දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට සිසුන් ඉඩ නුදුන්නැයි කියමින් හාර පන්සියයක් පමණ පිරිසක් රුහුණ විශ්ව විද්‍යාලයට කඩා පැන සිසුන් පස්සේ එළවන්නට වූහ.
ඇතැම් පිරිස් අතර පොලු මුගුරුද දක්නට ලැබිණි.
මැර කණ්ඩායම එද්දී සිසුහු ආරක්ෂක ස්ථාන කරා දුවන්නට වූහ.
මාතර පොලිසිය ද වහා කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැයට කිරැල කියන්නේ මුදල් කාබාසීනියාවක් විතරයි. ඔයාමඩුවේදී අපි දැක්කා.(නදී)
අකිල, කියමු බලන්න වයඹ විශ්ව විද්‍යාලයට, කුලි.ම ම වි, තාක්ෂණ විද්‍යාලයට ලැබුණ මුදලින් මිල කරන දේවල්.? කට තිබ්බ පලියට කියවන්න එපා. අපිට ලැබුන මුදලින් මිල කරන්න බැරි දේ තමයි අපේ ඩිග්‍රි එක මාස ගානකින් පරක්කු වුණ එක විතරයි.(නදී)
විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් නොගිය අය ඒවා ගැන කියන කතා ඇහුවාම හිතට දුකයි. (නි)
අපි නම් කියන්නේ දැයට කිරුළ නාස්තියක් කියලයි. මුදල් නාස්ති කරලා මේක කරනවා වෙනුවට සෘජුව විශ්ව විද්‍යාලය දියුණු කරන්න මුදල් යෙදවීම වඩා ඵලදායකයි නේද? (නි)
මම උසස් පෙළ කලේ 87/88. ඊටපස්සේ අවුරුදු 4 උපාධිය ඉවර කරනකොට වයස 30 ටත් කිට්ටුයි. වාසනාවට කැම්පස් වහපු කාලේ ටියුෂන් දීලා සල්ලි හොයාගෙන මමත් තව වෘත්තීය පාඨමාලා හදෑරුවා. බැච් එකේ ගෑනු ළමයින් ගෙදරටම නාකි වුනා. සමහරු පාඨමාලා අතරතුර විවාහ වුනා. ජීවිතේ හොඳම කාලේ අනුන්ගේ පව් ටික කරගහ ගත්තා. අපි ඉගෙනගන්න විඳපු දුක මතක් වෙනකොටත් දුකයි. (නදී)
මේකේ මුලික ප්‍රශ්නය මොකක්ද ? පිටතින් ගිහින් ළමයින්ට පහරදීපු එක. මොනම හේතුවක් වුනත් ඒක වැරදියිනේ. අඩුගනනේ පොලිසියවත් නෙමෙයිනේ. නමුත් මෙහි සමහර දෙනා කමේන්ට්ස් දාන්නේ ළමයි ගිහින් මොනවා හරි කරා වගේ. ඔය ළමයින්ට විරුද්දව කොමේන්ට්ස් දාන අයගේ යටි හිතේ තියෙන්නේ කුහක කම සහ ඊර්ෂාව.(නදී)
මේ ප්‍රදර්ශන සදහා යන රාජ්‍ය සේවකයන්ට ඕවර් ටයිම්, ගමන් වියදම් , හා දුෂණ , යන මේ සියලු දෙයට බදු මුදල් හා නයට ගත්මුදල් වියදම් කෙරේ. නමුත් අප වෙනි සංවර්දනය වෙමින් ඇති රටක් මෙසේ සංදර්ශන සදහා මුදල් වැයකළ යුතුද සිතිය යුතුය.(නදී)
දෙමවුපියන්ගේ මුදල් නාස්ති නොකර ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්නේ නැතුව උද්ඝෝෂණ කරනවාට හොඳ පාඩමක් (නි)
එක එක එක්කෙනා කියන විදිහට නටන්න විශ්ව විද්‍යාල සිසුන් සුදානම් නැහැ. ශිෂ්‍ය බහුතරය ඉතා බුද්ධිමත්. සමහරුන්ට මේක තේරෙන්නේ නැහැ. තවත් සමහරු හිතන්නේ ඔලුවෙන් නෙමෙයි බඩෙන්. ඒක නිසා තේරුනේ නැහැ වගේ ඉන්නවා. (නි)
හිරු, ඔයාව ජේ.වී.පී වලාකුළු වලින් වැහිලා. වෙන තැනක අලුතෙන් සන්වර්ධනය කරලා ගන්නවට වැඩිය ලේසියෙන් විශ්ව විද්‍යාල භුමිය ගන්න පුළුවන්. අනිත් එක කොහොමත් වියදම් කරන සල්ලි විශ්ව විද්‍යාලේ දියුණු කරන්නත් එක්කම ගන්න එක හොඳ නැද්ද. නැත්නම් ඒ වියදම් කරන සල්ලි සම්පුර්ණයෙන්ම අපරාදේ. මේකෙන් අඩුම ගන්නේ විශ්ව විද්‍යාලයට වත් දෙයක් ඉතිරි වෙයි.(නදී)
