ශ්‍රී ලංකාවේ ඉපැදී ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා නව කතා කතුවරියක වී සිටින මිෂෙල් ද ක්‍රෙට්සර් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පොත් සම්මාන උළෙළකදී ප්‍රථම සම්මානය දිනාගත්තාය.
ඇයගේ සම්මානය වෙනුවෙන් හිමි වු මුදල රුපියල් පනස් දෙලක්ෂයක් පමණ වේ.
‘ක්වේෂ්චන්ස් ඔෆ් ට්‍රැවල්’ (සංචාරයේ ප්‍රශ්න) නම් කෘතියට මේ සම්මානය හිමි විය. සම්මානය රාත්‍රියේ ඇයට සම්මානය ගැනීමට නොහැකි වුයේ ප්‍රංශයට ගොස් සිටි නිසාය.ක්‍රෙට්සර් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුයේ 1972 දීය.මෙම තරගයට ඉල්ලුම්පත් 507 ක් ලැබී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක මල්ලි, ලංකාවට එන්නේ හිතන්නේ කොහොමද, ඔයාලා වගේ කුඩුකේඩු අය ඉන්දැද්දි? (නි)
ජාතිවාදීයි, ආගම්වදීයි කියන මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා, කුමාරතුංග මුනිදාස වගේ ජතිමාමකයෝ නිසා තමයි අද ඔයාලට කතා කරන්න ලියන්න සිංහල භාෂාවක් සහ අපේ කියන්න රටක් ඉතුරුවෙලා තියෙන්නේ. අපිට ජාතිවාදියි කියන පෘථිවි වැසියන් හා ගොලීයවාදීන් කවද හරි ලංකාවට ආවත් ඒ එන්නේ අපි වගේ අය රැකගත්ත රටකට බව අමතක කරන්න එපා. ලංකාව ඔය හැමකෙනාටම ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න දියුණු වෙන එක නවත්වන්න කාටවත් බෑ. අපේ ජීවිත කාලේම ඒක දැකල මැරෙන්න ලැබුනොත් මට ඒ ඇති. ඔබ හෝ ඔබේ දරුවන් උරුමය හොයන දවසක් එනවා. එදාට රටක් ඉතුරු වෙන්න අද රටට උදව් කරන්න. රටට උදව් නොකරන අයට ප්‍රචාරය දෙනවට වඩා පුවත්පතකට රටට වැඩක් කරන්න පුළුවන්. (නදී)
රට දැය සමය ගැන වැඩ කරන එක ඔබ හිතන්නේ ලිඳක් කියලා නම්, එකෙන් ගොඩ එන්න ගෝලීයකරණය වැළඳ ගන්න ඕනේ කියල ඔබ හිතනවා නම්, ඔබේ අදහස ලංකාවේ හැම වැසියෙක්ම අනුගමනය කලොත් සිංහල භාෂාවට, ජාතියට, ආගමට මොකද වෙන්නේ කියාල ඔය බහුශ්‍රුත මොලයට වැටහුනේ නැතිද? ලෝකයේ සිංහල ජාතිකයෝ ඉන්නේ මිලියන 16 ක්අට අඩු ගානක් පමණයි. අප වඳ වෙමින් පවතින ජාතියක්. අපේ මිනිස්සු වැඩි හරියක් අපේ ඉතිහාසය, උරුමය, සංස්කෘතිය ගැන දන්නේ නෑ. ඒ වගේම ලෝකයේ අනිත් ජාතීන් ඔවුන්ගේ ජාතිය, භාෂාව, සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට යොදා තියෙන ආරක්ෂණවාදී ප්‍රතිපත්තීන් ගැන දන්නේ නෑ. පොත් පත් කියවන ඔබ මේ ගැනත් කියවන්න. රටක උපන්න නිසාම අපේ යන අදහසින් ඔවුන්ව අගය කිරීම මෝඩකමක්. ජන්මය නොව ක්‍රියාව වැදගත් බව ලංකාව වගේ අන්තර්ජාතික බලවේග වල කෙලි බිමක් වුන රටක මිනිස්සුන්ට දැන් තේරෙනවා. ඔබ ලංකාවේ ඉපදුනත් ලංකාව වෙනුවෙන් වැඩ නොකලොත් ඔබට උරුමකම් කියන්නට ලංකාවක් නොතියේවි. ඔය ලේඛිකාව දැන් හොයන්නේ ඒ අමතක කරපු උරුමය නෙවෙයිද? (ස)
