ඉතාලියේ පලෙර්මෝ නගර සභාවට විදේශ නියොජිතයින් තොරාගැනිමට ලබන ඔක්තෝබර් 22 වැනි දා පවත්වන මැතිවරණය සදහා ශ්‍රි ලාංකාවේ දිල්කි ප්‍රනාන්දු මහත්මිය ඉදිරිපත්ව සිටින්නීය. වසර විස්සක් පුරා ඉතාලියේ පදිංචි ඇය ප්‍රසිද්ධ සමාජසේවා ක්‍රියාකාරිනියකි. පලෙර්මෝ නගරයේ බහුතරය දෙමළ ජාතිකයන්ය. දෙමළ ජාතිකයෝ 4000ක් ද සිංහල ජාතිකයෝ 500 ද සිටිති. එසෑනට අදහස් දැක්වු දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙසේ කීවාය. පලෙර්මෝ කියන්නේ කොටි රජ දහනක්. ඉතාලියේ කොටි කෙන්ද්‍රස්ථානය තමයි පලෙර්මෝ. ඔවුන් මාස කිහිපයකට වතාවක් නොයෙක් දේ සංවිධානය කරලා අරමුදල් රැස් කරනවා. ඒ වගේම ප්‍රසිද්දියේ කොටි කොඩිය උස්සනවා. මම නගර සභාව ඇතුලට ගියොත් කොටි කොඩිය උස්සන්න නම් දෙන්නේ නැහැ. මට මහලොකු බලයක් නැතත් කරන්න පුලුවන් දෙයින් උපරිම ප්‍රයොජන ගන්නවා. සිංහල දෙමළ වාගෙම අනෙක් විදේශිකයිටත් මම පිහිට වෙනවා. අපේ රට අවුරුදු 30 ක් රට වලපල්ලට ඇදලා දාපු කොටින්ට මම විරුද්ධ වුණත් අහිංසක දෙමල මිනිස්සුත් එක්ක මම වැඩ කරනවා. ඔවුන්ට ලොකු අසාධාරණකම් සිදු වෙනවා. ඒවා මොනවද කියලා ඉදිරියේදි මම කියන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෝ විදිහට අපිට සතුටුයි (දී)
මේ අයට නිකන් ඉන්න බෑ.........පිස්සු.(නදී)
දිල්කි, දිරිය සොයුරියක්. ඔබට ජය වේවා! (නි)
ඉදිරිපත්වීම අගයකළ යුතුයි.ජයවේවා! (නි)
ජීවන් හා ගලබොඩට කියන වග නම් , අපේ අයම තමා අපිටම වළ කපන්නේ කියන කියමනයි. (නි)
ජීවන් , ඔබ දකින්නේ ඔසවන කොඩියක් විතරක් වුනාට කොඩියක් එසවීමේ අර්ථය දන්නෙත් නැහැනේ ? අනික ඔබ නියම සිංහලයෙක් යැයි මම නම් විශ්වාස කරන්නෙත් නැහැ. මොකද හැමතැනම දැන් කොටි රූකඩ නේ.හැබැයි සැබෑ කොටින් වැනසූ අපිට ඔය රූකඩ නම් සුළු දෙයක් (නි)
ජීවනුත් කොටියෙක්.(නදී)
ඔහොම ජාති භේදය අවුස්සන කතා නුවනට හුරුද? අනික ඔය ලංකාව නෙවෙයි. (දී)
ඔබ හරි. ඔබට ජය වේවා!(නදී)
මෙයාගේ ලොකුම ප්‍රශ්නය පලෙර්මෝ පළාතේ ඉන්න දෙමල මිනිස්සු කොටි කොඩිය උස්සන එකද. පලෙර්මෝ වල ඉන්න සියලු සිංහල, දෙමල ශ්‍රී ලාංකිකයන්ගේ යහපත උදෙසා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා වෙනුවට මේ වගේ කාටත් සත පහකට වැඩක් නැති තේමා ඉදිරිපත් කරන එකද?(නදී)
ජීවන්, මෝඩ කතා කියන්න එපා. දෙමල කොඩිය උස්සනවා කියන්නේ සින්හල අපි උන්ට යට උනා කියන එක. ඒ නිසා දෙමල කොඩිය පහත දමන්න කටයුතු කරනවා කියන්නේ සින්හල ජාතියට ලොකුම සේවයක්. (දී)
ජීවන් හරියට හරි. සිංහල ජාතිවාදී චන්ද 500 ෂුවර්. නූගත් අක්කේ, 1948 ඉඳන් බොරු පොරොන්දු දීල රැවට්ටුවා වගේ කරන්නේ නැතුව, දෙමල චන්ද 5000 ගන්න විදියක් ගැන හිතන්න.අනිත් එක ඉතාලියේත් යන එන මන් නැති අහිංසක දෙමල මිනිස්සුද ඉන්නේ උදවු කරන්න. අක්කේ මතක තිය ගන්න ජාතිවාදය ලංකාවේ චන්ද ගන්න ස්ලෝගන් එකක් වුනාට යුරෝපයේ ඕව අවමානයට ලක්වෙන් වැඩ. (දී)
අදහස් එන්නෙත් නෑ අප්පා .....
