IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක් කෙල්ලට ලොකු තැනක්

එළඹෙන සැප්තැම්බර්  14 වෙනිදා වැනිසියේදී පැවැත්වෙන 2014 ඉතාලි රූ  රැජින තේරීමේ අවසන් මහ තරගය සදහා සිදුසුකම් ලැබීමට  රෝමයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියක වන නයෝමි අන්ද්ලුබුදුගේ සමත් වූවාය.

වසර 75 ක් පුරා පැවත එන ඉතාලි රූ රැජින තේරීමේ තරගාවලිය මෙවර නව මුහුණුවරක් ගෙන ඇති බවත් ඉතාලි පුරවැසි බව නොමැති තරුණියන් කිහිප දෙනෙකු සදහා ද  ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇතැයි ඉතාලි  මාධ්‍ය  පවසයි.

වසර 18ක් පුරා ඉතාලියේ ජිවත්වන එහෙත් පුරවැසි බව නොමැති දෙමාපියනට දාව ඉතාලියේ ඉපදුනු රූමත් තරුණියකට ඉතාලි රූ රැජින  තරගාවලියට ඉදිරිපත්වීමට අවස්තාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර  දී  තිබේ.

 

 



අදහස් (0)

ලක් කෙල්ලට ලොකු තැනක්

ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 04 May 2014 12:54 AM

මම ඉන්නේ ටැන්සානියාවේ. ඔය අජිත්ලා වගේ අය මෙහෙත් ඉන්නවා. ඕනෑම දෙයක අගයක් දන්නේ නැහැ, ඔහේ දොඩවනවා (නි)

:       0       0

සමරසේකර Sunday, 04 May 2014 01:01 AM

රණතුංග මහත්තයෝ,ඔබතුමා අහපු ප්‍රශ්නයට සමහර අයට ගොඩක් කේන්ති ගිහිල්ලා වගෙයි.අපිට නම් කියන්නේ ඉතාලියේ සිටිසන් කියලයි. ප්‍රශ්නයට උත්තර දුන් අය නම් නීත්‍යානුකූලව ඉන්න අය බව පෙනෙනවා.ගණන් ගන්න එපා. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 04 May 2014 04:13 AM

ඉතාලියේ ඉපිද ඇති කෙනෙකුට, දෙමාපියන්ට කිසිම වලංගු ලියාපදිංචිකත්වයක් නොමැති වුනත්, ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පුරවැසි භාවය ලැබෙනවා. ඉතාලි පුරවැසි භාවය එම භුමියේ උපදින කෙනෙකුගේ නෛතික අයිතියක්.(නදී)

:       0       0

භානු Sunday, 04 May 2014 05:13 AM

අපේ ලංකාවේ සමහරුන්ට ඊර්ෂ්‍යාව සහ කුහක කම ජන්මෙන්ම එනවා. තමන්ගේ ළමයාට නොලැබුන දේ අනිත් කෙනාගේ දරුවාට ලැබෙනවාට කැමති නැහැ. මොකක් හරි ඇදක් හොයනවා. මේ දරුවාගේ තාත්තාගේ වගක් අපිට මොකටද ? මම නම් අවංකව මේ දුවට සුභ පතනවා. (නදී)

:       0       0

රත්නසිරි Sunday, 04 May 2014 04:29 AM

රණතුංග මහතාට, ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවෙකු ඉතාලියේ ඉප දුනොත් එම දරුවා වසරකට පෙර ලංකා තානාපති කාර්‍යාලේ ලියා පදිංචි කළ යුතුයි. නැති නම් වැඩි පුර සුලු ගාණක් ගෙවන්න වෙවි. දරුවා ඉතාලි පුරවැසියෙකු වීමට කැමති නම් අවුරුදු 18 ම වෙන කම්ම සිටිය යුතු නැත. ඉල්ලුම් කළ හැකියි කලින්ම. වසර 18 වෙන කොට දරුවන්ට තීරණයක් ගැනීමේ අයිතිය තිබෙනවා. ලාංකික පුර වැසි කමද? ඉතාලි පුරවැසිකමද කියලා. දරුවට ලැබුනට පසු දෙමා පියන්ටත් පුරවැසි කම ගන්න එතරම් අමාරු වෙන එකක් නෑ. (නදී)

