IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලෙකෝ සේවකයන් අමාරුවේ වැටුණේ වැරදි වාර්තාවලින්

(සිරංගිකා ලොකුකරවිට) 

ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පෞද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදි ලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

එම වැරදි වාර්තා හේතුවෙන් කඳාන ලෙකෝ ආයතනයේ සේවකයන් කිහිප දෙනකු සහ තවත් පෞද්ගලික ආයතන කිහිපයක සේවකයන් කොරෝනා රෝගීන් යොමුකරන රෝහල්වලට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහල තමන් දුන් වාර්තාව වැරදි බව පසුව ප්‍රකාශ කිරීමත් සමග එම සේවකයන් රෝහල් වලින් ඉවත්කර නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

මේ අනුව විදුලි පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතරින් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු නොවූ හත් දෙනකු ආපසු යැවීමට කටයුතු කර ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ලේ පෝද්දල පදිංචිකරුවා මෙසේ කීවේය.

”මට විශාල අසාධාරණයක් වුණා. මෙය නැවත නිවැරදි කරන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මා පසුගිය 3 වැනි දා මගේ නිවසට ඇවිත් නැවත 6 වැනි දා කාර්යාලයට ගියාට පස්සේ දැනගත්තා අපේ කාර්යාලයේ වෙනත් නිලධාරයකුගේ දියණියක් කොරෝනා ආසාදනය වෙලා කියා. ඒ නිසා අපටත් නිවෙස්වල නිරෝධායනය වෙන්න සිදුවනවා කියා. මා නැවත ගාල්ලට එනවා කියන්නේ මට කොරෝනා ආසාදනය වෙලා නම් විශාල පිරිසක් අමාරුවේ දැමීමක්. ඒ ගැන අපි සාකච්ඡා කළාම අපේ සමාගම තීරණය කළා අපේ පීසීආර් පරීක්ෂණයක් කරන්න. මෙය රජයෙන් කරන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික රෝහලකින් කරවා ගත්තා. එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 8,800 ක් බැගින් වැයවුණා. ඔවුන්ට සාම්පල දුන්නේ පසුගිය 10 වැනි දා. 13 වැනි දා උදේ ඒ රෝහලෙන් කතා කරලා කිව්වා මටත් තවත් 6 දෙනෙකුටත් ආසාදනය වෙලා නැහැ, නමුත් 5 දෙනෙක් ආසාදිතයි කියලා. නැවත සවස කඳාන පොලිසියෙන් කතා කරලා කිව්වා රෝහලෙන් අලුත්ම වාර්තාවක් ලැබිල තියෙනවා. ඒ අනුව මමත් අසාදිතයෙක් කියා. සෞඛ්‍ය අංශවලින් මාව ලග්ගල රෝහලට ගෙන ගියා. මාව රඳවා තැබුවේ කොරෝනා රෝගීන් සමග. පසුව දැනගත්තා මා ආසාදිතයෙක් බවට පෞද්ගලික රෝහලෙන් පවසා තිබුණේ වැරදීමකින් කියලා. ඔවුන් කරපු වැරැද්ද නිසා මට රෝහලක ආසාදිතයන් සමග ඉන්න වුණා. මට ඉබේම කොරෝනා වයිරසයට නිරාවරණය වෙන්න වුණා. ඒ විතරක් නෙවෙයි අපි ආසාදිතයි කියලා අපේ පවුලේ අය පවා නිරෝධායනයට යොමු කළා. මගේ දරුවන් අධ්‍යාපනය ලබනවා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට විශ්ව විද්‍යාලවලට පවා මෙය ගැටලුකාරී දෙයක් වුණා. මා ප්‍රදේශයේ සමිති සමාගම් රැසක සාමාජිකත්වය දරනවා. මෙය මගේ ජීවිතයට විශාල කැළලක්. මේ ගැන මාධ්‍යවල, සමාජ මාධ්‍යවල පවා ප්‍රචාරය වුණා. සමාජය අපි දිහා බැලුවේ අපි වරදක් කරපු මිනිස්සු හැටියට. මේවාට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. මට ඇත්තටම කොරෝනා තිබුණේ නැහැ. නමුත් වැරදි වාර්තාවක් නිසා මට කොරෝනා ආසාදිතයන් ඉන්න තැනට යන්න වුණා. ‍මේක මොන තරම් අසාධාරණයක් ද ?

