IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලංකාවේ අපිට හොඳ සංගීත ඉතිහාසයක් තියෙනවා

2016-08-08-ent-62

ලාංකේය සංගීතය ජාත්‍යන්තරය තලයට රැගෙන යෑමට වෑයම් දරන මේ තුන් කට්ටුව, බටහිර ආරේ ගීතවලට වැඩි රුචිකත්වයක් දක්වති. මොවුන්ගේ ශෛලීය රසය උද්වේග කර වුවද සමාජයේ හැඟීම් උද්දීපනයට කරවීමට හැකියාවක් ඔවුන් තුළ ඇත. නිමාවක් නොමැති සංගීතය අංශු මාත්‍රාවක් ඔස්සේ ගවේෂණය කරන්නා වූ E-boys සංගීත කණ්ඩායම සමග "සාරවිට" එක්වූ මොහොතයි මේ.

 

බෑන්ඩ් එක ගැන විස්තර ටිකක් කිව්වොත්?

2016-08-08-ent-64අවුරුදු 03 කට පමණ පෙර අපි අද වගේම සිංදු ගැයීමට කැමැත්තක් තිබුණා. නමුත් එය තරමක් වෙනස්වූ ස්ටයිල් එකක්. නමුත් 2010 වර්ෂයේදී පමණ අපි "West-life" pop boy band එක දැන ගත්තා. ඒ singing styles, vocals, harmonies අපිව වෙනම පැත්තක් සිතීමට යොමුකළා. තරමක් අමුතු හැඟීමක් මියුසික් ගැන අපේ සිතේ ඇති කළා. අපිත් ඒ දේට ආසකළා. ඒ සඳහා අලුත් ඉලක්කයක් ඇති කරගත්තා. නමුත් ඒ සිංදු ගායනා කරන්න වැඩි උත්සාහයක් ගත්තා. එහෙම තමයි අපි තුන්දෙනාගේ ආරම්භය සිදුවුණේ.

 

සාමාජිකයන් කී දෙනෙක් ඉන්නවා?

තුන්දෙනයි. කවිඳු ආලෝක කොඩිකාර, ශෂ්රික ආදර්ශන කොඩිකාර සහ උදේෂ් රියෝන් ගලප්පත්ති. එකම පවුලක්. අපි අපේ හැකියා හදාගත්තෙ සිංදු කීමට අමතර පන්ති ගිහිල්ලා නෙමෙයි. ගැයීමෙන් පමණයි. පසුව වෙස්ට් ලයිව් performances, concerts බැලීමට පටන් ගත්තේ, live perform කරන විට ඇති වන අඩුපාඩු දැනගැනීමටයි. නමුත් අපිට තේරුණා තුන්දෙනෙක් ප්‍රමාණවත් නැහැ කියලා. අපි ගොඩක් ඒ ගැන කතා කළා. නමුත් අපි හැමතිස්සෙම හිතුවේ, පිට කෙනෙක් ගන්නවාට වඩා පවුලේ සාමාජිකයන් විතරක් හිටියාම ඇති කියලා. තවමත් තුන්දෙනයි. ඉදිරියේදී ඒක වෙනස් වෙයිද දන්නෙ නැහැ.

 

මේ වනවිට කර ඇති ගීතයන් මොනවාද?

මේ වනවිට ගීත තුනක් කරලා ඉවරයි. තව එළිදක්වන්න ගීත කිහිපයක් තියෙනවා. නමුත් අපි මේ ලංකාවේ ගීත හරි නැහැ කියනවා නෙමෙයි. ලංකාවේ අපිට හොඳ සංගීත ඉතිහාසයක් තියෙනවා. තවමත් ඒවා ලස්සනයි. ඒ වගේම වර්තමානයේ හොඳ ගායන ශිල්පීන් ඉන්නවා. හැබැයි, සමහරක් අලුත් අය ගොඩක් උත්සාහ කරනවා අලුත් ඩාන්ස් දාලා, ලස්සන විෂුවල් දාලා සිංදු හදනවා. ජනප්‍රියත් වෙනවා. සංගීත කර්මාන්තය තුළ අලුත් දෙයක් කරන්න හිතන්නෙ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි හිතන්නෙ ඒ විදිහටයි.

 

බෑන්ඩ් එකේ සංකල්පය මොකක්ද?

සංකල්පය නම් අලුත් දෙයක් කරන්න. ශ්‍රී ලංකාවේ සංගීතය කියන එක ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. අපි වෙස්ටර්න් සිංදු අහනවා වගේ, ඒ අය ලංකාවේ සිංදු අහනවා බලන්න ඕනේ.

 

ඉදිරි කටයුතු?

අපේ අලුත් ගීත ඉක්මනටම එළියට දානවා. ඇල්බම් එකක් එළිදක්වන්න තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව. මෙහෙම ගීත එකක්ම වෙනස් Style එකක් තියෙන්නේ. western styles එකතු වෙයි. නමුත් අපිට ඕනේ Sri Lankan music කියන එක අන්තර්ජාතික මට්ටමට එකට ගෙනියන්න.

 

කවුරු හරි උදව් කරපු පිරිසක් ඉන්නවාද?

ඔව්, විශේෂයෙන්ම කවිඳුගෙයි, ශෂ්රිකගෙයි දෙමව්පියන්ව. ශිරාන් කොඩිකාර, අප්සරිකා ගලප්පත්තිට, උදේශගේ අම්මා උදේනි ගලප්පත්තිට, උදේශ්ගේ තාත්තා උදය ගලප්පත්තිට. අප්සරිකා ගලප්පත්තිගේ සහෝදරයා නැතිවුණේ 2006 වර්ෂයේදී. උදය ගලප්පත්ති ඇතුළු ඔහුගේ අනෙක් සහෝදර සහෝදරියන්ට. ඔවුන්ගේ නම් වෙන්නේ, ගලප්පත්ති පවුලේ සාමාජිකයන්වූ සම්පත්, චන්න, නුවන් සහ දිල්රුක්ෂි යන අයයි. ඒ සියලු දෙනාගේ ලයිව් බෑන්ඩ් එකක් තිබ්බා. ඒකෙ නමින් "Ebony" ලයිව් බෑන්ඩ් ලෙසයි නම් කරලා තිබුණේ. තව ලින්කොලින් ද සිල්වා. ඔහු අපිට අලුත් අදහස් ලබා දෙනවා. ඩෙරික් ද සිල්වා ඔහුගේ සහෝදරයෙක්. තව අපිට උදව් කරපු ගොඩක් අය ඉන්නවා. එයාලට ගොඩක් ස්තූති කරනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

2016-08-08-ent-63



අදහස් (0)

ලංකාවේ අපිට හොඳ සංගීත ඉතිහාසයක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 489 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 416 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2468 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 984 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 837 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 361 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25593 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site