බලපිටියේ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුකරුවකු වූ ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) ඉතාලි මිලාන්හි ගැරිබාල්දි වැනිත්තියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍යය වාර්තා කරයි.
සොරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට ඉන්ටර්පෝල් වරෙන්තුවක් තිබූ බව පසුව හෙලි වූ බවත් එරෙට පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු බලපිටියේ ත්‍රිත්ව ඝාතනය සහ තවත් අපරාධ කිහිපයකට අවශ්‍ය කරන කොස්ගොඩ නදුන් ලංකාවෙන් පැන ගොස් ඉතාලියේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්ටෙර්පොලේ ඒ තරම් දක්ෂයෝ කට්ටියක් නෙමයි වගේ නේද? අර සින්ගප්පුර්වේ ඉන්නවයි කියන වයසක ගෑනු කෙනාව තාම හොගන්න බැරි උනානේ.(ස)
මේ තැනට රට විනාශ වුනේ කුමක් නිසාද? (නි)
මෙන්න තවත් හතරේ පාරක් (නි)
තව ටික දවසක් ඉන්න 6 පාරවල් බලාගන්න (නි)
ඉතාලි පොලිසියට ගොඩක් ස්තූතියි (නි)
ලාංකිකයින්ගේ පවට ඔයවගේ මිනිසුන් ඉපදුනේ අපේ රටේ. දැන් ඉතින් හොදයි හිරගෙදර ඉදන් තවත් මිනී 3,4,ක් කොන්ත්‍රත් ක්‍රමයට කළා නම්. ඇමතිලා ඉන්නවනේ බේරගන්න. පහුගිය දිනවල දුකසැප බලන්නත් ගියාලු නේද? ලැජ්ජා වෙයල්ලා මිනිසුනේ ,පෙර පිනකින් නේද මේ මිහි පිට උපන්නේ. මනුස්සයෙක් විදියටම මැරිලා පලයල්ලා. අසුචි නරකාදියේ නොවැටී. (නදී)
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහල තනතුරු දරන කීප දෙනෙකු දැඩි නොසන්සුන්තාවයකට පත් වී ඇත.(නදී)
ලංකාවට යැව්වොත් ඉවරයි. පාර්ලිමේන්තුවේ පාතාලයෙක් ලගට ගනීවී.(නදී)
එහෙදීම ඉවරයක් කරන එක හොඳයි. නැත්තන් මෙහෙට ගෙනාවොත් මෙහෙ පෞදගලික රුපවාහිනී ආයතනයක් ආරම්භ කරයි එලියට අවහම. දැනට ඉතුරු වෙලා ඉන්න කෙල්ලන්ගේ විලි බිය නැති කරන්න.(නදී)
4 පාරට ගිය පන්දුව නැවත ආවා. 6 ගැහුවා පන්දු ඉවරයි. දැන් ප්‍රේක්ෂකයෝ බෝල අල්ලමින් ඉන්නවා.(නදී)
ඉන්ටර්පෝල් එකෙන් ලංකාවේම හොයන කෙනා අල්ලගන්න බැරුවනේ ඉන්නේ. අල්ල ගත්තොත් ලොක්කෙක් කෝ.(නදී)
රන්දී ඔබගේ අදහස ඇත්තටම ඇත්ත. මනුස්සයෙක් වෙලා ඉපදිලා තිරිසනෙක් වගේ වැඩ කරලා අපායට යනවා.(නදී)
ලංකාදීපය තමයි මේ සිදුවීම නැවත කරලියට මතක් කෙරුවේ. එයින් ටික කලකින් තමයි මෙයාව පොලිසියට මාට්ටු වෙන්නේ. දැන් ලංකාදීපය අවදියෙන් සිටින්න. මෙයාලගේ මැරයෝ තාමත් යහතින් හොදින් ඉන්නවා. ඉතාලි පොලිසිය දැනුවත් කිරීමත් අවශ්‍ය වෙනවා. මෙයා ලංකාවට ඇවිත් නැවත බලපිටිය ආසනයට ඇමතිලගේ පිහිටෙන් පාතාල කණ්ඩායම් නිර්මාණය කරයි.(නදී)
