IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලොකු රටවල් ආඬි හත්දෙනා වගේලු

දිගු කාලීන ගැටුම් වලට මුහුණ දී සාමය තහවුරු කිරීමට උත්සාහ කරන රටවල් සඳහා බලවත් රටවල මූල්‍ය දායකත්වය ඉහළ නැංවිය යුතු බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් ස්ථාපිත කරන ලද සාමය ගොඩනැගීමේ අරමුදලට පොරොන්දු වූ දායකත්වය බලවත් රටවලින් මෙතෙක් හිමිවී නොමැති බවද අමාත්‍ය සමරවීර මහතා සඳහන් කර සිටී.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති සාමය ගොඩනැගීමේ ආධාර සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාමය ගොඩනැගීමේ අරමුදලෙන් උපකාර ලැබිය යුතු රටක් ලෙස ශ්‍රී ලංකාවද නම් කර ඇති බවත් ,2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බල පෙරළියත් සමඟ මෙරට යහපාලනය ,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ,මානව හිමිකම් , නීතියේ ආධිපත්‍යය හා යුක්තිය වෙනුවෙන්  බොහෝ වැඩ කොටසක් ඉටු කිරීමට හැකි වූ බවය.විශේෂයෙන් දිගු කාලීන සාමය තහවුරු කිරීම වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරමින් සිටින්නේ යැයි ද විදේශ අමාත්‍යවරයා පැවසීය.එසේම එමඟින් ලැබුණු ආධාර මත උතුරේ නැවත පදිංචි කිරීම් හත්දහසක් පමණ සිදු කිරීමටද ශ්‍රී ලංකා රජයට  හැකිවූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී කීය.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් පසුව නැවත ගොඩනැඟීම , ප‍්‍රතිසන්ධානය හා යුද්ධය නැවත ඇතිවීමට ඉඩ නොදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන මේ මොහොතේදී මෙවැනි අරමුදලක වටිනාකම තම රජය හොඳින්ම දන්නා බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් යුද්ධයෙන් පීඩා විඳින රටවල් ඇතුළුව ලොව පුරා සාමය තහවුරු කිරීමේ ක‍්‍රියාවලියට අදාළ අරමුදල තවදුරටත් ශක්තිමත් කරලීමට ලෝකයේ බලවත් රාජ්‍යයන් පියවර ගත යුතු බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී සඳහන් කර සිටියේය.

Peace_Building_Conference



අදහස් (0)

ලොකු රටවල් ආඬි හත්දෙනා වගේලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1332 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1498 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1335 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site