IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රවිරාජ් ඝාතනයට නාවික හමුදාවේ තිදෙනෙක් අල්ලයි

දෙමළ ජාතික සංවිධානයේ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරි පොලිස් සැරයන් ලක්‍ෂමන් ලොකුවැල්ල යන දෙදෙනා 2006 වසරේදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදවේ ලූතිනන් කමාන්ඩර්වරු  දෙදෙනෙක් සහ භටයෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ සිටිති.

මේ තිදෙනා අතුරින් එක් නාවික හමුදා නිලධාරියකු සහ නාවිකභටයා මේ වනවිට නාවික හමුදා සේවයෙන් ඉවත්වී ඇති අතර අනික් නිලධාරියා තවමත් නාවික හමුදාවේ සේවයේ යෙදී සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

රහස් පොලිසියෙන් කර තිබූ දැනුම් දීමක් අනුව මීට දින කීපයකට ඉහතදී රහස් පොලිස් මුලස්ථානය මත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බවද ගුණසේකර නිගමනය කළේය.

 පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරි ලක්‍ෂමන් ලොකුවැල්ල මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2006 නොවැම්බර් 10 වැනිදාය.

නාරාහේන්පිට මැනිං ටවුන්හි පදිංචිව සිටි රවිරාජ් මහතා එදින උදේ සිටි ආරක්‍ෂක නිලධාරියාවද සමග මෝටර් රථයෙන් කාර්යාලය බලා යමින් සිටියදී නාරාහේන්පිට මාතා පාරේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු ටී 56 ගිනිඅවිලින් සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනාම මරුමුවට පත්වූහ.

මෙම සිද්ධිය පසුපස නාවික හමුදාවේ ප‍්‍රබලයකු සිටින බවට එවකට චෝදනා එල්ල වී තිබිණි.

සිද්ධියෙන් වසර 7ක්ම ඉක්ම ගොස් තිබුණද සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී නොතිබිණි.

කෙසේ වෙතත් නව රජය බලයට පත්වීමත් සමග ඝාතන සිද්ධීන් රැුසක් පිළිබඳ පරීක්‍ෂණ කටයුතු යළි ආරම්භ කෙරුණු අතර මහජන සාමය, ආපදා කළමනාකරණ හා කි‍්‍රස්තියානු කටයුතු  අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙම ඝාතනය සම්බන්ධයෙන් නැවත පරීක්‍ෂණය පවත්වන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ලබාදුන් උපදෙස් අනුව ඒ පිළිබඳ පරික්‍ෂණ පසුගිය ජනවාරි අග භාගයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදි.

අත්අඩංගුවට ගත් තිදෙනා රැුඳවුම් නියෝග යටතේ  රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යනු ලැබේ.



අදහස් (0)

රවිරාජ් ඝාතනයට නාවික හමුදාවේ තිදෙනෙක් අල්ලයි

අනුෂ Tuesday, 31 March 2015 03:30 PM

රවිරාජ් මහතාගේ සිංහලයෙකු අතින් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව මම අවංකවම කණගාටුවෙමි. මන්ද යත් ඔහු වරක් මා ඇසුරු කර ඇති බැවිණි. සත්‍ය යනු කවදා හෝ එළිවනු ඇත. වසර ගණනක් ගෙවී ගියත් ඔහුගේ මරණය පිළිබඳව අදත් මගේ හදවත තුළ ඇත්තේ ගණගාටුවකි. ඔහුට වෙනත් මතයක් දැරීමට හෝ වෙනත් අයෙකුගේ මතයක් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට මම ගරු කරමි. මෙවන් දෑ යළි යළිත් නොම වේවා..! රවිරාජ් මැතිතුමනි එදා මෙන්ම අදත් මම නුඹට නිවන් සුව පතමි. ඒ දරුවන්ට මගේ කණගාටුව ප්‍රකාශ කරමි. (ත)

:       0       0

රණසිංහ Wednesday, 01 April 2015 04:24 AM

මෙතන පලිගැනීම පාවාදීම් එහෙම වෙන්නේ නෑ කියල හිතෙනවද. (ස)

:       0       0

කසුන් Wednesday, 01 April 2015 07:42 AM

මේ රජය මුලු රටම පාවා දෙයි වගේ. (ස)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 01 April 2015 08:11 AM

අනේ මන්ද මොනවා වෙනවද කියලා.? (ර)

:       0       0

කරුණාරත්න Tuesday, 31 March 2015 07:40 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

කලණි Tuesday, 31 March 2015 09:16 PM

එනපොට නම් හොඳ නැහැ වගෙයි (නි)

:       0       0

රෝයි Wednesday, 01 April 2015 01:43 AM

ඝාතනය අනුමත කරන්නේ නැහැ. නමුත් මෙයාල තමයි දෙමල ජනතාව අතර ජාති වාදය ව්‍යාප්ත කලේ. සිංහල දෙමල ඒකීය රටක් ගැන කතා කලේ නැහැ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 April 2015 03:06 AM

යුද්ධයේ අවසානයත් සමග දෙමළ ජාතිවාදී දේශපාලනයට සහ දෙසපාලකයින්ට ප්‍රභාකරන්ට තිත තැබූ අයුරින්ම තිත තියන්නට පහුගිය රජය කටයුතු නොකළ එකේ ප්‍රතිපල අපි අද භුක්ති විදිනවා..රවී රාජ කියන්නේ එක ජාතිවාදී දේශපාලන පුරුකක්..බල්ලෝ බළල්ලු වගේ දකුණේ මිනිස්සු කොටින්ගේ බෝම්බ වලට ප්‍රහාර වලට බිලි වෙද්දී කොටින්ව සාධාරණීකරණය කරමින් දකුණේ නිදහසේ ජීවිතය ගෙවූ මොහුට ඒ ඉරණම අත් විය යුතුව තිබුණු දෙයක්. (ස)

:       0       0

කරුණාතිලක Wednesday, 01 April 2015 03:10 AM

කවුරු උනත් වැරදක් කලානම් දඩුවම් දිය යුතුයි. (ම)

:       0       0

දුමින්ද Wednesday, 01 April 2015 03:26 AM

පරණ තුවාල පෑරීම සෑම විටම යහපතට හේතු නොවේ - නමුත් යුක්තිය අසම සමය..(ම)

:       0       0

ට.මහේන්ද්‍ර Wednesday, 01 April 2015 04:02 AM

නීතිය යන්න සියලු දෙනාටම පොදුයි, රටක ජනතාව ආරක්ෂා කල යුතු අයම මහජන නියෝජිතයකු ඝාතනය කිරිම පිළිබද යම් කෙනෙක් හරි කියන්නේනම් එය අසාධාරණයකි. මේ සමග මෙම නිලදාරීන් කප්පම් සදහා තවත් තරුණයන් අත්අඩංගුවට ගත්බව පත්තරවල කියවුයේ නැද්ද? අසරණ මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම්කරලා කප්පම් මුදල් ලබාගෙන අපේ පවුලේ ළමා දරුවන්ට ගෙවල් දොරවල් යහන වාහන ලබාගැනීම මනුස්සයෙක් වසයෙන් ම පිළිකුල් කරන්නෙමි.(ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 April 2015 04:03 AM

ජාතිවාදී හෝ ආගම්වාදී හෝ මත දරන ඕනෑම කෙනෙක් හමුදාවක් අතින් මරණයට පත් වෙනවනම් ඒක රටට ලොකු කළු පැල්ලමක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 108 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 806 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1676 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1087 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 454 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 278 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site