IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකාදීප පුවතින් කැබිගොල්ලෑවේ මවට ආධාර

(පියදාස සමරවීර සහ හේමන්ත රණසූරිය)

"කැබිතිගොල්ලෑවෙන් පටාචාර කතාවක්" යන මැයෙන්  "ලංකාදීප" පුවත්පතේ පළ වූ පුවත දැක දානපතීන් උදව් කිරීම නිසා විදුලි බිල හා වතුර බිලට අදාළ හිග මුදලවන රුපියල් අසූදහස් හත්සිය පනහ ගෙවා දැමීමෙන් පසු ඒ මොහොතේ ම ජලය දුන් බව ස්වාමියා අහිමි කැබිතිගොල්ලෑව පදවිය පාරේ පදිංචිව සිටින පී. අනුරාධා ස්වර්ණමාලී කීර්තිරත්න (33) සිවු දරු මව පවසන්නීය.

විදුලි සබදතාව අද 30 වැනිදා දෙන බව පැවැසූවේ යැයි ද ඇය කියයි.

නිවෙසේ මාස හතරක් තිස්සේ විදුලිය විසන්ධි කර සති දෙකක් තිස්සේ ජලය විසන්ධි කර තිබියදී මීට දින පහකට පෙර තම ස්වාමිපුරුෂයා හදිසි අනතුරකින් මිය ගිය බව ඇය පවසන්නීය.

වයස අවුරුදු 11, 09, 02 දරැවන් හා දින 42 ක ලේ කැටි දරුවකු ද සමග තනිවම දැඩි ආර්ථික අපහසුතාවලට ලක්ව කිසිවක් කරකියා ගත නොහැකි ව සිටි මොහොතක "ලංකාදීප" පුවත්පත තම පිහිටට පැමිණි බව ඇය අපට පැවැසුවේ හැඩූ කඳුළෙනි.

"ලංකාදීප" පුවතත් සමග දානපතීන් රැසක්ම තොරතුරු විමසා උදව් උපකාර කළ බව ද එක් මහත්මයකු රුපියල් 70.000ක් ජල හා විදුලි බිල් ගෙවා දමන ලෙස පවසා දුන් බව ඇය ප්‍රකාශ කළාය.

අනුරාධා ස්වර්ණමාලී සිවුදරු මව වැඩිදුරටත් මෙසේ පැවසුවාය.

අද උදේ ඉදලා කෝල් ආවා. අපගේ දුක ගැන ඇහැව්වා. ගිණුම් අංක ඉල්ලාගෙන මුදල් එවා තිබෙනවා. මම එතුමලාට ස්තුති කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ. මගේ අසරණ දරුවන්ගේ නාමයෙන් අපට උදව්කරනවා. මගේ මහත්තයා ඉන්න තැනකින් සතුටු වෙනවා ඇති මේ වෙලාවේ.

මේ හැම දෙයක්ම වුණේ ලංකාදීප පත්තරේ නිසා. ඇත්තටම මම හීනෙකින් වත් හිතුවේ නෑ අපට මෙතරම් යහපත් දෙයක් වෙයි කියලා. උදව්උපකාර කළ හැමෝටම මම විශේෂ ස්තුතියක් ඉදිරියේ දී කරනවායැයි ඇය පැවැසුවාය.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071 8358 999 ධම්මකිත්ති හිමියන්ගෙන් හා අප පුවත්පත (011 247 9212) ලබාගත හැකිය. අසරණ වූ මවට දුරකථන පහසුකම් නොමැත.

පී.අනුරාධා ස්වර්ණමාලි කීර්තිරත්න නමින් කැබිතිගොල්ලෑව මහජන බැංකු ශාඛාවේ අංක 150200130046791 දරන අංකයට ද ඇය වෙනුවෙන් මුදල් බැර කළ හැකියි

 



අදහස් (9)

ලංකාදීප පුවතින් කැබිගොල්ලෑවේ මවට ආධාර

Lalla Thursday, 30 May 2024 08:29 AM

මොන කතා කිව්වත් තමන්ට දැරිය නොහැකි පවුල් ලංකාවට වධයක් වී හමාරයි.දිනපතාම දරුවන් එක්ක නැති බැරිකම කියන දෙමාපියන් මාධ්‍ය වලට අඬනවා. නොදැනුවත්කම හෝ මොන හේතුව වුණත් රටටම බරක්. පවුල් සංවිධාන සංගමය නැවත පණගන්වන එක මීට වඩා යහපත් නේද?

