ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ රෝඞ් ෂෝ නම් වැඩසටහන් මාලාවක් සෞදි අරාබිය පුරා පැවැත්විණි.
සෞදි අරාබියේ රියාද් පහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැති මෙම ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාව රියාද් කේන්ද්‍ර කර ගනිමින් ජෙඩා කලාපය සහ නැගෙනහිර කලාපය ආවරණය කරමින් සංවිධානය කර තිබිණි.
ගරු ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක‍්‍රිෂ්ණමූර්ති මහතාගේ සහභාගිත්වයෙන් සහ මග පෙන්වීමෙන් පැවැති මෙම රෝඞ් ෂෝ වැඩසටහනෙහි අවසන් අදියර 2013 සැප්තැම්බර් 10 වෙනි දින අල් කොබාර් මැරිඩියන් හෝටල් පරිශ‍්‍රයේදී වැඩසටහන පැවැත්විණි.
වසර තිහක යුද්ධය නිමාවීමෙන් පසු නැගී එන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ මූලික පදනම මත සංවිධානය කර තිබූ මෙම වැඩසටහන් මාලාව සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අනුබද්ධිත ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූ අතර සෞදි අරාබියේ විවිධ රටවලට අයත් සංචාරක කර්මාන්තයේ විවිධ ආයතනවල නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වී සිටීම කැපී පෙනෙන ලදී.
ශ්‍රී ලංකාව පිළිබඳව හරවත් දේශනයක් කරමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ගරු වඩිමෙල් ක‍්‍රිශ්නමූර්ති මහතා පැවසූවේ නැගී එන ශ්‍රී ලංකාවේ දියුණුවත් සමගම විදෙශීය සංචාරකයින් සඳහා වැඩි දියුණු කරන ලද සංචාරක පහසුකම් වල සුව පහසුව විඳීමට ලස්සන ශ්‍රී ලංකාවට පැමිණ සංචාරක කර්මාන්තය සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.
ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම් අනිල් සිරිමාන්න මහතා ද ශ්‍රී ලංකා ගුවන් සේවය වෙනුවෙන් සෞදි අරාබියානු කළමනාකාර ශිරාන් ඒ. පෙරේරා මහතා ද සංචාරක කර්මාන්තය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව හරවත් කතා පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ වෝර්කස් ටුවර්ස් වෙනුවෙන් විධායක නිලධාරි සන්දීප් ජයවර්ධන, සෞදි අරාබියේ කැනූ ට‍්‍රැවල්ස් (සෞදි) ( මොංනාවල් ඉන්ජන්ස් ටැංගරින්) (ශ්‍රී ලංකා) ලියෝන් බෙල්කසාර්, අසාරියර් ටුවර්ස් (සෞදි) රානියා ශර්කුවයි මැතිනියද රෝසන් ටුවර්ස් වෙනුවෙන් සාගර පලිහුවඩන මහතා ද එයිට්කන් ස්පෙන්ස් වෙනුවෙන් කනිශ්ක පේ‍්‍රම් මහගෙදර මහතාද හෙලන්කා