මිය ගිය දෙමළ ජාතීකයකුගේ කොළඹ පිහිටි දේපොළක් ව්‍යාජ ඔප්පුවකින් පවරා ගැනීමට තැත් කළැයි කියන රජයේ ඇමැතිවරයකු ගැන රහස් පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
මෙම නිවස හා දේපොළ උසස් අධ්‍යාපනයට සම්බන්ධ ආයතනයකට පවරා ගන්නා මුවාවෙන් තමන් සතු කැර ගැනීමට එම ඇමැතිවරයා උත්සාහා කළේ දැයි සොයන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටවල ඉන්න උදවිය ලංකාවේ තිබෙන තම තමන්ගේ ගෙවල් ඉඩකඩම් වලට ආරක්ෂාවක් කරගන්න. ගෙවල් ගිලින බහිරවයන් ලංකාවේ පහළ වෙලා. (නි)
දැන් ඇමති රහස් පොලිසිය පස්සේ පන්නනවලු හරි ජොලි (ස)
පලවෙනි ජවනිකාව: රහස් පොලිසිය ඇමති පස්සේ පැන්නීම. දෙවෙනි ජවනිකාව: ඇමති රහස් පොලිසිය පස්සේ පැන්නීම. තුන්වෙනි ජවනිකාව: රහස් පොලිසිය අතුරුදහන්. ඇමති නිදහස්. (ස)
නෑ!,නෑ!!, ඒක නීත්‍යානුකූලව රාජ්‍ය ආයතනයකට පවරා ගැනීමක්.! ඇමතිවරු එහෙමත් නරක වැඩ කරනවාද? ඔය විදෙස බලවේග, කුමන්ත්‍රණ කාරයන්, අදිරාජ්‍ය වාදීන්, දෙස ද්‍රෝහින්, ඉරිසියා කාරයින්, කියන බොරු කතා, (අ)
පොලිස් බල්ලෝ ටික නම් ඔය වැඩේට ගන්න එපා. පොලිසියට ඉන්න අහිංසක සාධාරණ අවංක පිරිස තමයි පොලිස් සුනඛයෝ. ඇමති උන්වත් මරයි. (අ)
රටේ ලොකුම හොරුටිකටනේ අපි මනාප ගහල තියෙන්නේ .ඔය රට සුරාකන්නන්ට මේ අවස්ථාවේ කරගන්න ටිකක් තමයි. කිසිම දවසක යලි ඔය සිනාමුසු මුහුණවල් නොදැකීම මගේ එකම පැතුම.(අ)
ඒ ගමන මේ මොකක්ද වෙන්න යන්නේ? (නි)
කොසොල් රජතුමාගේ සිහින සැබෑවෙමින් යනවා වගෙයි (නි)
බලන්න අපේ ඇමතිතුමාට මොනතරම් දොස් කියනවද? වෙන උදවිය රටවල් 5 ක ගෙවල් ගනිද්දී මෙතුමා මේ ලංකාවෙන් ගන්න යන්නේ කොච්චර සාධාරණ ඉඩ ප්‍රමාණයක්ද? (නි)
දැන්නම් අපේ ගේ ගැනත් බය හිතෙනවා (නි)
මට නම් බයේ බැහැ. දුක් මහන්සිවෙලා හරි හම්බ කරගෙන හදාගත් ලංකාවේ ගෙදර ගැන (නි)
ඕක දෙගොල්ල සාකච්ඡා කරලා විසඳගන්න කියල කියාවි. (අ)
නිවාඩුවට ලංකාවට එනකොට අපේ ගෙදරටත් මොනවා වෙලා තියෙයිද දන්නේ නැහැ. (නි)
දේශපාලනයෙන් කොච්චර හම්බ කළත් සමහරුන්ට මදි. (නි)