ඔය ජාතිවාදී මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද තමන් ලාංකිකයෙක් වගේම පෘතුවි වැසියෙක් බව? (ස)
අන් රටවලට අනාගත පරපුරක් හදන්න අපේ රට දාලා ගිය අය මොනවා කිව්වත් මට නම් ලංකාව කියන්නේ මුළු ලෝකයම. අපේ දරුවෝ මහන්සිවෙලා අපේ රට ගොඩ දමාවි කියන විස්වාසය අපට තියෙනවා. චින්තකගේ ප්‍රකාශයටත් මා එකඟයි.(නදී)
මෙතන කොමෙන්ට් කරන වැඩි දෙනෙක් පිටරටවලනේ ජීවත්වෙන්නේ. ඔවුන් රට ගියේ ලංකාව හොඳ නැති නිසා. එහෙ ඉඳන් මොන බයිලා කිව්වත් ඒක තමයි ඇත්ත. දරුවන්ට උගන්වන්න මුදල් හම්බ කරන්න පිටරටවල් හොඳයි කියනවනේ. ඇත්තටම ලංකාවේ හිටියා කියලා අපේ දැනුමෙන් හෝ දක්ෂකමෙන් ලංකාවට සේවයක් කරන්න නිලධාරි හා දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුන අවස්ථා කොච්චර තියෙනවද? ඉතින් දක්ෂ උදවිය කලකිරිලා රට හැර යනවා. ආදරේ වැඩිකමට තමන්ට මෝඩයෙක් ලෙස සලකන දෙමවුපියන්ට වඩා කපටිකමට තමන්ව වර්ණනා කරන නෑදෑයන්ට ළමයි වුනත් කැමතියි. පිටරටවල් විදේශිකයන්ව ගෙන්න ගන්න ලොතරැයි, ග්‍රීන් කාඩ් එහෙම දෙනකොට නුගත් වෘත්තීය සුදුසුකම් නැති උදවිය ගන්නේ නැහැ. ගන්නේ ඒ රටවලට වැඩක් ගන්න පුළුවන් අය. රටේ මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් උපාධි ගත්ත උදවිය තමා වැඩියෙන් පිටරට පදිංචියට ගන්නේ හා යන්නේ. මෙහෙ ඉන්නකොට ලොකු පහසුකම් ඉල්ලපු උගත්තු එහෙ ගිහින් වැසිකිලිත් හෝදනවා. මව්රට එක්ක තිබු සියලු සම්බන්ධතා අතහරිනවා කියල දිවුරලා පුරවැසිකම ගන්නේ. එහෙ පුරවැසිකම ගත්තට පස්සේ ඔවුන් ලාංකිකයෝ නොවෙයි. මේ ආණ්ඩුවේත් ඇමරිකන් පුරවැසියෝ කීදෙනෙක් ඉන්නවද? ලංකාවේ ඉපදුනු පලියට ලාංකික වෙන්නේ නෑ.අරාබියේ රස්සාවට ගිය අයට ලැබෙන දරුවෝ අරාබි පුරවැසියෝ වෙන්නේ නෑනේ. ඉතින් මේ ගැහැණිය ලාංකිකයෙක් නොවේ. පොත් ලියලා මුදල් සෙවීම රටට සේවයක් නොවේ. අනික නවකතා ලිව්වට දැනුම බෙදෙන්නේ නෑ.(නදී)
ඉතින් මොකද වෙන්නේ පොතක් ලිව්වම? පත්තර වල පල වෙන්න ඕනේ ලංකාවට මොනවහරි වාසි දායක පුවත් විතරද? මහා පුදුම ආත්මාර්ථකාමී ජාතියක් තමයි අපි නම්. ලැජ්ජයි පුතා ලැජ්ජයි! (ස)
චින්තක, ඔය ඉන්න ළිදෙන් පොඩ්ඩක් මහන්සි වෙලා එලියට පනින්න.ලංකාව කියන්නේ මුළු ලෝකයම නෙවි.21 වන සියවසේ අපි ගෝලීයකරණය කතා කරද්දී මෙයා අංගුලිමාල චරිතය රගපානවා.පොතක් පතක් කියවලවත් ලෝකයේ අපි ඉන්න තැනින් එලියට එන්න උත්සහ කරමු. (ස)
