ලබන වසරේ දැයට කිරුළ රුහුණ විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට එරෙහිව සරසවි සිසුන් බදාදාත් (28) අදත් (29) පැවැත්වූ උද්ඝෝෂණයට පිළිතුරු වශයෙන් අද උද්ඝෝෂණයක් ඇරැඹිණි.
ප්‍රදේශවාසීන් පිරිසක් සරසවි දොරටුව අසළ ටයර් පුළුස්සමින් මේ විරෝධයට එක්වූ අතර සිසුහු සරසවිය ඇතුළේ සිට එදෙස බලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස හය හත පන්ති වර්ජනය කරන අයට මාස තුනක් විශ්ව විද්‍යාලය තුළ ප්‍රදර්ශනයක් තියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? (නි)
සුදත් දැන් ඉතිං ඒ කිරුල වෙන තැනක නේද? ඔය හැම දෙයක් පසුපසම දේශපාලන මත තියනවානෙ. අපි කවුරුත් දැන් ප්‍රාර්ථනා කරමු සරසවියට ඉක්මන් අළුත්වැඩියා පිළිවෙලක් සහ සංවර්ධනයක්. කාගෙත් වගකීම තමයි ගම් වැසියො සහ මේ දරුවො සමගි කරවීම. ඒකට මේකට මැදිහත් වුන සියළුදෙනාගේම යුතුකම. (ස)
නිශාන්ත ඔයා කියන විදිහට අවුරුදු ගණන් පරණ ගොඩනැගිලි විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙනවා. ඒත් ඒවා හදන්න දැයට කිරුළක් අවශ්‍ය නැහැ. ඒවා විශ්වවිද්‍යාලයේ බලධාරීන් කරන්න ඕනේ වැඩ. විශ්වවිද්‍යාලයේ බලධාරීන් විශ්වවිද්‍යාලයේ සංවර්ධනයට රජයෙන් එවන සල්ලි විශ්වවිද්‍යාලයේ සංවර්ධනයට පාවිච්කරන්න නැතුව ආපහු හරවල යවනවා. සමහරු කොහොමහරි උපක්‍රමයක් දාල ඒවා තමන්ගේ සාක්කුවට දාගන්නවා. අපි ඒක අතුලෙ ඉන්න හින්දා අපි දන්නවා එයාලගේ වැඩ. විශ්වවිද්‍යාලයේ හැම වැඩක්ම එක දේශපාලන පක්ෂයක වැඩක් හැටියට සලකන්ඩ එපා. ඕක තමයි අපේ මිනිස්සුන්ගේ වැරැද්ද. ආණ්ඩුව ගත්ත තීරණයකට කව්රුහරි විරුද්ධනම් එක විපක්ෂේ වැඩක් කියනවා. බහුතරයක් එක දේශපාලන පක්ෂයකට කඩේ ගියාට විශ්වවිද්‍යාලයේ සමහර කොටස් ඉන්නවා ඔය කියන දේශපාලන පක්ෂවලට කඩේ යන්නැති. එහෙම අයත් මේකට විරුද්ධයි, මොකද මේකෙන් විශ්වවිද්‍යාලයට වෙන හානිය දැකල. නැතුව රටේ සංවර්ධනයට විරුද්ධව නෙමේ. විශ්වවිද්‍යාලයේ බලධාරීන් මේකෙන් විශ්වවිද්‍යාලයට වෙන හානිය දැකල මේකට මුලදී අකමැති වෙලා. මේ කතාකරන කව්රුත් ඒක දන්නේ නැහැ. පස්සේ කැමති වෙලා තියෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ මේක පවත්වල එයාලට ජනාධිපතිගෙන් ලකුණු ටිකක් දාගන්ඩ පුළුවන් හින්ද. දැන් එයාලට විශ්වවිද්‍යාලයට මොනවා උනත් කමක් නැහැ. එයාලගේ ලකුණු ටික වැටෙනවනම්. අනික මේ ප්‍රශ්න හින්ද අන්තිමට ගමේ මිනිස්සු විශ්වවිද්‍යාලයේ ළමයින් එක්ක ප්‍රශ්න දාගන්නවා. එකෙන් අන්තිමට අපහසුතාවයට පත්වෙන්නේ අහිංසක ළමයි. (ස)
සතියක දෙකක ප්‍රදර්ශනයට විශ්වවිද්‍යාලය මාස 3ක් වහල ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන එක හරිද?(අ)
