එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ ඇබර්ණන්ට් ප්‍රථමික පාසලේ රුසිරු තරාණ කොඩිතුවක්කු විසින් රචිත " මගේ විශ්වය" නම් වූ කෘතිය එංගලන්තයේ ප්‍රධාන පොත් සමාගමක් විසින් මුද්‍රණය කොට බෙදා හැර තිබේ.
එකොළොස් හැවිරිදි රුසිරුගේ කුළුඳුල් කෘතිය දොරට වැඩීමේ උත්සවයක් එම පාසලේදී සංවිධානය කර තිබුණි. එම උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූ වේල්ස් ප්‍රාන්තයේ සුප්‍රකට ලේකඛයෙකු හා කවියකු වන මයික් ජෙන්කින්ග්ස් රුසුරුගේ රචනා විලාශයට තමන් ඇලුම් කරන බවත් කවියෙකු, නිබන්ධකයෙකු හා චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහුට බොහෝ දුර ගමනක් යාමට හැකියාවක් තම මුල් කෘතියෙන් පෙන්නුම කර ඇති බවත් පැවසුවේය.
රුසිරු චිත්‍ර ඇඳීම ආරම්භ කළේ යාන්තමින් පැන්සලක් ඇල්ලීමට හැකියාව ඇතිවූ දවසේ පටන් බවත් මුල්ම කවිය ලිවේ වයස අවුරුදු 6 දී බවත් ඔහුගේ මව මදාරා සරසි කොඩිතුවක්කු පැවසුවාය.
කුඩා කලසිටම විශ්වයේ ඇති චමත්කාරය පිළිබඳව ඔහු ඇල්මක් දැක්වු බව පවසන රුසිරු ලද හැම අවස්ථාවකම ඒ පිළිබඳ තොරතුරු අඩංගු ලිපු ලේඛන හා පොත පත කියවීමට ආශා කළ බව ද ඕ කීවාය.
1969 ජුලි 21 නීල් ආම්ස්ට්‍රෝන් සමඟ ඇපොලෝ 11 අජටාකාශ යානයෙන් සඳ මතට ගමන්කළ එඩ්වින් ඔල්ඩ්රින් ලන්ඩන් නුවර සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මුණ ගැසීමට අවස්තාවක් ලැබීම තමාගේ එක සිහිනයක් සැබෑ වීමක් බව රුසිරු කියයි.
ඔහුගේ චිත්‍ර, කවි සහ කෙටි කතා කිහිපයක්ම මිට පෙර පුවත්පත් සහ සඟරා වල පලවී ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් (දිල්)
පුතේ, ඔබ වගේ අය උපන් දේශය ජයෙන් උදාරයි.සුබ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම් රුසිරු! (නි)
රුසිරු,ලකසුරු ගෙන ආ විසිතුරු... අපමණ අගයේ ලොව නන් දෙස අමයුරු ... වාසනාවන් ! (නි)
සුභ පැතුම් පුතා.! ලංකාවෙන් ඈත සිටි නිසා ඔබේ දක්ෂකමට සුදුසු තැන ලැබුනා. (නි)
ආඩම්බරයි.... (නි)
ජත්‍යන්තරව කීර්තියට පත් වීමට තවදුරටත් හැකියාව හා ශක්තිය ලැබේවා. උණුසුම් සුභ පැතුම්. (ම)
ජය වේවා ! සුභ පැතුම් (දිල්)
සුභ අනාගතයක් වේවා!(දිල්)
වයසේ හැටියට නොවේ වැඩ ඉතාමත්ම සතුටුයි ඔබ ගැන සුභ පැතුම් (දිල්)
මුළු ජාතියටම වාසනාවක් පුතේ ඔයා . ඔයාට ජය(දිල්)
පුතාට සුබ පැතුම්. මේවට වැඩිය ප්‍රසිද්ධිය දෙන්න එපා දරුවට තව දුර ගමනක් යන්න තියෙන නිසා. ඒක දෙමව්පියන්ගේ වගකීම. (බ)
ආතර් සී.කාලර්ක් ලියු පොත පත නිසා අපේ රටට නිසා ශ්‍රීලංකාවට මහත් කිර්තිය ලැබුනා. අජටාකාශය පිලිබඳ සිරිල් පොන්නම්පෙරුම වගේ විද්වතුන් නිසා අපේ කුඩා දිවයින පිලිබඳ බොහෝ දෙනෙකුගේ ඇස යොමු වුනා.පුතා ඔයා කුඩා කලේ ඉඳල එක අරමුණකින් කරන ඔය වැඩ පිළිබඳව ඇසුවාම අපට හරිම ආඩම්බරයක් දැනෙනවා.මගේ සුබපැතුම් ඔබට විතරක් නොවෙයි ඔබේ දෙමව්පියන්ටත් මෙයින් පුදකරනවා. (ස)
රුසිරු පුත්, ඔබට දළදා පිහිට ලැබේවා! (නි)