සෞදි අරාබියේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සියළුම ගොඩනැගිලි ඉදිකිරීම් නඩත්තු කිරීම් ඇතුලු එළි මහනේ පිහිටි ව්‍යාපෘති වල සේවය කරන සේවකයින් සදහා දහවල් සිට සවස 3 දක්වා කාලය තුල සේවයේ නොයොදවන ලෙස සෞදි කම්කරු අමාත්‍යංශය සියළුම ආයතනවලට නියෝ කැර ඇත.
අගෝස්තු 30 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි කම්කරු අමාත්‍යංශය මගින් ගෙන ඇති මෙම තීරණය මානුෂිය හිතවාදීව ගත් තීරණයක් බව සෞදි කම්කරු අමාත්‍යංශය ඇරැබි නිව්ස් වෙබ් අඩවිය සදහන් කරයි.
දැනටමත් මෙම නීති උල්ලංඝණය කරමින් එම කාල සීමාවේ අධික රස්නය මැද කම්කරුවන් සේවයේ යෙදවු නැගෙනහිර පළාතේ ආයතන නවයකින් දඩ මුදල් අයකැරගෙන ඇති අතර එම දඩ මුදල් සෞදි රියාල් 3000 -1000 (රුපියල් 105231.58-35077.19) දක්වා වන අතර නැවත නැවතත් එම ආයතන විසින් සේවකයින් එම කාර්යාලයයේ සේවයේ යොදවන්නේ නම් තාවකාලිකව එම ආයතන වසා දමයි. මේ සදහා සෞදි කම්කරු අමාත්‍යංශය විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක්ද යොදවා ඇත.
දැනට සෞදි අරාබියේ බොහෝ ප්‍රදේශයන් හි උෂ්නත්වය සෙල්සියස් අංශක 38 සිට 45 දක්වා පමණ බවත් මේ අධික හිරු රශ්මිය ශරිර සෞක්‍යට හානි විය හැකි බැවින් මෙම තීරණය ගත් බව ද සදහන්ය.
කම්කරු අමාත්‍යංශය සදහන් කරනුයේ මෙම නිතීයට අදාල නිවේදනයේ පිටපත් සෞදියේ ප්‍රධාන නගරවල පිහිටි ආයතන ලියාපදිංචි කිරීමේ ස්ථාන වලින් ලබා ගත හැකි බවයි.
කෙසේ වුවද සෞදි අරාබියේ පිහිටි විවිධ ව්‍යාපෘති 24000 ක් පමණ මේ වන විටත් එම නීතීයට ගරු කරමින් තම සේවා කාලය වෙනස් කරමින් ඇති බවද සදහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදියටත් දැන් මනුස්සකම ගැන යමක් හිතිලා වගේ, ගෘහ සේවිකාවන්ට හා රියදුරන්ට සතියේ නිවාඩු. මහේෂ්, රස්නේ තියෙන එක ඇත්ත. ඒත් මේ කාලේ රස්නේ වැඩි හින්දා තමා තීරණය අරන් තියෙන්නේ. (නි)
ඔව් සෞදියට එන්න, ඒත් කම්කරු රැකියාවල් වලට නම් එන්න එපා. හරි කොම්පැනි එකකට ස්ටාෆ් ජොබ් එකකට ඇවිත් බලන්න සෞදිය කොහොමද කියලා.(නදී)
අම්මෝ ඇති යන්තම් (නි)
පිස්සු වැඩ.(නදී)
අනේ ලංකාවේ මිනිසුනි, ලංකාවේ ගේක වැඩට ගියත්, පිරිමි කුලී වැඩට ගියත් රට නම් යන්න එපා. උගත් අය කාර්යාල සේවයට ගියට නම් කමක් නැහැ. (නි)
අර සෞදියේ ඉන්න ලංකාවේ කට්ටියක් ගැනත් පහුගිය දවස් වල කතා තිබුණේ. කොහොමද දැන් ඒ පැත්තේ තොරතුරු? (නි)
වීර, හොද දේට හොදයි කියන්න. නරක දේට නරකයි කියන්න. කුහකකම අත්හරින්න. සෞදියට වරක් ඇවිත් බලන්න. (නි)
වීර, ඔයා හැමවෙලාවෙම රණ්ඩුවටමයිනේ එන්නේ (නි)
බණ්ඩා, තරහවෙන්න එපා. ඔබේ ප්‍රශ්නයට මට හිනා ගිය නිසා මේක ලියන්නේ. ඔබ අහනවා "ඇ අප්ප දැන් පුරන් කියල තවත් අය ඉන්නවද" කියල. එතකොට (ගොන්ගාලේගොඩ) බණ්ඩා කියලත් තවත් අය ඉන්නවද? හැබැයි ඒ දෙන්න හොඳ මිත්‍රයෝ. එක්සත්ව තමයි 1848 කැරැල්ල මෙහෙයෙව්වේ. ඔබ දෙන්නත් එහෙමද? (නදී)
ඔයගොලන්ට (අදහස් දාන අයට) නම් මොකද ඉතින් (නි)
මේ නීතිය යූ.ඒ.වී. වලින් තමයි මුලින්ම ගෙනාවේ. හොද ආදර්ශවත් නීතියක්. (නි)
රෙමා, ඔහේ බඩගින්නෙ හිටියට අපි නම් එහෙම නැහැ (නි)
සෞදි වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 60 ඉක්මවා යනවා සමහර වෙලාවට (නි)
අපිත් සෞදි තමා ඉන්නේ. අපි නම් මෙහෙ මේ දවස්වල කන්නේ නැහැ. (නි)
අනේ මහලොකු මානව හිතවාදී රට. (දී)
මෙහෙ කොහොමත් රස්නය තියෙනවා එත් ඔය ඕනෑතරම් පාරවල් වල වැඩ කරන්නේ (අ)
මේ කාලේ කොහොමත් රාමදාන් නිසා අපි පැය 6යි වැඩ කරන්නේ (නි)
රස්නේ වැඩි නිසා සමහරු රාත්‍රියට වැඩ කරනවා (නි)
රාමදාන් මාසය කියන්නේ උෂ්ණත්වය වැඩිවෙන කාලය.ඔහොම දීපු එකත් ලොකු දෙයක්.හොඳ තීරණයක්. (නි)
මේක රාමදාන් උපවාස කාලය. ඒත් අධික රස්නය නිසා වතුරවත් නොබී වැඩ කරන්න හරිම අමාරුයි. (නි)
උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට 52 වෙන වෙලාවලුත් තියෙනවා. මෙහෙ ඉන්න අපි තමා දන්නේ (නි)
ලංකාවෙත් නීතියක් තියෙනවා . ඒත් දුකයි. ඉතින් මොකද කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට ඕවට වඩා හිතන්ඩ දේවල් තියෙන හින්දා ගානක් නැහැ. ආසියාවේ ආශ්චර්යය තමා ! (නි)
ඔය නීතිය මුළු ගල්ෆ් රටටම ක්‍රියාත්මක කරන්න (නි)
ඇ අප්ප දැන් පුරන් කියල තවත් අය ඉන්නවද? (අ)
මම වැඩ කරන්නේ කලාපයේ. එහි සියලුම නීති මානව හිතවාදියි (නි)
නීතිය හරියටම වෙනවා නම් ලොකු දෙයක් (නි)
වීරේ, එතකොට ලංකාව මානව හිතවාදීද? (නදී)