක් යටතේ හරි නිදහස් වෙන්න පොටක් පාදා ගනීවි . (නි)
අපරාධයකට සම්බන්ධ විත්තිකරු තවත් කාට හරි අදායමක් ලබාදෙන සේවා දායකයෙක් වෙන හැටි. හිතපුවහම පුදුම හිතෙනවා.(ස)
මෙතරම් සුළු දේකටත් මිනී මරණ තත්වයට පත් වෙලාද? මොහුට උපරිම දඩුවම් ලබා දෙන්න. (ස)
ආයුධ පෙන්නන්න එක්කන් ගියා නම් හොඳයි මං හිතන්නෙ. (ස)
තවත් මොනවා ප්‍රශ්න කරන්නද ? දඩුවම් ලබා දෙන්න. (ස)