IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලංකා සංචාරක ව්‍යාපාරයට සෞදි පිම්මක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ රෝඞ් ෂෝ නම් වැඩසටහන් මාලාවක් සෞදි අරාබිය පුරා පැවැත්විණි.

සෞදි අරාබියේ රියාද් පහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැති මෙම ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාව රියාද් කේන්ද්‍ර කර ගනිමින් ජෙඩා කලාපය සහ නැගෙනහිර කලාපය ආවරණය කරමින් සංවිධානය කර තිබිණි.

ගරු ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක‍්‍රිෂ්ණමූර්ති මහතාගේ සහභාගිත්වයෙන් සහ මග පෙන්වීමෙන් පැවැති මෙම රෝඞ් ෂෝ වැඩසටහනෙහි අවසන් අදියර 2013 සැප්තැම්බර් 10 වෙනි දින අල් කොබාර් මැරිඩියන් හෝටල් පරිශ‍්‍රයේදී වැඩසටහන පැවැත්විණි.

වසර තිහක යුද්ධය නිමාවීමෙන් පසු නැගී එන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ මූලික පදනම මත සංවිධානය කර තිබූ මෙම වැඩසටහන් මාලාව සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අනුබද්ධිත ආයතන වල විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූ අතර සෞදි අරාබියේ විවිධ රටවලට අයත් සංචාරක කර්මාන්තයේ විවිධ ආයතනවල නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වී සිටීම කැපී පෙනෙන ලදී.

ශ්‍රී ලංකාව පිළිබඳව හරවත් දේශනයක් කරමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ගරු වඩිමෙල් ක‍්‍රිශ්නමූර්ති මහතා පැවසූවේ නැගී එන ශ්‍රී ලංකාවේ දියුණුවත් සමගම විදෙශීය සංචාරකයින් සඳහා වැඩි දියුණු කරන ලද සංචාරක පහසුකම් වල සුව පහසුව විඳීමට ලස්සන ශ්‍රී ලංකාවට පැමිණ සංචාරක කර්මාන්තය සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම් අනිල් සිරිමාන්න මහතා ද ශ්‍රී ලංකා ගුවන් සේවය වෙනුවෙන් සෞදි අරාබියානු කළමනාකාර ශිරාන් ඒ. පෙරේරා මහතා ද සංචාරක කර්මාන්තය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව හරවත් කතා පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ වෝර්කස් ටුවර්ස් වෙනුවෙන් විධායක නිලධාරි සන්දීප් ජයවර්ධන, සෞදි අරාබියේ කැනූ ට‍්‍රැවල්ස් (සෞදි)  ( මොංනාවල් ඉන්ජන්ස් ටැංගරින්) (ශ්‍රී ලංකා) ලියෝන් බෙල්කසාර්, අසාරියර් ටුවර්ස් (සෞදි) රානියා ශර්කුවයි මැතිනියද රෝසන් ටුවර්ස් වෙනුවෙන් සාගර පලිහුවඩන මහතා ද එයිට්කන් ස්පෙන්ස් වෙනුවෙන් කනිශ්ක පේ‍්‍රම් මහගෙදර මහතාද හෙලන්කා වැකේෂන් වෙනුවෙන් සම්පත් ප‍්‍රනාන්දු, කොස්කෝඞ් එක්ස්හෝටික් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි ඩැනියෙල් මහතා ද සිනමන් ග‍්‍රෑන්ඞ් වෙනුවෙන් එහි විධාක නිලධාරි අසංක ප‍්‍රනාන්දු මහතා ද ජෙව්ටින් ට‍්‍රැවල්ස් වෙනුවෙන් සිසිර අබේරත්න මහතාද සහභාගි වී සිටියහ.

 

 

 

 

 



අදහස් (0)

ලංකා සංචාරක ව්‍යාපාරයට සෞදි පිම්මක්

මිනිපෙ Thursday, 12 September 2013 09:30 AM

ඔන්න බොලේ කෝටිපතියෝ එනවා. සෞදින් මෙහෙ එන්නේ මොන හේතුවකටද? අපිත් සෞදින් වගේම ආගම කලා, සංස්කෘතිය තිබෙන රටක්.ඒ ගොල්ලෝ මෙහෙ ඇවිල්ලා මොනවා කරන්නද? (ස)

