එංගලන්තයේ බෝ හෑම් වුඩ් පාසලේ සිසු සිසුවියන් මුහුණ දුන් ( ජි සි එස් ඊ) විභාගයෙන් නවොමි පොන්නම්පෙරුම ශිෂ්‍යාව පාසලේන්ම හොදම ප්‍රතිඵල අත්කර ගත්තාය. විශිෂ්ට ‘ඒ‘ සාමාර්ත හයක්, සාමාන්ය ‘ඒ‘ සාමාර්ත පහක් සමග ‘බී‘ සාමාර්තයක් ඇයට හිමි විය.
‘මම ඉංග්‍රීසි, ගණිතය, ප්‍රංස භාෂාව සමග ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒ විභාගෙත් මේ විදියට හොදට පාස් වෙලා කෙම්බ්‍රිජ් සරසවියට ඇතුළු වීමයි මගේ ඊළඟ අරමුණ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
. ලංකාවේ ඉන්න නැති බැරි පොඩි උන් ටිකකටත් උදව් කරනවානම් තමයි හොඳ...(අ)
ඉරිසියාවට පුක්කුසල ශාන්තල විකාර කියෙව්වට මේවගේ දෙයකදී තමුන්ගේම දරුවෙක් ලබපු ජයග්‍රහණයක් විදියට සලකල සුපතන්න පුලුවන්නම් තමයි වඩා හොද .දුවට සුබ පැතුම් !! (දී)
පුක්කුසල,නුවන්ලා තමන්ගේ දරුවන්ට මේවගේ දෙයක් කරන්න බැරිවුණා නිසාද කොහේ බයිලා කියෙවුවට මේක අම්මල තාත්තලා කියල දාපු නිවුස් එකක් නෙවි මම දැක්ක මේ දරුවා අම්මත් එක්ක ඉන්න පින්තුරයකුත් එක්ක මේ ගැන විස්තර ඉංග්‍රීසි පත්තරේකත් තියෙනවා.ඔයාට සුබ පැතුම්...... (දී)
ඔය වයසට ලබා ගන්න පුලූවන් ලොකුම ජයක්.අනේ ළමයෝ නොගැලපෙන ගොන් කොල්ලෙක් අල්ලාගෙන, ඉගැනීම කඩාකප්පල් කර ගන්න එපා. සුබපැතුම්! (දී)
බොහෝ දෙනෙක් හිතන්නේ මෙයට විරුද්දව අදහස් දැමම්ම ඉරිසියාවට කියලා. ඒ දරුවා ඉන්නේ එංගලන්තේ. පහසුකම් ඕනෑ තරම් තිබෙනවා. ඉතින් ඉහලින් සමත් විම මහා ලොකු ප් ප්‍රාතිහාර්‍යයක් නෙමේ. අනේ ඔන්න මේ දරුවා ඉතා දුෂ්කර ගමක ඉස්කෝලෙක ඉගෙනගෙන, අඩු පාඩු ගොඩාක් මැද ඉගෙන ගෙන මෙවන් විභාගයක් සමත් උනා නම් ලොකු ප්‍රාතිහාර්‍යයක්. ඒ වගේම මේ දරුවා තාම පොඩි කෙනෙක්.(නදී)
පුක්කුසල කට කරන්නේ පැහැදිලි ඉරිසියාවෙන්,,සමහරු ඒ අයගේ දරුවන්ට බේරී වුණාම ඔහොම තමා,,කවුරු වුණත් මේ අපේ දරුවෝ,කොහේ ඒගැන ගත්තත් ,,ඔබට සියලු ජය පටනවා,,(අ)
විදේශ රටවල ඉගෙන ගෙන විභාග සමත්වන සියලුම ශ්‍රී ලංකික දුවල පුතාලට මෙත් සිතින් සුභාශිංසනය කරමු. (දී)
සතුටු කදුලක් සමග සිනාවක් වාසනාවන්ත ඉදිරිගමනට සුබ පැතුම් සැමදා ජයවෙවා (දී)
ඔබට සුභාපපතනවා ලංකාවේ අපි (දී)
පුක්කුස මහත්තයාගේ අදහස් හොදයි (නි)
දුවේ,ඔබට සුභ පැතුම්! (නි)
දයාබර දියණිය , ඔබට සුභ පතනවා !!! (නි)
