කුවේටි රිකා නගරයේ ශ්‍රී ලාංකික ශෘහසේවිකාවක් මුළුතැන්ගෙයිදී ඇගේ ස්වාමිදුව විසින් විදුලි සැර වද්දා මරණයට පත් කැර ඇතැයි කුවේට්හි පළ වන අල් ශහීඩ් පුවත්පත විර්තා කරයි.
සිරුර අධිකරණ වෛද්‍ය වෛද්‍ය කටයුතු සඳහා බාර දී ඇතැයි ද එහි දැක්වේ.
කුවේටි රිකා නගරයේ ශ්‍රී ලාංකික ශෘහසේවිකාවක් මුළුතැන්ගෙයිදී ඇගේ ස්වාමිදුව විසින් විදුලි සැර වද්දා මරණයට පත් කැර ඇතැයි කුවේට්හි පළ වන අල් ශහීඩ් පුවත්පත විර්තා කරයි.
සිරුර අධිකරණ වෛද්‍ය වෛද්‍ය කටයුතු සඳහා බාර දී ඇතැයි ද එහි දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදපෙරදිග වැසියන්ගෙන් වැඩි පිරිසක් කිසිම අනුකම්පාවක් නැති මිනිස්සු. එයාලගේ දරුවන්ට වුණත් විශේෂ ආදරයක් නෑ. මම ඕනෙ තරම් දැකල තියෙනවා පොඩි ළමයින්ට එයාලගේ අම්මල සලකන විදිහ. මේ මිනිසුන්ගේ හිත්වල අනුකම්පාව නැ. එය මේ සමාජයේම තියෙන්න දෙයක්. (ස)
ඉස්මිල් වෙත.. වැරදි කරනම් රටක නීතියක් තියෙනවනේ.. අර රිසානා මරපු වෙලාවේ කටයි මොකක්ද එකයි දෙකම වහගෙන හිටපු ඉස්මිල් ල.. කොහොම කරත් කව්රු කරත් පව් අයියෝ .. නැති බැරි කෙනෙක්. මේ අපරාධකරන අයට හෙන හතම වදින්න ඕනේ.. (ස)
ගෘහ සේවිකාව අතින් දෙයක් වුණා නම් තද නීතිරීති දාලා එල්ලුම් ගස් යවනවා.ස්වාමි දුවට විරුද්ධව ඒ නීති නැද්ද? (නි)
ආර්ථික ප්‍රශ්න නිසා අන්තිමට ඇය ජීවිතයෙන් වන්දි ගෙවුවා (නි)
ඉස්මිල් වෙත. ඔබතුමා වරදක් කළොත් නීතිය මඟින් දඬුවම් දෙන එකද සාධාරණ නැත්නම් එක එක අයට ඕනෑ විදියට දඬුවම් දෙන එකද සාධාරණ? ඔහොම හිතන ඔබතුමා මේ ලංකාවේ ඉන්න එපා. ගැළපෙන රටකට යන්න. නීතිය බල්ලට දාලා තමන්ට ඕනෑ ඕනෑ විදියට දඬුවම් දෙන්න පුළුවන් රටකට යන්න කරුණාකරලා. (නි)
මේ නගරය ගැන මම අහලා නැහැනේ (නි)
ඉස්මිල්, වැරදි තියනවා නම් ඒවාට දඬුවම් දෙන්න සාධාරණ නීති තිබෙනවා. ගෙවල් ඇතුළේ පොලිසි උසාවි තියාගෙන ගෙදෙර නෝනා ඒවා පාලනය කරනවා නම් දඬුවමත් එයාම දෙනවා නම් මැදපෙරදිගට නීතියක් අවශ්‍ය නැහැ. (නි)
මම දන්නා විදියට ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්ත පළමු මැද පෙරදිග රට කුවේට් රටයි. නමුත් සේවිකාවන්ට බොහොම අමානුෂික විදියට සලකන රටවල් වලින් ප්‍රධාන තැනක් ගන්නෙත් කුවේට් රටයි. හොඳ ගති ගුණ තියෙන අරාබි ජාතිකයින් ඉන්නේ බොහොම සුළු පිරිසක්. (නදී)
අර ඉස්මිල් කියන කතාව. වරදක් ඇති. ඒත් ඒවාට දඩුවම් දෙන්න අධිකරණ තියෙනවා. (ස)
