IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලක් පාතාලයෙක් ඉතාලියේදී අල්ලයි

බලපිටියේ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන්  අධිකරණයෙන් වරෙන්තුකරුවකු වූ ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42)  ඉතාලි මිලාන්හි ගැරිබාල්දි වැනිත්තියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍යය වාර්තා කරයි.

සොරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට ඉන්ටර්පෝල් වරෙන්තුවක් තිබූ බව පසුව හෙලි වූ බවත් එරෙට පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු බලපිටියේ ත්‍රිත්ව ඝාතනය සහ තවත් අපරාධ කිහිපයකට අවශ්‍ය කරන කොස්ගොඩ නදුන් ලංකාවෙන් පැන ගොස් ඉතාලියේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත.



අදහස් (0)

ලක් පාතාලයෙක් ඉතාලියේදී අල්ලයි

කැනඩා දිසා Saturday, 22 June 2013 09:56 AM

ඉන්ටර්පෝල් එකෙන් ලංකාවේම හොයන කෙනා අල්ලගන්න බැරුවනේ ඉන්නේ. අල්ල ගත්තොත් ලොක්කෙක් කෝ.(නදී)

:       0       0

මොහමඩ් Friday, 21 June 2013 09:30 PM

මේ මිනිහ තමා මුළු ඉතාලියේ ශ්‍රී ලාංකකිකයන්ට කරදරයක් උනේ. මේ මිනිහා එක්ක තව මෙයට කඩේ යන කොටසක් ද හිටියා. ඉතාලි පොලිසියට බොහොම ස්තුතියි මේ මිනිහව අල්ලපු එකට.(නදී)

:       0       0

දම් Friday, 21 June 2013 09:30 PM

බයවෙන්න එපා නදුන් , එක්මනින් එළියට අරන් බලපිටියේ රනිල්ට ගහපු සෙට් එකට සෙට් කරන්නම්. (ත)

:       0       0

වාවේසු Saturday, 22 June 2013 10:03 AM

රන්දී ඔබගේ අදහස ඇත්තටම ඇත්ත. මනුස්සයෙක් වෙලා ඉපදිලා තිරිසනෙක් වගේ වැඩ කරලා අපායට යනවා.(නදී)

:       0       0

අස්මිත් Saturday, 22 June 2013 10:26 AM

ලංකාදීපය තමයි මේ සිදුවීම නැවත කරලියට මතක් කෙරුවේ. එයින් ටික කලකින් තමයි මෙයාව පොලිසියට මාට්ටු වෙන්නේ. දැන් ලංකාදීපය අවදියෙන් සිටින්න. මෙයාලගේ මැරයෝ තාමත් යහතින් හොදින් ඉන්නවා. ඉතාලි පොලිසිය දැනුවත් කිරීමත් අවශ්‍ය වෙනවා. මෙයා ලංකාවට ඇවිත් නැවත බලපිටිය ආසනයට ඇමතිලගේ පිහිටෙන් පාතාල කණ්ඩායම් නිර්මාණය කරයි.(නදී)

:       0       0

මංජු Friday, 21 June 2013 09:55 PM

පිටිගල මිලානෝ .ඔබ තුමාගෙන් ප්‍රකාශයක් අවශ්‍යයි මේ ගැන .(නදී)

:       0       0

සරඛ Friday, 21 June 2013 09:56 PM

පුබුදු දන්නවද ඉන්ටර්පෝල් කියන්නේ මොකද්ද කියලා. දන්නවනවානම් ඒක තාම තියෙනවද කියල අහන්නේනේ මොකද ඒක නැතිවෙන්නේ නැහැ.(නදී)

:       0       0

අපොන්සු Saturday, 22 June 2013 10:36 AM

දැන් ගෙනාවට කමක් නැහැ. මෙහෙ ඔක්කොම සූදානම් කරලයි තියෙන්නේ.(ස)

:       0       0

රිසාන් Friday, 21 June 2013 10:06 PM

දකුණේ පාතාලේ කිංග් තමා මේ. බළපිටියේ හතර වටේම මෙයාගේ ගෝලයෝ. ලංකාවට එවන්නේ නැතුව කරන දෙයක් ඉතාලියෙන්ම කරනවා නම් හොඳයි. මෙයා ලංකාවට ආවොත් බළපිටියේ දෙපැත්තට බෙදිලා මිනී මරා ගන්නවා කෙළවරක් නැතිව ආයේ. (නි)

