IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයා ගැන හරි ඔත්තුවට කෝටි දෙක හමාරයි

දස වසරකට පෙර ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි සිදුවූ ඝාතන දෙකක අභිරහස හෙළි කර ගැනීමට උදව් විය හැකි ශ්‍රී ලාංකිකයකු ගැන තොරතුරක් දෙක කෙනෙකුට ඕස්ට්‍රේලියා ඩොලර් දෙලක්ෂයක් හෙවත් රුපියල් දෙකෝටි හැට හය ලක්ෂයක තෑග්ගක් දීමට පොලීසිය සැරසෙයි.

හංගේරියා සංක්‍රමණිකයකු හා ඔහුගේ තායි හිතවතිය 2003 ඔක්තෝබරයේදී ගොවිපළකදී මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සොයන නිහාල් යෝර්ක් නම් ශ්‍රී ලාංකිකයා පසුගිය අවුරුදු තුනේම සොයා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව පොලීසිය කියයි.

ස්තීව් ගුල්යාස් නම් හංගේරියා ජාතිකයා හා ඔහු සමග දස වසරක් ජීවත් වූ ටීනාගේ හිසට වෙඩි තුන බැගින් තබා මරා දමා තිබිණි. තායි කතක සමග වැඩ කළ නොන්තාචිත් කියා ඇත්තේ මිනිසකු එම ගොවිපළේ සිටිනු දුටු බවයි.

මෙල්බර්න්හි පාතාලය හෝ ගණිකා වෘත්තිය නිසා මේ දෙදෙනා මරා දමන්නට ඇතැයි මුලදී සිතුවත් ඒ කරුණු දෙකම ඝාතනයෙන් බැහැර කරන බව රහස් පොලිස් පරීක්ෂක ජෝන් පොටර්, ෆෙයාර් ෆැක්ස් මීඩියා ආයතනයට කියා ඇත.

මේ ඝාතනයේ කිසියම් සම්බන්ධයක් ඇති පුද්ගලයා වශයෙන් යෝර්ක් සලකන බව රහස් පරීෂක පොටර් පවසයි.



අදහස් (0)

ලාංකිකයා ගැන හරි ඔත්තුවට කෝටි දෙක හමාරයි

රවී Monday, 25 March 2013 11:52 PM

අයියෝ ලංකාවේ නම (දී)

:       0       0

ගලබඩ Tuesday, 26 March 2013 12:04 AM

මේ වගේම ටෙලි නළුවෙක් ඉන්නවා ලංකාවේ. (නි)

:       0       0

සංජීව Tuesday, 26 March 2013 12:21 AM

ගම කොහේද? හරියටම කියන්න. (නි)

:       0       0

පාලිත Tuesday, 26 March 2013 03:05 PM

ලාංකිකකෙක් සම්භන්ධ වීමයි මෙතන තියෙන දුක (දී)

:       0       0

සම්පත් Tuesday, 26 March 2013 12:33 AM

අපිට දුකයි අපේ මනුස්සයෙක් නිසා.. (නි)

:       0       0

සේරම් Monday, 01 April 2013 08:11 PM

මේ අර දුමින්ද සිල්වා නේද?(නදී)

:       0       0

ප්‍රේමචන්ද්‍ර Monday, 01 April 2013 08:19 PM

අපෝ මේ මනුස්සයා වෙනුවෙන් රුපියල් 5000 ක් දෙන්න. ලංකාවේ නම් අල්ලලා දෙන්නම්.(නදී)

:       0       0

ගිමාල් Tuesday, 26 March 2013 01:38 AM

මේ කෙනා අපේ ගමේ සුමිත්ගෙ මල්ලී ව‍ගේ. (නි)

:       0       0

උපුල් Tuesday, 26 March 2013 04:00 PM

ඉන්න තැන හරියටම කිවුවොත් මම අල්ලලා දෙනවා. (නි)

:       0       0

කුමාර Tuesday, 26 March 2013 02:16 AM

මගේ ළගත් ඉන්නවා මේ විදියෙම එක්කෙනෙක්. එයාව මම අල්ලලා දෙන්නද? හැබැයි මට සල්ලි ඕනෑ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 26 March 2013 02:21 AM

මම දන්නවා, ඒත් කියන්නෙ නැහැ. (නි)

:       0       0

උපුල් Tuesday, 26 March 2013 04:08 PM

කලින් ඇඩ්වාන්ස් එකක් ගන්න බැරිවෙයිද? (නි)

:       0       0

සුලක්ෂි මධුෂානි Thursday, 28 March 2013 05:10 PM

ඔය සිද්ධිය දැන් අමතක කළා නම් ඉවරයිනේ. අපේ අය වගේ.(නදී)

:       0       0

පෙරේරා Friday, 29 March 2013 10:46 PM

මෙනක් අපරාධකරුවන් මේ ලෝකයට පැමිණියේ කාගේ වරදින්ද? (නි)

:       0       0

සිල්වා Tuesday, 26 March 2013 04:17 AM

ඒ තරම් වටිනා මුදලක් දෙන්න මේ පුද්ගලයා ඒ තරම් වටිනවාද (දී)

:       0       0

දිසානායක Tuesday, 26 March 2013 04:36 AM

අපෝ ඔච්චර සල්ලි තියෙන කෙනෙක්ව අපේ බේබිලා සුද්ද කරන්නේ නැතිව කොල්ලුපිටියෙන් නම් යනවා බොරුම තමයි.(නදී)