යම් කිසි සංවර්ධනයක් යම් ප්‍රදේශයකට එනවිට ඊට විරුද්ධ වන්නේ ඇයි? සරසවිවල කොහමටත් වැඩි හරියක් ඉන්නේ රජය වට්ටන්න බලගෙන ඉන්න අය නේ. (ස)
රුහුණ සරසවිය අවුරදු 36 පැරණි ගොඩනැගිලි වලින් සමන්විතයි. මුහුද ආසන්නයේ පැවතීම හේතුවෙන් අළුත්වැඩියාවක් අත්‍යාවශ්‍ය වෙලාවක්. දැයට කිරුල රජය කොහේ හරි තැනක පවත්වාවී. ඊට වඩා හොද නැද්ද මේ දේවල් මේ විශ්වව්ද්‍යාලයට ලැබෙනඑක. අනික ළමයින්ගේ ක්‍රියා කාරකම් නිසා මොන තරම් අධ්‍යන කාල අපතේ යවලා තියනවද? මේතන තියෙන්නෙ වෙන ගැටළුවක්.රට බේරගත්ත හමුදාව තමයි මාතර වෙරළ,කොළඹ නගරය අලංකාර කලේ. ඒ තැන් දැන් මිල්ටරීකරනය වෙලාද? මේ ළමයි පසුපස ඉන්න දේශපාලන සංවිධානය යැපෙන්නෙ අහිංසක ද්‍රවිද්‍ර ජනතාව විකුණගෙන හම්බ කරන ඩොලර් වලින්.ඉතිං ඒ අය කැමති නැහැ හමුදාවෙන් ජනතාවට වෙන සේවයට. ළමයින්ට පහසුකම් ලැබෙනවට මේ අය විරුද්ධයි. හේතුව ළමයින්ට ප්‍රශ්න මතු වෙන තරමට තමයි පැවැත්ම.මේ සිසු විරෝධයෙන් වෙන්නෙ මේ ගම් වලට විතරක් නෙවෙයි මෙයාලගෙම සහොදරයන්ට දරුවොන්ට අනාගතයෙ ලැබෙන පහසුකම් නැති කරනවා. දරුවනේ දේශපාලන කුහක අදහස් වලට ගැති වෙලා ඔය ගොල්ලත් විශ්වවිද්‍යාලයට, මාතරට සතුරන් වෙන්න එපා. මේකෙන් ආණ්ඩුවට කව ලකුණු වැටෙන එක විතරයි වෙන්නෙ. (ස)
ලුම්බිණි ඔයා කැමති දේවල් කරන්න මේ රටේ අමාරුයි , අන්තරේට ඕනේ විදියට නටන්න දෙන්න බෑ. දැන් ඔය දැයට කිරුල තියෙනවට විරුද්ධ කට්ටිය ඒ අවට අය නෙවෙයි නේ. ඒ නිසා ඒ පැත්ත සංවර්ධනය වුනාට එයාලට ප්‍රතිලාභයක් නෑ නේ. මෙයාල කැමති නෑ කොහොමත් අනිත් අයට යමක් ලැබෙනවට. තමන් ගැන විතරයි. ඔය කියන්නේ කාටවත් කිසි දෙයක් දෙන්න එපා, අපිට විතරයි ඕනේ. ඔය ඊර්ෂ්‍යාව පදනම් කරගන තමයි ඔයාලගේ සංවිධානය බිහිවුනේ. (ස)
රොෂාන් ඔබ හරියට හරි. ඕක තියනව නම් තියන්න ඕන කඹුරු ගමුවේ. මොකද බාගෙට අටවපු නමට නව මහා රෝහල, කුණු කන්දක් මැද තිබෙන පාරක් නැති ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හරි හදාවි. (ස)
ඉතින් දැන් ඔය ප්‍රදර්ශනය විශ්ව විද්‍යාල භූමියේ පැවැත්වූවා කියලා මොකක්ද මේ සිසුන්ට ඇතිවන ප්‍රශ්නය? (නි)
මෙම ප්‍රදර්ශනය විශ්ව විද්‍යාලයේ තියන එකට මගෙත් කැමැත්තක් නැහැ. (නි)