තව ටික දවසකින් කියයි අපේ විදේශ කාර්්‍යංශයේ අය මේක සිය දිවි නසා ගැනීමක් කියලා.(නදී)
වරදට දඩුවම් දෙන්න පොලිසියක් උසාවියක් තියෙනවනේ. (ස)
මෙ සෑම දේ වෙන්නේ ලක් කතුන්ට මෙරටේ තවත් රටවල්වල අය ඉන්නවා ඒ අයට කරදර අඩුයි හේතුව ලක් කතුන් අතර ඇති දුර්වලතාවයන් ගියපු අලුත සෑමදේම කරනවා පහු වෙනකොට කීවත් කරන්නැ (ස)
අද අර රට විරුවන් කියල කෑගහන ඇමතිතුමා තව 100 ක් මැරුණත් මහ පුටු නිහඩයි. (ස)
දේශප්‍රේමය, රට විරුවෝ, ගෘහ පාලික (ගෘහ සේවිකා වෙනුවට) මේවට කතා කරලා වැඩක් නැහැ. අපේ ඇස් වලට පේනවා මෙහෙ ගෑණු කරන දේවල් සහ ඒ අයට වෙන දේවල්. (ස)
මෙයාලට රට සල්ලි ටික එනකම් රටවිරුවෝ. යම් කරදරයක් වූ විට සද්දයක් නැහැ. (ස)
ස්වාමි දුවටත් ශාරිය නීතිය අනුව දඩුවම් ලැබේවි නේද?? (දී)
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිදිද? මේවගේ අපරාද වෙනුවෙන් එයාල ගන්න ක්‍රියා මාර්ග මොනවද ? (දී)
ලංකාවේ ගෑනුන්ට මේ තත්වය ඇති කරලා තියෙන්නේ ලංකාවේම මිනිස්සු . ඒ නිසා තමි ලංකාවේ ගැණු ඕනෑම රටක මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ. ලංකාවේ කසිප්පු,බූරුවා ගහන ඒවා නැවත්තුවා නම් ලංකාවේ ගැනුන්න්ට රට යන්න ඕන නැහැ. ලංකාවෙන් රට යන වැඩිම අයගේ කසාද මිනිස්සු මේ වගේ නිසා මෙහෙම වෙන්නේ. උපත් පාලනය නැති කමත් මේ කට්ටිය රට යන්න හේතු තමා.(නදී)
කියන්නෙ නම් ගෘහ පාලිකාවන් කියලයි. කෝ මෙතන පාලිකාව වෙලා තියෙන්නේ හාම්පුතාගේ බිරිඳ නොවෙයිද? (ස)
මේ ආරංචි වෙන ඒවා විතරයි. නොවෙන ඒවා කොයි තරම් මේ කුවේට් වල වෙනවද? තානාපති කාර්යාලය නිදි හැම වෙලාවෙම. ඒ ගොල්ලන්ට දොස් කියන්න එපා. පව්. මං හිතන්නේ ඒ ගොල්ලෝ තාම දන්නේ නැතුව ඇති මේ කුවේට් වල එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. (ස)
කොයිතරම් කියනවාද කාන්තාවන් රට යවන්න එපා කියලා (දී)
කොපමණ මැරුවත් ශ්‍රී ලංකාවේ අවසන් ගැහැණිය දක්වාම මැද පෙරදිග යවන එක මේ රජයෙන් තියා පත්වෙන කිසිම රජයකින් නවත්වන්නේ නැහැ..? (ස)
ඇයට මෙහෙම කළ අයට නම් හොඳක් වෙන්න එපා. (නි)
තව තව අපේ සහෝදරියන් රට යවා ආර්ථිකය ශක්තිමත් කරමු. (නි)
නැති බැරිකමට රට යන අපේ ගෘහ සේවිකාවන්ගෙන් වැඩි දෙනෙකුට මේ වගේ අවස්ථා වලට මූහුණ දෙන්න වෙනවා. ඒත් මේ උදවියට සාධාරණයක් තානාපති කාර්යලයෙන් හා රජයෙන් ඉටුවෙනවාදැයි විශ්වාසයක් නැහැ. එයත් තව එක මරණයක් වෙයි විදේශයේදී වෙන මරණ ලැයිස්තුවට. (නි)
දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නේ ගෙයක් ගන්න පවුලේ අයට හොඳ ජීවිතයක් දෙන්න මැද පෙරදිග යනවා. අවසානේ හුඟක් අයට ඕකයි ඉරනම. (ස)
කුවේට් වල මෙහෙම නගරයක් මම අහලා නැහැ.මොකද්ද නිවැරදි නගරේ නම. (ස)
මදු ......රිගායි කියල ගමක් තියෙන්නෙ(ස)
මේ සිද්ධිය කුවේට්වල වාර්තා වි තිබෙනවා අපි දුටුවා (ස)
කාන්තාවන් ගෘහපලිකාවන් හැටියට යන්න ප්‍රථම දෙපාරක් කල්පනා කරන්න (ස)
කුවේට් වලදී මිය යන අපගේ ලාංකිකයන්ගේ මල සිරුරු එන්නේ වකුගඩු සහ හෘදය වස්තුව වැනි අවයව ගලවා ගෙනිමෙන් පසුවයි . කුවේට් වල මෙම අවයව කුවේට් කාරයන්ට අවශ්‍ය නම් කෙනෙකු මරා හෝ එය ගැනීම සිරිතක් . මැද පෙරදිග රටවලින් එපාම කරපු රට කුවෙට් රාජයයි . අපේ ගැහැනුන් එහෙදි ලබනා දුක් කම කටොලු අපමණය . එහෙත් ඕනෙම රජයක් දුප්පත් ගැහැනුන් මිනිසුන් වහල් සේවයට මෙම රටවලට අරිති (ස)
කාට කාටත් හොඳ පාඩම් මේවා. (නි)
නිකන් දීපු දඩුවමක් වෙන්න බැහැ. මොකක් හරි වරදක් ඇති. (ස)
වන්දිත් නැහැ ,වරද කරුවෙකුත් නැහැ, පරික්ෂනත් නැහැ,මැරුණු කෙනාටයි එයාගේ පවුලේ අයටයි විතරයි පාඩුව.යුරෝපයේ ,ඇමරිකාවේ,ඔස්ට්‍රලියාවේ වගේ රටක මේක වුනානම් සදාරණයක් ඉටුකර ගන්න පුළුවන්.(ස)
අනේ මන්ද අපිටත් මොනව වේවිද,,? දෙවියෝ තමා දන්නෙ,,,,,,,,,, (ස)
එයාර් පොර්ට් එකෙන් එද්දිදී විදෙස් සේවා එකෙන් හිගන්නු වගේ මේ අහිංසක මිනිස්සුන්ගෙන් ගාණ කපන්නට බලා ගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ මොකද කරනේ මේ මියගිය ඇය වෙනුවෙන්. .... තව තවත් ගැනුන්ව රට පටවල..(ස)
මේවට දඩුවම් කෝ..(ස)
සුවාමි දුව ෂරිය නිතිය අනුව හිස ගාසා දමාවිද .(ස)
මේ රටවල් වල ඉන්න අරාබි ගෑනුන්ට හිතක් පපුවක් නැහැ ,උන් හරිම දුෂ්ටයි (ස)
ඉස්මිල් අපට වන්දියක් ගන්න පුළුවන් වේවිද ඒ රටේ තියෙන සර්ව සාධාරණ නීති ක්‍රමයන් අර රිසානාට වගේ (ස)
ඉස්මිල්,වහෙන් හොරෝ භාෂාවෙන් දඩුවම සාධාරනකරණීය කරන්න හදනවද ? මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන්ට,මෙලෙස දඩුවම් දීම සාමාන්‍ය දඩුවම් දීමේ ක්‍රමවේදයක්ද ? රොෂාන් ප්‍රනාන්දු කිව්වා වගේ බටහිර රටක සිදු වුනා නම්,ස්වාමි දුවට විදුලි පුටුවේ වාඩි වීම හෝ ජීවිතාන්තය දක්වා, ඇතුලෙම කල්ගත කරන්න තිබුනා.මැද පෙරදිග රටවල, රැකියාව කරන පිටරැටියන්ට, නීතිය සාධාරණව ඉටුවෙයි කියලා සිතනවාද ? (ස)