විදේශ රටවල ඉගෙන ගෙන විභාග සමත්වන සියලුම ශ්‍රී ලාංකික දුවලා පුතාලා පසුව ආදරණිය ශ්‍රී ලාංකිකයාට සේවයක් කරන්න සිතාගන්න (නි)
මෙන්න නියම ශ්‍රී ලාංකික කුහක රැලක්. පුක්කුස, ලන්ඩන් ශාන්ත, ජයම්පති, සුමුදු, කුමාර. කුහක මිනිසුනි, ඔය ළමයා ඉන්න ඉස්කෝලේ අනික් සුදු ළමයින්ට උඩින් සිංහල නමක් තියන්න පුළුවන් වීම ගැනවත් අගය කරන්න. (නි)
දුවේ නුබට මගේ උණුසුම් දුභාපතුම්, තෙරුවන් සරණයි ඔබට (දී)
අමිල-කටුනායක, කාරණය සිංහල නිසා. (අ)
කේම්බ්‍රිජ් ගොස් ඉහලටම ඉගන ගන්න සුබ පැතුම්. ඔබ ලක් වැසියෙක් නොවන නිසා ඔබේ ඉගෙනීමෙන් ලංකාවට පලක් නැත. ඔබ ලංකාවට පදිංචියට එන්නේ නැති බව අපිට විශ්වාසයි. එංගලන්තයේ ඉගෙනගන ඔබේ මව්බිම වූ එංගලන්තයටම සේවය කරන්න. (අ)
බැරි වෙලාවත් සෝබෝරන් යන්න එපා (අ)
කුමාර, ඔය ටිකක් හරි, එංගලන්තේ පහසුකම් හුගක් තියෙනේ එක ඇත්ත. නමුත් ඒ පහසුකම් ලැබුනේ මේ පැටියට විතරක් නොවේ, ඒ පාසලේ ඔක්කොම ළමුන්ට. නමුත් ඒ මුලු පන්තියම මේ වගේ සමර්ථ වුනේ නෑ නේ.(නදී)
මුහුණේ සතුට උතුරනවා. මේවා අහිංසක බලාපොරොත්තු. ඇයට කෙන්බ්‍රිජ් සරසවි අධ්‍යාපනය ලැබේවායි පතමු.(නදී)
කුමාරිහාමි ලංකාවට සේවය කරන්න පිටින් එන්න ඕන නැහැ. ලංකාවේ ඉන්න දරුවෝ මදිද? අනික මේ කට්ටිය ලංකාවට ගියාම ලංකාවේ ළමයි රැකියා සොයාගෙන මැදපෙරදිග යන්නද?එතකොට ඔයාලම අනෙක් පැත්තට කතාකරයි විදේශ රටවලින් එන දරුවෝ නිසා අපේ දරුවොන්ට රැකියා ලබා ගන්න හරිම කරදරයි කියලා. ලංකාවේ දරුවෙක් විශ්ව විද්‍යාලයට යන්න සුදානම් වනවිට ඔය කියන රටවල දරුවෝ පස්චාත් උපාදියටත් සුදානම් වෙනවා. ලෝකය පිළිගත් විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න අයට ඕනෑම රටක රැකියා ලබාගන්න අපහසුවක් නැහැ?එතකොට මොකද වෙන්නේ?ඕකට තමයි කියන්නේ ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා. මොන රටේ හිටියත් එයත් අපේ දරුවෙක්.(නදී)
මට හරි පුදුමයි මිනුසුන් හිතන ක්‍රමය ගැන.මේ ළමයා පළමු පිම්ම පන්න විතරයි,එයාගෙන් තමන්ගේ රටට සේවයක්,පින්සිඩු වෙනවා.අපේ අයට ගලාගන යන වතුර පාරක් පේනන බැ, එකෙන් දිය පොදක් ගන්නමයි බලන්නේ. (අ)
පිටරටකදී ජය ලබන්න අපේ ශ්‍රීලංකා දරුවෝ හරි දක්ෂයි.මේ වගේ ජයග්‍රහණයක් ලැබීම ශ්‍රී ලංකික අනිත් දරුවන්ටත් ගෞරවයක්. (ස)
ශිෂ්ට සමාජයක ජීවත්වන මිනිසුන් හැම විටම දරුවන්ගේ ජයග්‍රහන අගය කළ යුතුයි.එවිට ඔවුන් උනන්දුවී ඉගෙන ගෙන ලෝකයම යහපත් තැනකට ගෙන එන්න උත්සාහ කරනවා.වැඩි වැඩියෙන් බුද්ධිමත් දරුවන් ලොව කොතැනක හරි බිහිවුව හොත් ඒකෙ යහපත මේ ලොවටමයි. (ස)