:       0       0

රන්ගශානී Saturday, 22 June 2013 10:43 AM

එක තමයි අපි කියන්නේ මොන ජාතියේ උනත් ලාංකිකයෙක්නම් කට වැරද්ද ගන්න එපා කියලා තව ඉන්නවා කයිවාරු ගහන කට්ටිය පරිස්සමින් ඉන්න.(නදී)

:       0       0

සුමුදු Friday, 21 June 2013 10:24 PM

මෙයාව ආරක්ෂා කළේ කවුද? මොහු සම්බන්ධ අපරාද මොනවාද? ඒ සියල්ල අපි දනිමු (නි)

:       0       0

ගාමිණී පෙරේරා Friday, 21 June 2013 10:34 PM

නදුන් එක්ක සම්බන්දවෙලා කප්පන් ගනිපු, ඉතාලියේ ඉන්න අපේ සල්ලි වලට වංචා කරලා ඒවා ඉල්ලන්න ගියාම නදුන්ට කියල අපිට සහ අපගේ ලංකාවේ ගෙවල් වලට තර්ජනය කරවපු එරංග ප්‍රනාන්දු අත් අඩංගුවට ගන්නේ නැද්ද? ඔය පින්තුරේ දමල තියෙන කඩේ තමා මිනිහ නදුන්ට නිකන් දුන්නේ.(අ)

:       0       0

ජෙෆ් Friday, 21 June 2013 10:36 PM

අනිත් අයට බේරෙන්න නම් පැනගන්න සුදුසු රට සෝමාලියාව. (නි)

:       0       0

බුද්ධිකා Saturday, 22 June 2013 11:06 AM

ලංකාදීප ඉතුරු ටිකත් හොයල විස්තර දාන්න. මේක යට ගහන්න දෙන්න එපා.(ස)

:       0       0

කමල් Friday, 21 June 2013 10:42 PM

රොමේ අපේ මහගොදර තවත් කිපෙ දෙනෙත් ඉන්නෙවා (ත)

:       0       0

රජිත් ඉතාලි Friday, 21 June 2013 10:42 PM

ලංකාවට ඇරියොත් උවමනා කට්ටිය ඉක්මනට එලියට ගනී. මොකද පළාත් සභා ඡන්දෙ තියනවනේ (ත)

:       0       0

නිසල් Friday, 21 June 2013 10:45 PM

දැන් ඉතින් බන්ධනාගාරය ඇතුලට ගිහින් ‍ොහදට සැප විදීවි. එහෙම ඉන්න ගමන් එළියට ආවම ගහන්න සුපිරි ප්ලෑන් එකකුත් සාකච්ඡා කර ගනියි. රටේ කරුමෙට බිහිවෙච්ච අය මේ. බැරි වෙලාවත් ඇප ලැබුණොත් මුහුදේ කුණාටුවෙන් වෙච්ච වින්නැහියට හපන් එකක් වෙනවා බලපිටියේ මිනිස්සුන්ට. ගෝලයෝ ටිකත් තව පිම්බෙයි එතකොට. (නි)

:       0       0

ජයා Saturday, 22 June 2013 11:20 AM

මේ ඉන්ටෙර්පොලේ ඒ තරම් දක්ෂයෝ කට්ටියක් නෙමයි වගේ නේද? අර සින්ගප්පුර්වේ ඉන්නවයි කියන වයසක ගෑනු කෙනාව තාම හොගන්න බැරි උනානේ.(ස)

:       0       0

පාලිත වීරතුංග Friday, 21 June 2013 10:48 PM

දේශපාලනඥයෙක් බලන්න ගියේ මේගොල්ලන්වද? පව් බේරාගනීවි. (ත)

:       0       0

සනත් මිලානෝ Friday, 21 June 2013 11:01 PM

ලාල් ගලබඩ තුමාගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමු. (ත)

:       0       0

අසේල Friday, 21 June 2013 11:18 PM

දේශපාලුවෝ තම මෙයාලා ඉතාලි අරින්නේ. නැත්නම් ඉතාලි භාෂාව තියා ඉංගිරිසි මල පොතේ අකුරක් බැරි අය කොහොමද ඉතාලි යන්නේ? (ත)

:       0       0

මේනක Saturday, 22 June 2013 11:57 AM

මේ අය යවන්න එංගලන්තෙට, එහෙ කොටිත් එක්ක හැප්පෙන්න. අපේ අය කුටි කන එකට වෙන මොනවා කරන්නද? (අ)