:       0       0

කිවි Tuesday, 26 March 2013 08:04 AM

පළාත් සභාවක හොයලා නැත්නම් පාර්ලිමේන්තුව පැත්තේ බලන්න. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 26 March 2013 08:25 AM

ආපෝ! මෙයාව දැක්කත් නොදැක්කා වාගේ ඉන්න ඕනෑ. අල්ලලා දීලා ඔච්චර සල්ලියක් කොහේතියා ගන්නද? ලංකාවේ දැන් හොර හතුරෝ හරීයට. ඒ අස්සෙන් ආදායම් බදු ටැක්ස්. (නි)

:       0       0

ධනුෂ්ක Monday, 25 March 2013 06:57 PM

හපෝයි! මෙච්චර සල්ලියක්? (නි)

:       0       0

නිල්මිණි Monday, 25 March 2013 06:59 PM

මෙයා නම් දැකලා පුරුදු පාටයි. දාන්නකෝ ෆේස් බුක් එකට. ටක් ගාලා හොයාගන්න පුළුවන්. (නි)

:       0       0

ශ්‍රියන්ත Monday, 25 March 2013 07:03 PM

කෝටි දෙක හමාරක් ?!!!!!!! (දී)

:       0       0

රත්නා Monday, 25 March 2013 07:03 PM

මගේ ජිවිහෙට හම්බ කරන්න බැහැ මෙතරම් මුදලක් (දී)

:       0       0

ලංකා Monday, 25 March 2013 07:03 PM

මිනිස්සු පාවා දෙන්න එපා සත්‍ය තොරතුරු විතරක් දෙන්න (දී)

:       0       0

අමල් Tuesday, 26 March 2013 09:46 AM

අම්මෝ මෙච්චර මුදලක් (දී)

:       0       0

නිමල් Monday, 01 April 2013 09:53 PM

මේ මනුස්සයා ලංකාවේ වෙච්ච එකයි මට තියෙන දුක (දී)

:       0       0

ධම්ම Tuesday, 26 March 2013 10:08 AM

මුතුකුඩ,තෑගි මුදල මාස්පතා ගන්න මම හදල දෙන්නම්. (නි)

:       0       0

සිල්වා Monday, 25 March 2013 07:45 PM

මෙයා නම් අපේ කෙනෙක් වෙන්න බැහැ.(නදී)

:       0       0

ලලිත් Tuesday, 26 March 2013 10:42 AM

රට විතරක් නෙමෙයි ලෝකයම වනසන මෙහෙම අයට කිසිම සමාවක් දෙන්න හොද නැහැ. (නි)

:       0       0

පින්තූ සිරිල් Monday, 25 March 2013 07:56 PM

මම හොඳට මෙයාව දන්නවා. මෙයා 2007 දී වීසා නැතුව ජපානේ හිටියා. පස්සේ අල්ලලා ලංකාවට ඇරියා. අල්ලන්න එන කෙනාට මෙයා කෝටි 5 ක් දෙයි අල්ලන්න එපා කියලා. ඒ තරම් සල්ලි. (නි)

:       0       0

කෙවින් Tuesday, 26 March 2013 10:56 AM

මුලින් සල්ලි ටිකක් බැංකු ගිණුමට බැරකළොත් අපිට පුළුවන් ඉන්පස්සෙ සළකා බලන්න. (නි)

:       0       0

ආනන්ද Monday, 25 March 2013 07:57 PM

කාලෙකට කලින් වෙච්ච අපරාධයක් (දී)

:       0       0

නිශ්ශංක Saturday, 30 March 2013 10:29 AM

සලකා බලන්නම් (අ)

:       0       0

ජගත් Monday, 25 March 2013 08:19 PM

දැන් කොහාටද ඔත්තුව දෙන්න ඕනේ. අපි ලංකාවේ ඉන්නේ.(නදී)

:       0       0

මිලි Monday, 25 March 2013 08:57 PM

ඒ තරම් වටිනා මුදලක් ඔත්තුවට (දී)

:       0       0

ලංකා Monday, 25 March 2013 09:04 PM

ඔන්න මම නම් දැක්කෙ නැහැ. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 25 March 2013 09:10 PM

මට හිතෙනවා මෙයා ලංකාවේ හැංගිලා ඇති කියලා. නමුත් මිනීමරුවෙක් නම් අපි ඔහු නීතියේ රැහැනට අල්ලා දියයුතුයි. (නි)

:       0       0

ගාමිණී Monday, 25 March 2013 09:33 PM

නිහාල් කියන නම නම් ලාංකිකයි. යෝක් නම ඔහුගේ අනවර්ත නාමයක් වෙන්න ඇති. පිටරටවල සෙල්ලක්කාර අපේ අයට මෙහෙම නම් පට බැදෙනවා. (නදී)

:       0       0

ශ්‍රියා Monday, 25 March 2013 10:21 PM

මොනවා වුණත් එයා ලංකාවේ කෙනෙක් නම් අපි එවාය පාවා දෙන්නෙ නැහැ. (නි)

:       0       0

සුපුන් Saturday, 30 March 2013 11:59 PM

මම නම් හිතන්නේ නැහැ මොහු අපරාධකාරයෙක් කියලා. (නි)

:       0       0

සුපුන් Saturday, 30 March 2013 11:57 PM

මෙපමණ මුදලක් දීලා හොයන ලාංකිකයා කවුද ඇත්තට (දී)

:       0       0

අංජුල ජයසිංහ Thursday, 28 March 2013 03:44 PM

රුපියල් 3500 දෙන්න හොදටම ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1465 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 605 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 428 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 688 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 442 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1242 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site