එළඹෙන සැප්තැම්බර් 14 වෙනිදා වැනිසියේදී පැවැත්වෙන 2014 ඉතාලි රූ රැජින තේරීමේ අවසන් මහ තරගය සදහා සිදුසුකම් ලැබීමට රෝමයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියක වන නයෝමි අන්ද්ලුබුදුගේ සමත් වූවාය.
වසර 75 ක් පුරා පැවත එන ඉතාලි රූ රැජින තේරීමේ තරගාවලිය මෙවර නව මුහුණුවරක් ගෙන ඇති බවත් ඉතාලි පුරවැසි බව නොමැති තරුණියන් කිහිප දෙනෙකු සදහා ද ඉදිරිපත් වීමට අවස්ථාව උදා වී ඇතැයි ඉතාලි මාධ්‍ය පවසයි.
වසර 18ක් පුරා ඉතාලියේ ජිවත්වන එහෙත් පුරවැසි බව නොමැති දෙමාපියනට දාව ඉතාලියේ ඉපදුනු රූමත් තරුණියකට ඉතාලි රූ රැජින තරගාවලියට ඉදිරිපත්වීමට අවස්තාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉපිද ඇති කෙනෙකුට, දෙමාපියන්ට කිසිම වලංගු ලියාපදිංචිකත්වයක් නොමැති වුනත්, ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පුරවැසි භාවය ලැබෙනවා. ඉතාලි පුරවැසි භාවය එම භුමියේ උපදින කෙනෙකුගේ නෛතික අයිතියක්.(නදී)
ලස්සනයි නංගියේ..ඔයා..හරිම ලස්සනයි.සුබපැතුම්. (අ)
ගොඩක් මිනිස්සු හොයන්නෙම වැරදි සහ අපහාස කරන්න විතරයි. කවදාවත් ලෝකය දකින්නේ නැහැ .ලිදේ ඉන්න ගෙම්බෝ වගේ . (අ)
ඔබ හැඩකාරයි සුකුමාලයි අලංකාරයි නිරහන්කාරයි . ඔබට පළමුවැනි තැන ලැබෙන්න කියා මගේ උණුසුම් සුබ පැතුම් . ලංකාවට නමක් අරන් දෙන්න (ස)
මට අමතක උන්නා වැදගත් කරුණක්: මෙහි උපන් දරුවා පාසල් අධ්‍යාපනය සාර්ථක අයුරින් නිමා කළයුතුව ඇත වයස අවරුදු 18 ලබන විටදී සාමාන්‍යයෙන් දරුවකු උසස් අධ්‍යාපනය ලබා හෝ අවසන් කර සිටියයුතුයි ඔහු හෝ ඇය විසින් ඉන් අනතුරුව පුරවැසි බව ඉල්ලුම් කලයුතුයි. (ස)
නයෝමි, ඔබට ජය!!!!! (ස)
ඇන්ටන් ඔබත් අනිත් ඉතාලියේ ඉන්න පණ්ඩිතයෝ වගේ දන්නා 'පොඩ්ඩ' පණ්ඩිතය වගේ කියවනවා. ඉතාලියේ ඉපදුන ඕනෑම කෙනෙකුට එහෙ ප්‍රාථමික අධ්‍යාපනය යම් මට්ටමකට ලබන විටම ඉල්ලුම් කල හැකියි. කිසිම 'කට්ටක්' කන්න අවශ්‍ය නැහැ.(ස)
ඉතාලියෙ ඉපදී අත්නම් අවුරුදු 18 ට පෙර මාස2 කලින් නගරසබාවට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත්කිරිමෙන් කඩිනමින් පුරවැසිභාවය ලබාගත හැකියි. දෙමාපියන් හට නම් කලක් ගතවෙයි ලියකියවිලි අවශ්‍ය ප්‍රමාණයද බොහෝය. (ස)
මම ඉන්නේ ටැන්සානියාවේ. ඔය අජිත්ලා වගේ අය මෙහෙත් ඉන්නවා. ඕනෑම දෙයක අගයක් දන්නේ නැහැ, ඔහේ දොඩවනවා (නි)
රණතුංග මහත්තයෝ,ඔබතුමා අහපු ප්‍රශ්නයට සමහර අයට ගොඩක් කේන්ති ගිහිල්ලා වගෙයි.අපිට නම් කියන්නේ ඉතාලියේ සිටිසන් කියලයි. ප්‍රශ්නයට උත්තර දුන් අය නම් නීත්‍යානුකූලව ඉන්න අය බව පෙනෙනවා.ගණන් ගන්න එපා. (නි)