:       0       0

කමල් Friday, 21 June 2013 11:32 PM

මෙයා පක්ෂෙද, විපක්ෂෙද බලමු, අවශ්‍ය සුදුසුකම් සපුරයි නම් කොහොම හරි ලංකාවට ගෙන්නගෙන නිදහස් කරමු (ත)

:       0       0

චන්දන Saturday, 22 June 2013 11:57 AM

මේකා තනියෙන් මිනී තිහක් හතළිහක්වත් මරලා තියෙනවා අඩුම ගානේ. මෙයාගේ බළපිටියේ පැත්තේ ගැන්ග් එක මිනී සීයකට වැඩිය මරලා තියෙනවා. ලංකාවට එවනවා කියන්නේ විනාසයක්ම තමා. වනාතේ ඕල්කට් එක්කත් හිටියා ඉස්සර ඕල්කට්ගේ ප්‍රධානම ගෝලයා වෙලා. කොළඹ මරපු මිනී ගාන දෙයියෝ තමා දන්නේ. මෙයා එස් එෆ් එකේ හිටපු ඉහළ නිලධාරියෙක් ඉස්සර. (අ)

:       0       0

ඉසාම් Saturday, 22 June 2013 12:47 PM

අදින් පසුව නැහැ ඔබ හමුවන්නේ පිටිගල මිලානෝ අවසන් දවස් අදවේ. (නදී)

:       0       0

චුලා Saturday, 22 June 2013 12:49 PM

ඇමැත්තෝ වරින් වර ඇවිත් හමුවෙලා යන්නේ මේ උන්නැහේව. කොහොමද එහෙම වෙන්නේ.(නදී)

:       0       0

තිසල් Saturday, 22 June 2013 12:08 AM

දෙය්යෝ සාක්කි, දැන් ඉතින් අපි ඉවරයි. ලංකාවට එවනවා. සති දෙකෙන් ඇප ලැබෙනවා. ඡන්ද වැඩට එකතුවෙනවා. මෙයාලගේ ගෝලයෝ දැනටත් ඉන්නේ දේශපාලකයෝ ළඟ. ඉන්පසු සම්බන්ධිකරණ ලේකම් වෙලා බලයත් සමගම නියම පාතාල වැඩ පටන්ගන්නවා. අනේ අපේ රටට මොකද වෙන්න යන්නේ."ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවලු". (ත)

:       0       0

පාල Saturday, 22 June 2013 12:51 PM

එහෙහ් තක්කඩියෙක් අල්ලගත්තහම පින්තුර නම ගම ඔක්කොම දානවා මාදියට.අපේ දමන්නේ නම නැතිව,ගම නැතිව.ඒ මොකෝ. අර හාමුදුරුකෙනේක්ව අපහරණේ කරපු කෙනා ගැන වාර්තා කලේ ව්‍යාරිකයෙක් කියා පමණි.බැරිද මේවගේ විස්තර දමන්න. ‘(අ)

:       0       0

තබුක් සිල්වා Saturday, 22 June 2013 12:10 AM

අර අපේ නායකයෙක්ගේ රූපය පච්ච කොටාගෙන හිටපු කෙනාට මොකද වුණේ? (නි)

:       0       0

සුදත් බ්‍රෙෂියා Saturday, 22 June 2013 12:58 PM

මිට වසර කීපයකට කලින් කේ .පි කියල කෙනෙක් ජ්‍යන්තන්තර පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ලංකාවට යැවුවා .ඔහුට නම් උපරිම දඬුවම් දෙමින් සිටිනවා .මේ පුත්ගලයට නම් එතරම්ම දඬුවම් දෙන එකක් නැහැ(අ)

:       0       0

චතුල වෙරෝනා Saturday, 22 June 2013 12:31 AM

තමන්ගෙ පාඩුවෙ ජීවිත ගත කරගෙන අහිංසක විදිහට ඉතාලියෙ ජීවත් වෙන සියලුම දෙනා වෙනුවෙන් ලංකාදීපයට මගේ ස්තූතිය. ඔබයි මෙය කරලියට ගෙනාවා ව‍ගේ මෙතනින් පසු මේ අයට සිදුවන දේ ගැනත් විමසිල්ලෙන් සිට අපට දැනුම් දෙන්න, ස්තූතියි (නි)

