IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රස්නෙන් බේරෙන්න එළියේ වැඩ නවතී

සෞදි අරාබියේ මේ දිනවල  පවතින අධික  උෂ්ණත්වය හේතුවෙන්  සියළුම ගොඩනැගිලි ඉදිකිරීම් නඩත්තු කිරීම්  ඇතුලු  එළි මහනේ පිහිටි  ව්‍යාපෘති වල සේවය කරන  සේවකයින්  සදහා  දහවල් සිට සවස 3 දක්වා  කාලය තුල සේවයේ  නොයොදවන ලෙස  සෞදි කම්කරු අමාත්‍යංශය  සියළුම ආයතනවලට නියෝ කැර ඇත.

  අගෝස්තු  30 වැනිදා දක්වා  බල පැවැත්වෙන පරිදි  කම්කරු අමාත්‍යංශය මගින්  ගෙන ඇති මෙම තීරණය  මානුෂිය හිතවාදීව ගත් තීරණයක් බව  සෞදි කම්කරු අමාත්‍යංශය  ඇරැබි නිව්ස් වෙබ් අඩවිය  සදහන් කරයි.

 දැනටමත් මෙම නීති උල්ලංඝණය කරමින්   එම කාල සීමාවේ අධික රස්නය මැද  කම්කරුවන් සේවයේ යෙදවු  නැගෙනහිර පළාතේ ආයතන නවයකින් දඩ මුදල්  අයකැරගෙන ඇති අතර එම දඩ මුදල් සෞදි රියාල් 3000 -1000 (රුපියල් 105231.58-35077.19) දක්වා වන අතර නැවත නැවතත්  එම ආයතන  විසින්  සේවකයින් එම කාර්යාලයයේ සේවයේ යොදවන්නේ නම්  තාවකාලිකව එම ආයතන  වසා දමයි.  මේ සදහා සෞදි කම්කරු අමාත්‍යංශය  විශේෂ  නිරීක්ෂණ කණ්ඩායමක්ද  යොදවා ඇත.

 දැනට  සෞදි අරාබියේ  බොහෝ ප්‍රදේශයන් හි  උෂ්නත්වය සෙල්සියස් අංශක  38 සිට 45 දක්වා  පමණ බවත්  මේ අධික හිරු රශ්මිය  ශරිර සෞක්‍යට හානි විය හැකි බැවින් මෙම තීරණය ගත් බව ද සදහන්ය.

 කම්කරු අමාත්‍යංශය සදහන් කරනුයේ  මෙම නිතීයට අදාල නිවේදනයේ පිටපත්  සෞදියේ  ප්‍රධාන නගරවල පිහිටි ආයතන ලියාපදිංචි කිරීමේ ස්ථාන වලින්  ලබා ගත හැකි බවයි.

 කෙසේ වුවද සෞදි අරාබියේ  පිහිටි විවිධ ව්‍යාපෘති  24000 ක්  පමණ මේ වන විටත් එම නීතීයට ගරු කරමින්  තම සේවා කාලය වෙනස් කරමින් ඇති බවද සදහන්වේ.



අදහස් (0)

රස්නෙන් බේරෙන්න එළියේ වැඩ නවතී

සම්පත් Tuesday, 23 July 2013 05:04 PM

මම වැඩ කරන්නේ කලාපයේ. එහි සියලුම නීති මානව හිතවාදියි (නි)

:       0       0

බණ්ඩා Tuesday, 23 July 2013 05:09 PM

ඇ අප්ප දැන් පුරන් කියල තවත් අය ඉන්නවද? (අ)

:       0       0

කුමාර Tuesday, 23 July 2013 05:17 PM

ඔය නීතිය මුළු ගල්ෆ් රටටම ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

සූරයා Tuesday, 23 July 2013 05:18 PM

ලංකාවෙත් නීතියක් තියෙනවා . ඒත් දුකයි. ඉතින් මොකද කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕවට වඩා හිතන්ඩ දේවල් තියෙන හින්දා ගානක් නැහැ. ආසියාවේ ආශ්චර්යය තමා ! (නි)

:       0       0

සංජු Tuesday, 23 July 2013 05:24 PM

උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට 52 වෙන වෙලාවලුත් තියෙනවා. මෙහෙ ඉන්න අපි තමා දන්නේ (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 23 July 2013 06:12 PM

මේක රාමදාන් උපවාස කාලය. ඒත් අධික රස්නය නිසා වතුරවත් නොබී වැඩ කරන්න හරිම අමාරුයි. (නි)

:       0       0

රසිකා Wednesday, 24 July 2013 11:40 AM

අම්මෝ ඇති යන්තම් (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 23 July 2013 06:26 PM

රාමදාන් මාසය කියන්නේ උෂ්ණත්වය වැඩිවෙන කාලය.ඔහොම දීපු එකත් ලොකු දෙයක්.හොඳ තීරණයක්. (නි)