හොදයි යාලු සුභ ගමන්.(නදී)
මේ කාටත් පිස්සුයි කියලයි මට හිතෙන්නේ.මේ දරුවා විදේශිකයන් අභිබවා ගොස් මේ ලැබූ ජයග්‍රහණය ගැන සුබ පතලා අපේ දරුවන්ටත් මේ වගේ දේවල් වලින් ආදර්ශයක් ගන්න කියන එක තමයි අපෙන් කෙරෙන්න ඕනෑ. දුවේ,ඔබට සුභ පැතුම්! (නි)
ඔබට සුභ පැතුම්
නුවන් ඔය කියන ප්‍රාන්තයේ විතරක් නෙවේ අපේ කට්ටිය ඉන්න හැම ප්‍රාන්තයකම අපේ දරුවෝ තමයි මුල්තැන ගන්නේ. පත්තරවල පල නොවුනට අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඉන්නවා.(නදී)
ශාන්ත- ලන්ඩන්, ජයම්පති, පුක්කුස, ඔයාලා කැමති නැද්ද දරුවෙකුගේ සාර්ථක ප්‍රතිපල ගැන දකින්න. මේ වගේ දේවල් තමයි පතරවල දාන්න අවශ්‍ය. (නි)
ඔබේ බලාපොරොත්තු සියල්ල සපල වේවා. (ස)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. (ස)
පත්තරවල දැම්මේ නැති උනාට ඕස්ට්‍රේලියාවේ තමන්ගේ පාසලේ විතරක් නෙවෙයි මුළු ප්‍රන්තයෙන්ම ඉහලම ප්‍රතිපල ගන්නේ ලංකාවේ දුල පුතාල. අවශ්‍ය ඕනිම කෙනෙකුට නිවු සවුත් වේල්ස් බෝර්ඩ් ඔෆ් ස්ටඩීස් වෙබ් අඩවියට ගිහින් තහවරු කරගන්න පුළුවන්. (දී)
මේවා පත්තර වල දැමිය යුතු දේවල් නෙවෙයි. මෙවැනි දක්ෂ අපේ දරුවෝ බොහොමයක් විවිධ රටවලදී විශිෂ්ට දස්කම් පෙන්නනවා. දුව ඔය හොඳට ඉගෙනගෙන කේම්බ්‍රිජ් යන්න. ඔයාට අපි හැමෝගෙම සුභ පෙතුම්. එත් මේවා පත්තර වලට දාන දෙමව්පියන් ගැන කණගාටුව. ශාන්ත- ලන්ඩන් (දී)
කළු කෙල්ලෙ ඔබ එළම තමයි. (ස)
අපේ දරුවෝ කොතන ගියත් එහෙම තමා. (ස)
සියලු විෂයන්ට විශිෂ්ට 'ඒ' ('ඒ' ස්ටාර්)සාමාර්ථ ගත්ත ලංකාවේ දරුවන් මා දැනුවත්ව තවත් මෙහි සිටිනවා. 'කේම්බ්‍රිජ්' සරසවියට ඇතුල් වීමට නම් සියලු විෂයන්ට විශිෂ්ට 'ඒ'සාමාර්ථ ගත්තත් මදි, ක්‍රීඩා වලින් සහ සංගීතයෙන් උසස්ම ප්‍රවීනතාවක්ද, සමාජ සේවා වැඩ කටයුතුවලද විශාල කාලයක් නිරත වෙන බවට ලිඛිත සාක්ෂි සැපයිය යුතුය. උදාහරණයක් ලෙස 'කේම්බ්‍රිජ්' සරසවියෙන් පිටවන වෛද්‍ය වරයෙක් තම විෂය පිලිබඳ නිපුණත්වය සේම මෝසාර්ට් ගේ වාදනයක් ද දක්ෂ ලෙස වාදනය කළහැකි, මුදල්ම නොව සමාජ සේවයටද ලෑස්ති වූ වුර්තිකයෙකි. (දී)
මේවා පත්තරවල දාන්න තරම් දෙයක් නෙවෙයි. මීට වඩා සාර්ථක ප්‍රතිපල ගත්ත අය ඉන්නවා. කොහොම උනත් ඇයට සුබපැතුම්. (දී)