:       0       0

බිමල් Sunday, 04 May 2014 05:35 AM

කුහක කම් පසෙක තබා අපි මේ ළමයාට ශුභ පතමු. කොපමණ පුරාජේරු ගැහුවත් ලංකාවට තවමත් අනෙක් දියුණු රටවල් වලින් පසුපසට වී තිබෙන්නේ ලාංකිකයන් එකිනෙකාගේ ජයග්‍රහණ ,දියුණුව නොරිස්සීමයි. (නදී)

:       0       0

මැණික් Sunday, 04 May 2014 04:50 AM

අපිට දරුවන් නැහැ. එත් අනුන්ගේ දරුවන් දිහා බලලා හරි සතුටු වෙනවා. මේ දියණියට යහපතක් ම වේවා. ! (නදී)

:       0       0

පානි Sunday, 04 May 2014 05:18 PM

පනාගොඩ, හොඳම මංඥන් තියෙන්නේ මෙහෙ. ඔයා මෙහාට එන්න! (නදී)

:       0       0

රණතුංග Sunday, 04 May 2014 06:05 AM

මා දැනුවත් කිරීම ගැන ඇන්ටන්,කමල්,නීල්,රූපසිංහ,නන්දන,ජයන්ත,ගලබඩ,රත්නසිරි මහත්වරුනි ,ඔබතුමන්ලාට ස්තුතියි. (නදී)

:       0       0

ජයේ Saturday, 03 May 2014 03:18 PM

ඔබට මගෙන් සුබ පැතුම්! නමුත් දැනට ලංකාවේ වෙන දේවල් හැටියට මෙවැනි තරඟයක් සඳහා සහභාගිවීම සමහර උදවියට ඔබගේ නමෙහි කොටසක් ප්‍රශ්නයක් වේවිද මන්දා.(නදී)

:       0       0

ලියනගේ Saturday, 03 May 2014 03:43 PM

මමත් කියන්න හැදුවේ ඒකමයි. ටැටෝ තියෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

කුරුප්පු Saturday, 03 May 2014 05:00 PM

ඉතාලියේ ඉන්න අපිටත් ආඩම්බරයි.(නදී)

:       0       0

අජිත් හෙට්ටිආරච්චිගේ Saturday, 03 May 2014 05:13 PM

අනේ මේක ගැන මේ ළමයාගේ තාත්තාවත් දන්නේ නැහැලුනේ, මම දැන් කතා කරලා විස්තර ඇසුවා තාත්තාවත් ගෙන්.(නදී)

:       0       0

ක්‍රිෂ්ණ Saturday, 03 May 2014 04:43 PM

ඔබට පළමු ස්ථානය ලැබේවා මගෙන් සුබ පැතුම්. (ස)

:       0       0

පහන් Saturday, 03 May 2014 05:51 PM

මොකද්ද නමේ ප්‍රශ්නේ දන්නේ නැති නිසා ඇහුවේ ? (ස)

:       0       0

දිසානායක Saturday, 03 May 2014 05:09 PM

වාසගම පිළිබද ප්‍රශ්න මතුකරන්න මෝඩ අය නැහැ.(නදී)

:       0       0

සුජානි Saturday, 03 May 2014 06:10 PM

කෙරෙන මගුල ගැන කතා කරනවා මිස ඇරිච්ච මගුල ගැන කතා කරන්න එපා. එක නිසා නමේ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකික කම තියෙනවනේ. ඔබට අපේ සුබ පැතුම්. ජයෙන් ජයම ලැබේවා.(ස)

:       0       0

රණතුංග Saturday, 03 May 2014 06:11 PM

මගෙනුත් ඔබට සුබ පැතුම් ! මට ඉතාලියේ ජීවත් වන කෙනෙකු ගෙන් දැනගත යුතු කාරණාවක් තියෙනවා.දෙමව්පියන් අවුරුදු 18 ක් තිස්සේ ඉතාලියේ ජීවත් වුවත් [එම දෙමව්පියන්ට ඉතාලියේ ස්ථිර පදිංචි වීසා බලපත්‍ර ඇත කියා මා සිතමි], එම දෙමව්පියන්ට දාව ඉතාලියේදී උපන් දරුවෙකුට, ඉතාලි පුරවැසිකම නොලැබෙන්නේ මන්ද ? දන්නා කෙනෙකුගේ, කරුණු පැහැදිලි කිරීමක් අගය කරමි.(නදී)