:       0       0

උපුල් කුමාර Saturday, 22 June 2013 01:27 PM

ඩුබායි වලත් ලංකාවේ පාතාලයෝ 30ක් හෝ 35ක් විතර ඉන්නවා. මුන් නයිට් ක්ලබ් වල, ලංකාවෙන් හොරකන් කරපු සල්ලි වලින් ප්‍රසිද්ධියේම හොද හොද සෙල්ලම් සති අන්තයේ කරනවා.(නදී)

:       0       0

රොෂාන් Saturday, 22 June 2013 01:22 AM

ආ.. මල්ලිලා, ගලබඩයි, පිටිගලයි බඩ බුරුල්වෙලා දුවනවා දැක්කා (නි)

:       0       0

මනෝජ් Saturday, 22 June 2013 03:10 AM

වෙඩි දාලා ,කොඩි දාලා පිළිගනිමු ලංකාවට ආවහම (නි)

:       0       0

හර්ෂ Saturday, 22 June 2013 03:48 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ,මිනිසාමයි ලොව තිරිසන් වන්නේ .... අදුරු ජීවිතයට අදුර නොව ආලෝකයි සොයන්නේ.... වැරදුනු ජීවිතයට වරද නොව නිවැරදි මගක්මයි සොයන්නේ.... (නි)

:       0       0

චතුර Saturday, 22 June 2013 04:16 AM

මේ මනුස්සයා ඔය ටික කර ගන්න ගොඩාක් දැගලුවා.දැන් හරිනෙ.ඔන්න අවස්තාව තියෙනවා තමන් නිවැරදි කරුවා කියලා ඔප්පු කරන්න.නරක වැඩක් වුනොත් එය නිවැරදි කර ගන්න ඕනෑ.මේක සියලුදෙනාටම පාඩමක්. මිනීමරලා, හොරකම් කරලා, කප්පම් අරගෙන ගෙවපු ජීවිත කතාවට මොනවා වේවිද. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 22 June 2013 04:19 AM

කවුද වර්තා කරන්නේ? නමක් නැද්ද? (අ)

:       0       0

අමිල කටුනායක Saturday, 22 June 2013 10:58 PM

බලමු දැන් මෙයාගේ ධර්මේ (අ)

:       0       0

ජෙම්ස් Saturday, 22 June 2013 02:33 PM

මෙයා ඉතාලි පැන්නේ සිංගපුරුවට ඇවිත්. මෙහදී සෙල්ලන් දාන්න බැරි නිසා ඉතාලි පැන්න.(අ)

:       0       0

පනාගොඩ මෙල්බර්න් Saturday, 22 June 2013 05:14 AM

පාතාලයේ අයත් රටින් පිටවෙන්න තරමටම අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන අපගේ දක්ෂ කාර්ය මණ්ඩලය මොකද කරන්නේ? (නි)

:       0       0

හේමන්ත Saturday, 22 June 2013 05:26 AM

අර රට පැන්න කාන්තාව අල්ලගන්න බැරිවුනානේ තවම ඉන්ටර්පෝල් එකට. (නි)

:       0       0

තිළිණ Saturday, 22 June 2013 05:38 AM

මෙයාගේ නඩුවට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයා Saturday, 22 June 2013 06:14 AM

අපට කියන්න මෙයාලා රට ගිය ක්‍රමය. මේවා කොහොමද වුනේ කියලා? (නි)

:       0       0

ජයා Saturday, 22 June 2013 06:18 AM

මේ තැනට රට විනාශ වුනේ කුමක් නිසාද? (නි)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 06:31 AM

මෙන්න තවත් හතරේ පාරක් (නි)

:       0       0

ජ.හේරත් Saturday, 22 June 2013 06:34 AM

තව ටික දවසක් ඉන්න 6 පාරවල් බලාගන්න (නි)

:       0       0

සම්පතික Saturday, 22 June 2013 03:19 PM

මේ අපරාද කාරයන්ව අල්ල ගන්න දායකත්වය ලබා දුන්න ලංකාදීප වාර්තාකරු ගැන සොයා බලන්න ඔහුට එදිරියේදී කරදර වෙන්න පුළුවන් දැනට ඉන්න හෙන්චියලගෙන් .(අ)

:       0       0

සුසිල් Saturday, 22 June 2013 07:02 AM

ඉතාලි පොලිසියට ගොඩක් ස්තූතියි (නි)

:       0       0

බන්ටු Sunday, 23 June 2013 01:27 AM

නියමයි ලංකාදීප ......තව ඉදිරියටත් මෙවැනි වැඩ කරන්න (නි)

