කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව රහස් පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන සහ සැරයන් සොමරත්න මහත්වරු මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරංගා කනංකේ මහත්මියට අද දැන්වූවාය.
ඝාතනය සඳහා යොදා ගත් බව කියන ගිනි අවිය ගැන පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් වෙන්වෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේ ඝාතනයට ඔත්තු බැලූ බව කියමින් අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රිය මුදා හරින ලෙසයි. එවිට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පැවසුවේ තමාට එය සිදු කළ නොහැකි බවයි. ඊළඟ නඩු දිනයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ එම ඉල්ලීම කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාවරිය පැවසුවාය.
සූජීව රංග කුමාර පෙරේරා, අයේෂ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන සැකකරුවෝ මැයි 2 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
නඩුවේ රජයේ සාක්කිකාරයන් වීම නිසා ඇප මත මුදා හළ සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පුරු සරත් සහ ඩබ් පී සමන් නිෂාමන් ද අද අධිකරණයේ පෙනී සිටියහ. ඔවුහු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුය.
මැයි 2 නැවත නඩුව කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි අපරාධකරුවන්ව උසාවිය ගෙනැල්ලා, නඩුව විභාග කරලා සුදුසු දඬුවම ලබාදිය යුතුයි. (නි)
නිතිය කෙසේවෙතත් අපි උසාවියකට ගියාම සංවරව ඉන්න ලස්සන දැක්කම මට නම් හිතාගන්නත් අමාරුයි මෙහෙම දෙවල් අපේ රටේ වෙනවද කියලා (නි)
සෑම විත්තිකරුවෙකුටම මම කියන්නේ මිට පස්සේ වහාම අධිකරණයට දැනුම් දෙන්න රජයේ සාක්කිකාරයෙක් කියලා. අත උඩින් නිදහස්.(නදී)
අධිකරණය ගැන රටේ ජනතාවගේ විශ්වාසයක් දැන් නැතිවෙලා ගිහිල්ලා ඉවරයි. (නි)
මර්වින් සිල්වා ඇමති තුමා මේ ගැන මොකුත්ම දන්නේ නැහැ ඔක්කොම නිදහස් කරන්න.(නදී)
හසිත ඔබට නිවන් සුව! කරපු අයව දැන් රටම දන්නවා. දිට්ට ධම්ම වේදනීය කර්මය ඔවුන්ට හිමිවේවා! (නි)
මම මේ දන්නේ නැති නිසි අහන්නේ.මිනීමරුවෝ රජයේ සාක්කි කාරයෝ වෙනවද?(නදී)
අර හැමදේටම මගේ රටට දළදා හිමි සරණයි කියන කට්ටිය කෝ? ඔයාල හැමදාම කියන දෙය මෙතෙන්ටත් කියන්න. ඉතින් ඔය කොයි කවුරුත් තේරුම් ගන්න ඕනෑ, අවනීතියට සහය දෙන්න එපා. තමන්ටත් ඒටික සිදුවෙනවා කියලා (නි)
ඒ අයත් නිදහස්. උපදෙස් දුන්නු අයත් නිදහස්.(නදී),
අපරාධකරුවන්ට රටේ අනන්‍යතාවය විනාශ කරන්න ඉඩ දෙනවා නම් අදිකරණය පිළිබද විශ්වාසනියත්වය වළලා දැම්මාට කමක් නැත. ඒ වගේම රට මෙවැනි ව්‍යයසනයකට පත් නොකර සැකසිය හැක්කේත් අධිකරනයටම පමණි. (නි)
උගත් පාඩම් ක්‍රියාත්මක වේවි කියා මම විශ්වාස කරනවා. (නි)
අනේ මිනිසුනේ, බෝට්ටුවක හරි එල්ලිලා මෙහෙන් තොලොංචි වෙමුකෝ. (නි)
සාක්කි නැති නිසා සියල්ලෝම නිදහස් වේවිද? (නි)
හරි හරි එයත් එලියට යන්න ලේස්ති වෙන්ක. ඊලගට දුමින්ද, ඊලග සරුව සුනිල්, ඊලග ජුලම්පිටිය අමරේ, ඊලග තංගල්ල සභාපති , නඩු අහන්න උසාවි ඕන නැ, අපරාදේ ඕක වහල දාන්න,අයියෝ සල්ලි,බල්ලටම ගිහිල්ලා.(නදී)
ලැබෙන්න යන උපදෙස් කලින්ම දෙන්නද? නිදහස් කරල දාන්න.(නදී)
දැන් මොකා මරල හරි රජයේ සාක්කි කරය උනාම නිදහස් කරනවද? නීතිපති කරුණු මදි නිසා ඔක්කොම නිදහස් කරයිද? නීතිපති ඇත්තටම කරුණු කියවලාවත් බලයිද?(නදී)
එකත් ජයසිරි මංගලම් ............ (ස)
සිවිල් පුරවසියක් වශයෙන් මම සාදාරණ නඩු තීන්දුවක් බලාපොරත්තු වෙමි. (ස)
රජයේ සාක්ෂිකරුවන් වීම නව ක්‍රීඩාවක් වෙයිද?(නදී)
මට නම් හොදටම විශ්වාසයි එතුමාම තමයි වෙඩි තියාගන්න ඇත්තේ කියලා (නි)
ඇයි මීට කලින් මේ වගේ උපදෙස් නීතිපතිගෙන් ගන්නවා දැකලා නැද්ද? අපේ වැඩක් බලාගෙන අපිම යන්නම් කියලා තමා කියන්න තියෙන්නෙ (නි)
නීතිපති නියමයෙන් ඒ අය නිදහස් වේවිද? (නි)
ඉක්මනට නිදහස ලැබේවි.. (ස)
ඕන්න ආයිත් "සාක්ෂි" නැති වෙන්න යනවා. (ස)
ඇමතිතුමා අපහසුවට පත්කරන්න අර පොල් ගෙඩියයි, ඔය ත්‍රි රෝද රථයයි, ටී 56 යි එකතුවෙලා තමා මිනීමරලා තියෙන්නේ. සමාව නම් දෙන්න එපා. අනෙක් අය අහිංසකයි. (නි)
මොනවා අහන්නද? ගිනිඅවියත් රජයේ සාක්කි කාරයෙක් කරලා දාමු. හසිත ඔය ගිනි අවියට බලපෑම් කරලා වෙඩි තියාගෙනනේ.(නදී)
එයාලත නීතිපති උපදේශ මත නිදහස් වේවිද? එහෙම වුණොත් නම් හරි ෂෝක්. (නි)
කාලයට ඉඩ දෙන්න ,කාලකන්නි එක එක එලියට ගන්න, ඡන්දයට පෙර ඉතුරු වැඩ ටික කරවගන්න. (ස)
ඔන්න ඔහේ එයාලව නිදහස් කරන්න (නි)