:       0       0

මංජුල Wednesday, 11 September 2013 08:02 PM

මාතෘකාවට අදාල නොවන දේවල් කතාකරනවට වැඩ යහපත් අදහසක් ප්‍රකාශ කරනවානම් වටිනවා නේද? මොකද මම දන්නා අරාබි ජාතිකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණ තිබෙනවා ඔවුන් ආරුගම් බේ, නුවර එලිය, හික්කඩුව සහ අපේ පවුරාණික ස්ථාන නැරබීමට ගිහින් තියෙනවා සමහර අය කිහිප වතාවක් පැමිණ තිබෙනවා. සමහර තරුණ උදවිය තමන්ගේ මධුසමය ගතකරන්න පවා තෝරාගෙන තියෙනව. හැබැයි ඔවුන්ට අපේ රටේ තිබෙන දේවල් පිලිබඳ හැගීම අදහස් පලකරන සමහරුන්ට නැති එකයි කණගාටුව. (අ)

:       0       0

ආරොන් Thursday, 12 September 2013 09:44 AM

වීර, සත්‍ය, ළිං මැඩියෝ නොවී මාලදිවයිනටවත් ගිහිල්ලා එන්න මොලේ ටිකක් පැදෙයි.ප්‍රමෝෂන් කරන්නේ ලංකාවේ අයවලුන් මිස ස නෙවෙයි. පිනට මොකුත් ගන්න එපා කියලා රජයට කියන්න වීර ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක කීයද ? (ස)

:       0       0

සෙන්තිල් Wednesday, 11 September 2013 08:11 PM

වීරට අදහස් දාන්න එපා කියලා මම කියලත්, තවම දානවා. සෞදි අරාබියාව ගැන කතාකරන්න ඔයාට ඇති තත්වය කුමක්ද? (නි)

:       0       0

මිනිපෙ Thursday, 12 September 2013 10:01 AM

නැ..නෑ.. මම කිවේ අපිත් ඒගොල්ලෝ වගේ ලන්ච් එකට ආගම කනවා සංස්කෘතය බොනවා කියා. (දී)

:       0       0

යශෝ Thursday, 12 September 2013 10:23 AM

ගයිඩලාට තමයි මාරු පහර (දී)

:       0       0

වීර Wednesday, 11 September 2013 10:03 PM

මොහොමඩ් සෙන්තිල්,මට අපේ සිංහල රටේදී අදහස් ප්‍රකාශ කරන්න එපා කියන්න නුඹ කව්ද.නුඹලාගේ ඔය සෙල්ලම් අරාබියේ දැම්මොත් හොඳයි. (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 04:10 PM

ඇත්තටම සෞදි අරාබියාවෙන් ලංකාවට විශාල ප්‍රමාණයක් සංචාරකයන් එනවද? (ස)

:       0       0

සුමිත් Wednesday, 11 September 2013 04:28 PM

සෞදි වලින් ඇවිත් බුරුව ගහන්නද කොළ බෙදන්නේ.(නදී)

:       0       0

වලල්ලාවිට Wednesday, 11 September 2013 04:23 PM

වරුණ, ඔයාටත් පුළුවන් අර ගෙවල් පැත්තට එන උරුලෑව පෙන්නලා කීයක් හරි හොයා ගන්න. (ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 11 September 2013 04:31 PM

ඔය ගොල්ලන් කැලෑ වලට හරිම බයයි. අපේ කැලෑ වනාන්තර දැක්ක ගමන් බයට ආපහු දුවනවා සිකුරුයි.(නදී)

:       0       0

රජින්ද Thursday, 12 September 2013 01:02 AM

මේ වගේ රට වලින් උදව් ගන්න ගිහින් සිංහලයට සිංහලකමටත් බෞද්ධයාගේ බෞද්ධකමටත් හීන් නූලෙන් වැඩේ දීලා ගියහම ලොකු කට්ටිය පැනලා යාවි. ඉතුරුවෙන අපිට තම ඒ කරුමේත් ගෙවන්න වෙන්නේ. (නි)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 04:49 PM

අපේ පැත්තෙ නම් උරුලෑවෝ නැහැ. ඒත් වලල්ලවිටගේ නමම තියෙන ගමක් තියෙනවා. එහෙනම් ඕන තරම් ඇති.අනික හදට පොලු ගහපු ගම තියෙන්නෙත් වලල්ලවිටගේ නමේ ගම කිට්ටුවනේ .හදට පොලු ගහපු කට්ටියත් ඔයාගේ ඥාති වෙන්න ඇති නේද? (ස)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 04:52 PM

ලුම්බිණි, කොළඹ තියෙන තරු පන්ති හෝටල් වලට ගිහින් බලන්නකෝ කොච්චර අරාබි කාරයෝ ප්‍රමාණයක් ලංකාවේ සංචාර සදහා ඇවිල්ලා ඉන්නවද කියලා ? (ස)

:       0       0

සත්‍යා Thursday, 12 September 2013 04:42 AM

අරාබි රටවලට ලංකාවේ ගැහැණු ඉදිරියේදී නොඑවාවී කියා බයෙන්ද මෙහෙම මෙහෙට එන්නේ. (නි)

