(රෝෂන් තුෂාර)
වසර 22කට පෙර ගණන් බේරා වසා දැමීමට යෝජනා කළ ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයින්ට වන්දි ප්‍රදානය කිරීම කල් යෑම සම්බන්ධයෙන් සේවකයින් ඉදිරිපත් කළ දුක් ගැනවිල්ල සලකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඒ සම්බන්ධ නියෝගය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
තමන් ඇතු`ථ සේවකයින් 857 දෙනෙකුට වන්දි දෙන ලෙස මීට වසර 22කට පෙර කම්කරු කොමසාරිස්වරයා නියම කර ඇතත් මෙතෙක් තමන්ට වන්දි ලැබී නැතැයි නඩු විභාගය අතරතුර අධිකරණයේ හඬා වැටෙමින් ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයකු වු ඒ” ගුණවර්ධන නමැත්තා දැක්වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
ලංකා ඩයනික් සෙරමික් සමාගම ඈවර කර එහි සේවකයින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී රාජගිරියේ ලංකා ඩයිනෙක් සිරමික් ආයතනයේ සේවකයින් 857 දෙනෙකුට රුපියල් 39233528.24 බැගින් වන්දි ප්‍රදානය කර ආයතනය ගණන් බේරා වසා දමන ලෙසට කම්කරු කොමසාරිස්වරයා 2002 වසරේදී නියෝග කර ඇති බවත් එම නියෝගය අනුව සමාගමේ දේපල ඇවරකර වන්දි මුදල් ගෙවීමට අධිකරණය අවසර ලබා දී ඇති බවත් අනාවරණය විය”
ඇවරකරුගෙන් ලංකා ඩයනික් සෙරමික් සමාගමේ දේපළ මිලදී ගත් මොරටුවේ ඒෂියන් සමාගම නිසි පරිදි මුදල් ගෙවා ඇත්ද? එම මුදල් මේ වන විට කවුරුන් සතුව ඇද්ද? යන්න පිළිබඳව විමසු අවස්ථාවේදී අදාළ දේපළ මිලදී ගත් බව කියන ඒෂියන් සමාගමේ නියෝජිතයකු අධිකරණයේ සාක්කි දෙමින් එක් ගොඩනැගිල්ලක දේපළ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් ඇවරකරුට ගෙවූ බව පැවසීය.
ඒ අවස්ථාවේදී එකවරම විශාල ලිපි ගොනුවක්ද රැගෙන අධිකරණය ඉදිරියට පැමිණී ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයකු වු ඒ” ගුණවර්ධන නමැත්තා වසර 25 කට පෙර කම්කරු කොමසාරිස්වරයා විසින් නියම කළ වන්දි මුදල් තමන්ට තවමත් නොලැබුණු බවත්, අසාධාරණයට ලක් වූ සේවකයින්ට වන්දි ගෙවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, හඬා වැළපෙමින් අධිකරණයෙනන් ඉල්ලා සිටියේය”
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකා ඩයනික් සෙරමික් ආයතනයේ සේවකයින්ට වන්දි කඩිනම් කරනු