දස වසරකට පෙර ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි සිදුවූ ඝාතන දෙකක අභිරහස හෙළි කර ගැනීමට උදව් විය හැකි ශ්‍රී ලාංකිකයකු ගැන තොරතුරක් දෙක කෙනෙකුට ඕස්ට්‍රේලියා ඩොලර් දෙලක්ෂයක් හෙවත් රුපියල් දෙකෝටි හැට හය ලක්ෂයක තෑග්ගක් දීමට පොලීසිය සැරසෙයි.
හංගේරියා සංක්‍රමණිකයකු හා ඔහුගේ තායි හිතවතිය 2003 ඔක්තෝබරයේදී ගොවිපළකදී මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සොයන නිහාල් යෝර්ක් නම් ශ්‍රී ලාංකිකයා පසුගිය අවුරුදු තුනේම සොයා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව පොලීසිය කියයි.
ස්තීව් ගුල්යාස් නම් හංගේරියා ජාතිකයා හා ඔහු සමග දස වසරක් ජීවත් වූ ටීනාගේ හිසට වෙඩි තුන බැගින් තබා මරා දමා තිබිණි. තායි කතක සමග වැඩ කළ නොන්තාචිත් කියා ඇත්තේ මිනිසකු එම ගොවිපළේ සිටිනු දුටු බවයි.
මෙල්බර්න්හි පාතාලය හෝ ගණිකා වෘත්තිය නිසා මේ දෙදෙනා මරා දමන්නට ඇතැයි මුලදී සිතුවත් ඒ කරුණු දෙකම ඝාතනයෙන් බැහැර කරන බව රහස් පොලිස් පරීක්ෂක ජෝන් පොටර්, ෆෙයාර් ෆැක්ස් මීඩියා ආයතනයට කියා ඇත.
මේ ඝාතනයේ කිසියම් සම්බන්ධයක් ඇති පුද්ගලයා වශයෙන් යෝර්ක් සලකන බව රහස් පරීෂක පොටර් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ඇඩ්වාන්ස් එකක් ගන්න බැරිවෙයිද? (නි)
ඒ තරම් වටිනා මුදලක් දෙන්න මේ පුද්ගලයා ඒ තරම් වටිනවාද (දී)
අපෝ ඔච්චර සල්ලි තියෙන කෙනෙක්ව අපේ බේබිලා සුද්ද කරන්නේ නැතිව කොල්ලුපිටියෙන් නම් යනවා බොරුම තමයි.(නදී)
පළාත් සභාවක හොයලා නැත්නම් පාර්ලිමේන්තුව පැත්තේ බලන්න. (නි)
ආපෝ! මෙයාව දැක්කත් නොදැක්කා වාගේ ඉන්න ඕනෑ. අල්ලලා දීලා ඔච්චර සල්ලියක් කොහේතියා ගන්නද? ලංකාවේ දැන් හොර හතුරෝ හරීයට. ඒ අස්සෙන් ආදායම් බදු ටැක්ස්. (නි)
අම්මෝ මෙච්චර මුදලක් (දී)
මුතුකුඩ,තෑගි මුදල මාස්පතා ගන්න මම හදල දෙන්නම්. (නි)
රට විතරක් නෙමෙයි ලෝකයම වනසන මෙහෙම අයට කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)
මුලින් සල්ලි ටිකක් බැංකු ගිණුමට බැරකළොත් අපිට පුළුවන් ඉන්පස්සෙ සළකා බලන්න. (නි)
ලාංකිකකෙක් සම්භන්ධ වීමයි මෙතන තියෙන දුක (දී)
ඉන්න තැන හරියටම කිවුවොත් මම අල්ලලා දෙනවා. (නි)
මම දන්නවා, ඒත් කියන්නෙ නැහැ. (නි)
රුපියල් 3500 දෙන්න හොදටම ඇති. (නි)
ඔය සිද්ධිය දැන් අමතක කළා නම් ඉවරයිනේ. අපේ අය වගේ.(නදී)
මෙනක් අපරාධකරුවන් මේ ලෝකයට පැමිණියේ කාගේ වරදින්ද? (නි)
සලකා බලන්නම් (අ)
මම නම් හිතන්නේ නැහැ මොහු අපරාධකාරයෙක් කියලා. (නි)
මෙපමණ මුදලක් දීලා හොයන ලාංකිකයා කවුද ඇත්තට (දී)
මේ අර දුමින්ද සිල්වා නේද?(නදී)
අපෝ මේ මනුස්සයා වෙනුවෙන් රුපියල් 5000 ක් දෙන්න. ලංකාවේ නම් අල්ලලා දෙන්නම්.(නදී)
මේ මනුස්සයා ලංකාවේ වෙච්ච එකයි මට තියෙන දුක (දී)
ඔන්න මම නම් දැක්කෙ නැහැ. (නි)
මෙයා නම් දැකලා පුරුදු පාටයි. දාන්නකෝ ෆේස් බුක් එකට. ටක් ගාලා හොයාගන්න පුළුවන්. (නි)
කෝටි දෙක හමාරක් ?!!!!!!! (දී)
මගේ ජිවිහෙට හම්බ කරන්න බැහැ මෙතරම් මුදලක් (දී)
මිනිස්සු පාවා දෙන්න එපා සත්‍ය තොරතුරු විතරක් දෙන්න (දී)
මෙයා නම් අපේ කෙනෙක් වෙන්න බැහැ.(නදී)
මම හොඳට මෙයාව දන්නවා. මෙයා 2007 දී වීසා නැතුව ජපානේ හිටියා. පස්සේ අල්ලලා ලංකාවට ඇරියා. අල්ලන්න එන කෙනාට මෙයා කෝටි 5 ක් දෙයි අල්ලන්න එපා කියලා. ඒ තරම් සල්ලි. (නි)
කාලෙකට කලින් වෙච්ච අපරාධයක් (දී)
දැන් කොහාටද ඔත්තුව දෙන්න ඕනේ. අපි ලංකාවේ ඉන්නේ.(නදී)
ඒ තරම් වටිනා මුදලක් ඔත්තුවට (දී)
හපෝයි! මෙච්චර සල්ලියක්? (නි)
මට හිතෙනවා මෙයා ලංකාවේ හැංගිලා ඇති කියලා. නමුත් මිනීමරුවෙක් නම් අපි ඔහු නීතියේ රැහැනට අල්ලා දියයුතුයි. (නි)
නිහාල් කියන නම නම් ලාංකිකයි. යෝක් නම ඔහුගේ අනවර්ත නාමයක් වෙන්න ඇති. පිටරටවල සෙල්ලක්කාර අපේ අයට මෙහෙම නම් පට බැදෙනවා. (නදී)
මොනවා වුණත් එයා ලංකාවේ කෙනෙක් නම් අපි එවාය පාවා දෙන්නෙ නැහැ. (නි)
අයියෝ ලංකාවේ නම (දී)
මේ වගේම ටෙලි නළුවෙක් ඉන්නවා ලංකාවේ. (නි)
ගම කොහේද? හරියටම කියන්න. (නි)
අපිට දුකයි අපේ මනුස්සයෙක් නිසා.. (නි)
මේ කෙනා අපේ ගමේ සුමිත්ගෙ මල්ලී වගේ. (නි)
මගේ ළගත් ඉන්නවා මේ විදියෙම එක්කෙනෙක්. එයාව මම අල්ලලා දෙන්නද? හැබැයි මට සල්ලි ඕනෑ. (නි)