රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම විනාශ කර පොලීසිය සහ රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනීකරණය කරමින් බුදු දහම ගැන පොතක් ලිවීම පවා අපරාධයක් බවට පත්කර තිබෙන ඒකාධිපති පොල් පොට් රෙජිමය පෙරළා දැමීමට සියලු දෙනාම වහා එකට එක්විය යුතු යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය.
මහ නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලාට බැන වදිනවා නම් , අන්‍යාගමිකයන්ට මේ ඒකාධිපති පොල් පොට් රෙජිමය සලකන ආකාරය සිතා ගත හැකි යැයි කී වික්‍රමසිංහ මහතා භික්ෂූන් වහන්සේ නමක් හෝ වේවා , බුදු දහම ගැන පොතක් රචනා කළහොත් සුදු වෑන් මගින් උන්වහන්සේ පැහැර ගැනීමේ තත්ත්වයක් රටේ උදාවී ඇතැයි කීවේය.
බුදු දහම සහ දේශපාලනය ගැන තමා රචිත ග්‍රන්ථය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය පැමිණයොත් ත්‍රිපිටකය සහ සප්ත අපරිහානී ධර්මය අනුව පොලීසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන කරුණු පැහැදිලි කරමින් ඒ අයට බුදු දහම ගැන උගන්වන්නේ යැයි වික්‍රමසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත කිව්වේ ඇත්ත තමආ..රනිල් මහත්තය හිටියනම් තාම අර අහිංසක ප්‍රබාකරන් මහත්තය ජීවත්ව ඉන්නවා...සටන් විරමේත් තියෙනවා..මොන අපරාදයක්ද මේ මිනිස්සු කලේ මෙයාගෙන් ප්‍රයෝජන ගන්නේ නැතිව..(අ)
පාලිත මහින්ද,ඔයාට මතකද ඒ භීෂණ කාලය? නිකම්ම නම් මැරුවේ නැහැ. ගින්නක් නැතුව දුමක් යන්නේ නැහැ මහත්තයෝ (දී)
පාලිත ඒ කාලේ මාතලේ පැත්තේ එහෙම කරපු අය තමයි අද රට පාලනය කරන්න සම්බන්දවෙලා ඉන්නේ.(නදී)
1988-1989 ඉස්සුවේ සුදු වෑන් එකකින් නෙවෙයි. පොලිස් ජීප් , කාර්, පාට පාට වෑන් , ඔක්කොගෙන් ම ඉස්සුවා මතක නැද්ද වික්‍රමසිංහ මහත්තයෝ.(නදී)
මේ පාර මේ රනිල් ගේ ඔලුව නරක් වෙලා වගෙයි. එයා හෙන්ඩුව අහක දාලා, නවගුණ වැල පටලවාගෙන නේද? ගිහි ගෙයත් අත් හරීද දන්නේ නැහැ. අයියෝ! (දී)
අනේ ඔය පරණ පොත අපි එය කියවා ඇත.(නදී)
රනිල් සැබෑ බුද්ධිමතෙකු බව නොදන්නේ තරුණ පරම්පරාවේ ඔළුව උදුම්මා ගත් පිරිසකි. ඔහු බුද්ධිමතෙකු බව දන්නේ උගත් වැඩි හිටි පිරිසකි. ඔහුට බැන වදින්නේ රට පාවා දුන්නා කියන ජාතියට ආදරය කරන බව කියන දැක්මක් නැති කට මැත දොඩවන අහුලාගත් දැනුමක් ඇති පිරිසකි. කෙසේ හෝ සියල්ල යහපත් සේ විසඳී ඇති හමාරය. අවශ්‍ය එකිනෙකාට බැන ගන්නා ජරා දේශපාලනය නොව අවංක මහත්මා දේශපාලනයයි. මේ සටහන ඔබේ බුද්ධිය අනුව විමසත්වා... (නි)
