IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රළ මත ලිස්සායාමේ තරග 25 දා සිට ආරුගම්බේහිදී

ආරුගම්බේ ‘සර්ෆ්’ සමාජය සහ ‘ආරුගම්බේ බීච් වෙයාර්’ එක්ව පිට පිටම තෙවැනි වරටත් සංවිධානය කරන ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික් 2013’ රළ මත ලිස්සායාමේ  තරගාවලිය මේ මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ආරුගම් බොක්ක මුහුදු තීරයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකිකයන්ට ‘ශ්‍රී ලංකා සර්ෆ් ශූරතාව’ සඳහා තරග කළ හැකිය. විදේශිය ක‍්‍රීඩකයන් වෙනුවෙන්ද විවෘත තරගාවලියක් පැවැත්වේ. දිගු පුවරු පැදීමේ ලෝක ශූරයකු වන වේන්ද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් වන ජාත්‍යන්තර මට්ටමේ සර්ෆ් ක‍්‍රීඩකයන්ගේ අධීක්‍ෂණය සහ මග පෙන්වීම යටතේ තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් 2011 වසරේ ආරුගම් බොක්ක මුහුදු තීරයේදී මෙම තරගාවලිය ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකාවේ සංචාරක පාරාදීසයක් වන ආරුගම්බේ ප‍්‍රදේශය, විදේශිකයන් අතර ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් වන රළ මත ලිස්සා යාමේ ක‍්‍රීඩාවට සුවිශේෂි ස්ථානයක් බවට පත්කීරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ආරුගම්බේ සර්ෆ් සමාජයේ ප‍්‍රධානී ක‍්‍රිෂාන්ත ආරියසේන මහතා පැවසුවේ ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික්’ තරගාවලිය වසරින් වසර දියුණුවට පත්වන බවයි.

තරගාවලියේ අයැදුම්පත් www.facebook.com/pages/Arugam-Bay-Surf-Classic/427241483965178 වෙබ් අඩවියෙන් හෝ 0777531005 දුරකථනයෙන් තාහීර් ඇමතීමෙන් ලබාගත හැකිය.

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට ආරුගම්බේ බීච් වෙයාර්, ලෑන්ඞ් රෝවර්, කාගිල්ස් ෆන් බී, වයින් වර්ඞ්, ඔන්ඩා, විජය පුවත්පත් සමාගම සහ ලියෝ බර්නෙට් ආයතන ආරුගම්බේ සර්ෆ් සමාජය සමග එක්ව සිටිති.



අදහස් (0)

රළ මත ලිස්සායාමේ තරග 25 දා සිට ආරුගම්බේහිදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 82 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2415 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1308 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 533 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 870 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1509 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site