මටනම් හොඳටම විශ්වාසයි, මුල් තුන්දෙනා අතරට අපේ කෙල්ල එනවා.(නදී)
අපේ ලංකාවේ සමහරුන්ට ඊර්ෂ්‍යාව සහ කුහක කම ජන්මෙන්ම එනවා. තමන්ගේ ළමයාට නොලැබුන දේ අනිත් කෙනාගේ දරුවාට ලැබෙනවාට කැමති නැහැ. මොකක් හරි ඇදක් හොයනවා. මේ දරුවාගේ තාත්තාගේ වගක් අපිට මොකටද ? මම නම් අවංකව මේ දුවට සුභ පතනවා. (නදී)
රණතුංග මහතාට, ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවෙකු ඉතාලියේ ඉප දුනොත් එම දරුවා වසරකට පෙර ලංකා තානාපති කාර්‍යාලේ ලියා පදිංචි කළ යුතුයි. නැති නම් වැඩි පුර සුලු ගාණක් ගෙවන්න වෙවි. දරුවා ඉතාලි පුරවැසියෙකු වීමට කැමති නම් අවුරුදු 18 ම වෙන කම්ම සිටිය යුතු නැත. ඉල්ලුම් කළ හැකියි කලින්ම. වසර 18 වෙන කොට දරුවන්ට තීරණයක් ගැනීමේ අයිතිය තිබෙනවා. ලාංකික පුර වැසි කමද? ඉතාලි පුරවැසිකමද කියලා. දරුවට ලැබුනට පසු දෙමා පියන්ටත් පුරවැසි කම ගන්න එතරම් අමාරු වෙන එකක් නෑ. (නදී)
කුහක කම් පසෙක තබා අපි මේ ළමයාට ශුභ පතමු. කොපමණ පුරාජේරු ගැහුවත් ලංකාවට තවමත් අනෙක් දියුණු රටවල් වලින් පසුපසට වී තිබෙන්නේ ලාංකිකයන් එකිනෙකාගේ ජයග්‍රහණ ,දියුණුව නොරිස්සීමයි. (නදී)
අපිට දරුවන් නැහැ. එත් අනුන්ගේ දරුවන් දිහා බලලා හරි සතුටු වෙනවා. මේ දියණියට යහපතක් ම වේවා. ! (නදී)
මා දැනුවත් කිරීම ගැන ඇන්ටන්,කමල්,නීල්,රූපසිංහ,නන්දන,ජයන්ත,ගලබඩ,රත්නසිරි මහත්වරුනි ,ඔබතුමන්ලාට ස්තුතියි. (නදී)
පිස්සු හැදෙනවා (ස)
ඇයි ඔයාට පිස්සු හැදෙන්නේ ? මොකද්ද ප්‍රශ්නේ ? (ස)
පනාගොඩ, හොඳම මංඥන් තියෙන්නේ මෙහෙ. ඔයා මෙහාට එන්න! (නදී)
ඇද හොයන්නම පුරුදු වෙච්ච ජාතියක් . අගය කරන්න දන්නෙම නැද්ද ? ඔබට සුබ පැතුම් (ස)
මමත් කියන්න හැදුවේ ඒකමයි. ටැටෝ තියෙනවද දන්නේ නැහැ.(නදී)
ඉතාලියේ ඉන්න අපිටත් ආඩම්බරයි.(නදී)
අනේ මේක ගැන මේ ළමයාගේ තාත්තාවත් දන්නේ නැහැලුනේ, මම දැන් කතා කරලා විස්තර ඇසුවා තාත්තාවත් ගෙන්.(නදී)
ඔබට පළමු ස්ථානය ලැබේවා මගෙන් සුබ පැතුම්. (ස)
මොකද්ද නමේ ප්‍රශ්නේ දන්නේ නැති නිසා ඇහුවේ ? (ස)
වාසගම පිළිබද ප්‍රශ්න මතුකරන්න මෝඩ අය නැහැ.(නදී)
කෙරෙන මගුල ගැන කතා කරනවා මිස ඇරිච්ච මගුල ගැන කතා කරන්න එපා. එක නිසා නමේ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකික කම තියෙනවනේ. ඔබට අපේ සුබ පැතුම්. ජයෙන් ජයම ලැබේවා.(ස)
මගෙනුත් ඔබට සුබ පැතුම් ! මට ඉතාලියේ ජීවත් වන කෙනෙකු ගෙන් දැනගත යුතු කාරණාවක් තියෙනවා.දෙමව්පියන් අවුරුදු 18 ක් තිස්සේ ඉතාලියේ ජීවත් වුවත් [එම දෙමව්පියන්ට ඉතාලියේ ස්ථිර පදිංචි වීසා බලපත්‍ර ඇත කියා මා සිතමි], එම දෙමව්පියන්ට දාව ඉතාලියේදී උපන් දරුවෙකුට, ඉතාලි පුරවැසිකම නොලැබෙන්නේ මන්ද ? දන්නා කෙනෙකුගේ, කරුණු පැහැදිලි කිරීමක් අගය කරමි.(නදී)
