පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවයට සම්බන්ධ යැයි සැකකෙරෙන මහනුවර සකීර් හුසේන් (37) නම් ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය තානාපති ආරංචිමාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ සිට ගුවනින් පැමිණෙන මගීන් පිළිබඳව ඉකුත් සති කිහිපයේ සිට ඉන්දීය මධ්‍යම බුද්ධි ඒජන්සිය සහ තමිල්නාඩු පොලිසිය සොයා බැලීමේදී මෙම ලාංකිකයා පකිස්තාන ඔත්තු සේවා සමග සමීප සබඳතා පවත්වන්නෙකු බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.
අධිකරණයේ විශේෂ අවසරයක් මත චෙන්නායි හි පූසාල් බන්ධනාගාරයේ රඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ප්‍රසිද්ධ කට්ටිය තමා ලෝකෙටම ත්‍රස්තවාදය පතුරවන්නේ. (නි)
වහා නිදහස් කරනු! පකිස්ථානයට බාරදෙනු! ලංකාවට නො එවනු! (නදී)
මොහු ලාංකිකයෙක් නම් අප අතර තවත් රටවලින් වැටුප් ලබන ඔත්තුකරුවන් සිටිය හැකිය. මේ පුවත රජය අවධානයට ගත යුතුයැයි සිතමි.(ස)
මුළු ලෝකයටම ශාපයක් වූ අන්තවාදය ලංකාවත් ගිලගෙන ඇත. එහෙත් බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මර නින්දේ? (නි)
වෙන වෙන රටවලට ඔත්තු සපයන කට්ටියත් අපේ රටේ ඉන්නවා එහෙනම් (නි)
කවුරුත් කතා නොකරන පාකිස්ථානය හා ලංකාව අතර අලුතින් පටන් ගත් සම්බන්ධයක් තියෙනවා. මේවා මාධ්‍ය වල යන්නෙත් නැහැ. අපි විදේශ රටවල ඉන්න නිසා අපිට මේවා විදෙස් පුවත් වලින් බලන්න පුළුවන්. (නි)
චමල්, ඔබට අවශ්‍ය වුයේ ඔබ විදේශයක සිටිනා බව කීමටද ? අප විදේශයක නොසිටියත් ලෝකයේ ඕනෙම රටක පලවන පුවත්පත් සහ රුපවාහිනී නාලිකා ලංකාවේ සිට බලනවා . අප ඉන්නේ 21 වන සියවසේ. (ස)
කලකට ඉස්සර අදහස් දාපු එක් කෙනෙක් හිටියා කරාටේ රන්ජිත් කියලා. මෙතන කට්ටිය එයාගෙන් මොන බෙල්ට් ද තියෙන්නේ කියලා ඇහැව්වා.ඒ පාර කරාටේ කැල්ල හැලුණා.අපි ට්‍රයිකෝ ගෙන් මොකද්ද අහන්නේ ?මෙහෙම අහමු "තේ පෙට්ටියක් යවන්න, කියක් විතර යයිද " (ස)
සමහර රාජ්‍ය නොවන සංවිධාන වල වැඩ කරන අය දන්නේ නැහැ තමන් තවත් රටකට ඔත්තු සපයන්නෙක් බව. ඔය ජාල ඒ තරම් සූක්ෂමවයි ඔය ව්‍යාපාරය කරගෙන යන්නේ. (ස)
ට්‍රයිකෝ රන්ජිත්, මම විදේශ රටක ඉන්නවා කියන එකට ඔබතුමාගේ හදවතේ උපන් අකලංක ඊර්ෂ්‍යාවට මට කරන්න දෙයක් නැහැ. ලංකාවේ කෙනෙක් විදේශයක ඉන්නවා කියන එක ඔයාට ඊර්ෂ්‍යා හිතුනට ඒක සාමාන්‍ය දෙයක්. ඔය ලංකාවේ ඉඳන් විදෙස් ප්‍රවෘත්ති බලනවා නම් මට කියන්න අයි.එස්.අයි.ඔත්තු සේවයේ ලංකාවේ කණ්ඩායමට කියන නම මොකක්ද කියලා. ඔය ට්‍රයිකෝ කියලා දාලා තියෙන්නේ එක්කෝ ඔයත් මැදපෙරදිග වෙන්න ඕනෑ. නැත්නම් ලංකාවේ ට්‍රයිකෝ. (නි)