IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ලංකා ආර්ථිකය තිරසාර වෙනවා‘

රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(25) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවසීය.

එසේම එලෙස ප‍්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ නිලධාරී හමුවේ අගමැති එසේ කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ,නවසීලන්තය ,  ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය ,මොන්ටිනිග්‍රෝ, ලෙබනනය, නේපාලය, මාලදිවයින ,මොන්ගෝලියාව ඇතුළු රටවල් 26ක දේශපාලනඥයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආසියා ශාන්තිකර ප‍්‍රජාතන්ත‍්‍රීය සංගමයේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ය.

‘2014 නොවැම්බර් මාසයේ මෙරට ප‍්‍රධාන පෙළේ පක්ෂයක ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ධූරයට ඉදිරිපත්වී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමෙන් රටේ යහපාලනය ඇති වුණා. විවිධ ආගමික සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව අප සමඟ එකතු වුණේ නව ගමන් යෑමටයි.‘

‘ඉන් සිදුවූ ප‍්‍රගතියෙන් පසුව ශ්‍රී ලංකාව අද සංහිඳියාවේ කි‍්‍රයාවලියට යොමු වී තිබෙනවා. අද ශ්‍රී ලංකාව ඉතිහාසගත තැනකට පත්වෙලා තියෙනවා. අද ආණ්ඩුව යහපාලනය උදා කරගන්න කැපවී කටයුතු කරනවා. සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න මේ ආණ්ඩුව ඇප කැපවෙලා කටයුතු කරනවා.‘

PM_2016226778 PM_20162267782



අදහස් (0)

‘ලංකා ආර්ථිකය තිරසාර වෙනවා‘

හිමාල් Friday, 26 February 2016 04:35 AM

ඇයි මොකක්ද යාපනයේ වෙන්නේ? හනුමා වන්නම නටන්නේ නැතිව සාක්ෂි සහිතව ඔප්පු කරන්න මොකක්ද වෙන්නේ කියලා.ලංකාවේ දකුණෙ ඉන්න ගොඩක් ජාතිවාදීන්ට උතුර කියන්නේ තමන්ගේ සියලු ප්‍රශ්නවල හේතුව. ඒත් දකුණේ තමන්ට තමන්ම වල කපා ගන්නවා පෙන්නේ නෑ. (බ)

:       0       0

ජනහිත Friday, 26 February 2016 04:40 AM

මේ අවුරුද්දට වෙලා තියෙන ආර්ථිකය ගැන මහජනතාව දන්නවා. ගමකට ඇවිත් කියන්න ඔය ටික. ජනතාව අත්පුඩි ගහලා සතුට පළ කරාවි. (බ)

:       0       0

ලක්මාල් Friday, 26 February 2016 05:35 AM

අශාන් වගේ අන්ධ අයට කිසි දෙයක් පේන්නෙත් ඇහෙන්නෙත් නැ අනුල.. මේ යහපලානේ කොහොමත් එයාලාගේ කාලේ ඉවරකරද්දී රටක් ඉතුරු කරන එකක් නැ... දුක තමයි (බ)

:       0       0

සමන්ත Friday, 26 February 2016 05:29 AM

මෙයා මේක කියන්නේ කොහොමද (බ)

:       0       0

පෙරේරා Friday, 26 February 2016 05:48 AM

බලයට එන හැමෝම ඕක වෙනවයි වෙනවයි කිව්වට 1948 ඉඳන් මේ වෙනකම් වෙලා නැති එකනේ වැඩේ. (ර)

:       0       0

මහින්ද සෞදි Thursday, 25 February 2016 05:43 PM

මොනවද මහත්තයෝ තවත් මේ කතා? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 25 February 2016 11:52 PM

තිරසාර වෙන්න හරි, වෙන මොකක්හරි වෙන්න හරි අපිට ලංකාවක් ඉතුරුකළොත් පින්! (නි)

:       0       0

අශාන් Friday, 26 February 2016 02:24 AM

අප්පුහාමි, ලංකාව නැතිවෙන්නේ කොහොමද කියලා මට පැහැදිලි කරලා දෙනවද? (නි)

:       0       0

අනුල Friday, 26 February 2016 02:43 AM

ඇයි ආශාන්ට පෙනෙන්නේ නැද්ද, ඇහෙන්නේ නැද්ද යාපනයේ අය නැවත කරන කියන දේවල්? ඔයා කොහෙද ඉන්නේ? අඩුතරමේ ඒ අය කියන දේවල් වලටවත් මේ යහපාලනයේ අය උත්තර දෙනවද? මේක ඒකීය ලංකාවක් නම් ඇයි යාපනයේ අයට වෙනම බලයක් ලැබිලා තියෙන්නේ? (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:14 AM

කොහෙද අනුලා යාපනයේ ජනතාවට වෙනම බලයක් ලැබිලා තියෙන්නේ. ජාතික ගිය දෙමල භාෂාවෙන් ගායනය කල නිසාද? කච්චතිව් වල සිංහලෙන් දේව මෙහෙය පවත්වපු නිසාද. ප්‍රශ්නයය තියෙන්නේ එතන නෙවෙයි. ජනතාව ප්‍රතික්ෂේප කල ,ජනතා දේපල හොරකම් කලයි කියන දේශපාලකයොත් එක්ක යහපාලනය කරන්න පිළිවන්ද කියන එකයි. (ර)

:       0       0

රොහාන් Thursday, 25 February 2016 03:03 PM

යහපාලනය දෝරේ ගලනවා. අනේ මගේ කට! (නි)

:       0       0

ඇසළ Friday, 26 February 2016 03:35 AM

ලංකා ආර්ථිකය තිරසාර කෙසේවෙතත් දැන් අතීසාර වෙලා ඉවරයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 689 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 265 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3592 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1289 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 640 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2235 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37786 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site