:       0       0

දයානන්ද කුවෛට් Saturday, 03 May 2014 06:24 PM

ඕපා දුප සොයන්නේ නැතුව අපි ඔය ළමයට සුභ පතමු. ජයවේවා.(නදී)

:       0       0

කමණී Saturday, 03 May 2014 06:17 PM

ඇද හොයන්නම පුරුදු වෙච්ච ජාතියක් . අගය කරන්න දන්නෙම නැද්ද ? ඔබට සුබ පැතුම් (ස)

:       0       0

නිලන්ත Sunday, 04 May 2014 11:56 AM

පිස්සු හැදෙනවා (ස)

:       0       0

දිල්කි Saturday, 03 May 2014 07:13 PM

දරුවකු ඉපදීම විතරක් මදි දරුවා එම රටේ ජිවත් විය යුතුයි. ඒ බව ඔප්පු කල යුතුයි. එවිට පුරවැසි බව ලැබේ අපි දුවට ජය පතමු.(නදී)

:       0       0

ඇන්ටන් Saturday, 03 May 2014 07:16 PM

අවුරුදු 18 හිටිය කියලවත් ..ඉතාලියේ ළමයෙක් ඉපදුනා..කියලවත් පුරවැසි කම දෙන්නේ නැහැ...පුරවැසි කම ගන්න අවශ්‍ය ලියකිවිලි වගයක් තියනවා ලෑස්ති කරන්න. ඒකට සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒකය තමයි ඉතාලියේ තියන ප්‍රශ්ණය. ඒක ඉතාලියේ ජීවත් වන අය දන්නවා සාමාන්‍ය ලිය කිවිලිත් (පෙර්මෙස්සෝ දී සොග්ගිඔර්නෝ ) හදා ගන්න මොනතරම් කට්ට කන්න වෙනවද කියලා. හැම දෙයක්ම කියන තරම් සුන්දරත් නැහැ ලෙහෙසිත් නැහැ කියලා.(නදී)

:       0       0

චමිල් Saturday, 03 May 2014 07:25 PM

ඉන්දියාවට යටින් ලංකාව පිහිටපු නිසා තමා මේ ලංකාවේ ජාතියට මෙහෙම වෙලා තියෙන්නේ. මේ ළමයට සුබ පතනවා හැරෙන්න ළමයාගේ ජාතකය හොයන්න යන්න එපා.(නදී)

:       0       0

කමල් පෙරේරා Saturday, 03 May 2014 07:41 PM

ඇන්ටෝන් මහත්තයා, ඉතාලියේ ළමයෙක් ඉපදුනා නම්, දිගටම ඉතාලියේ පාසල් ගිහින් තියෙනවා නම්, කිසිම කට්ටක් කන්නේ නැතුව ඉතාලි පුරවැසි භාවය ගන්න පුළුවන්..තමන් පදිංච් පළාතේ නගර සභාවට ගිහින් අයදුම් කරන්න පමණි තියෙන්නේ.(නදී)

:       0       0

නන්ද ශාකි Saturday, 03 May 2014 07:50 PM

ඔබට සුබ පැතුම්! (නදී)

:       0       0

නීල් Saturday, 03 May 2014 07:53 PM

ඕනෑම යුරෝපිය රටක තියෙන ක්‍රමය තමයි ඉතාලි වලත් තියෙන්නේ. ස්ථිර පදිංචි වීසා තිබුනා කියල එයාල ඉතාලි පුරවැසියෝ නොවේ. දෙමව්පියන්ට එම රටේ පුරවැසි බාවය නැත්නම් ඉපදෙන ලමයින්ටත් පුරවැසි බාවය හිමි නොවේ. නමුත් ස්ථිර පදිංචි වීසා තිබේ නම් අවුරුදු 8 කට පසුව රටේ පුරවැසි භාවය ඉල්ල්ලුම් කල හැකියි. මම හිතනවා මගේ පිළිතුර ඔයාට උදව්වක් වේවි කියලා. මගෙන් සුභ පැකුම් මේ ගැහැණු දරුවට.(නදී)

