IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රුසියා හිටපු තානාපතිගේ ලේකම්ගේ සිරුර ගොඩගනී

යුක්රේන කැරලිකරුවනට අවි සැපයීයැයි චෝදනාවට ලක්වී දැනට අතුරුදන්වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භාෂා පරිවර්තක හා පෞද්ගලික ලේකම් වූ රණවීර කළුආරච්චිගේ නොයෙල් රණවීරගේ (36) සිරුර නිට්ටඹුව වැලිකඩමුල්ලේ සොහොන් බිමෙන් මාස 9 කට පසු ගොඩගැනීමට යයි.

අත්තනගල්ල මහේස්ත්‍රාත් එම්.වයි.එම්.ඉර්ෂඩීන් මහතාගේ නියෝගයකින් සිරුර ගොඩගැනේ. තම පුතාගේ මරණය අභිරහසක් බව රණවීරගේ මව ජොසපින් නෝනා අධිකරණයට කියා සිටීමෙන් පසුව සිරුර ගොඩගැනීමට නියෝග කෙරිණි.

රණවීර දකුණු රුසියාවේදී 2014.6.11 වැනි දින රාත්‍රියේ රිය අනතුරකින් මිය ගිය බව තානාපති උදයංග වීරතුංග පවුලේ අයට කියා ඇත. 2014.6.15 වැනිදා ගුවන් මගින් සිරුර කොළඹට ගෙන අවුත් මල් ශාලාවට රැගෙන ගිය බවත් එහිදී බෙල්ලේ ලොකු තැල්මක් දුටු බවත් නෑයෝ කියති. එහෙත් එම සිද්ධිය ගැන සැක පහළ කළ නෑයනට වීරතුංග පවසා ඇත්තේ රුසියාවේදී සියලුම පරීක්ෂණ කර ඇති නිසා ශ්‍රී ලංකාවේදී අලුතින් පරීක්ෂණ අවශ්‍ය නැති බවයි. එදින සිට 18 වැනිදා දක්වා සිරුර භූමදාන කරනතුරු වීරතුංග සහ ඔහුගේ කණ්ඩායම නිවසේම රැඳී සිටි බවත් කියති.

තම පුතාගේ මරණයට හේතුව පැවති රජයෙන් දැනගත නොහැකිවූ නිසා පසුගිය මාර්තු 22 වැනිදා අත්තනගල්ල පොලිසියට පැමිණිලි කළ බව ජොසපින් නෝනා කියන්නීය.

නොයෙල් රණවීර මුලින්ම රුසියාවට ගියේ 2002 ජූලි 21 වැනිදා බවත් ඔහු එහි ක්ලබ් ලංකා යුක්රේන අවන්හලේ සේවය කළ බවත් කියති. ඉන්පසු ඔහු තානාපති කාර්යාලයේ සේවය කළේය. රිය අනතුරකින් පපුවට සිදුවූ තුවාලවලින් මරණය සිදුවී ඇතැයි මරණ සහතිකයේ දැක්වේ.

මෙම මරණය සම්බන්ධයෙන් ඒ දිනවල පැවති සැකය ගැන උදයංග වීරතුංග මහතාගෙන් නිට්ටඹුව මරණකරුගේ නිවසේදී ඇසූ ප්‍රශ්නවලින් ඔහු මගහැර ගියේය.

ඔහුගේ කෙටි පිළිතුර වූයේ සියලුම පරීක්ෂණ රුසියාවේදී නිසි ආකාරයෙන් සිදුවී ඇති බවයි.

noyel01 noyel02_thumb_medium640_ noyel03

ඡායාරූප - ලංකා ට්රුත් වෙබ් අඩවිය අනුග්‍රහයෙනි

udayanga-weeratunga

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා



අදහස් (0)

රුසියා හිටපු තානාපතිගේ ලේකම්ගේ සිරුර ගොඩගනී

ටෙරන්ස් Friday, 03 April 2015 06:21 PM

මට හිතෙන්නේ මොකක්හරි රහසක් හංගනවා මේ මරණය සම්බන්ධයෙන්. (නි)

:       0       0

මොහාන් Thursday, 02 April 2015 06:20 AM

පහුගිය ආණ්ඩුව කාලේ මොන තරම් මේ වගේ පවුල් අසරණ වෙලා ඉන්න ඇතිද, නීතිය ක්‍රියාත්මක කර ගන්න බැරුව. (ම)

:       0       0

ඉන්දික සංජිව Thursday, 02 April 2015 07:30 AM

මට මගේ හොඳ යාලුවෙක් නැතිවුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 797 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1652 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1072 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 447 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 272 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site