:       169       19

Weerasinghe Thursday, 30 May 2024 09:05 AM

හරිම සතුටුයි. උදේ පාන්දරම සුන්දර ප්‍රවෘත්තියක්. ලංකාදීප සේවක මඩුල්ලට සහ රුපියලකින් හරි උපකාර කළ සියලු දෙනාටම පින්.

:       0       106

Dushan Thursday, 30 May 2024 10:44 AM

රටක ජනගහනය, ආර්තිකයට ශක්තියක්. මේ බව දකුණු කොරියාව, ජපානය, චිනය වැනි රටවල් දිහා බැලුවාම පේනවා. ඒ රටවල් ළමයි හදනවාට ආධාර කරනවා. අපේ රටට පුංචි පවුල රත්තරන් කියලා දුන්න ලනුවෙන්, සිංහල ජනගහානය අඩු වුණා. හම්බයෝ වැඩි වුණා!

:       6       58

Chinthaka Thursday, 30 May 2024 11:02 AM

උදව් උපකාර කළ සියලුම දෙනාට ගොඩක් පින්. ඒ මවට ලොකු සහනයක්.

:       0       0

SUNIL MILANO Thursday, 30 May 2024 12:13 PM

LALLA වැනි ලිං මැඩියන් ඉන්න තාක්කල් ලංකාව හදනවා බොරු...කිසිම මනුස්සකමක් නැති මොහු අමන ජෙප්පෙක්

:       0       2

හර්ෂන විජේරත්න Thursday, 30 May 2024 12:18 PM

ගොඩක් සතුටුයි. ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය නියෝජිත තුමාටත් සියලුම කාර්ය මණඩලයටත් ගොඩාක් පිං සිදුවන වැඩක් කරලා තියෙන්නේ. මේක පිං උල්පතක්, එහෙම කියන්නෙ, ඔබ තුමාලගෙ මේ ක්‍රියාව නිසා මේ අයට දිගටම ආධාර උපකාර ලැබෙනවා. ඒ ලැබෙන ලැබෙන වාරයක් ගණනෙ ඔබලාට පිං ලැබෙනවා. මේ අයට සැපවත් ජීවිත ලැබුණොත් ඒ් ඔයාල නිසාමයි. තවත් දෙයක් කියන්න ඔ්න. මේ වගේ දරු පවුල් ගැන ප්‍රසිද්ධියක් දෙනවා කියන්නෙ, අපේ රටට ඒක මහත් බරක් නෙමෙයි. මේ රටේ සිටින ඉතාම ගුණවත්, යහපත්, පිං කැමති අයට, පිං රැස්කරගන්නට ඔබ තුමන්ලා කරන්නෙ මහත් උපකාරයක්. ඒ නිසා මේ වගේ දේවල් ගැන සෑම විටම ප්‍රචාරයක් ලබාදෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

:       0       2

සෙනෙවිරත්න Thursday, 30 May 2024 03:04 PM

දුෂාන් වසර ගානක⁣ට පෙර අනුපාතම තමයි දැනුත් ඔය අරය මෙයා වැඩි වෙනව කියන්නෙ මිත්‍යාවක්, ජපානය, කොරියාව වගේ රට හදන පාලකයො පත් කරගත්ත නම් මමත් ඔබගේ මතයට එකඟයි.

:       1       0

GAMA VARESE Thursday, 30 May 2024 03:40 PM

LALLA වගේ මොලේ උඩ වාඩිවෙල COMMENTS ලියන ජෙප්පෙකුට ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕක තමයි ජෙපි නියාය

:       0       2

upul Thursday, 30 May 2024 04:00 PM

උඹලගෙ අම්මටත් තිබ්බෙ පවුල සැලසුම් කරගන්න. එහෙම වුණානම් මේ වගේ ගොං කතා කියන එකෙක් හරි ඉපදෙන එක අඩු වෙනවනේ

:       6       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 141 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2009 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2282 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2974 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1302 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site