IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රියැලිටිකරණයෙන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි පුබුදු හර්ෂණී

2016-10-19-ent-06

රියැලිටිකරණයෙන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ඇය නමින් පුබුදු හර්ෂණී දේවප්‍රියයි. ගීත කිහිපයක් හරහා රසික ආදරය දිනාගත් ඇය ඇගේ අලුත්ම ගීතයක් එළිදැක්වීමට කටයුතු කරමින් සිටින්නීය. ඒ පිළිබඳව හා ඇගේ අලුත් කලා තොරතුරු සම්බන්ධයෙන් ‘සාරවිටට’ මෙලෙසින් සඳහන් කළාය.

 

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

2016-10-19-ent-11මම පුබුදු හර්ෂණී දේවප්‍රිය. මම ඉන්නේ කුරුණෑගල.

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද? නැත්නම් වෙනත් කාර්යයක් තියෙනවාද?‍

මේ දවස්වලනම් මම විශාරද විභාගයට ලියන්න සූදානම් වෙනවා. ඊට අමතරව සංගීත ප්‍රසංග සඳහාත් සහභාගී වෙනවා. හඬ කැවීමේ කටයුතුවලත් නිරත වෙනවා.

 

සංගීතයට එකතු වෙන්නේ කොයි කාලේද?

කුඩා කාලයේ ඉඳලම සංගීතයට යොමුවෙලා තිබුණේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සංගීත තරගයන් සඳහා සහභාගී වුණා. 2014 සිරස සුපර්ස්ටාර් එකේ 10 වෙනියට මම තේරුණා. ඒකට අයදුම් කළේ මගේ මාමා. ඒ සඳහා මගේ පවුලේ අය තමයි ශක්තියක් වුණේ. ඒ හරහා තමයි ගොඩක් දෙනා අතරට මාව හඳුනා ගත්තේ.

 

දැනට ගීතයක් නිර්මාණය කරලා තියෙනවාද?

2014 සිරස සුපර්ස්ටාර් සීසන් 06 වැන්නෙන් තරගයෙන් ඉවත් වෙනවා එක්කම සිරසෙන් මට ගීතයක් නිර්මාණය කළා. මම තරගයෙන් ඉවත් වෙලා අවසන් වටය එන්නත් කලින් තමයි මට ගීතයක් නිර්මාණය කළේ. ඒ දවස්වල ඒ ගීතය සිරස නාළිකාව ඔස්සේ ප්‍රචාරය වුණා. ඊට පස්සේ සිරස ඔස්සේ නත්තල් ගීත, අවුරුදු ගීත සඳහා දායක වුණා. මමත් නත්තල් ගීතයක් සහ අවුරුදු ගීතයක් කළා. ඒකත් නාළිකාවේ ගියා. ඊට අමතරව මගේ අලුත්ම විදිහේ නිර්මාණයක් එන්න තියෙනවා. හොඳ නිර්මාණ දෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

අවුරුදු ගීතය සහ නත්තල් ගීතය ගැන කිව්වොත්?

මේ අවුරුද්දේ කරපු අවුරුදු ගීතය කිව්වොත්, ‘පරණ කෝන්තර’ කියලා. ඒක මම, දුමාල්, නදිනි, රුක්මන් අසිත වැනි ගායකන් දායක වුණා.

මම හැම අවුරුද්දකම ගීත කළා.

 

එළිදක්වන ගීතය ගැන කිව්වොත්?

ඒ ගීතය කවර් ගීතයක්. ඒගැන දැන්මම කියන්න බැහැ. දැන්මම කිව්වොත් එහෙම අගේ නැති වෙනවානේ. ඒක් හින්දි ගීතයක් සහ සිංහල ගීතයක් මික්ස් කරලා යන ගීතයක්. දැනට මම ඕඩියෝවක් කරලා තියෙන්නේ. ඒකේ වීඩියෝව තාම කරලා නැහැ. මගේම තව අලුත් නිර්මාණයක් ජනවාරි මුල එන්න තියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

ඉදිරියේදී මම ගොඩක් දුරට සංගීත මම හදාරනවා. අලුත් අලුත් දේවල් මම ඉගෙන ගන්නවා. ඉස්සරහට ජනතාවගේ ආදරය දිනාගෙන එයාලට කැමති විදිහට තමයි නිර්මාණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉක්මනින් ඇවිල්ලා, ඉක්මනින් යන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ.

 

අතහිත දීපු අය ගැන මතක් කළොත්?

මුලින්ම මගේ අම්මයි, තාත්තයි. මට අවුරුදු 03 තිබුණු හඬ මට තාමත් අහන්න තියෙනවා. අඬන එකේ ඉඳලම තාම අහන්න පුළුවන්කම තියෙනවා. මගේ අක්කා සරල ගීත ගායිකාවක්. ගුවන් විදුලියේ එයා ගීත ගායනා කරනවා. මගේ හැකියාවට එයා ගොඩක් උදවු කළා. ඒකට ගොඩක්ම ශක්තිය වුණේ මගේ මාමා සහ නැන්දයි. එයාලා තමයි මාව මේ තරමට මෙතනට ගෙනල්ලා තියෙන්නේ. විශේෂයෙන් ඒ අයව මතක් කරනවා. මගේ යාළුවෝ සහ මට උදවු කරපු හැමෝමව මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-10-19-ent-10
2016-10-19-ent-09
2016-10-19-ent-08
2016-10-19-ent-07



අදහස් (0)

රියැලිටිකරණයෙන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි පුබුදු හර්ෂණී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 55 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1639 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 473 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2317 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site