IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැබූ විශ්වාසය ගැන සිහි තබා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් රකිනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වන බවත් ලංකා සභාව ජනපති පදවි ප්‍රාප්තිය පිළිබඳ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙරට ජනතාවට සාමාන්‍ය පරිදි ජීවිත ගත කිරීමට හැකිවන පරිදි සුමට බල හුවමාරුවක් සහ සිවිල් ජන ජීවිතය ඉක්මනින් යථා තත්වයට පත් කිරීමක් අපේක්ෂා කරන බවද ලංකා සභාව පැවැසුවේය. තමාට ඡන්දය නොදුන් ජනතාව ඇතුළු මේ රටේ සියලුම ජනතාවගේ ජනාධිපතිවරයා තමා බව නව ජනාධිපතිතුමා මතක තබා ගත යුතු බවත් එම පිරිසට වාර්ගික සහ ආගමික සුළුතරයක් මෙන්ම සමාජයේ කොන්වී සිටින බොහෝ අයද ඇතුළත් බවද මතක තබා ගත යුතු බවත් ලංකා සභාව ප්‍රකාශ කළේය.

බියෙන් හා තැතිගැනීමෙන් තොරව තම ඡන්ද බලය භාවිත කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණු සාමකාමී, සන්සුන් හා සාධාරණ මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වීම ප්‍රශංසනීය බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා කටයුතු කළ සියලුම පාර්ශවවලට ස්තුතිය පළ කරන බවත් ලංකා සභාව පැවැසුවේය.

මැතිවරණ සමය සහ මැතිවරණ දිනය මෙරට ජනතාවගේ පරිණතභාවයට සහ රටේ අඛණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට සාක්ෂියක් වූ බවද ලංකා සභාව ප්‍රකාශ කළේය.මෙවර මැතිවරණයේදී පොලිතින් භාවිතයේ, විශාල පුවරු සහ පෝස්ටර් භාවිතයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණු බවද ලංකා සභාව පැවැසුවේය.

නව ජනාධිපතිවරයාට ලැබුණු ජනවරමින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඥාති සංග්‍රහය, ගජ මිතුරුකම්, දූෂණය සහ මැතිවරණ ආසන්නයේදී අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ පැතිමාරුවීම් ජනතාව ප්‍රතික්ෂේප කිරීමක් බවද ලංකා සභාව ප්‍රකාශ කළේය. අධික ණය බර නිසාත් ලාභදායි ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව නොමැති කම නිසාත් මෙරට ජනතාව ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක නිරතවන බවද ලංකා සභාව පැවැසුවේය.

නව පරිපාලනය කැපවීමෙන් සහ කඩිනමින් යුතුව සිය වැඩකටයුතු ආරම්භ කර රටේ මූලික ප්‍රශ්නවලට ඉතාමත් ඉක්මනින් විසඳුම් සෙවීමේ අභියෝගය සමග පොරබදනු ඇතැයි බලාපොරොත්තු වන බවත් දැන් කතාවන් ක්‍රියාත්මක කිරීමට කාලය බවත් ලංකා සභාව ප්‍රකාශ කළේය.

කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමන්ලාගේ අත්සනින් යුතුව මෙම සුබ පැතුම් පණිවුඩය ලංකා සභාව නිකුත් කර තිබිණි.



අදහස් (0)

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 108 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 31 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 313 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1233 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 393 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 142 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site