ශ්‍රි ලංකාව හා චීනය අතර මිතුදම 1952 වසර දක්වා පැරණිය. එම වසරේ දී රබර් සහල් ගිවිසුම් මගින් දෙරට අතර මිත්‍රත්වය ඇතිවිය. 2008 සිට චිනය සමඟ අපනයන ගනුදෙනු කරන ආසියාවේ රටවල් 8 ක් අතුරින් ශ්‍රී ලංකාව ද සිටියි.
දෙරට අතර ආනයන හා අපනයන කටයුතු තවත් පුළුල් කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන හා ෂි ජිං පිංග් ජනපතිවරු ඉන්දියාවේ ගෝවේ නගරයේ දී සාකච්ජා කළහ.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපති රුසියා ජනපති ව්ලැඩ්මියර් පුටීන් මහතා ද හමු විය.
එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් කොමිසමේ දී රුසියාව ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව දැක්වු සහය මහත් සේ පැසසුමට ලක් කළ සිරිසේන මහතා දෙරට අතර මිත්‍රශීලි සබඳතා වර්ධනය කිරිමට කටයුතු කරන බව කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ රුසියාව තමයි අපේ හොඳම මිතුරෝ (හේ)
අන්තිමට ඔච්චර තම ඉතුරු වෙන්නේ.... (ම)
ඇයි බටහිර ගැන කතා නැද්ද? (නි)
පොඩ්ඩක් ඉන්න. හොරුන් ආරක්ෂා කරන්න මෙහෙ කතාකරලා එහෙ ගිහින් යාතිකා කරනවද? (නි)
අපි අපිට ඇත්තටම හිතවත් කවුද කියලා කලින් දැනගන්න ඕනෑ (නි)
චීනෙයි රුසියාවයි නැත්නම් අද මේ රට බෙදිලා (නි)
කොහොමත් චීනය සහ රුසියාව තමයි කවදත් අපේ පිහිටට හිටියේ. ඇමෙරිකාවයි බටහිර යුරෝපයයි කළේ කෙනෙහිළිකම්. (නි)
ඇමෙරිකන් යාළුවන් ණය හැරෙන්න දුන්නේ මොනවාද? (නි)
ලොක බලවතුන්ගේ සහාය අපිට ඇති.(හේ)
රුසියාවයි චීනයයි කෙළෙහිගුණ නොදන්නා ජාතියකට මේ උදව් කරන්න ලැහැස්තිවෙන්නේ. (නි)
ඇයි ඇමෙරිකාවෙන් මොකුත් නැද්ද? (නි)
යහපාලකයෝ කයිවාරු ගැහුවේ බටහිර යාළුවෝ ගැන නේද? (නි)
අනේ අපේ ඇමෙරිකාව එංගලන්තේ එහෙම උදව් කරන්නේ නැද්ද? (නි)
පුටින් වැනි කොන්ද කෙළින්, නිර්භීත, අතිදක්ෂ නායකයෙක් දිහා බලලාවත් හැදෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්. (නි)
මානව හිමිකම් කොමිසමේදී අපිට උදවුවට ඇවිල්ලා නිකන් නාගත්තා චීනය සහ රුසියාව. එයාලා කොන්දේසි විරහිතව අපේ සහයට හිටිද්දීත්, අපි වෙනුවෙන් නිශේධ බලය පාවිච්චි කරන්න ලැහැස්තිවී සිටියදීත් අපේ අලුත් ආණ්ඩුව අපිට විරුද්ධව යෝජනා වලට සහයෝගය දුන්නනේ, ඇමෙරිකාව එක්ක එකතු වෙලා අපිට විරුද්ධ චෝදනා පත්‍රය අපිම ඉදිරිපත් කරලා. අනේ මන්දා, ඒක පත්තරෙන්වත් දැකලා නැද්ද අදාළ අය? (නි)
චීනය සහ රුසියාව තමයි කවදත් අපිට හිතවත්ව හිටියේ. ඒක අමතක කරලා එයාලට පයින් ගහලා බටහිර රටවල් පස්සේ වැඳගෙන ගියාට අපිට ලැබිලා තියන දෙයක් නැහැ, තව තවත් ප්‍රශ්න සහ එයාලගේ බලපෑම් ඇරෙන්න. දැන්වත් ඒක තේරිලා නම් ලොකු දෙයක්! (නි)
කොහොමද ලොක්ක මුල දී චීනෙට බැනපු බැනිල්ල.(අ)
රුසියානු අාධාර හැටියට ඔරුවල වානේ සංස්ථාව පුගොඩ හා තුල්හිරිය රෙදි කම්හල්, කෘෂි කර්මාන්තය සඳහා සහන මිලට ට්‍රැක්ටර් ලබා දුන්නා (අ)
ඇයි අලුත් ඇමෙරිකන් යාළුවන් දන්නේ මොනවාද (අ)
රටේ ආර්ථිකය නැංවීම සදහා එම රටවල් වල උපරිම දායකත්වය ලබාගැනීමට හොඳම අවස්ථාව. (නි)