අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ අට මාසයක් තිස්සේ නොලැබුණු රස පරීක්ෂක වාර්තා දෙසතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා අද නියෝග කළේය.
ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වැනිදා මේ අනතුරින් මිය ගියේ කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය මාතලේ ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණු විශ්ව විද්‍යාලයයේ මෝදර සිසිත ප්‍රියංකර සිල්වා දෙදෙනායි.
ජානක බණ්ඩාර ඒකනායක භාවිත කළ දුරකතනයෙන් සිද්ධිය වූ දිනට පෙර ලබා ගත් ඇමතුම් පිළිබඳ සවිස්තර වාර්තා ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා දුරකතන සේවා සමාගම් දෙකකට නියෝග කළේය.
පොලිස් පරීක්ෂණවලදී එම දුරකතනය සොයාගෙන නැත.
වැඩිදුර විභාගය ලබන 26ට කල් තැබිණි.
(මියගිය සිසුන් දෙදෙනා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ යට යයි කියලා. නැවතත් සොයාබැලීම ගැන සතුටුයි.(ස)
ඉගෙන ගන්නේ නැතුව පිස්සු නටන්න ගිහින් කර ගත්තු විනාසයක්.(ස)
යමක් ඉගෙන ගත්ත දරුවෝ නුගත් අය වගේ සිද්ධ වෙන හැමදේම ඉවසන්නේ නැහැ.ඒ අයට අපහාස කරන එක හරි නැහැ. දැන් ඉන්න පොඩිඋන් ලොකු වෙච්ච දවසට දේශපාලකයන්ට අපිව වගේ රවට්ටන්න ලේසි වෙන්නේ නම් නැහැ. ඒ දවස ඉක්මනින්ම උදා වේවා! (නි)
සිසුන්ට වුන දේ කවදා හරි හෙළි වේවි. රණවීර නොදන්නා දේවල් ගැන කියවන්නේ නැතුව ඉන්න. (නි)
හැප්පුනද හැප්පුවද ?(නදී)
අනේ මේ ගැරඩි මරන්න කාටද ඕනා. හැබැයි මේ වගේ මරනෙකින් වැඩි පුරම වාසි ලැබෙන අර අකුරු 3 ගැන ටිකක් හොයලා බැලුවානම් හොදයි.(නදී) .
ධනා ඉන්නේ ලංකාවේද? අපිනම් කාටවත් රැවටිලා නැහැ. ඔයා පොඩි උන්ව තමයි අර රතු අය්යල ටික රවට්ටලා තියෙන්නේ.(නදී)
දරුවෝ කියන්නේ රටක සම්පත් කියලා හිතෙන්නේ නැති අය මොන රටක හිටියත් වැඩක් නැහැ. අපි හදන්න ඕනෑ මොලේ ඇති දරුවෝ,කාටවත් රවට්ටන්න බැරි. (නි)
ඒ දවස්වල බැලුවට දැන් ඕවා මතකද දන්නෙත් නැහැ. මට නම් ඔච්චර කාලයක් ගියාම කුඩු වුනත් දැනෙන්නේ කුරක්කන් පිටි රහට. (නි)
රණවීරට හෙට කවුරු හරි කනට දෙකක් ගහලා ගියොත් අපි මොනව ද කියන්න ඕනෑ? අදහස් දැම්මා කියලා රණවීරට බනින එකද, ගහපු මිනිහට බනින එක ද ? (නි)
අනේ ළමයිනේ, ඉගෙනගෙන ඉක්මනින් රැකියාවක් සොයාගන්න, මේ 'ගෝනි බිල්ලන්ට' 'බිලි බෝයි' ලා වෙන්නේ නැතුව. (නි)
එකම එකම වරක් හිමි වන ජීවීතය අනුන් වෙනුවෙන් කැප කළ සිසු විරුවන් දෙපලට අපේ උත්තමාචාරය! (නි)
මේකෙන් අනිත්මේදී අහිංසක දෙමව්පියනට ඒ ගොල්ලන්ගේ ළමයි අහිමිවුණා. ඒ පාඩුව පුරවන්න පුලුවන්ද? මට කියන්න තියෙන්නේ තමන්ට ලැබුනු මනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව දේශපාලනයය කරන්න ගිහිල්ලා අපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා කියලා (නි)
ළමයි මරුනහම සතුටු වන අයගේ ළමයෙක් මේ විදියට මැරුණ දාටවත් තේරෙයි ද මන්දා.(නදී)