රනිල් මහත්තයෝ තව තව කියල වැඩ පෙන්වමු බලන්න.(නදී)
ඔය මහත්තයා ඉස්සෙල්ලා ඡන්දෙට අනුරාධපුරේ වෙහෙරක් ගැන කියලා තව සහෝදරයෙක් ඒකෙනුත් ඡන්ද ටිකක් එකතු කරගත්තා නේද?(නදී)
රනිල් , ඔබ කොච්චර කිව්වත් වැඩක් නෑ ලංකාවේ ඉන්නෙ පුරවැසියෝ නෙවෙයි ඡන්දදායකයෝ.(නදී)
සමහරක් අයට බුදු දහම මතක් වෙන්නේ මොනවා හරී ප්‍රශ්නයක් වෙනකොට තමයි. අනික මේ අය පන්සිල් පද 5 වත් දන්නවද දන්නේ නැ. කෙසේ වෙතත් අන්තිම මොහොතේවත් බුදු දහම මතක් වෙච්ච එකනම් ලොකු දෙයක්.(නදී)
මමත් පාලිත මහින්ද සමග එකගයි.(නදී)
නියමයි හොදේ (දී)
පෙරේරලා දෙන්නගෙම කියමන් මමත් අනුමත කරමි, (අ)
අනේ මේ අපිටනේ කියන්නේ,(අ)
නිල්මිණි., ඔයා දන්නවද එදා මැරැනේ අහිංසකයෝ මිසක් වැරදි කළ අය නොවේ. ඒකත් මතක තියා ගන්න හොදද...... ඔබ කියන්නේ එදා වූනූ ඒ සිද්ධීන් හරි කියලද..????? (අ)
ඔබතුමා තමයි අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂ නායක. (නි)
අනේ පාලිත ඔබට මතක නෙද්ද ජේ වී පි කාරයෝ කරපු වින්නැහිය (අ).
ඔන්න ඉතින් දැන්වත් අතාරින්න වෙනවා ලොකු පුටුව.සියලු දේ අනිත්‍යයයි නේ (නි)
බණ කියන්න හාමුදුරුවෝ ඉන්නවානේ. (නි)
ආගම දහම නැමැති බෝලය ඉස්සරහට දැම්මොත් එතනින් එහාට කිසිම බෝලයක් යන්නේ නැහැ.(නදී)
කුමාර, ඔවි. ජේ වී පි කාරයෝ කරපු වින්නැහිය මට මතකයි. නමූත් මගේ මාමලගේ පූතාලා දෙන්නා නොකල වරදකට එදා ජීවිතය පිදූවා. (නි)
දේශපාලනය හා ආගම කියන්නේ දෙකක්. ආගම විකුණලා දේශපාලනය කරන්න එපා. මේවා මහා පවුකාර වැඩ. ඔබ මොනවා කිව්වත් ජනාධිපති තුමාට අපි හදවතින්ම ගරු කරනවා එතුමා කවදාවත් බුද්ධ ධර්මය උකසට තියල චන්ද ඉල්ලපු කෙනෙක් නොවේ. ඔබ බුද්ධිමත් වෙන්න පුළුවන් නමුත් අපි මෝඩ නැහැ. මොන පක්ෂය නියෝජනය කලත් අපි හැමදාම ජනාධිපති තුමා සමගයි. (අ)
අර පස්දුන් කෝරලේ කතාව වගේද දන්නේ නැහැනේ ඔය පොතත්. (නදී)
අපිට බණ කියන්න එපා බුදු මහත්තයෝ..... (දී)
ඇට නැති දිවනේ මහත්තයෝ.ඔහොම යං.ඔහොම යං. (දී)
හා..හා..හා.. වැඩිය උගන්වන්න ගියොත් වෙන්නේ ගුරුන්ටත් දණ ගහන්නයි. (දී)
අනේ රනිල් මහත්තයෝ, ඔබ මේ කරන කියන දේවල් වලින් වන්නේ අපේ රටේ විකට නළුවන්ගේ රැකියාද තර්ජනයට ලක් වීමයි. ඔබ කරන කියන දේවල් වලට බඩ අල්ලාගෙන හිනාවෙන අපිට ටෙනිසන්ලා,බන්දුලා, ගිරාලාත් මිනිස්සුද.