වැකේෂන් වෙනුවෙන් සම්පත් ප‍්‍රනාන්දු, කොස්කෝඞ් එක්ස්හෝටික් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි ඩැනියෙල් මහතා ද සිනමන් ග‍්‍රෑන්ඞ් වෙනුවෙන් එහි විධාක නිලධාරි අසංක ප‍්‍රනාන්දු මහතා ද ජෙව්ටින් ට‍්‍රැවල්ස් වෙනුවෙන් සිසිර අබේරත්න මහතාද සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතෘකාවට අදාල නොවන දේවල් කතාකරනවට වැඩ යහපත් අදහසක් ප්‍රකාශ කරනවානම් වටිනවා නේද? මොකද මම දන්නා අරාබි ජාතිකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ තිබෙනවා ඔවුන් ආරුගම් බේ, නුවර එලිය, හික්කඩුව සහ අපේ පවුරාණික ස්ථාන නැරබීමට ගිහින් තියෙනවා සමහර අය කිහිප වතාවක් පැමිණ තිබෙනවා. සමහර තරුණ උදවිය තමන්ගේ මධුසමය ගතකරන්න පවා තෝරාගෙන තියෙනව. හැබැයි ඔවුන්ට අපේ රටේ තිබෙන දේවල් පිලිබඳ හැගීම අදහස් පලකරන සමහරුන්ට නැති එකයි කණගාටුව. (අ)
දැන් ලංකාවට එන වැඩිම වියදම් කරන, වැඩියෙන්ම රටට ආස ජාතිය තමයි අරාබි ජාතිකයින්. අපේ රටේ මිනිස්සු එහෙ වැඩට යන එක කැමැත්තෙන් නේ කරන්නේ... කට්ටියක් වරද්දා ගන්නවා. හැබැයි එහෙ ගිහින් හාම්පුතාගේ හිත දිනාගෙන හොඳින්ම ඉන්න අයත් ඉන්නවා.ලංකාවෙත් ගෙවල් වල වැඩ කරන අය ඔය දෙපැත්තම අත්විඳිනවා.අනික අපේ රටට එන එක හලාල් හින්දා අඩුවෙලත් තාම අපි දකිනවා අරාබි අය ලංකාවට එනවා. (නි)
වීරගේ ජාතිවාදය නිසා අන්‍ය ආගමිකයන් ඉස්ලාමය ගැන පැහැදී නුදුරු අනාගතේදී ඉස්ලාම් ආගම වැළද ගන්නවා නිසැකයි... (ස)
අනේ මෝඩ වීරෝ සෑම අරාබි රටක්ම ලංකාවට තෙල් දෙන්නේ සහන මිලකට ඒක දැනගනු... (ස)
වීර,....සෙන්තිල්ගේ ප්‍රකාශය හරියට හරි. තමුසේ කට පියාගෙන ඉන්නවා. නොදන්නා දේට ඇගිලි ගහන්නේ නැතිව.. (ස)
ගයිඩලාට තමයි මාරු පහර (දී)
නැ..නෑ.. මම කිවේ අපිත් ඒගොල්ලෝ වගේ ලන්ච් එකට ආගම කනවා සංස්කෘතය බොනවා කියා. (දී)
වීර, සත්‍ය, ළිං මැඩියෝ නොවී මාලදිවයිනටවත් ගිහිල්ලා එන්න මොලේ ටිකක් පැදෙයි.ප්‍රමෝෂන් කරන්නේ ලංකාවේ අයවලුන් මිස ස නෙවෙයි. පිනට මොකුත් ගන්න එපා කියලා රජයට කියන්න වීර ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක කීයද ? (ස)
ඔන්න බොලේ කෝටිපතියෝ එනවා. සෞදින් මෙහෙ එන්නේ මොන හේතුවකටද? අපිත් සෞදින් වගේම ආගම කලා, සංස්කෘතිය තිබෙන රටක්.ඒ ගොල්ලෝ මෙහෙ ඇවිල්ලා මොනවා කරන්නද? (ස)
සෞදි එක්ක කිසිම ගනු දෙනුවක් එපා... සල්ලි වලට පෙරේත කමේ ඔක්කොම නෙති කර ගන්නවා. ඇත්තටම අපි මොඩම ජාතියක්. (දී)
