රුහුණ විශ්ව විද්‍යාලයයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නැතිව අද සිට වසා එය සිසුන්ට තහනම් කළාපයක් බවට පත් කර ඇත.
දැයට කිරුළ ප්‍රදර්ශනය වැල්ලමඩම සරසවි ගොඩනැගිලිවල පැවැත්වීමට එරෙහිව සිසුන් දක්වන විරෝධය ඉවත් කළ යුතු යැයි කියමින් නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ සහායෙන් පෙර දින පිරිසක් උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.
එම උද්ඝෝෂණය නිසා ගොඩනැගිලිවල සිර වී සිටි සිසුහු පොලිස් ආරක්ෂාව මැද අද බස්වලින් ඉවතට ගෙන ගම් බිම් බලා යෑමට ඉඩකඩ සැලසූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හිතාගෙන ඇති පරණ දස්කම් විස්කම් මතක් කර කර මිනිස්සු තව අවුරුදු 100 ක් යනකන් කතිරේ ගහවි කියලා . (නදී)
මේක තමයි මෙයාලට තියන එකම උත්තරේ.... කැම්පස් වහල ගෙදර ඉන්න අමාරුව මම හොදට දන්නවා අත්දැකලා තියනවා ......(නදී)
මදැයි කරගත්ත දේ? (නි)
සිසුන්ට විතරද තහනම්? (නි)
මේකනේ ඉතින් බහුතරයකට කරගන්න ඕනෑ වුණේ (නි)
මම නම් කියන්නේ දෙපාර්ශවයම වැරදියි (නි)
දැන් ඉතින් කොහොමත් අධ්‍යාපන කටයුතු අඩාලයිනේ.... (නි)
මැරයෝ ආවේ නැහැ ගමේ මිනිස්සු ආවේ.(නදී)
මොලේ තියෙන කොල්ලෝ ටිකක් ඔතන ඉන්නේ. දැයට කිරුල ඕන නෑ පාරවල් ටික හදන්නවත් අනෙක් සංවර්දන කටයුතු කරන්න වත් දැයට කිරුලම අවශ්‍ය නැහැනේ. හැබැයි එකක් නම් වෙනවා ළිං වල තියෙන වතුර ටික හිදෙනවා. බස් ප්‍රශ්න විසඳවා වගේ විසදාවි නේද? (නදී)
සරසවි කොල්ලන්ට ගහල පන්නල දාල සන්දර්සන තියන සහ බලන්න එන අයට කියත හැකියි "මම රුහුණු විශ්වවිද්‍යාලයට ගිහින් තියෙන්න" කියලා. නැතිනම් මිනිස්සු කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නැහැ කියලනේ. (නදී)
අපොයි ප්‍රශ්නයක් නැහැ. වැහුවේ අපේ සාමාන්‍ය දරුවන් යන විශ්ව විද්‍යාලයක්නේ. බලවතුන්ගේ දරුවන් ඉගෙනගන්න පිටරට විශ්ව විද්‍යාල නෙමෙයිනේ. (නි)
දැන් ඉතින් කොහොමත් සිසුන්ට ඉගෙනගන්න වෙන්නෙ නැහැනේ.... (නි)
රට වටේම තියෙන විශ්ව විද්‍යාල ළඟ උද්ඝෝෂණ කරලා ඔක්කොම වහලා දැම්මත් අපි නම් ඔන්න මුකුත්ම කියන්නෙ නැහැ (නි)
කැම්පස් ළමයි දැනගන්න ඕන ඔවුන් රටට බරක් නැතිව ඉන්න. මෙකද ලංකාවේ කැම්පස් ළමයි විද්‍යාර්තයින් නිසා. ඔවුන් ඉගන ගන්නේ දනට අවුරුදු 100 කට විතර ඇත අතිතයේ සිදුවිම්. (නදී)
අපේ සමහරුන් ළඟ ස්ථිර ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ (නි)
ඔන්න හපන් කම් (නදී)
අභය, දැයට කිරුල වගේ රටේ සල්ලි කාබාසිනියා වෙන සැණකෙළියකින් ගම හැදෙන්නේ නෑ. සමහර අයට බැබලෙන්න නම් ඔය වගේ වැඩ හොඳයි. නමුත් උගත් සරසවි සිසුන්ට ඕක තේරෙනවා. එනිසා තමයි විරුද්ද වෙන්නේ. සරසවි සිසුන් උද්ගෝෂණ කරන්නේත් තමන්ට අයිතිවාසිකම් කියල දෙයක් තියන බව දන්නා නිසා. නූගත් මිනිස්සු දන්නේ පාලකයා කියන හැම බොරුවම විශ්වාස කරලා එයාලට ඕන නාඩගම් නටන්න ඉඩ දෙන්න විතරයි. සරසවි වල පාඨමාලා යල් පැනලා. මේකට වග කියන්න ඕනා බලදාරින් මිසක් සිසුන් නෙමේයි. අද මේ රටේ කොන්දක් තියෙන්නේ සරසවි සිසුන්ට විතරයි. (නදී)