දැයට කිරුළ තියල දියුණු උන පැත්තක් කියන්න. (ස)
නිවැරැදී දේ වෙනුවෙන් පෙරට එන්න! (ස)
බොහොම වටිනා වැඩක්. අන්තරේ පන්නලම දාන්න ඕනේ.(නදී)
මම නම් වැස්සකටවත් සරසවියකට ගොඩවුණ කෙනෙක් නෙමෙයි. මගෙත් ඥාති සහෝදරයෙක් කලකට උඩදී අන්තරයේ සැළකිය යුතු ලොක්කෙක් වෙලා හිටියා.අමාරුවෙන් තමයි ඔහුව ගළවාගත්තේ.දැන් ඔහු උසස් රජයේ නිලධාරියෙක්. අන්තරයට ඔහු දැන් වෛර කරනවා. (නි)
අනේ මේ ප්‍රසාදි කොයි පැත්තට ගන්නද කියලා තේරෙන්නේ නැහැ. සිසුන්ගේ වැරදි කියන්න ගියොත් කැම්පස් යන්න ලැබුනේ නැහැ කියා කියයි.(නදී)
මේ සියලුම චන්ඩි කම් වල අවසාන ප්‍රතිපලය ඊළඟ මැතිවරණය එන්නත් කලින් ජනතාවගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න එක. අපගේ එකම ඉල්ලීම පොලු මුගුරු වලට පොලු මුගුරු වලින් පිළිතුරු දුන් කාලයට ආයුබෝවන් කියා මොළය පාවිච්චි කර ගත යුතු පියවර ගන්න. (නදී)
විශ්ව විද්‍යාලය කියන්නේ මොකද්ද කියලා වත් දන් නැති අය ගන්න තිරණ නිසා අන්තිමට අසරණ වෙන්නේ අහිංසක ළමයි. විශ්ව විද්‍යාලය තියන්නේ ඉගෙන ගන්න මිසක් සන්දර්ශණ පවත්වන්න නෙමෙයි.(නදී)
ඔයාමඩුව තිබුණු දැයට කිරුළත් අපිට හොඳට මතකයි. (නි)
එක ඇත්ත ශාන්ත. ඔය නිහාල් වගේ හිතන අය හින්දා තමයි මේ රට විනාශ වෙන්නේ. ණය අරන් බොරු සන්දර්ෂණ පෙන්නලා රටේ මුදල් විනාශ කරන මේ දේවල් ඔනි නෑ. එ් වෙනුවෙන් කොන්ද පන ඇතුව නැගි හිටපු මොවුන්ට එල්ල කළ මැර ප්‍රහාරය තරයේ හෙලා දකින්න ඕනේ.(නදී)
පොලු.......? කරුඳු පොලුද? (නදී)
නිහාල්, ඔයා දන්න ජ වී පෙ. ආයෙමත් හදන්නේ ඉන්න බුද්දිමත් සිංහල කොල්ලෝ ටික මරා දාන්නද? දැන් නම් අන්තර් ජාතික මානව අයිතිවාසිකම් වලට අපිත් ලියනවා.(නදී)
ප්‍රදර්ශනය තිබුණා නම් ගොඩක් හොඳ දේවල් කැම්පස් එකට ගන්න තිබුණා. වයඹ විශ්වවිද්‍යාලයට,කුලි.ම ම වි, තාක්ෂණ විද්‍යාලයට ලැබුණ දේවල් මුදලින් මිල කරන්න බැරි තරම්. (ස)
අධයාපනය කාලාම දානවා. පාසැල්, විශ්වවිද්‍යාල වහලා කානිවෙල් දානවා. සල්ලි තියෙන අයගේ ළමයින්ට පමණක් මේ රට බාරදෙන්නයි මේ අයගේ උත්සාහය. නිහාල් වගේ උදවිය තමියි එතනට පාර කපන්නේ.(නදී)
නිහාල්, කැම්පස් යන්න බැරි උන පලියට, අකුල් හෙලන්න එපා. (නදී)
අන්තරේ ගෙනියන ඒකාධිපතිවාදී මර්දනය දැක්ක නම් ඔහොම කියන්නේ නැහැ.කොහොමත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට ජේ වී පී එකට හරි කුරුටුගාමීන්ට හරි හේත්තු වෙන්න වෙනවා.අනිත් අය කරන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව කඩේ යනවා.අපි හිටපු කාලෙ ජෙප්පොන්ට ඕනේ විදියට නටන්න දුන්නේ නැහැ.එයාලගේ වැරදි වලට සුළු කණ්ඩායමක් උනත් අපි කොන්ද කෙලින් තියාගෙන එරෙහි උනා. එක අතකින් නිහාල් කියනවා වගේ කොන්ද පන නැතුව එයාලගේ පදේට නටන අයට ඔහොම උනාට කමක් නැහැ. (ස)
අපේ රටේ ඉන්න බහුතරයක් අඳ බාලයන්ද කියල හිතෙනවා ප්‍රකාශ දිහා බැලුවාම (නදී)