අරාබි රටවලට ලංකාවේ ගැහැණු ඉදිරියේදී නොඑවාවී කියා බයෙන්ද මෙහෙම මෙහෙට එන්නේ. (නි)
මේ වගේ රට වලින් උදව් ගන්න ගිහින් සිංහලයට සිංහලකමටත් බෞද්ධයාගේ බෞද්ධකමටත් හීන් නූලෙන් වැඩේ දීලා ගියහම ලොකු කට්ටිය පැනලා යාවි. ඉතුරුවෙන අපිට තම ඒ කරුමේත් ගෙවන්න වෙන්නේ. (නි)
මොහොමඩ් සෙන්තිල්,මට අපේ සිංහල රටේදී අදහස් ප්‍රකාශ කරන්න එපා කියන්න නුඹ කව්ද.නුඹලාගේ ඔය සෙල්ලම් අරාබියේ දැම්මොත් හොඳයි. (දී)
වීරට අදහස් දාන්න එපා කියලා මම කියලත්, තවම දානවා. සෞදි අරාබියාව ගැන කතාකරන්න ඔයාට ඇති තත්වය කුමක්ද? (නි)
ඇත්තටම සෞදි අරාබියාවෙන් ලංකාවට විශාල ප්‍රමාණයක් සංචාරකයන් එනවද? (ස)
සුවසිලන්තේ,උගන්ඩාව, අරාබි රටවල් නිසා තමා අපේ රට කවද හරි දියුණුවේ හිනි පෙත්තටම යන්නේ. (අ)
අපේ රටෙන් වහල් සේවයට යන අහිංසක මිනිස්සුන්ට පඩි ගෙවන්න බැරි අයගේ ම්ලේච්ච රටින් අපිට පිනට කිසිදෙයක් ඕනේ නැහැ. තෙල් ගන්නේ අපි නයට නෙමෙයි. සල්ලි ගෙවලා.(නදී)
මේ අය වැඩි වෙනකොට තව මොන මොන ඒවා වැඩි කරන්න කියයි ද දන්නේනෑ. (අ)
ඇත්තටම අරාබි සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවට එනවා . මම දන්නේ නැහැ, එයාල සව්දියෙන්මද කියල.ඒක මම දැකපු දෙයක්. මට පුදුමත් හිතුන.අපේ රට,සංචාරක කර්මාන්තයෙන් දියුණු වෙනවා, ඒක තමයි ඇත්තම ඇත්ත. (අ)
අය්යෝ (අ)
නියමයි ..ලංකාවට ඇවිල්ල ලස්සන බලලා ගෘහ පාලිකාවකුත් අරන් අන්න පුළුවන් ඊට පස්සේ දස වද දීල අපහු එවපහුහම සාදරයෙන් පිලිගන්නත් අපි බලන් ඉන්නවා..(අ)
අපේ ගැහැනු ටික සෞදි ඇරියා මදිවට තව එකක්. අපි විරුද්ධයි. (නි)
අපිනම් ඔය තරු පන්ති හෝටල් මොන වගේද කියලවත් දන්නේ නෙහෙ,වරුණ දාන්නකෝ බලන්න පින්තුර ටික,බලන්න (අ)
ලුම්බිණි, කොළඹ තියෙන තරු පන්ති හෝටල් වලට ගිහින් බලන්නකෝ කොච්චර අරාබි කාරයෝ ප්‍රමාණයක් ලංකාවේ සංචාර සදහා ඇවිල්ලා ඉන්නවද කියලා ? (ස)
අපේ පැත්තෙ නම් උරුලෑවෝ නැහැ. ඒත් වලල්ලවිටගේ නමම තියෙන ගමක් තියෙනවා. එහෙනම් ඕන තරම් ඇති.අනික හදට පොලු ගහපු ගම තියෙන්නෙත් වලල්ලවිටගේ නමේ ගම කිට්ටුවනේ .හදට පොලු ගහපු කට්ටියත් ඔයාගේ ඥාති වෙන්න ඇති නේද? (ස)
ඔය ගොල්ලන් කැලෑ වලට හරිම බයයි. අපේ කැලෑ වනාන්තර දැක්ක ගමන් බයට ආපහු දුවනවා සිකුරුයි.(නදී)
වරුණ, ඔයාටත් පුළුවන් අර ගෙවල් පැත්තට එන උරුලෑව පෙන්නලා කීයක් හරි හොයා ගන්න. (ස)
සෞදි වලින් ඇවිත් බුරුව ගහන්නද කොළ බෙදන්නේ.(නදී)