සමාජය ගැන දැනීමක් නැතුව සමහරුන් මවන ලෝකය තමයි ලෝකය, ඊට වඩා දෙයක් ලෝකයේ නැහැ කියලා හිතන ඔය සරසවි සිසු පරපුරේ මොළ ගොඩක් පහසුවෙන් හෝදලා ඕනෑ විදියට පදම් කර ගන්නවා.හැබැයි හැම පදමක්ම ඕක ඇතුළේදී විතරයි.එළියට ආවට පස්සේ කවුරුත් නැහැ. (නි)
මදැයි කරගත්ත දේ? දැන් ඉතින් හොඳ ඇතිනේ.... නේද? (නි)
සනත් ජයසුරිය කොහමද දන්නේ විශ්වවිද්‍යාල වැඩ ගැන. ඇයි එයාට මේක බාර දුන්නේ. (ස)
රටේ ළමුන්ගේ අධ්‍යාපනය දියුණු කරන්නේ මෙහෙමද? (නදී)
දැන් වැඩේ හරිනේ. ඕකනේ කරගන්න ඕන උනේ. (ස)
සනත් ජයසූරිය යනු ක්‍රිකට් ලොවේ දිදුලන නාමයකි. ඔව්හු ගැන අප හදවත්තුළ ඇත්තේ ගෞරවාන්විත ආදරයකි. නමුත් මෙම සිදුවීමේදී අප හදවත්තුළ නැගෙන්නේ බලවත් අප්‍රසාදයකි. (නදී)
ශලනි,ඔබ කියන දේ ලංකාවේ අපේ කට්ටියට තේරෙයිද දන්නෙ නැහැ (නි)
විශ්වවිද්‍යාල කාටවත් සන්දර්ශන පවත්වන්න තියෙන නාඩගම් පිටියක් කියල හිතන් ඉන්නවනම් ඒක මහ විහිලුවක්, තම තමන්ගෙ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වලට හරි එහෙමත් නැතිනම් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න සමහර උදවියට නම් ගොඩක් රිදෙනව ඇති. එත් මාස 2 - 3ක් විශ්වවිද්‍යාල වහනව කියන එකෙන් වෙන බලපෑම විශ්වවිද්‍යාල පරිසරයට සිදුවෙන විනාශය පිලිබදව පටු අදහස් තියෙන දේශපාලකයන්ට සහ එයාලගෙ සහචරයන්ට කෙසේනම් දැනේද? නිරායුධ සිසුන්ට පහරදෙන මැරවරයන් සහ දේශපාලකයන් නීතිය හා සාමය සුරැකීමට දිවුරා ප්‍රතිඥා දුන් පොලිස් නිලධාරින් ඉදිරියේම කලියුගයේ වීරවරයන් බවට පත්වීමම කෙතරම් භාග්‍ය සම්පන්න නොවේද? (ස)
අපේ රට වනසනවා (නදී)
පාලකයන්ගේ සැලසුමක් නැති තීරණ නිසා අන්තිමට බැට කන්නේ අහිංසක ළමයි. මේකටද ආශ්චර්‍ය කියන්නේ. (නදී)
දේශපාලන මැරයන්ගේ උවමනාවන්ට අනුව රටේ සියලුම ක්‍රියාදාමයන් සකස් වෙමින් පවතී. සරසවි මැරයන්ට බාරදී ,සිසුන්ට නිවෙස්වල නිකරුනේ කාලය ගත කිරීමට සිදු වී ඇත. මෙය රටේ අවාසනාවකි. අභාග්‍යකි. (නදී)
මැරයෝ ටිකක් ගේනවා, දේශපාලකයොත් එතන හිටිය, පොලිසිය අහක බලාගෙන හිටිය, පහර දුන්නා. අද සරසවිය වහල දැම්මා. කවුද මේවා කලේ, මොනවද උනේ? සාමාන්‍ය උගත් මහජනතාව බලාගෙන ඉන්නවා. (ස)
මහජන මුදලින් දේශපාලකයන් පිස්සු නැටීම නැවත් විය යුතුය. (ස)
බුද්ධිමත් ළමයි කල්පනාවෙන් වැඩකරන්න.(නදී)
ආස්චර්යක තරම කියන්න වචන නැහැ.(නදී)
අනේ සනත්ටත් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න අවස්ථාවක් ලබලා දෙන්න. එතකොට තේරෙයි තත්වේ (නදී)
කිරුල පලන්දලා ගානක් හම්බු කොරන්න හිටියේ. එ්කත් ඉවරයි.(නදී)
තොත්ත බබාලගේ වැඩ හින්දා අන්තිමට අසරණ වෙන්නේ අහිංසක ළමයි. (නදී)