වයඹ කාන්තාරයක් වෙලා ඇවිත් බලන්න අකිල. නිහාල් විශ්ව විද්‍යාල පද්දතියම නියෝජනය කරන්නේ අන්තරේ. ඒක තේරුම් ගත්තොත් හොඳයි මෝඩයෙක් නොවී.(නදී)
අන්තරේ සහ ජේවීපී හරක් කරපු දේවල් වලට අනික් සිසුන්ට ගහන් එකනම් අසාදාරනයි. ඒත් කැම්පස් ඇතුලේ අන්තරේ සහ ජේවිපිය කරන දේවල් වලට වචනෙකින් වත් එරෙහි වෙන්න පන නැති අපේ අයට ඔහොම වෙන එකෙත් දුකක් නෑ. කොයි වෙලේ බැලුවත් අරක නෑ මෙක නෑ කිය කිය දුවනවා . හදලා දෙන්න ගියොත් ඒකටත් වල කපනවා. මේ ලගදි කොළඹ කැම්පස් එකේ අලුතෙන් හදන බිල්ඩින් වගේකට ජේවිපි කුක්කෙක් කෑ ගහනවා කැම්පස් එක ඇතුලේ ඒ බිල්ඩින් හදන්න්නෙ ප්‍රයිවට් කැම්පස් එකකට කුලියට දෙන්න කියලා. මෙයාලගෙ මිනිස්සු පිස්සො කරලා පාරට බස්සන එක තරම් වෙන සතුටක් නෑ.(නදී)
ඔය ළමයි කියන කියන විදියට රජය ඔය තීරණ වෙනස් කරානම් මේ වෙනකොට කොච්චර දේවල් වෙනස් වෙලාද. ඒ නිසා කවුරුවත් කලබල නොවී මේක විසදා ගත්තොත් හොදයි. කවුරුවත් කිව්වට හැමදේම විශ්වාස කරන්න එපා (නදී)
කුරුඳු පොලු හමුදාවද?, ඩකස් .ඩකස් හමුදාවද? (නදී)
රුහුණට දැයට කිරුළ ගෙන්නලා බොරු සන්දර්ශණයට හොද පාඩමක් ඉගෙන ගත්තා. එ්කට මැරයො දාලා ගමේ අය කුලප්පු කරලා රුහුණට සලකපු විදිය වැරදියි.(නදී)
විශ්ව විද්‍යාල පද්ධතියම කන්නේ අන්තරේ හොරු ටික. දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර, මත්පැන්, සිගරට් වලට සල්ලි වියදම් කර, මහ අසික්කිත නවක වධය දෙමින් මේ අය කරන විගඩම් කියන්නත් හිරිකිතයි. පිට ඉන්න අයට තේරෙන්නේ මේ අය තරම් හරි කව්රුත් නැහැ කියලයි. ඇතුලේ ඉන්න අපිටයි මේවා තේරෙන්නේ. (නදී)
මේකේ කොමෙන්ට් දාල තියන සමහරු ගැන මට හරිම දුකයි. ජ.වි.පෙ.ට කඩේ යන වැඩි දෙනා ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. පිට රටක විශ්ව විද්‍යාලයක් දැකලවත් නැහැ. එ්ක නිසා නිදහස් අධ්‍යාපනයේ වටිනාකමක් දන්නේ නැහැ. එ්ත් විරුද්ධව මොනවා හරි කිව්වොත් කියන්නේ ඔයාලට කැම්පස් යන්න බැරිවෙච්ච නිසා කියනවා කියලා. එ්ත් මට තේරෙන විදිහට මෙතන ජ.වි.පෙ.ට කඩේ නොයන වැඩිදෙන ඔය උපාධි අරන් ඉවරවෙලා අත්දැකීමෙන් කොමෙන්ට් දාන අය. (නදී)
ශාන්ත, ඔයා කියන්නේ කැම්පස් වහන්නේ මේකට විතරයි කියලද? ඕවා අවුරුද්දට දවස් 300 විතර වහල තියෙන්නේ ජේ.වී.පී උද්ගෝෂණ හින්දා. මෙතන ලොකු නාස්තියක් වෙන්න පුළුවන්. තව කොටසක් ගසා කන්නත් පුළුවන්. එ්ත් මේකෙන් කැම්පස් එකට ලැබෙන්න තියෙන දේවල් ගැන හිතුවා නම්, එ්ක ගොඩක් වටිනවා. සමහර විට එ් හින්දම වෙන්න ඇති ජේ.වී.පී අය මේවා කඩාකප්පල් කරන්න හදන්නේ.(නදී)
මමත් රුහුණ විශ්වවිද්‍යාලයේ තියෙන දැයට කිරුල මගඩියට අන්තරේ විතරක් නෙමේ විද්‍යාපීඨ ස්වාධි්න ශිෂ්‍ය සංගමයත් විරුද්ධයි. දැයට කිරුළ නාස්තිකාර වැඩක්. විශ්වවිද්‍යාල දියුණු කරන්න දැයට කිරුළ අත්‍යාවශ වෙන්නේ කොහොමද, දැයට කිරුළ නැතිවුෙනාත් එ් දේවල් කරන්න බැරි අැයි කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.(නදී)