සතුටක් මෙන්ම හීන් දුකකිනුත් හිත කීරි ගැහෙනවා. අම්මා තාත්තා ජීවත්වෙලා ඉන්නකල් මේ දරුවන් ලංකාවේ දරුවන් කියලා කියයි. ඊට පස්සේ ඔවුන් ඒ රටේ අය. (දී)
ශාන්ත- ලන්ඩන්: නිකන් මඩ ගහන්න එපා. ඔබ කියන්නේ මේක දාලා තියෙන්නේ මෙයාගේ දෙමාපියෝ කියල ද ? (ස)
ලංකාවට නම් එන්න එපා. හොඳට ඉගෙන ගන්න. ලස්සන ජිවිතයක් ගත කරන්න. වාසනාවත් අනාගතයක් ඔබතුමියට. (ස)
විදේශ රටක මේ වගේ ප්‍රතිපල ගන්න මේ දරුවෝ විශාල කැපවීමක් මහන්සියක් දරන්න ඕනෑද කියලා දන්නා අය මේ වගේ ඊරිසියා කතා කියන්නේ නැහැ . (නි)
අයියෝ! මේක දැකලා ඉරිසියාකාරයෝ කී දෙනෙක් අදහස් දක්වා තියෙනවද? (නි)
ගුරු සිත නොරිදවා, වේලාව නොවරදවා, බැති පෙම් උපදවා, අකුරු උගනී කුමරි සොඳවා..... මගෙන් සුබ පැතුම් දෝණි.. (ස)
ඒ ළමයට හා ඒ පාසලේ ඉගෙන ගන්න අනික් දරුවෝ හැමෝටම සුබ පතනවා! (නි)
සමන්, ඔබේ අදහසට මමත් එකගයි. සොහොයුරියනි, ඔබට සුබ පැතුම් (නි)
මොනවට වාද කරගන්නවද මන්දා. සතුටු වෙනවා මිසක්. (නි)
තරුවක් වෙන්න (නි)
ඉතිහාසය කිව්වේ එහේ එක වෙන්න ඇති. (නි)
ශාන්ත ගේ අදහසට මාත් එකගයි.දුවට සුබ පැතුම් !! (නි)
ශ්‍රී ලංකික බොහොම දෙනෙක් ඕනෑම දෙයක් බලන්නේ අමුතුම කෝණයකින්.කුහකකම ඉරිසියාව හදවතේ පුරවාගෙන.ඇයි අපට බැරි පොඩි දරුවෙකුගේ මෙවැනි දෙයකදිවත් සුබවාදීව බලන්න? මේක මේ අම්මලා තාත්තලා කියලා කරවපු දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. (නි)
ළමයි ගැන දෙමව්පියොත් මීට වැඩිය අවදානයෙන් ඉන්න ඕනෑ. කොයි රටේ හිටියත් අනතුරු වෙන්න පුළුවන්. (නි)
ඊර්ෂ්‍යාව එකක්. ඇත්ත කතා කිරීම තවත් එකක්. (නි)
සිංහල ජාතිය පිලිබඳ කිසියම් නැගී ඒමක් තිබෙනවානම් සත්තකින්ම සතුටු වෙමි.නැතිව ඉතින් කළු සුද්දියෙක් නම් එංගලන්තේ මහා රැජින බවට පත් උනත් අපට ඉතින් මොකො .(දී)
පුක්කුසයට කොම්පියුටරේ ටයිප් කරන්න පුළුවන් කියල දන්නේ අදනේ. (දී)
ජීසීඑස්ඊ විභාගයෙන් ඒ ස්ටාර් සාමාර්ථ 6 ක් ලබා ගැනීම මහා විශිෂ්ඨ ලකුණු ගැනීමක් නොවේ. අඩුම ගණනේ එය එඩෙක්සෙල් සම්මානයටවත් සුදුසුකමක් නොවේ. එඩෙක්සෙල් සම්මානයෙන් පුදන්නේ ඒ ස්ටාර් 7 ට එහා ලකුණු ලබා ගත් ලමුන්ය. ලංකාවේදී මෙම විභාගය කර මගේ ලොකු දුව ඒ ස්ටාර් 8 ක් හා ඒ 3 ක් ලබා ගත්තාය. මගේ පොඩි දුව මෙම විභාගය කර ඒ ස්ටාර් 01 සහ ඒ එකක් ලබා ගත්තාය. මේ දුවද හොඳින් පාස් වී ඇති නමුත් මහා ලොකු දෙයක් විදිහට පුම්බා දරුවන් අනාථ කරන්න එපා. එය ඒ දරුවාට කරන හානියක්.