මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට තමා සුදුසු බවත් පක්ෂ විසින් එම තනතුර දැරීමට ඉල්ලීමක් කළහොත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධරයෙන් ඉවත් වී එම ඇමැති ධුරය භාර ගැනීමට සුදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා එසැණ කළ විමසීමකදී පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහ ඇමැති ධුරය සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ සුදුසු දේශපාලනඥයින් සිටියද තමා අත්දැකීම් රාශියක් ඇති අයකු ලෙස ඒ තනතුරට සුදුසු බවත් මෙවර පළාත් සභා මැතිවරණය එක්සත් ජනතා නිදහස් සංවිධානය ජයග්‍රහණය කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා එපායැයි ජන මතයක් ගොඩ නැගෙමින් තිබියදීත් දේශපාලකයින් මහා ඇමැතිකමට මේ තරම් කැමති ඇයි? (දී)
ඔය චන්දෙට ඉල්ලන ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් ඔය ටිකම කියයි නේද? (දී)
හැමෝගෙම හීනේ ඕක තමා පළාතේ ලොක්ක වෙලා ඉක්මනින් පෝසතෙක් වෙන්නයි.අන්තිමට මලත් මමයි මහා ඇමති කියල ගෙදර යනවා (දී)
මටත් සුදුසුකම් තියෙනවා. මොකද මම කතිර කීයක් ගහල තියෙනවද .... (දී)
අද ඉන්න දේශපාලකයන් බැලුවම කවුද නුසුදුසු මහා ඇමතිකම් වලට. පුළුවන් නම් පෙන්නන්න එක නුසුදුස්සෙක් මේ ලංකාවේ. (ස)
අනුන්ට වඩා තමන් උස්සස්ය යන ඇගිම ඇති කර ගැනීම නම් පුද්ගලයකුට තිබිය ඇහැකි ලොකුම ලෙඩක් තමයි (දී)
මේදේ ඔය කෑ ගහන කට්ටියට දෙන්න එපා . පොඩි පක්ෂයකට චන්ද්දේ දීල පොඩි එකෙක්ට මොන්ටෙරෝ එකක් අරන් දෙමු. (දී)
මම මින්පසු ඡන්දය දෙන්නේ ළමා සහ කාන්තා හිංසනයට එරෙහි කෙනෙකුටයි. අපි ලංකාදීප පත්‍රයේ කොතරම් ළමයින්ට වෙන අපරාධ ගැන කියවනවද. (නි)
ඔය මතුවෙන්නේ කුමන උත්සාහයක මූලික කරුණුද කියලා අපි දන්නවා (නි)
ඊළගට මනාප අරගෙන ඇති කෙනත් පූර්ණ සහය එක පයින්ම දෙයි (නි)
ඇමතිතුමනි, අනේ මන්දා අහන්නත් මොකද්ද වගේ,තරහ ගන්න එපා ඇහුවට, "ජනාදිපති" කම එහෙම කොහොමද?(නදී)
බල ලෝභීකම කොහේ ගෙනියන්නද? (නි)
මේකේ දක්වන ප්‍රතිචාර මැතිවරණ වලදීත් දක්වන්න පුළුවන් නම් අපට හෙටක් තිබේවි. එහෙම නැතිවුණොත් මේ උදවිය සදාකාලේම බලයේ ඉන්න තැනට මීළඟ ඡන්දෙන් පස්සේ වැඩ කරනු ඇත.මෙය තේරුම් අරගෙන සියලු දෙනාම මෙවර පළාත් සභාවලදී විරුද්ධ පක්ෂයක අයෙකුට ඡන්දෙ පමණක් දෙන්න කිසිම මනාපයක් ලකුණු නොකර. අන්න ඒක පමණි මේ වගේ බලයට පොරකන අයට දියයුතු හොඳම පිළිතුර (නි)
නියෝජ්‍ය ඇමතිකමට වඩා ප්‍රධාන ඇමතිකම හොදයි. (නි)
හැම කෙනාම කියන්නේ තමා වැඩ දන්නවා කියල තමයි ඔව් ඔව් වැඩ දන්නවා.එහෙනම් ඔය උප ඇමති කම දාල ඇවිත් මහා ඇමති වෙලා තවත් ටිකක් රටෙන් කන්න ඡන්දෙ ඉල්ලන්න තිබුනනේ.(නදී)