අන්තරේ හිතන් ඉන්නේ විශ්ව විද්‍යාල කියන්නේ කට්ටියගේ පරවේණි බුදලයක් කියල. මෙදා පාර තමයි කට්ටිය දකුණේ මිනිස්සුන්ව හරියට අදුන ගන්නේ. (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, ඔබතුමා මීට කලින් දැයට කිරුල තිබුණු තැන් දැන් තියෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බැලුවද? මීට අවුරුදු දෙකකට විතර කලින් දැයට කිරුල තිබුණු ඔයාමඩුව දැන් කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ එක උදාහරණයක් විතරයි. පුලුවන්නම් ඔබතුමා ගිහින් ඔබතුමාගේ ඇස් දෙකෙන්ම අද එහේ තත්වය බලන්න. අන්න ඊට පස්සේ අපි මේ ගැන කතාකරමු. දැයට කිරුලේදී සිදුවන දෙය දන්නෝ දනිති. (ස)
දැයට කිරැල තියල විශ්වවිද්‍යාලය ඇතුළු මාතර ප්‍රදේශය සංවර්ධනය වෙනවනම් අපි කව්රුත් කැමතියි. ඒ උනාට ඒක කරන්න ඕනෑ තියන දේවල් විනාශ කරන්නේ නැතුවනේ. දැනට තියෙන සැලැස්මට අනුව විශ්වවිද්‍යාලයට වටිනාකමක් දෙන ගොඩක් දේවල් විනාශකරලයි ඕක කරන්ඩ යන්නේ. අනික මාස 3ක් විශ්වවිද්‍යාලය වහනව කියන්නේ ඒක ඉගෙනගන්න ළමයින්ට කරන ලොකු අසාධාරණයක්. ඒකෙන් රුහුණ විශ්වවිද්‍යාලය එක අනික් විශ්වවිද්‍යාල අතරින් පහලට යන වැඩක්. දැයට කිරුළ කරන්ඩ මාතර වෙන තැනක් ඇත්තෙම නැද්ද රුහුණ විශ්වවිද්‍යාලය ම තෝරගන්ඩ. සතියක දෙකක ප්‍රදර්ශනයට විශ්වවිද්‍යාලය මාස 3ක් වහල ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන එක හරිද? අපිත් කැමති නියම විදිහට රට සංවර්ධනය වෙනවට. ඒත් රටකට ඕනේ ඇහැට පෙනෙන සංවර්ධනය විතරක් නෙමේ. අධ්‍යාපනික සංවර්ධනයකුත් ඕනේ. ඒකට විශ්වවිද්‍යාලය විනාශ කරන එක හරිද? අපි කියන්නේ දැයට කිරැල කරන්ඩ මාතර වෙන තැනක. එච්චරයි. (ස)
තමන්ගේ විශ්වවිද්‍යාලය සංවර්ධනය වෙනවා දකින්න ඇයි මේ දරුවො අකමැති? අනිවාර්යයෙන්ම බාහිර දේශපාලන බලපෑම් නිසා නේද ඒ? මේ දරුවො තමන් ඉගෙන ගන්න ආයතනයට කරන්නෙ මොන තරම් අපරාධයක් ද?(ස)
ගම් උදාව වැඩසටහනෙන් ජනතාව ලද ප්‍රතිලාභ වලින් සුළු ප්‍රමාණයක් හෝ ජනතාවට ලැබෙන්බෙන්නේ නම්, දේශපාලකයන් ප්‍රතිරූපය නැංවීමට ජනතා මුදල් කාබාසිනියා නොකරන්නේ නම්, සරසවි සිසුන්ගේ අධ්‍යානපනයට බාධාවක් නොවී නිවාඩු නොදෙන්නේ නම් , සරසවි උපසංස්කෘතියට බාධා නොවන්නේ නම් සහ සරසවිය දේශපාලණිකරණය නොවන්ෙන් නම් දැයට කිරුලට වඩාත්ම කැමති වන්නෝ සරසවි සිසුහු වෙති. (ස)
ඉගෙනගන්න ඇවිල්ලා මොනවද මේ කරන වැඩ? (නි)
දෙයට කිරුල යනු අනිවාර්යෙන්ම පෙවෙත්විය යුතු එකකි. දකුණේ අයට මෙය මෙවර ඕනෑමය.ඔය අන්තරේ මොන කිවත් එය රුහුණු සරසවියෙම පවත් වන්න එස්.බි ඇමැති තුමාට ශක්තිය ලැබේවා (අ)
බන්දුල පෙරේරා.දැයට කිරුල අපිට ඉතිරි කරලා දීල තියෙන්නේ විසාල වලක් පමණි. (ස)
තමන් පදිංචි ප්‍රදේශය දියුණු වෙනවට මිනිස්සු කැමතියි නේද?මේ දැයට කිරැල කොහොමත් ආණ්ඩුව වෙන තැනක හරි තියනවා නේද? අන්තරේ ඒ වගේ දෙයක් වත් තේරැම් ගන්න බැරිද? (දිල්)
රුහුණ විද්‍යාල පරිශ්‍රයේ ලොකු නිධානයක් ඇති අනිවාර්යෙන්ම. (ස)