:       0       0

උපාලි Wednesday, 24 July 2013 06:00 AM

බණ්ඩා, තරහවෙන්න එපා. ඔබේ ප්‍රශ්නයට මට හිනා ගිය නිසා මේක ලියන්නේ. ඔබ අහනවා "ඇ අප්ප දැන් පුරන් කියල තවත් අය ඉන්නවද" කියල. එතකොට (ගොන්ගාලේගොඩ) බණ්ඩා කියලත් තවත් අය ඉන්නවද? හැබැයි ඒ දෙන්න හොඳ මිත්‍රයෝ. එක්සත්ව තමයි 1848 කැරැල්ල මෙහෙයෙව්වේ. ඔබ දෙන්නත් එහෙමද? (නදී)

:       0       0

ධනුෂ්ක Wednesday, 24 July 2013 11:52 AM

ඔව් සෞදියට එන්න, ඒත් කම්කරු රැකියාවල් වලට නම් එන්න එපා. හරි කොම්පැනි එකකට ස්ටාෆ් ජොබ් එකකට ඇවිත් බලන්න සෞදිය කොහොමද කියලා.(නදී)

:       0       0

රොහාන් Tuesday, 23 July 2013 06:45 PM

රස්නේ වැඩි නිසා සමහරු රාත්‍රියට වැඩ කරනවා (නි)

:       0       0

රොහාන් Tuesday, 23 July 2013 06:46 PM

මේ කාලේ කොහොමත් රාමදාන් නිසා අපි පැය 6යි වැඩ කරන්නේ (නි)

:       0       0

අර්ෂා Wednesday, 24 July 2013 08:14 AM

වීර, ඔයා හැමවෙලාවෙම රණ්ඩුවටමයිනේ එන්නේ (නි)

:       0       0

සුදීර-සෞදි Wednesday, 24 July 2013 08:27 AM

වීර, හොද දේට හොදයි කියන්න. නරක දේට නරකයි කියන්න. කුහකකම අත්හරින්න. සෞදියට වරක් ඇවිත් බලන්න. (නි)

:       0       0

වාසනා Wednesday, 24 July 2013 08:33 AM

අර සෞදියේ ඉන්න ලංකාවේ කට්ටියක් ගැනත් පහුගිය දවස් වල කතා තිබුණේ. කොහොමද දැන් ඒ පැත්තේ තොරතුරු? (නි)

:       0       0

ප්‍රිය Wednesday, 24 July 2013 08:48 AM

අනේ ලංකාවේ මිනිසුනි, ලංකාවේ ගේක වැඩට ගියත්, පිරිමි කුලී වැඩට ගියත් රට නම් යන්න එපා. උගත් අය කාර්යාල සේවයට ගියට නම් කමක් නැහැ. (නි)

:       0       0

මහේෂා Tuesday, 23 July 2013 08:18 PM

මෙහෙ කොහොමත් රස්නය තියෙනවා එත් ඔය ඕනෑතරම් පාරවල් වල වැඩ කරන්නේ (අ)

:       0       0

මනුක Tuesday, 23 July 2013 09:39 PM

සෞදියටත් දැන් මනුස්සකම ගැන යමක් හිතිලා වගේ, ගෘහ සේවිකාවන්ට හා රියදුරන්ට සතියේ නිවාඩු. මහේෂ්, රස්නේ තියෙන එක ඇත්ත. ඒත් මේ කාලේ රස්නේ වැඩි හින්දා තමා තීරණය අරන් තියෙන්නේ. (නි)

:       0       0

රෙමා Tuesday, 23 July 2013 09:59 PM

අපිත් සෞදි තමා ඉන්නේ. අපි නම් මෙහෙ මේ දවස්වල කන්නේ නැහැ. (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 23 July 2013 11:10 PM

සෞදි වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 60 ඉක්මවා යනවා සමහර වෙලාවට (නි)

:       0       0

වීර Tuesday, 23 July 2013 04:23 PM

අනේ මහලොකු මානව හිතවාදී රට. (දී)

:       0       0

සෝම Tuesday, 23 July 2013 11:22 PM

රෙමා, ඔහේ බඩගින්නෙ හිටියට අපි නම් එහෙම නැහැ (නි)

:       0       0

මොහමඩ් Tuesday, 23 July 2013 11:24 PM

මේ නීතිය යූ.ඒ.වී. වලින් තමයි මුලින්ම ගෙනාවේ. හොද ආදර්ශවත් නීතියක්. (නි)

:       0       0

සංඛ Wednesday, 24 July 2013 10:59 AM

පිස්සු වැඩ.(නදී)

:       0       0

ටබුක් සිල්වා Tuesday, 23 July 2013 11:33 PM

ඔයගොලන්ට (අදහස් දාන අයට) නම් මොකද ඉතින් (නි)

:       0       0

පුරන් Tuesday, 23 July 2013 04:37 PM

වීරේ, එතකොට ලංකාව මානව හිතවාදීද? (නදී)

:       0       0

සලනි-ඩුබායි Tuesday, 23 July 2013 04:45 PM

නීතිය හරියටම වෙනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 553 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 277 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1627 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 423 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2521 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site