:       0       0

රත්නසිරි Saturday, 03 May 2014 07:17 PM

ශ්‍රී ලාංකික සියළුම දෙනා එකතු කරගෙන ඔබට සුභ පතනවා. පුරවැසි කම නැතත් ඉදිරිපත් වීම ගැන සතුටු වෙන්න. සෝනියා ඝාන්දී අගමැතිකමට තේරුණත් ඉන්දියා ජනතාව අැයට අකමැති වුන එක ගැනත් අපට අමතක කළ නොහැකියි.(නදී)

:       0       0

කුසුම් Saturday, 03 May 2014 07:23 PM

නයෝමි, ඔබ ලස්සන,පියකරු කාන්තාවක්. අධිෂ්ඨානයෙන් යුතුව තරඟයට මුහුණ දෙන්න. ඔබට ජය ලැබෙනවා සිකුරුයි!! සුජානි, අජිත් දැන් ගොඩක් සතුටු ඇතිනේ නේද? ඔබලා ලියා ඇති අදහස ගැන ඔබලාම ලජ්ජා වෙන්න. එවැනි අශිෂ්ඨ අදහස් දකින බුද්ධිමත් පාඨකයින් ඔබලාට අනුකම්පා කරවී.(නදී)

:       0       0

මානගේ Saturday, 03 May 2014 07:38 PM

මටනම් හොඳටම විශ්වාසයි, මුල් තුන්දෙනා අතරට අපේ කෙල්ල එනවා.(නදී)

:       0       0

නිලංග Sunday, 04 May 2014 01:40 PM

ඇයි ඔයාට පිස්සු හැදෙන්නේ ? මොකද්ද ප්‍රශ්නේ ? (ස)

:       0       0

සඳුකි Saturday, 03 May 2014 08:18 PM

ලස්සනයි නංගියේ..ඔයා..හරිම ලස්සනයි.සුබපැතුම්. (අ)

:       0       0

චමිල් Saturday, 03 May 2014 08:19 PM

ගොඩක් මිනිස්සු හොයන්නෙම වැරදි සහ අපහාස කරන්න විතරයි. කවදාවත් ලෝකය දකින්නේ නැහැ .ලිදේ ඉන්න ගෙම්බෝ වගේ . (අ)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Saturday, 03 May 2014 09:19 PM

ඔබ හැඩකාරයි සුකුමාලයි අලංකාරයි නිරහන්කාරයි . ඔබට පළමුවැනි තැන ලැබෙන්න කියා මගේ උණුසුම් සුබ පැතුම් . ලංකාවට නමක් අරන් දෙන්න (ස)

:       0       0

රූපසිංහ Saturday, 03 May 2014 09:55 PM

මට අමතක උන්නා වැදගත් කරුණක්: මෙහි උපන් දරුවා පාසල් අධ්‍යාපනය සාර්ථක අයුරින් නිමා කළයුතුව ඇත වයස අවරුදු 18 ලබන විටදී සාමාන්‍යයෙන් දරුවකු උසස් අධ්‍යාපනය ලබා හෝ අවසන් කර සිටියයුතුයි ඔහු හෝ ඇය විසින් ඉන් අනතුරුව පුරවැසි බව ඉල්ලුම් කලයුතුයි. (ස)

:       0       0

කුසුම් Saturday, 03 May 2014 09:52 PM

නයෝමි, ඔබට ජය!!!!! (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 03 May 2014 09:53 PM

ඇන්ටන් ඔබත් අනිත් ඉතාලියේ ඉන්න පණ්ඩිතයෝ වගේ දන්නා 'පොඩ්ඩ' පණ්ඩිතය වගේ කියවනවා. ඉතාලියේ ඉපදුන ඕනෑම කෙනෙකුට එහෙ ප්‍රාථමික අධ්‍යාපනය යම් මට්ටමකට ලබන විටම ඉල්ලුම් කල හැකියි. කිසිම 'කට්ටක්' කන්න අවශ්‍ය නැහැ.(ස)

:       0       0

මිලානො ජයන්ත Saturday, 03 May 2014 10:15 PM

ඉතාලියෙ ඉපදී අත්නම් අවුරුදු 18 ට පෙර මාස2 කලින් නගරසබාවට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත්කිරිමෙන් කඩිනමින් පුරවැසිභාවය ලබාගත හැකියි. දෙමාපියන් හට නම් කලක් ගතවෙයි ලියකියවිලි අවශ්‍ය ප්‍රමාණයද බොහෝය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 854 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 831 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 674 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6837 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2137 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 5652 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34211 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23982 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site