දැන් ගෙනාවට කමක් නැහැ. මෙහෙ ඔක්කොම සූදානම් කරලයි තියෙන්නේ.(ස)
එක තමයි අපි කියන්නේ මොන ජාතියේ උනත් ලාංකිකයෙක්නම් කට වැරද්ද ගන්න එපා කියලා තව ඉන්නවා කයිවාරු ගහන කට්ටිය පරිස්සමින් ඉන්න.(නදී)
ලංකාදීප ඉතුරු ටිකත් හොයල විස්තර දාන්න. මේක යට ගහන්න දෙන්න එපා.(ස)
අපට කියන්න මෙයාලා රට ගිය ක්‍රමය. මේවා කොහොමද වුනේ කියලා? (නි)
මේ අය යවන්න එංගලන්තෙට, එහෙ කොටිත් එක්ක හැප්පෙන්න. අපේ අය කුටි කන එකට වෙන මොනවා කරන්නද? (අ)
මේකා තනියෙන් මිනී තිහක් හතළිහක්වත් මරලා තියෙනවා අඩුම ගානේ. මෙයාගේ බළපිටියේ පැත්තේ ගැන්ග් එක මිනී සීයකට වැඩිය මරලා තියෙනවා. ලංකාවට එවනවා කියන්නේ විනාසයක්ම තමා. වනාතේ ඕල්කට් එක්කත් හිටියා ඉස්සර ඕල්කට්ගේ ප්‍රධානම ගෝලයා වෙලා. කොළඹ මරපු මිනී ගාන දෙයියෝ තමා දන්නේ. මෙයා එස් එෆ් එකේ හිටපු ඉහළ නිලධාරියෙක් ඉස්සර. (අ)
අදින් පසුව නැහැ ඔබ හමුවන්නේ පිටිගල මිලානෝ අවසන් දවස් අදවේ. (නදී)
ඇමැත්තෝ වරින් වර ඇවිත් හමුවෙලා යන්නේ මේ උන්නැහේව. කොහොමද එහෙම වෙන්නේ.(නදී)
එහෙහ් තක්කඩියෙක් අල්ලගත්තහම පින්තුර නම ගම ඔක්කොම දානවා මාදියට.අපේ දමන්නේ නම නැතිව,ගම නැතිව.ඒ මොකෝ. අර හාමුදුරුකෙනේක්ව අපහරණේ කරපු කෙනා ගැන වාර්තා කලේ ව්‍යාරිකයෙක් කියා පමණි.බැරිද මේවගේ විස්තර දමන්න. ‘(අ)
මිට වසර කීපයකට කලින් කේ .පි කියල කෙනෙක් ජ්‍යන්තන්තර පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ලංකාවට යැවුවා .ඔහුට නම් උපරිම දඬුවම් දෙමින් සිටිනවා .මේ පුත්ගලයට නම් එතරම්ම දඬුවම් දෙන එකක් නැහැ(අ)
ඩුබායි වලත් ලංකාවේ පාතාලයෝ 30ක් හෝ 35ක් විතර ඉන්නවා. මුන් නයිට් ක්ලබ් වල, ලංකාවෙන් හොරකන් කරපු සල්ලි වලින් ප්‍රසිද්ධියේම හොද හොද සෙල්ලම් සති අන්තයේ කරනවා.(නදී)
මෙයා ඉතාලි පැන්නේ සිංගපුරුවට ඇවිත්. මෙහදී සෙල්ලන් දාන්න බැරි නිසා ඉතාලි පැන්න.(අ)
මේ අපරාද කාරයන්ව අල්ල ගන්න දායකත්වය ලබා දුන්න ලංකාදීප වාර්තාකරු ගැන සොයා බලන්න ඔහුට එදිරියේදී කරදර වෙන්න පුළුවන් දැනට ඉන්න හෙන්චියලගෙන් .(අ)
කෝ මේ පිටිගල මිත්‍රයා? (ස)
බලමු දැන් මෙයාගේ ධර්මේ (අ)
නියමයි ලංකාදීප ......තව ඉදිරියටත් මෙවැනි වැඩ කරන්න (නි)