චින්තක හරි ,100ක් නොවෙයි.10ක් සොයා ගන්න බැහැ.එයාලගේ වාසියට වැඩ කරනවා මිසක රට වෙනුවෙන් කතා කරන්නේ නැහැ.කතා කරන කෙනා තනි වෙනවා. (ස)
ලංකාවේ ජීවත්වෙන අපේම සිංහලයෝ කීදෙනෙක් සිංහල ජාතියට, රටට විරුද්ධව වැඩ කරනවද? පිටරටවල පුරවැසිකමට ලංකාව කීදෙනෙක් පාවලා දීලා තියෙනවද? ලංකාව වෙනුවෙන් කරන උද්ඝෝෂණයකට ඕස්ට්‍රේලියාවේදී 100ක් එකතු කරගන්න කොයිතරම් අමාරුද? ලංකාවේ ප්‍රශ්න විකුණලා කී දෙනෙක් ලංකාවේ හතුරන්ගෙන් සම්මාන ගන්නවද? මේ ලේඛිකාවගේ පොත් මම කියලා නැති නිසා ඒවායේ ඇතුලත් කරුණු ගැන මම මෙතැනදී කිසිවක් කියන්නේ නෑ. නමුත් ලංකාවේ වෙළඳපොලක් හදා ගන්න යටි අරමුණක් ඇතිව ලංකාව වෙනුවෙන් වචනයක් නොලියා ලංකාවේ ඉපදීම පමණක් පාවිච්චි කිරීම වැරදියි. ෂෙහාන්, දම්, විජිත වගේ අයට තමන්ගේ රට දැය සමය ගැන විතරක් නෙවේ අද ලෝකයේ වෙන දේ ගැනවත් විචාරශීලී අවබෝධයක් නැති වග ලියලා තියෙන දෙයින් පේනවා.සමන් කුමාර, අනුන්ට උදව් කරන්න කලින් තමන්ගේ දුර්වලකම තේරුම් ගන්න. (ස)
ලංකාවේ තියන දේශපාලන සංස්කෘතිය, එතකොට ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියන කැපිලි කෙටිලි, ආනයන අපනයන වල තියන අධික බදු නිසා අපිට පඩියෙන් ජීවත්වෙන්න අපහසුකම, ඉඩමක ආදායමින් ජීවත්වෙන්න බැරිකම (කෘෂිකාර්මික ගොවියන් ගේ පලදාව විකුණා ගන්න බැරිකම) කප්පකම් කාරයෝ, ඉහල සිට පහලට චන්ඩින් හා මැරයන් සමඟ සම්බන්ධකම් තියන විවිධ පරිපාලන රටාව,, මේ කරන තියන රටක විදේශ භාෂාවක් දන්නා කෙනෙක් ඉඳීවිද? ලංකාව හොඳ රටක්, දේශගුණය, ගහකොළ, සතා සිවුපාවා ආදිය. අද උන්ට නිදහසේ ඉන්න වනාන්තර තියනවද? අලි පොත නැති උනා, හොරෙන් අල්ලපු අලි ලක්ෂ 10 දීලා ලියාපදිංචි කරන්න පුළුවන්ලු???? මේ වගේ වැඩවල පුරුදු උන බහුතරය මේ රට සුරපුරයක්, මේ කාන්තාව ලංකාවේ උපන්නෙ කීම උනත් වටිනවා, සමහරු පිටරට ගියාම එකවත් කියන්න කැමති නැහැ. (ස)
ලංකාවේ මිෂෙල් ද ක්‍රෙට්සර් කියලා ඔක්කොම දන්නවා. කවුරු මොනවා කිවත් එයා ලංකාවේ නිසානේ ඒ දේවල් කියලා තියෙන්නේ. සතුටින් අපි සුබ පතමු හදවතින්ම (ස)
අපිට තියෙන්නේ ඊයෙත්, හෙටත් අනිද්දත් මෙව්වා කියවමින් සිටීමයි.(නදී)
අවශ්‍ය නම්, මට පුළුවන් ඊර්ශ්‍යාව, කුහකකම නැතිකරගන්න චින්තක පෙරේරාට උදවු කරන්න. (නි)
චින්තක පෙරේරා ලංකාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?(නදී)
ලංකාවේ හිටියා නම් සංචාරයේ ප්‍රශ්න නෙමෙයි ජීවත්වීමත් ප්‍රශ්නයක් වෙන්න තිබුනා (නි)