:       0       0

ශ්‍රියාලතා Wednesday, 11 September 2013 05:16 PM

අපිනම් ඔය තරු පන්ති හෝටල් මොන වගේද කියලවත් දන්නේ නෙහෙ,වරුණ දාන්නකෝ බලන්න පින්තුර ටික,බලන්න (අ)

:       0       0

අරුමුගම් Thursday, 12 September 2013 12:40 PM

වීර,....සෙන්තිල්ගේ ප්‍රකාශය හරියට හරි. තමුසේ කට පියාගෙන ඉන්නවා. නොදන්නා දේට ඇගිලි ගහන්නේ නැතිව.. (ස)

:       0       0

ඩයස් Wednesday, 11 September 2013 05:20 PM

අපේ ගැහැනු ටික සෞදි ඇරියා මදිවට තව එකක්. අපි විරුද්ධයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 11 September 2013 05:36 PM

නියමයි ..ලංකාවට ඇවිල්ල ලස්සන බලලා ගෘහ පාලිකාවකුත් අරන් අන්න පුළුවන් ඊට පස්සේ දස වද දීල අපහු එවපහුහම සාදරයෙන් පිලිගන්නත් අපි බලන් ඉන්නවා..(අ)

:       0       0

නිසාර් Wednesday, 11 September 2013 05:37 PM

අය්යෝ (අ)

:       0       0

සාලිය Friday, 13 September 2013 04:16 PM

දැන් ලංකාවට එන වැඩිම වියදම් කරන, වැඩියෙන්ම රටට ආස ජාතිය තමයි අරාබි ජාතිකයින්. අපේ රටේ මිනිස්සු එහෙ වැඩට යන එක කැමැත්තෙන් නේ කරන්නේ... කට්ටියක් වරද්දා ගන්නවා. හැබැයි එහෙ ගිහින් හාම්පුතාගේ හිත දිනාගෙන හොඳින්ම ඉන්න අයත් ඉන්නවා.ලංකාවෙත් ගෙවල් වල වැඩ කරන අය ඔය දෙපැත්තම අත්විඳිනවා.අනික අපේ රටට එන එක හලාල් හින්දා අඩුවෙලත් තාම අපි දකිනවා අරාබි අය ලංකාවට එනවා. (නි)

:       0       0

දයාන් Wednesday, 11 September 2013 06:38 PM

ඇත්තටම අරාබි සංචාරකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවට එනවා . මම දන්නේ නැහැ, එයාල සව්දියෙන්මද කියල.ඒක මම දැකපු දෙයක්. මට පුදුමත් හිතුන.අපේ රට,සංචාරක කර්මාන්තයෙන් දියුණු වෙනවා, ඒක තමයි ඇත්තම ඇත්ත. (අ)

:       0       0

අසංග Wednesday, 11 September 2013 06:50 PM

මේ අය වැඩි වෙනකොට තව මොන මොන ඒවා වැඩි කරන්න කියයි ද දන්නේනෑ. (අ)

:       0       0

විමල් Thursday, 12 September 2013 01:29 PM

අනේ මෝඩ වීරෝ සෑම අරාබි රටක්ම ලංකාවට තෙල් දෙන්නේ සහන මිලකට ඒක දැනගනු... (ස)

:       0       0

වීර Wednesday, 11 September 2013 06:58 PM

අපේ රටෙන් වහල් සේවයට යන අහිංසක මිනිස්සුන්ට පඩි ගෙවන්න බැරි අයගේ ම්ලේච්ච රටින් අපිට පිනට කිසිදෙයක් ඕනේ නැහැ. තෙල් ගන්නේ අපි නයට නෙමෙයි. සල්ලි ගෙවලා.(නදී)

:       0       0

ජලීල් Thursday, 12 September 2013 01:36 PM

වීරගේ ජාතිවාදය නිසා අන්‍ය ආගමිකයන් ඉස්ලාමය ගැන පැහැදී නුදුරු අනාගතේදී ඉස්ලාම් ආගම වැළද ගන්නවා නිසැකයි... (ස)

:       0       0

කලන Thursday, 12 September 2013 08:39 AM

සෞදි එක්ක කිසිම ගනු දෙනුවක් එපා... සල්ලි වලට පෙරේත කමේ ඔක්කොම නෙති කර ගන්නවා. ඇත්තටම අපි මොඩම ජාතියක්. (දී)

:       0       0

කෙවීන් Wednesday, 11 September 2013 07:05 PM

සුවසිලන්තේ,උගන්ඩාව, අරාබි රටවල් නිසා තමා අපේ රට කවද හරි දියුණුවේ හිනි පෙත්තටම යන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1200 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7785 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3991 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 326 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1597 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1699 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29065 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23625 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site