හැම දෙයක්ම මට වැදගත් නෙමේ කියන අපි වාසය කරන ඉතාලිය රටේ ඔයා කරන දෙය මම අගය කරනවා -නිශාන්ත .නාපොලි නගරය ****** ජයවේවා ****** (දී)
මට නම් හිතෙන්නේ ජනප්‍රිය සටන් පාටයක් ගන්නවට වඩා වැදගත් වන්නේ නගර සභාවෙන් ශ්‍රී ලංකික සංක්‍රමිකයින් හට ලබාගැනීමට හැකි පහසුකම් හා අවශ්‍යතා ගැන කටයුතු කලොත් හොද බවයි .ඔබේ සටන් පාටය ගැන කටයුතු කිරීමට තමයි ශ්‍රී ලංකා තානාපති කාර්යාල තියෙන්නේ .අපි ඔබට සුභ පතනවා . (දී)
නියමයි ඔබට ජයවේවා
මට මෙයාව කසාද බඳින්න හිතෙනවා.(නදී)
කොඩියත් රෙද්දක්නෙ අප්පා.(නදී)
ඔබට ජයවේවායි පතමි.(නදී)
ජය පැරදුම කෙසේ වෙතත් හොද අදහස් දැක්වීමක්.(නදී)
අපට හැරෙම ආඩම්බරේ ජය වේවා (අ)
ඔබ අපට ආඩම්බරයකී ,කොටි ඩයස්පෝරාව අහිංසක දෙමල මිනිසුන්ට කරදරයක් බව අපි හැමෝම දන්නවා. (අ)
අක්කේ ඔයාගේ අදහස් නම් හොදයි. නමුත් දිනන්න නම් අමාරුයි.(නදී)
මෙහෙත් ඔහොම තමා කිව්වේ දිල්කි නංගී පස්සේ කියන්නම් කියන එක දැන් මෙහෙ දෝන්කාරේ දෙනවා.(නදී)
ප්‍රනාන්දු මහත්මිය ඉතාම උත්තම ගනයේ ශ්‍රී ලාංකික මාතාවක් ලෙසයි පෙනෙන්නේ. අනිත් බොහෝ දෙනෙක් කරන්නේ අවුරුදු දහයක් ඉතාලියේ සිට පුරවැසිභාවය ලබා ගෙන එංගලන්තයට පනින එකයි. ප්‍රනාන්දු මහත්මියට ජය පතනවා.(නදී)
දිල්කි නංගී, ලංකාවේ ඡන්දෙ ඉල්ලනේ ගොඩක් බුද්ධිමත්, නැනවත් අය නෙමෙයි. ඒවා කියන්නවත් අපිට කෙනෙක් නැහැ. අපි ජනාදිපති හමු වෙන්න 10 පාරකට වැඩිය ගියා. ඒත් අපිට සිදු වෙන කරදර කියන්න කෙනෙක් නැහැ.(නදී)
මගේ සුබ පැතුම්!(නදී)
දිල්කි නංගීට සුභ පතනවා.. මැතිවරණය පටන් ගන්නකොට පෝස්ටර් අලවන්න ... කටවුට් ගහන්න...කැන්වසින් යන්න .. කට්ටිය ඕන නම් මෙහෙන් එවන්න පුළුවන්..හැබැයි දන්සල් දීලා නම් ඉවරයක් නැතිවෙයි.(නදී)
අනර්ගයි!(නදී)
දිල්කි ප්‍රනාන්දු අක්කේ ඔයා ලංකාවේ මැතිවරණයකට එන්නකෝ අපි ඔයාට උදව් කරන්නම්, රූපවති අක්කත් ඉන්නවා අපිත් එක්ක ඔයාට සපෝට් කරන්න.(නදී)
දිනන්න. ඔබට දිරිය.(නදී)
ලංකාවේ අපේ කාන්තාවෝ නියම වීරවරියෝ. මාතෘත්වය, වීරත්වය පමණක් නොවෙයි මනුෂ්‍යත්වය අතින් අපේ කාන්තාවන් අන් ජාතිකයන්ට නොදෙවෙනියි. අපේ දිල්කි නෝනා අපේ ජාතික කොඩිය සිය දකුණතින් දරාගෙන සිටින අයුරු දුටු විට අපේ හදවතේ ඇති වන්නේ කිව නොහැකි තරමේ අභිමානයක්. මේ උතුම් කාන්තාවට අප සැමගේ ආශීර්වාදය හිමිවෙනවා. (නදී)
සූභ පතනවා...!!(නදී)
මුළු හදින්ම ඔබට සුබ පතමි. (නදී)
ඔබට ජය වේවා!(නදී)
ඔබට ජය ෙව්වා! අපේ ප රටට හොද පණිවිඩයක්.(නදී)