
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45කදී ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් බව ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා රැස් වූ අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කෙරිණ.
අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එයට හේතු, ආරම්භවූ අවස්ථාව, ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හා සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙසද උපදෙස් දුන්නේය.
2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීම ආරම්භ කර ඇති බවද නිලධාරීහු සඳහන් කළහ.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා විය
දැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය 678,000ක් පමණ වන අතර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් බැවින් පසුබෑම තවදුරටත් වර්ධනය වන බව නිලධාරීහු පැවසූහ.
එය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වනවිට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්, ගමන් බලපත් , හැදුනුම්පත් , පරිසර වාර්තා බලපත්‍ර , වෙරල සංරක්ෂණය යන හැම එකකම ප්‍රමාද පෝලිම් තිබෙනවා , නමුත් පගාවක් දුන්නාම මේ පෝලිම් , ප්‍රමාද වැනි කිසි දෙයක් නැහැ , අවශ්‍ය ප්‍රමනෙට වැඩිය තුන් ගුණයක් රජයේ සේවකයෝ ඉන්නේ මෙම රටේ මෙහෙම වෙන්න බැහැ , අද ලෝකේ තාක්ෂනය අතින් දියුණුය , නමුත් රජයට තවම බැරිවෙලා තිබෙනවා එකම ගොඩනැගිල්ලේ තිබෙන ආගමන විගමන සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු දෙක ලින්ක් කරගන්න , මේවා මේ නිලධාරීන් විසින් පගාව ගන්න , හදන ක්‍රමවේද , රජය මේවා ගැන හොයල බලන්න ඕනේ , මේ දෙපාර්තමේන්තු වලට විශ්වාසවන්ත නියෝජිතයෝ යවල පෝලිම් වල රස්තියාදු වෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා, මේ අඩුපාඩු හදන්න ක්‍රියා කරන්න ඕනේ ,
රටක මූලික අවශ්‍යතාවයකට පිලිතුරු හොයන්න බැරි දෙපාර්තමේන්තුවක් මොකටද පවත්වාගෙන යන්නේ.
මේ වැඩය ඉක්මනින් නිරාකරනය කරන්න, රජයෙ නමට මෙය හොද නැ