ඔය ගොඩක් දේශපාලඥයෝ ලංකාවේ බුදු දහම ගැන බොහොම ආදරෙන් කතා කළාට, ඒවා හදවත් වලින් නෙමෙයි. ලෝකෙට පෙනෙන්න කරන්නේ. මහත්මයකු වශයෙන් රනිල් මහතාට මම ගරු කරමි. එහෙත් ඔහුගේ බුදු දහම ගැන නම් මට විශ්වාස නැහැ. අද ඔය ගොඩක් මදාවි චන්ඩි ඇමතිවරු නිතරම අපි දකිනවා පන්සල් වල. ලොකු අටපිරිකර පුජා කරන පින්තුර එහෙම. ඔය අටපාරිකර කර ගන්න වියදම් කරන සල්ලි ගොඩක් දැහැමින් සොයා ගත් මුදල් නෙමේ. මේවා කවුරුත් දන්නා රහස් . (දී)
වෙන කරන්න වැඩක් නැතිනම් ගෙදරටවෙලා නිදාගන්න.(අ)
ලංකාවේ දේශපාලනයට මම නම් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව විරුද්ධයි.ඒ නිසා ඔබේ ගොඩක් දේට මම එකග වෙන්නේ නැහැ.නමුත් මේ කිවුදේ සහතික ඇත්ත.හැබැයි මේවා මෙච්චරකල් නෑර කලින් කතා කරන්න ඔබතුමාටත් අයිතියක් තිබුනා.දැන් තමන්ට ප්‍රශ්නයක් ආපු නාපු ගානට කතා කරනවා. (දී)
ඔබතුම එහෙම හරි කියයි. දුප්පත් ලේඛකයො මොනවා කියල බේරෙන්නද සුදු වෑන් අවොත්. (නදී)
කරන්න පුළුවන් දේවල් තමා කිව යුත්තේ. (නදී)
88/89 කාලය අපිට මතකයි හොදට. අද අතුරුදන් වුනත් අතුරුදන් වෙන්නේ කුඩුකාරයෝ, අපරාධකාරයෝ, සමාජ පිළිල.. නමුත් එදා අතුරුදන් කලේ සීයට අනුවක් කිසි දෙකට සම්බන්ධ නැති අහිංසක තරුණ ජීවිත..එක දෙකක් නෙමෙයි, 60000ක්.. (දී)
අම්මෝ! වික්‍රමසිංහ මහත්තයට තදවෙලා. (දී)
දන්නා කාලේ ඉදලම අපි ඔබතුමා ගැන හොදට දන්නවා. (දී)
ඔබතුමාට බුදු සරණ වේවා. රට හොද මගට ගනිමු.(නදී)
රනිල් යනු සැබෑ බුද්ධිමත් නායකයෙක් ඒ ගැන විවාදයක් නැත. ඔහු ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට ලක් වාසින් පින් කර නැත.(නදී)
මේ පාර ආණ්ඩුව ඉල්ලන් කන්නද හදන්නේ?(නදී)
. අනේ මේ අපිටනේ කියන්නේ,,(අ)
බලේ තියෙද්දී මොලේ නැහැනේ. නිකන් අපිට පොත් පෙරලන්න එපා හොදේ. (දී)
කොහොමවත් එපා.(නදී)
මෙතුමාගේ ඔය පොත අපි කියවල ගොඩක් කල්. කියවපු කාලේ තමයි ආණ්ඩුව පෙරලලා ගෙදර යැව්වේ.(නදී)
රබන් ගහන්න විදිහත් කියලා දුන්නොත් හොදයි වන්දිබට්ටයන්ට.(නදී)
සූදූ වෑන් වලින් ඇවිත් ඉස්සූවේත්, පොල් පොට් ගේ ක්‍රියාවන් ක්‍රියාත්මක උනේත් මේ කාලේ නොවේ ඒ කාලෙයි. කිසිම වරදක් නොකළ මගේ මාමගේ පූතාලා දෙන්නවත් අරන් ගිහින් හිසට වෙඞ් තබා ඝතනය කර මහ මග දමා ගිහින් තිබූනේ ඒ කාලේ මිස මේ කාලේ නොවේ. දෙමාපිය දෙපලත්, පාසැල් යන වයසේ සිටී නංගිලා තූන්දෙනාවත් පෝෂණය කරමින් දිවා රෑ නොබලා දූක් විදපූ මේ අහින්සකයින් මරා ගත්තා මදිවට ගෙටත් ගිනි තියලා අඵ දූවිලි කරලා මහමගට ඇද දැමූ උන් හට ශාපයක්ම වේවා.(නදී)
නියමයි ලොක්කා.(නදී)