IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ )

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම  හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා  කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි  රෝහල් බලධාරීහු පෙන්වාදෙති.

රට පුරා රෝහල්වල  විශේෂඥ වෛද්‍යවරුන් දෙදාහසකගේ  පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් දැනට සිටින්නේ  දෙදහස්  එකසිය පනහක් පමණ බවද  එම  ආරංචි මාර්ග කීවේය.

සෞඛ්‍ය සේවයට  විශේෂඥ වෛද්‍යවරුන් අනුමත කෙරුණු සංඛ්‍යාව හාරදහසකි.

මෙසේ බරපතල  හිඟයක් පවතින්නේ ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මෙම අංශවල වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශයන්ට ගොස්  ඇති හෙයින් මෙම හිඟය මතුව ඇතැයිද සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.

විදේශයන්ට යන විශේෂඥ වෛද්‍යවරුන් නැවත නොඑන බවත් එම  පිරිස්  මෙරට රඳවා ගැනීමට  කිසිදු විධිමත්  වැඩ පිළිවෙලක්  මෙතෙක් ක්‍රියාත්මකවී නැති බවත් එම නිලධාරීහු ප්‍රකාශ කර සිටිති.

විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවලටය. ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම ඇතුළු ආර්ථික ගැටලු වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශගතවීමට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ කරුණු සොයා බැලීමකදී පෙනී ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බරපතළ  ලෙස පවතින නමුත්  රෝහල්වල ප්‍රතිකාර සේවා කටයුතු  සුදුසු පරිදි  කළමනාකරණය කරගනිමින් පවත්වාගෙන යන බවයි.



අදහස් (7)

ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ

saman Saturday, 08 June 2024 09:49 PM

SARRC රටවල වෛද්‍යවරුන්ට මේ රටේ සේවය කිරීමට අවසර දිය යුතුයි...!

:       0       2

sunil Saturday, 08 June 2024 10:05 PM

සුදුසු කළමනාකරණය යනු කනිටු දොස්තරලාට පත් වීම් නොදී ඔවුන්ගෙන් වැඩ ගන්න එකද? ඉතිරි වී ඇති දොස්තරලා අමාරුවෙන් වැඩ ටික ඇදගෙන යනවා. දැඩි පීඩනය යටතේ ඔවුන්ටත් වැරැදීමට ඇති ඉඩකඩ වැඩිවෙනවා. තත්ත්වය බාල වෙනවා. පත් වීම් නොදුනහොත්, අන්තිමට ඒ අයත් ඉතිරි වන්නේ නැහැ. එතකොට තවත් ප්‍රශ්න...

:       1       0

Perera Sunday, 09 June 2024 02:13 AM

අපරාදෙ කියන්නේ මෙයාලගෙන් සමහරක් ඔය රටවල් වලට ගියත් ඒ රටවල්වල දොස්තර විභාග කරගන්න බැරිව ඌබර් දිවීම වැනි රස්සාවල් කරකර ඉන්න එක.

:       2       4

swene Sunday, 09 June 2024 06:10 AM

ලොකු දොස්තරලා නැතිවුනාට, ජනාධිපති උපදේශකයෝ වැහි වැහැල . ඔවුන්ගේ සුදුසුකම් මොනවාද දන්නේ නැහැ

:       1       1

nimesh Sunday, 09 June 2024 07:08 AM

ලංකාවේදොස්තරලට කොච්චර වැටුප් දුන්නත් සෑහීමකට පත් වෙනපිරිසක් නෙවෙයි. නවක වෛද්‍යවරයෙක්ට දැන් අවම වැටුප ලක්ෂ 2.5. වසර 5 කට වරක් වාහන පර්මිට් එකක් දෙනව. පුද්ගලික සේවයේ යෙදෙන්න රජයෙන් අවසර දීල තියෙනව. වෙන වෘත්තිකයන්ට පුද්ගලික සේවයෙ යෙදෙන්න තහනම් කර තියෙද්දීත්. බැංකු වලින් වෙන වෘත්තිකයට වඩා අඩු පොලියට රු. කෝටිය දක්ව ණය ගන්න පුලුවන්. වාහන රක්ෂණ සදහා සාමන්‍ය පාරිභෝගියෙක්ට වඩා 30% අඩු කිරීමක් දෙනව. රජයෙන් දෙන DAT දීමනාව පමණක් වෙන විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක්ගෙ මුලු වැටුපට සමානයි. මෙච්චර දුප්පත් රටක නොමිලෙ උගන්නල සාපේක්ෂව දෙන්න පුලුවන් ඉහළම වැටුප් සහ වරප්‍රසාද දීලත් රට යනවනම් ඒක ඔව්න්ගේ ආර්මාර්තකාමි බව මිසක් වෙන මොකුත් නොවෙයි. වෙන රටවල ලක්ෂ 20-50 වැටුප් දෙන එක ඇත්ත, නමුත් ඒ රටවල් වල පාර අතුගාන මනුස්සයටත් ලක්ෂ 10 ක් වගෙ වැටුප්. ඉතාම දියුණු රටවල්. අනික ඒ රටවල් දොස්තරලට නිකන් උගන්නල නෙවෙයි ඒ පඩිය දෙන්නෙ. උපාදියට කෝටිගානක් අයකරල. ඒ නිසා ඒ රටවලයි ලංකාවෙයි වැටුප් සන්සන්දනය කරනව කියන්නෙ GMOA එකෙ මෝඩකම සහ ජනතාව නොමග‍යැවීම.

:       3       7

anjana Sunday, 09 June 2024 07:11 AM

එක්කො ලංකාවෙ නොමිලෙ ඉගෙන ගෙන රට පනින දොස්තරලට එරෙහිව නීති ගෙන්න ඔනි. නැත්තම් උපාදියෙ වටිඅනකම අය කර ගන්න ඔනි. වෙන වෘත්තිකය්න්ට මේක අදාල නෑ. ඔව්න්ගෙ උපාදි පුද්ගලික ගන්න ඉඩ දීල තියෙන නිසා හිඟයක් නැ. දොස්තරල පුද්ගලික ව් වි දාන්න දෙන්නෙත් නැ. වෙන එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැ. තමන් රටේ ඉන්නෙත් නැ. කෝටි ගානක උපාදිය නිකන් දෙනකන් ලංකාව හොඳයි. නිදහස් අද්‍යාපනය නිදහස් සෞක්‍ය කිය කිය පෙල පාලි ගිහින් උපාදිය ගත්ත ගමන් රට පනිනව. කො එතඔට ජනතාවට තිබ්බ ආදරේ. පුදුම කුහක කමක්

:       2       7

Padeniya Sunday, 09 June 2024 09:36 AM

ඔය හොරෙන්ම රට ගිය සෙට් එකට පුළුවන් ගිය පාර කියත්මගේ සෙට් එක රට කෑව වගේ ආපහු කාලෙක ලංකාවට ඇවිත් රට කන්න.ඔක්කොම කෙලවෙනකන් ඉඳල හොරෙන්ම රට පැනල තමන්ගෙ ළමයින්ට හොඳට උගන්වන ගමන් ෆේස්බුක් එකෙන් ඇවිත් රට රකින්නයි රට හදන්නයි හදන අමුම අමු කුහකයො තමයි ඔය රට පනින දොස්තර සෙට් එක.

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3621 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 643 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2247 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site