IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්

 

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත්, වංචා දූෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීම සහ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙහිදී අවධාරණය කළේය.

එසේම පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ  පවතින ක්‍රමවේදය ඉතා වැදගත් වන බවත්, එම ක්‍රමවේදය තුළින් වංචා දූෂණ අවම කර ගැනීමට හැකියාව පවතින බවත් සඳහන් කළ මහ කොමසාරිස්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබදව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බවද වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්

Bunny Preena Thursday, 07 November 2024 09:27 AM

එහෙම දැනුවත් කිරීමක් කරනවා නම් කොච්චර හොඳද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 85 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 5135 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 1934 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3148 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 4826 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1111 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1995 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site