මෙන්න නියම ආශ්චර්ය සිසුන්ට සරසවිය තහනම් . මැරයින්ට ඇතුලේ පන්ති එහෙමද (නදී)
ඔළුවක් නැති අයගේ වැඩ හින්දා ඔළුවක් තියන අය ගෙදර.රට විනාශ කරන්නේ මේ වගේ ඇමතිලා තමයි. මේ වගේ අයට ජන්දේ දෙන අයට ඉස්සෙල්ලම ගහන්න ඕන. (ස)
රටකට ගිය කල! දැන්වත් අපේ ඡන්දදායකයෝ බුද්ධිමත් වුණොත් හොඳයි (නි)
නියම ආශ්චර්යය. සරසවි වහලා තමයි ඕවා කරන්න ඕනෑ. (නි)
කමක් නෑ යුද්දෙ ඉවර කලානේ. කැම්පස් ඔක්කොම වහල දාන්න අනේ. (නදී)
විශ්ව විද්‍යාල භුමිය නාට්‍ය, සංගීත සන්ධ්යාවන්, වැනි සිත නිවන ක්‍රියාවන්, වාද විවාද, දේශනා වැනි මොලේ පෑදෙන සහ අධ්‍යාපනික දැනුම වර්ධනය කරන ක්‍රියාවන් වගේම, මොලේ කචල් වෙන උද්ගෝෂණ, සත්‍යග්‍රහ, ගුටි කෙලි, මැරවරකම්, ක්‍රෝධය, වයිරය වපුරන තැනක් බවට පත්වීම ගැන අපි වැඩිහිටියන් හැටියට බොහොම කණගාටු වෙනවා. මේවට හොඳ විසඳුමක් හොයන්ට කාටවත් උවමනාවක් නැහැ. දෙමවුපියන්ගේ මිල මුදල් සහ දරුවන්ගේ වටිනා කාලය සහ ජිවිත නාස්තිවෙනවා. ඔක්කොමල දිනුම්. අන්තිමට එකක් පරාදයි එය තමයි විශ්ව විද්‍යාලයකින් සමාජ ගත කරන්ට හදන පරමාදර්ශී පුද්ගලයා. (නදී)
අපිට අපි ගැනම දුකයි. ඔක්කොම එකතුවෙලා මේ ලස්සන රට කාබාසීනිය කරනවා.(නදී)
හරි අධ්‍යාපනයක් නැති අය නිසා අධ්‍යාපනයක් තියන අයටත් නිදහසේ ඉගෙන ගන්න බෑ (නදී)
මාස ගණන් පාසල් වසා දමමින් කරන්නාවූ සැණකෙළි ගැන මව්පියන්, කිසිවක් කර කියා ගත නොහැකිව සිටියත්, විශ්ව විද්‍යාල සිසුන්ට මේ ගැන නිහඬව සිටිය නොහැක. තවද මේ සැණකෙළි අවසානයේ විශ්ව විද්‍යාලයට හෝ මේ සැණකෙළි මේ දක්වා පැවැත්වූ පාසල් වලට ද ඉතිරි වූ දෙයක් නැත. මේවා නැවතැවිය යුතු කාලය එළඹ ඇත.(නදී)
මේ ප්‍රදර්ශන මුවාවෙන් මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගහනවා. ඒක නිසා මේ වගේ අනවශ්‍ය දේවල් නැවැත්විය යුතු බවයි මගේ පුද්ගලික අදහස.(නදී)
මේකනේ ඉතින් සමහරු බලාපොරොත්තු වුණේ (නි)
දැන් මේ ආණ්ඩුවේ අය තමන්ට ඕනේ විදියට නටනවා. (ස)
විශ්ව විද්‍යාලෙ ඉවර උනාම ළමයි ලංකාවේ හැම තැනම් යනවා.නමුත් දැයට කිරුළ නිසා වෙන සංවර්ධනය එය පළාතේ මිනිස්සුන්ටනේ. එ් නිසා මිනිස්සු විරුද්ධ වෙන එක හරි. ඉගන ගන්න ළමයින්ට තියෙන්නේ ඉගන ගෙන එ්කෙන් එලියට යන එක නේද ?(ස)
ඉතාම ලෙහෙසි විසඳුම. කලබල කලේ මැරයෝ සහ දේශපාලකයෝ. අන්තිමට වහන්නේ විශ්විද්‍යාලය. පුදුම තීරණ. (ස)
මේ පව් කවදා හරි ගෙවන්න වෙනවා. (ස)
ඊයේ වෙච්ච දේ ඇත්තටම වැරදියි. පොලිසියේ අය ඊයේ බය ගුල්ලෝ වගේ බලන් හිටියා මිසක් මුකුත් කලේ නෑ. අනික රන්ජිත් සියඹලාපිටිය කියද්දීත් දැයට කිරුළ රුහුණේ තියන්නේ නැත්තේ පාර වහන්න බැරි නිසා කියලත් මේ නූගත් මිනිස්සුන්ටයි අනිත් අයටයි එ්ක තේරුම් ගන්න තරම් මොළයක් නෑ. මෙයාලට ආයෙත් චන්දෙ දෙන්න හොඳ නෑ. ළමයින්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනන්න එපා. (ස)