පිටිගල / ගලබඩ අධිරාජ්‍ය දැන් ඉවරයි වගේ. (නි)
නදුන් කියන්නේ හොද මිනිහෙක් ඔබලා මේ කේ ලියල තියන ඔක්කොම කියන්නේ (අ)
පිටරට ඉන්න පාතාල නායකයන්ව අල්ලන්න කලින් ලංකාව ඇතුලේ ඉදගෙන බය නැතුව හොර මැරකම් කරන පාතාල දේශපාලඥයින්ව ඇල්ලුවොත් නරකද? (නි)
දේශපාලනඥයෙක් බලන්න ගියේ මේගොල්ලන්වද? පව් බේරාගනීවි. (ත)
හංගපු ආයුද පෙන්නන ගිහින් සිදු වුනා කියලා ඉතාලි පොලිසියට කියලා ගේමක් දෙමු.(නදී)
හොඳ කටයුත්තක්. නිදහසේ ඉන්න අනිත් පාතාලයෝත් ඔය වගේම අල්ලාගන්න. ලංකාවෙන් පිටතට පැන්න පාතාලයෝ වගේම ලංකාවේ ඉන්න පාතාල කල්ලිත් නැතිකර දමන්න.(නදී)
ඉන්ටෙර්පොල් තවම තියන්නවද ? ලංකාවේ ඉන්න කාටද රෙඩ් නෝටිස් දුන්නා නේද?(නදී)
කුඩා ඉතින් ඔය කට්ටියව ඉතාලියට එව්වේ ආණ්ඩුවම තමයි.(නදී)
මේ මිනිහ තමා මුළු ඉතාලියේ ශ්‍රී ලාංකකිකයන්ට කරදරයක් උනේ. මේ මිනිහා එක්ක තව මෙයට කඩේ යන කොටසක් ද හිටියා. ඉතාලි පොලිසියට බොහොම ස්තුතියි මේ මිනිහව අල්ලපු එකට.(නදී)
බයවෙන්න එපා නදුන් , එක්මනින් එළියට අරන් බලපිටියේ රනිල්ට ගහපු සෙට් එකට සෙට් කරන්නම්. (ත)
පිටිගල මිලානෝ .ඔබ තුමාගෙන් ප්‍රකාශයක් අවශ්‍යයි මේ ගැන .(නදී)
පුබුදු දන්නවද ඉන්ටර්පෝල් කියන්නේ මොකද්ද කියලා. දන්නවනවානම් ඒක තාම තියෙනවද කියල අහන්නේනේ මොකද ඒක නැතිවෙන්නේ නැහැ.(නදී)
දකුණේ පාතාලේ කිංග් තමා මේ. බළපිටියේ හතර වටේම මෙයාගේ ගෝලයෝ. ලංකාවට එවන්නේ නැතුව කරන දෙයක් ඉතාලියෙන්ම කරනවා නම් හොඳයි. මෙයා ලංකාවට ආවොත් බළපිටියේ දෙපැත්තට බෙදිලා මිනී මරා ගන්නවා කෙළවරක් නැතිව ආයේ. (නි)
මෙයාව ආරක්ෂා කළේ කවුද? මොහු සම්බන්ධ අපරාද මොනවාද? ඒ සියල්ල අපි දනිමු (නි)
නදුන් එක්ක සම්බන්දවෙලා කප්පන් ගනිපු, ඉතාලියේ ඉන්න අපේ සල්ලි වලට වංචා කරලා ඒවා ඉල්ලන්න ගියාම නදුන්ට කියල අපිට සහ අපගේ ලංකාවේ ගෙවල් වලට තර්ජනය කරවපු එරංග ප්‍රනාන්දු අත් අඩංගුවට ගන්නේ නැද්ද? ඔය පින්තුරේ දමල තියෙන කඩේ තමා මිනිහ නදුන්ට නිකන් දුන්නේ.(අ)
අනිත් අයට බේරෙන්න නම් පැනගන්න සුදුසු රට සෝමාලියාව. (නි)
රොමේ අපේ මහගොදර තවත් කිපෙ දෙනෙත් ඉන්නෙවා (ත)
ලංකාවට ඇරියොත් උවමනා කට්ටිය ඉක්මනට එලියට ගනී. මොකද පළාත් සභා ඡන්දෙ තියනවනේ (ත)