අසාදිතයැයි පැවසූ පුද්ගලයාගේ පෝද්දල නිවසේ සිටි බිරිඳ, දරුවන් දෙදෙනා, මව, පියා සහ නැන්දණියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙය වීමෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබූ අතර 15 වැනි බ්‍රහස්පතින්දා වනවිට එම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් කියැවුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි. එසේ වුව ද ඔවුන් නිවසේම නිරෝධායනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ලෙකෝ සමාගම තම ආයතනයේ සේවය කරන සාමාජිකයන් සඳහා ගෙවීම් සිදුකර නිරෝධායනය විය හැකි හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

ලෙකෝ සමාගමේ නිලධාරීන් ඒ අනුව දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් තම අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඔවුන්‍ කොරෝනා ආසාදිතයන් සිටින රෝහලට යොමු කළ දින සිට දින 14කින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් එම ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරයකු පැවසීය.



අදහස් (2)

ලෙකෝ සේවකයන් අමාරුවේ වැටුණේ වැරදි වාර්තාවලින්

විජිත් Sunday, 18 October 2020 08:21 AM

මහත්මයාණෙනි, ඔබට සිදුවී ඇති අසාධාරණයට විරුද්ධව නීතිමගින් ක්‍රියා කරන්න පුළුවන්. ඒ ගැන ඔබ දන්නා නීතිඥ මහත්මයෙකුගෙන් විස්තර දැනගන්න. ඔබ ළඟ ඇති සියලුම ලියකියවිලි අරක්ශා කරගන්න. ඒවා " කිසිම කෙනෙකුට " (පොලිසියටවත්) දෙන්න එපා. ඒ වගේම ඒ වාර්තාවල ඡායාරූප හෝ ඡායාපිටපත් පමණක් ඔබ ළඟ තබාගෙන මුල්පිටපත් වෙනත් තැනක ආරක්ෂාකාරීව සඟවා තබන්න. සමහර දියුණු රටවල නම් ඔබට නීති මගින් වන්දි වශයෙන් විශාල මුදලක් ලබාගත හැකියි. වගකිවයුතු පුරවැසියෙක් වශයෙන් ඔබේ රටවැසි සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට කළහැකි විශාල මෙහෙවරක් තියෙන බවත් අමතක කරන්න එපා. ඒ තමයි ඔය වැරදි වාර්තා දුන් පුද්ගලික රෝහලේ නම සඳහන් කරන්න. එතකොට එවැනි හොර වැරදි වාර්තා ලබාදෙන පුද්ගලික රෝහල්වලට අහිංසක මිනිසුන් රැවටීමට ඇති ඉඩකඩ අඩුවෙනවා. ඔබ දන්නවද.. සුළු සෙම්ප්‍රතිෂ්‍යාවකටත් ස්කෑන් කොට, ඊටත් පසු තවතව පරීක්ෂණ ගොඩක් කරලා... ශරීරයේ ඉන්ද්‍රියක් දරුණු ලෙස අසාදනය වෙලා " කියලා බොරුවට ඔපරේෂන් කරන හොර දොස්තරලා සිටින පුද්ගලික රෝහල් තියෙනවා කියලා මේ මිනී කන්නන්ගේ දේශය නොහොත් ධර්මද්වීපයේ...

:       0       0

jayath Monday, 19 October 2020 04:17 AM

මේ රටේ නීතියක් නොතිබුණු හින්දා අපි හිතුවා දැන්වත් නීතිය ක්‍රියාත්මක වේවි කියලා. නමුත් එහෙම වෙන බවක් පේන්න නැහැ. බ්‍රැන්ඩික්ස් වල වෙච්ච දේ සක්සුදක් සේ පැහැදිලි වෙලා තියෙද්දී, රජය මුව හමට තඩි බබා ඉන්නවා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. මේකෙන් කීර්තිමත් යුද නායකයෝත් තමන්ගේ ප්‍රතිරූප වනසා ගන්නවා. මේ රෝහල කාලයක් රසායනාගාර වාර්තාවලට නමක් ඉසිලූ තැනක්. නමුත් මේ වගේ දේවල් වුණාම මෙතන කෙරෙන අනිත් පරීක්ෂා ගැනත් අපට සැකයෙන් බලන්න වෙනවා මේ pcr ඇත්තටම rt -pcr පරීක්ශනේ වැරදි වෙන්න පුළුවන්.. ඉඩකඩ ගොඩක් වැඩියි. සාම්පලය ගන්න තැනැත්තාගේ නිපුණතාවය.. ඒ වෙලාවේ රෝගියාගේ වයිරස ඝනත්වය, මේ naso phyrengal swab එක ගන්න විදිය, පරීක්ෂණ උපකරණ වගේ අටෝරාසියක් දේ තියනවා. නමුත් වැරදි වාර්තා දෙන්න. ඒක සමාවක් නෙමෙයි. මේ වැරැද්ද හැදිය යුතුමයි. පුද්ගලික රෝහල් නියාමන කොමිසම මේ ගැන මොකද කියන්නේ? මට ඔහොම දෙයක් වුණා නම් අනිවාර්යයෙන්ම මම අදාළ පාර්ශව උසාවියට ගේනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1114 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 400 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1220 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 129 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 841 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2474 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site