දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩකටයුතු සඳහා රිලාගල යාය කඳුවැටියේ කල් කැඩීමට තරයේ විරුද්ධ වන බව රිලාගල යාය සුරැකීමේ එකමුතුවේ ලේකම් මහේෂ් සම්පත් ලියනගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ මරදාන සීඑස්ආර්හිදී පැවැති මාධ්‍ය හමුවකදීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග්‍රාමසේවා වසමේ මාතර දිස්ත්‍රික්කයට මායිම්ව රිලාගල යාය කන්ද පිහිටා ඇතැයි රිලාගල යාය සුරැකීමේ එකමුතුව කියයි.
1940 දී රක්ෂිතයක් ලෙස නම් කැරුණු මහායය රක්ෂිතයේ ප්‍රේරණ කලාපයේ රිලාගල පිහිටා ඇති බවත්, ජල උල්පත් රැසක් ඇති මෙම ප්‍රදේශයේ ගල් කැඩීමේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වන බවත් එම සංවිධානය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම රතු දත්ත පොතේ වඳවීයාමේ රත්ජනයට මුහුණ පා ඇති මත්ස්‍යවර්ග රිලාගල සිටිනා බවත්, මෙම ප්‍රදේශයේ ගල් කැඩීම ජාතික පාරිසරික පනත පමණක් නොව වෘක්ෂලදා හා වනසත්ව ආඥාපනත ද උල්ලංඝණය කිරීමක් බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කීවේය.
ප්‍රදේශයේ මහා සංඝරත්නය නියෝජනය කරමින් ගෝණදෙනියේ මංගල හිමි ද, ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙදෙනෙක් ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට යහපලානේ හින්ද හොදයි ,නැත්නම් මෙතුමාට මරදානේ කතකරල බෙලිඅත්තට යන්න වෙන්නේ වයිට් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකේ (බ)
මේවා මහින්දගේ කාලේ කළා නම් මේ පැත්තේ අය වැඳගෙන ඉන්නවා. මමත් බෙලිඅත්තේ නිසා හොඳට දන්නවා (නි)
ඔන්න මේ වෙලාවේ ඉන්නම ඕනෑ මනුස්සයා අපිම පන්නාගත් එකේ වරද. නැත්නම් මේ පැත්තටත් සුදුවෑන් එහෙම එන්න තිබුණා. (නි)
මෛත්‍රී හින්ද මෙයාල දැන් වීරයෝ වෙලා . මේ එකමුතුව මහින්දගේ කාලේ තිබුනනම් මෙයාලගෙ ඔලුව කොළඹ - කද මාතර . (අ)
රිලාගල යනු පරිසර හා ජල විද්‍යාත්මකව ඉතා පැහැදිලි ජල ගබඩාවකි ජාතික වටිනා කමකින් රැකියුතු පාරිසරික පද්ධයකි.(අ)
මෙම සම්පත පක්ෂ පාට නොබලා රැකිය යුතු සම්පතකි.සියල්ල එක් වන්න... (ම)
මේ විනාශයෙන් ගම්මු බේරා දෙන්න (බ)
ගම වෙනුවෙන් ඕනෑම සටනකට සුදානම් (බ)
ජනාධිපතිතුමා පැහැදිලිවම මාධ්‍ය හරහා ප්‍රකාශයක් කළා නේද එවැනි පාරිසරික විනාශයන් සිදුවෙනවා නම්, විෂයභාර ඇමති හැටියට එතුමා ක්‍රියාකරන නිසා කෙළින්ම එතුමාට දන්වන්න කියලා. පළමුව ඒක කරලාද දන්නේ නැහැ මේගොල්ලෝ මේ මාධ්‍ය සංදර්ශන පැවැත්තුවේ. (නි)
ගල් අතරින් දිවයන ජල උල්පත් මෙන්ම මත්ස්‍යයන්ද සුරැකිය යුතුය. (නි)
උපාලි, චමිලා, අජිත්, එක්සිත් ගැටමාන්න, අපි දන්නවා ඔයාලට මේක සම්පතක් බව. අපි නොදන්නා බෙලිඅත්තේ අයියලා! (නි)
දැන් මේ කට්ටිය විරෝධතා තියන්නේ ඇත්තටම පරිසරය සුරැකීමටද? නැත්තම් ආණ්ඩුව කරන සංවර්ධනයට විරුද්ධවද? තැනේ හැටියටයි කට්ටියේ හැටියටයි අපිට පොඩි සැකයක් තියෙනවා (නි)
අපි ධිවේගය හදනවට කිසිම විරුද්ධත්වයක් නෑ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ රජයත් එක්ක නෙමෙයි. (ර)
ලංකාව වගේ රටක ට බලපාන කරුමය නම් හැම දෙයම පාට එස් ඇස් වලින් දැකීමය, එය හුදෙක්ම තමන්ගේම පැවත්මටය . මේ නිසා පරිසර හානියක් නොවනා බවට කරුණු ඉදිරිපත් කරන්න , සංවර්ධනය සහ සහ තිරසාර සංවර්ධනය වෙනස ඉගෙන ගන්න .