අපොයි! අපේ ගමේ, වහලා දාලා තියන මහගෙදර ගැන දැන්ම හොයලා බලන්න ඕනෑ. අපි කොළඹ ඉන්න වෙලේ ඒකත් කවුරුහරි අල්ලාගෙනද දන්නෙ නැහැ (නි)
අඩුම අඩු මුදලකින් ජීවත්වන්න පුරුදු වූ අයෙකුට ඉතිරිකරන මුදලින් කොළඹ හතේ නිවසක් ගන්න අපහසුතාවයක් නැත. (නි)
කවුද මේ? (නි)
බලනකොට අපේ රටේ දැන් වැඩියෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ හොරමැරකම්නේ... (නි)
අපොයි අපේ ලංකාවට මොනවද මේ වෙන්න? (නි)
කවුද මේ ඇමතිතුමා? (නි)
අයියෝ අපේ ලංකාවේ ගේ? (නි)
අධ්‍යපන ඇමතිලා පස් දෙනෙක් ඉන්නවා. මෙයා මොන එක්කෙනාද ? (ස)
වර්ෂ 1983 දීත් මෙවැනි දේ සිදුවුණා, නමුත් රහස් පොලීසිය කාගේවත් පස්සේ පැන්නුවේ නැහැ,(දිල්)
මේ ඇමති කව්ද දන්නේ නැහැ නේද? (දී)
කොන්දක් නැද්ද ඇමතිගෙ නම කියන්න (ස)
රහස් පොලෝසියේ වැඩ බලාගන්න පුළුවන් තව සතියකින් ...හොර ඇමතිලා මන්ත්‍රීතුමාලා පිරිලා ලංකාවේ . ලැජ්ජා නැති හැටි. (ස)
අපේ එතුමාට මුකුත් වෙන්නේ නැ බය වෙන්න එපා (ස)
අයියෝ මේක ගොඩින් බේර ගන්න පුළුවන් සුලු දෙයක්නේ. දැන් කාලේ අපේ මැති ඇමතිලා මොනතරම් අමාරුවෙන්ද ජීවිතේ ගැට ගහගන්නේ. සෙල්ලමට කරන්න ඇති. (ස)
ඔය මිය ගිය දෙමළ ජාතිකයම මැරුනට පස්සෙ ඒ දේපල ඇමතිවරයට ලිව්ව වෙන්න බැරිද.? (දී)
මෙහෙම කට්ටිය පසුගිය ආණ්ඩුවලත් හිටිය නේද.?(දී)
ඕක ජාතියේ වැරැද්ද (ස)
තව ටික දවසක් ගියාම ඕකේ දෙපැත්ත මාරු වෙනවා. (අ)
සතුරට බියනති කෙනෙක් වෙන්න ඇති (ස)
අපි මෙයාගේ නම දන්නවා. (ස)
මෙතුමා සෙල්ලම් ඔප්පුවක් හදන්න ඇති. (ස)
මේ කියන ඇමතිට උඩරටත් මාළිගාවක් තියෙනව.එහෙන් මෙහාටත් මෙහෙන් එහාටත් පනින්න හරි දක්‍ෂයි.කට නිසා බැට කාලත් වාර්තාවක් තිබ්බෙ මෙයා තමයි. (ස)
මෙතුමා ඇමති වෙන්න ඉස්සර හිටිය හැටි කවුරුත් දන්නවා නේ. (ස)
කව්ද මේ නම් ගම් නොමැති ඇමති. ලංකාවේ ජනමාධ්‍ය නිදහස නම් අපුරුයි. (ස)
කවදාටවත් වඩා හොඳට රටේ නීතිය ක්‍රියාත්මක වන බවට ඔප්පු කරන්න තවත් මොන සාධකද අවශ්‍ය? (නි)
රහස් පොලිසියේ මහත්වරුණට දෙවියන්ගේම පිහිට. (අ)
දහ දුක් විදගෙන මම හදපු නිවසත් අල්ල ගනීවිද කියල හිතට පුදුම බියක් දැනෙනවා. නීතිය නැති රටේ මොනවද කරන්න බැරි?(අ)