දැන් ඉතින් බන්ධනාගාරය ඇතුලට ගිහින් ොහදට සැප විදීවි. එහෙම ඉන්න ගමන් එළියට ආවම ගහන්න සුපිරි ප්ලෑන් එකකුත් සාකච්ඡා කර ගනියි. රටේ කරුමෙට බිහිවෙච්ච අය මේ. බැරි වෙලාවත් ඇප ලැබුණොත් මුහුදේ කුණාටුවෙන් වෙච්ච වින්නැහියට හපන් එකක් වෙනවා බලපිටියේ මිනිස්සුන්ට. ගෝලයෝ ටිකත් තව පිම්බෙයි එතකොට. (නි)
එකාද ඇල්ලුවේ?(නදී)
ලාල් ගලබඩ තුමාගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමු. (ත)
දේශපාලුවෝ තම මෙයාලා ඉතාලි අරින්නේ. නැත්නම් ඉතාලි භාෂාව තියා ඉංගිරිසි මල පොතේ අකුරක් බැරි අය කොහොමද ඉතාලි යන්නේ? (ත)
මෙයා පක්ෂෙද, විපක්ෂෙද බලමු, අවශ්‍ය සුදුසුකම් සපුරයි නම් කොහොම හරි ලංකාවට ගෙන්නගෙන නිදහස් කරමු (ත)
දෙය්යෝ සාක්කි, දැන් ඉතින් අපි ඉවරයි. ලංකාවට එවනවා. සති දෙකෙන් ඇප ලැබෙනවා. ඡන්ද වැඩට එකතුවෙනවා. මෙයාලගේ ගෝලයෝ දැනටත් ඉන්නේ දේශපාලකයෝ ළඟ. ඉන්පසු සම්බන්ධිකරණ ලේකම් වෙලා බලයත් සමගම නියම පාතාල වැඩ පටන්ගන්නවා. අනේ අපේ රටට මොකද වෙන්න යන්නේ."ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවලු". (ත)
අර අපේ නායකයෙක්ගේ රූපය පච්ච කොටාගෙන හිටපු කෙනාට මොකද වුණේ? (නි)
තමන්ගෙ පාඩුවෙ ජීවිත ගත කරගෙන අහිංසක විදිහට ඉතාලියෙ ජීවත් වෙන සියලුම දෙනා වෙනුවෙන් ලංකාදීපයට මගේ ස්තූතිය. ඔබයි මෙය කරලියට ගෙනාවා වගේ මෙතනින් පසු මේ අයට සිදුවන දේ ගැනත් විමසිල්ලෙන් සිට අපට දැනුම් දෙන්න, ස්තූතියි (නි)
ආ.. මල්ලිලා, ගලබඩයි, පිටිගලයි බඩ බුරුල්වෙලා දුවනවා දැක්කා (නි)
වෙඩි දාලා ,කොඩි දාලා පිළිගනිමු ලංකාවට ආවහම (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ,මිනිසාමයි ලොව තිරිසන් වන්නේ .... අදුරු ජීවිතයට අදුර නොව ආලෝකයි සොයන්නේ.... වැරදුනු ජීවිතයට වරද නොව නිවැරදි මගක්මයි සොයන්නේ.... (නි)
මේ මනුස්සයා ඔය ටික කර ගන්න ගොඩාක් දැගලුවා.දැන් හරිනෙ.ඔන්න අවස්තාව තියෙනවා තමන් නිවැරදි කරුවා කියලා ඔප්පු කරන්න.නරක වැඩක් වුනොත් එය නිවැරදි කර ගන්න ඕනෑ.මේක සියලුදෙනාටම පාඩමක්. මිනීමරලා, හොරකම් කරලා, කප්පම් අරගෙන ගෙවපු ජීවිත කතාවට මොනවා වේවිද. (නි)
කවුද වර්තා කරන්නේ? නමක් නැද්ද? (අ)
පාතාලයේ අයත් රටින් පිටවෙන්න තරමටම අපේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන අපගේ දක්ෂ කාර්ය මණ්ඩලය මොකද කරන්නේ? (නි)
අර රට පැන්න කාන්තාව අල්ලගන්න බැරිවුනානේ තවම ඉන්ටර්පෝල් එකට. (නි)
මෙයාගේ නඩුවට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)