ඕපා දුප සොයන්නේ නැතුව අපි ඔය ළමයට සුභ පතමු. ජයවේවා.(නදී)
ඔබට මගෙන් සුබ පැතුම්! නමුත් දැනට ලංකාවේ වෙන දේවල් හැටියට මෙවැනි තරඟයක් සඳහා සහභාගිවීම සමහර උදවියට ඔබගේ නමෙහි කොටසක් ප්‍රශ්නයක් වේවිද මන්දා.(නදී)
දරුවකු ඉපදීම විතරක් මදි දරුවා එම රටේ ජිවත් විය යුතුයි. ඒ බව ඔප්පු කල යුතුයි. එවිට පුරවැසි බව ලැබේ අපි දුවට ජය පතමු.(නදී)
අවුරුදු 18 හිටිය කියලවත් ..ඉතාලියේ ළමයෙක් ඉපදුනා..කියලවත් පුරවැසි කම දෙන්නේ නැහැ...පුරවැසි කම ගන්න අවශ්‍ය ලියකිවිලි වගයක් තියනවා ලෑස්ති කරන්න. ඒකට සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒකය තමයි ඉතාලියේ තියන ප්‍රශ්ණය. ඒක ඉතාලියේ ජීවත් වන අය දන්නවා සාමාන්‍ය ලිය කිවිලිත් (පෙර්මෙස්සෝ දී සොග්ගිඔර්නෝ ) හදා ගන්න මොනතරම් කට්ට කන්න වෙනවද කියලා. හැම දෙයක්ම කියන තරම් සුන්දරත් නැහැ ලෙහෙසිත් නැහැ කියලා.(නදී)
ඉන්දියාවට යටින් ලංකාව පිහිටපු නිසා තමා මේ ලංකාවේ ජාතියට මෙහෙම වෙලා තියෙන්නේ. මේ ළමයට සුබ පතනවා හැරෙන්න ළමයාගේ ජාතකය හොයන්න යන්න එපා.(නදී)
ඇන්ටෝන් මහත්තයා, ඉතාලියේ ළමයෙක් ඉපදුනා නම්, දිගටම ඉතාලියේ පාසල් ගිහින් තියෙනවා නම්, කිසිම කට්ටක් කන්නේ නැතුව ඉතාලි පුරවැසි භාවය ගන්න පුළුවන්..තමන් පදිංච් පළාතේ නගර සභාවට ගිහින් අයදුම් කරන්න පමණි තියෙන්නේ.(නදී)
ඔබට සුබ පැතුම්! (නදී)
ඕනෑම යුරෝපිය රටක තියෙන ක්‍රමය තමයි ඉතාලි වලත් තියෙන්නේ. ස්ථිර පදිංචි වීසා තිබුනා කියල එයාල ඉතාලි පුරවැසියෝ නොවේ. දෙමව්පියන්ට එම රටේ පුරවැසි බාවය නැත්නම් ඉපදෙන ලමයින්ටත් පුරවැසි බාවය හිමි නොවේ. නමුත් ස්ථිර පදිංචි වීසා තිබේ නම් අවුරුදු 8 කට පසුව රටේ පුරවැසි භාවය ඉල්ල්ලුම් කල හැකියි. මම හිතනවා මගේ පිළිතුර ඔයාට උදව්වක් වේවි කියලා. මගෙන් සුභ පැකුම් මේ ගැහැණු දරුවට.(නදී)
ශ්‍රී ලාංකික සියළුම දෙනා එකතු කරගෙන ඔබට සුභ පතනවා. පුරවැසි කම නැතත් ඉදිරිපත් වීම ගැන සතුටු වෙන්න. සෝනියා ඝාන්දී අගමැතිකමට තේරුණත් ඉන්දියා ජනතාව අැයට අකමැති වුන එක ගැනත් අපට අමතක කළ නොහැකියි.(නදී)
නයෝමි, ඔබ ලස්සන,පියකරු කාන්තාවක්. අධිෂ්ඨානයෙන් යුතුව තරඟයට මුහුණ දෙන්න. ඔබට ජය ලැබෙනවා සිකුරුයි!! සුජානි, අජිත් දැන් ගොඩක් සතුටු ඇතිනේ නේද? ඔබලා ලියා ඇති අදහස ගැන ඔබලාම ලජ්ජා වෙන්න. එවැනි අශිෂ්ඨ අදහස් දකින බුද්ධිමත් පාඨකයින් ඔබලාට අනුකම්පා කරවී.(නදී)