:       0       0

සනත් මිලානෝ Sunday, 23 June 2013 01:33 AM

පිටිගල / ගලබඩ අධිරාජ්‍ය දැන් ඉවරයි වගේ. (නි)

:       0       0

නිරෝ Sunday, 23 June 2013 01:59 AM

නදුන් කියන්නේ හොද මිනිහෙක් ඔබලා මේ කේ ලියල තියන ඔක්කොම කියන්නේ (අ)

:       0       0

රංදි Saturday, 22 June 2013 08:37 AM

ලාංකිකයින්ගේ පවට ඔයවගේ මිනිසුන් ඉපදුනේ අපේ රටේ. දැන් ඉතින් හොදයි හිරගෙදර ඉදන් තවත් මිනී 3,4,ක් කොන්ත්‍රත් ක්‍රමයට කළා නම්. ඇමතිලා ඉන්නවනේ බේරගන්න. පහුගිය දිනවල දුකසැප බලන්නත් ගියාලු නේද? ලැජ්ජා වෙයල්ලා මිනිසුනේ ,පෙර පිනකින් නේද මේ මිහි පිට උපන්නේ. මනුස්සයෙක් විදියටම මැරිලා පලයල්ලා. අසුචි නරකාදියේ නොවැටී. (නදී)

:       0       0

ශශිනි Friday, 28 June 2013 12:42 PM

පිටරට ඉන්න පාතාල නායකයන්ව අල්ලන්න කලින් ලංකාව ඇතුලේ ඉදගෙන බය නැතුව හොර මැරකම් කරන පාතාල දේශපාලඥයින්ව ඇල්ලුවොත් නරකද? (නි)

:       0       0

නිශාර්ඩ් Saturday, 22 June 2013 08:56 AM

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහල තනතුරු දරන කීප දෙනෙකු දැඩි නොසන්සුන්තාවයකට පත් වී ඇත.(නදී)

:       0       0

රත්නායක Saturday, 22 June 2013 09:11 AM

ලංකාවට යැව්වොත් ඉවරයි. පාර්ලිමේන්තුවේ පාතාලයෙක් ලගට ගනීවී.(නදී)

:       0       0

අසේල Saturday, 22 June 2013 09:13 AM

එහෙදීම ඉවරයක් කරන එක හොඳයි. නැත්තන් මෙහෙට ගෙනාවොත් මෙහෙ පෞදගලික රුපවාහිනී ආයතනයක් ආරම්භ කරයි එලියට අවහම. දැනට ඉතුරු වෙලා ඉන්න කෙල්ලන්ගේ විලි බිය නැති කරන්න.(නදී)

:       0       0

සෙනරත් Friday, 21 June 2013 09:07 PM

එකාද ඇල්ලුවේ?(නදී)

:       0       0

ෂෙහාන් Friday, 21 June 2013 09:18 PM

හංගපු ආයුද පෙන්නන ගිහින් සිදු වුනා කියලා ඉතාලි පොලිසියට කියලා ගේමක් දෙමු.(නදී)

:       0       0

සමන් - ඕමානය Friday, 21 June 2013 09:19 PM

හොඳ කටයුත්තක්. නිදහසේ ඉන්න අනිත් පාතාලයෝත් ඔය වගේම අල්ලාගන්න. ලංකාවෙන් පිටතට පැන්න පාතාලයෝ වගේම ලංකාවේ ඉන්න පාතාල කල්ලිත් නැතිකර දමන්න.(නදී)

:       0       0

ජ .හේරත් Saturday, 22 June 2013 04:42 PM

කෝ මේ පිටිගල මිත්‍රයා? (ස)

:       0       0

පුබුදු Friday, 21 June 2013 09:22 PM

ඉන්ටෙර්පොල් තවම තියන්නවද ? ලංකාවේ ඉන්න කාටද රෙඩ් නෝටිස් දුන්නා නේද?(නදී)

:       0       0

කුමාර Friday, 21 June 2013 09:24 PM

කුඩා ඉතින් ඔය කට්ටියව ඉතාලියට එව්වේ ආණ්ඩුවම තමයි.(නදී)

:       0       0

හේරත් Saturday, 22 June 2013 09:39 AM

4 පාරට ගිය පන්දුව නැවත ආවා. 6 ගැහුවා පන්දු ඉවරයි. දැන් ප්‍රේක්ෂකයෝ බෝල අල්ලමින් ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1033 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2079 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1003 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2433 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1700 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site