තම ප්‍රධානියා සමග වැඩ කිරීමට අකමැති පිරිස් ගැටීම් ඇති කර නොගෙන මාරුවීම උචිත යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කියයි.
මරදාන අශෝක විද්‍යාලයයේ ගුරුවරුන් රැසකට ස්ථානමාරු දී එක් පුද්ගලයකු රැකීමට ගන්නා ප්‍රයත්නය හෙළා දකින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට කොඩිකාර මහතා එලෙස කීවේය.
‘විදුහල්පති සමග වැඩ කරන්න බැරි පිරිස් ස්ථාන මාරු ගෙන යෑම ගැටුම් ඇති කර ගන්නවාට වඩා හොඳයි. මගේ ප්‍රධානියත් එක්ක වැඩ කරන්න බැරිනම් මමත් යනවා. පාසලෙන් පිටත සිදුවන දේට මට මැදිහත් වෙන්න බැහැ. ඊට මැදිහත් විය යුත්තේ පොලිසියයි.
අශෝකයේ තියෙන්නේ දෙමාපියන්ගේ ප්‍රශ්නයක්නේ. විදුහල්පතිගේ ප්‍රශ්නයක් නොවේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය කෙසේ වෙතත්, මේ වගේ දේවල් කියන කොට ලොක්ක මොන ජාතියේ උනත් සේවකයා නිකම් ඉන්න ඕනේ. එ්කෙන්ම මෙයාගේ තරමත් තේරුම් ගන්න පුළුවන්. අනේ අපේ අධ්‍යාපනයට ගිය කල.(නදී)
සමානාත්මතාවය නැති සමාජයක මෙය සුළු දෙයක්. සමාජය වෙනස් නොවන තාක් කල් මෙවෙනි සිදුවීම් පවතීවි. (නදී)
මං නිකන් කලබල වුනා අපේ ලොකු ලොක්කා කියල හිතාගෙන. (නදී)
මට මතක් වෙන්නේ අර "කට නොඅරින තුරු ඕනෑම මෝඩයෙක් ප්‍රඤා වන්තයෙකු සේ පෙනේ " කියන කියමන. (නදී)
පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ කතාවක් මේකත් (නදී)
මෙයා නම් අපේ රටේ කෙනෙක් වෙන්ඩ බැහැ. මොකද අපේ අය ඉගෙනුම ලබන කාලේ ලොක්කන්ව හරියට හැදීම ගැන පාඩම් සහ වැඩමුළු තියනවා. කරබාගෙන ඉන්නවත් පැනල යන්නවත් නෙමේ මේ පාඩම් වලින් ඉගෙනගත්තේ , වැරදි කරන අයව හොඳ මගට ගන්න විදිහ, හොදින් සහ තදින්. (නදී)
මෙයත් දේශපාලන මහිමයකින් පත්ව පැමිණි ලොක්කෙක් වෙන්න ඇති. කියපු දෙයින් තේරෙනවා. (නදී)
ලංකාවේ පණ්ඩිතයෝ වැඩියි ඒකයි මෙහෙම වෙන්නේ.(නදී)
එතකොට ලොක්කෝ රකින්න විතරද ලංකාවේ මහජනතාව බදු ගෙවන්නේ. ලොක්කොන්ටම ගිය රට.(නදී)
කොන්දක් නැති ලොකු ලොක්කෙක්. (ස)
දැන් ඉතින් අපි මේවට මොනවද කියන්නේ? (නි)
අදහස් දාන යාලුවනේ, ඔතන අභන්තර ගැටළුවක් තිබෙනවා. කරුණු දන්න මධ්‍යස්ථ මත දරන අය සාක්ෂි දරාවි (නි)
මම නම් කියන්නේ පොඩ්ඩන් එක්ක වැඩ කරන්න බැරි නම් ලොක්කා යවන එකයි සුදුසු කියලා.මට දැනෙන විදියට ඒක වඩා පහසුයි නේද මහත්තයෝ ? (නි)
පැන මඩ කඩිති වැව් තාවල වැහි කාලේ පෙන්නා මග නොමඟ නොවැටි යන තාලේ සිප් කිරි පෙවු මූසිලයින් උඩු මාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ (නදී)
ලංකාවේ අධ්‍යාපනයට ගිය කල මේකයි. එක අතකින් මේවා හොද පාඩම් අපිට (නදී)
අනේ සාදු මෙන්න කථා! පුදුම උගත් ඇමති කෙනෙක්! රටක් වටින කරුණු ටිකක්! මේ ගොල්ලො ලොක්කා කියනවා නම් ජරාව උනත් අමෘතය වගේ වළඳන නිසා, රටක් හදන ගුරුවරුන්ටත් ඒකම කරන්න කියන්නේ මෙන්න අපේ රට කරවන ඇමැත්තන්ගේ කථා. (ස)