මොනවා වුණත් මිෂෙල්ට අපේ උණුසුම් සුභ පැතුම්! මේ ලේඛිකාව ලංකාවට කී පාරක් ගිහින් තියෙනවද දන්නවද? මේ වගේ දේවල් ලියනවට මිලාන් ඉන්න සමන්ත අයියටත් සුභ පතනවා (නි)
ලංකාවේ ඉපදුන පලියට ලංකාවේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් හෝ ලංකාව වෙනුවෙන් වචනයක් කතා නොකරන මිනිස්සුන්ගේ ප්‍රවෘත්ති වලින් ලංකාවේ මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද? තමන්ට දක්ෂ කමක් තියෙනවා නම් ඒකට ලංකාවේ තැනක් නැත්නම් ගැලපෙන තැනකට යන එක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ලියන මමත් එහෙම ඇවිත් ඉන්න කෙනෙක්. නමුත් මම වගේ තව ඕනේ තරම් ලාංකිකයෝ අපේ රටට හම්බකරන මුදල් එවනවා. රටේ ප්‍රශ්නයකදී රට වෙනුවෙන් කතා කරනවා. මේ ලේඛිකාවත් එහෙම කරලා තියෙනවද කියල දැනගන්න එක කුහක කමක් නෙවේ. සිංහල පත්තරේක ප්‍රචාරයක් දෙන්න හේතුව දැන ගන්න එක ඒ ප්‍රවෘතියට වටිනාකමක් දෙන්නේ නැතිද? කාලිංග ඔබේ අසහනයට අනිත් අය පළි නෑ. (නදී)
චින්තක වගේ කුහක ඕලමොට්ටලයන් ඉන්න තාක් කල් ලංකාව ලිඳේ ඉන්න මැඩිය සේය.(නදී)
මේ වගේ වෙලාවට 'අපේ අපේ' කියනවා. ද්විත්ව පුරවැසිකම ඉල්ලනකොට දෙන්න 'එපෝ එපෝ' කියනවා. අනේ මන්දා. (නි)
තරග කරුවන් 507 කින් එකට අපු එකට සුබ පතනවා,කුහක කමට නැති ප්‍රශ්න ඇදල වැඩක් නැහැ මෙතන,ලෝකේ කොහේ හිටියත් ඉපදුනේ ලංකාවෙනෙ, මේ මිනිස්සු රටේ රදවාගන්න වැඩපිළිවෙලක් නැහැ,එකයි දක්ෂයින් පිටරටවල ජීවත් වෙන්නේ,අපේ රටේ සම්මානයක් ගන්න නම් අත දිගරලා වියදම් කරන්න ඕන නැත්නම් දේශපාලන හයියක් ඕන,සුදුස්සෙකුට දක්ෂේකුට කොහෙද ඉඩක් මේ රටේ,එහෙවි එකේ මේ මිනිස්සුන්ගේ දැනුම ලෝකෙටම බෙදනවනේ කොහේ හිටියත් (අ)
ලංකාවේ ඉපදුන පමණින් සම්මානයක් ගත්ත කෙනෙකුට ප්‍රචාරය දෙන එක වැරදියි. මේ ලේඛිකාව ලංකාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියල යම් සළකා බැලීමක් කරන්න වටිනවා. ඒ දේවලුත් මේ පුවතට ඇතුලත් වුනා නම් අපිට ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ගන්න තිබුණා. ලංකාවේ ඉඳල වෙන රටක පුරවැසි බව මොන විදියකින් හෝ අරගෙන ගිහින් ඉන්න බොහෝ දෙනා ලංකාව වෙනුවෙන් කතා කරන්නේ නෑ. ලංකාවට අයෙත් එන්න හිටන්නේවත් නෑ. (අ)
උතුරේ ත්‍රස්තවාදීන් විසින් ග්‍රහණයට නතු කරගත් සිවිල් ජනතාව මුදා ගත් ආකාරය නවකතාවකින් ලොවට කියන්න.එහෙම වුණොත් ඔබට අපේ ආදරය සහ ගෞරවය හිමිවෙනවා (නි)
ලංකාවෙදි මුහුණ දුන් ප්‍රශ්න බොහොමයකුත් මෙහි ඇතුළත්ව ඇති (නි)