IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලංකාවේ උපන් කතුවරියට සම්මානයක්

ශ්‍රී ලංකාවේ ඉපැදී ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා නව කතා කතුවරියක වී සිටින මිෂෙල් ද ක්‍රෙට්සර් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ  පොත් සම්මාන උළෙළකදී  ප්‍රථම සම්මානය දිනාගත්තාය.

ඇයගේ සම්මානය වෙනුවෙන්  හිමි වු මුදල රුපියල් පනස් දෙලක්ෂයක් පමණ වේ.

‘ක්වේෂ්චන්ස් ඔෆ් ට්‍රැවල්’ (සංචාරයේ ප්‍රශ්න) නම් කෘතියට මේ සම්මානය හිමි විය. සම්මානය  රාත්‍රියේ ඇයට සම්මානය ගැනීමට නොහැකි වුයේ ප්‍රංශයට ගොස් සිටි නිසාය.ක්‍රෙට්සර් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුයේ 1972 දීය.මෙම තරගයට ඉල්ලුම්පත් 507 ක් ලැබී තිබිණි.

 

 

 



අදහස් (0)

ලංකාවේ උපන් කතුවරියට සම්මානයක්

විරාජ් කාලිංග Tuesday, 17 September 2013 09:36 PM

තරග කරුවන් 507 කින් එකට අපු එකට සුබ පතනවා,කුහක කමට නැති ප්‍රශ්න ඇදල වැඩක් නැහැ මෙතන,ලෝකේ කොහේ හිටියත් ඉපදුනේ ලංකාවෙනෙ, මේ මිනිස්සු රටේ රදවාගන්න වැඩපිළිවෙලක් නැහැ,එකයි දක්ෂයින් පිටරටවල ජීවත් වෙන්නේ,අපේ රටේ සම්මානයක් ගන්න නම් අත දිගරලා වියදම් කරන්න ඕන නැත්නම් දේශපාලන හයියක් ඕන,සුදුස්සෙකුට දක්ෂේකුට කොහෙද ඉඩක් මේ රටේ,එහෙවි එකේ මේ මිනිස්සුන්ගේ දැනුම ලෝකෙටම බෙදනවනේ කොහේ හිටියත් (අ)

:       0       0

දාස Wednesday, 18 September 2013 04:02 PM

ඉතින් මොකද වෙන්නේ පොතක් ලිව්වම? පත්තර වල පල වෙන්න ඕනේ ලංකාවට මොනවහරි වාසි දායක පුවත් විතරද? මහා පුදුම ආත්මාර්ථකාමී ජාතියක් තමයි අපි නම්. ලැජ්ජයි පුතා ලැජ්ජයි! (ස)

:       0       0

කුමාරිහාමි Wednesday, 18 September 2013 04:10 PM

මෙතන කොමෙන්ට් කරන වැඩි දෙනෙක් පිටරටවලනේ ජීවත්වෙන්නේ. ඔවුන් රට ගියේ ලංකාව හොඳ නැති නිසා. එහෙ ඉඳන් මොන බයිලා කිව්වත් ඒක තමයි ඇත්ත. දරුවන්ට උගන්වන්න මුදල් හම්බ කරන්න පිටරටවල් හොඳයි කියනවනේ. ඇත්තටම ලංකාවේ හිටියා කියලා අපේ දැනුමෙන් හෝ දක්ෂකමෙන් ලංකාවට සේවයක් කරන්න නිලධාරි හා දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුන අවස්ථා කොච්චර තියෙනවද? ඉතින් දක්ෂ උදවිය කලකිරිලා රට හැර යනවා. ආදරේ වැඩිකමට තමන්ට මෝඩයෙක් ලෙස සලකන දෙමවුපියන්ට වඩා කපටිකමට තමන්ව වර්ණනා කරන නෑදෑයන්ට ළමයි වුනත් කැමතියි. පිටරටවල් විදේශිකයන්ව ගෙන්න ගන්න ලොතරැයි, ග්‍රීන් කාඩ් එහෙම දෙනකොට නුගත් වෘත්තීය සුදුසුකම් නැති උදවිය ගන්නේ නැහැ. ගන්නේ ඒ රටවලට වැඩක් ගන්න පුළුවන් අය. රටේ මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් උපාධි ගත්ත උදවිය තමා වැඩියෙන් පිටරට පදිංචියට ගන්නේ හා යන්නේ. මෙහෙ ඉන්නකොට ලොකු පහසුකම් ඉල්ලපු උගත්තු එහෙ ගිහින් වැසිකිලිත් හෝදනවා. මව්රට එක්ක තිබු සියලු සම්බන්ධතා අතහරිනවා කියල දිවුරලා පුරවැසිකම ගන්නේ. එහෙ පුරවැසිකම ගත්තට පස්සේ ඔවුන් ලාංකිකයෝ නොවෙයි. මේ ආණ්ඩුවේත් ඇමරිකන් පුරවැසියෝ කීදෙනෙක් ඉන්නවද? ලංකාවේ ඉපදුනු පලියට ලාංකික වෙන්නේ නෑ.අරාබියේ රස්සාවට ගිය අයට ලැබෙන දරුවෝ අරාබි පුරවැසියෝ වෙන්නේ නෑනේ. ඉතින් මේ ගැහැණිය ලාංකිකයෙක් නොවේ. පොත් ලියලා මුදල් සෙවීම රටට සේවයක් නොවේ. අනික නවකතා ලිව්වට දැනුම බෙදෙන්නේ නෑ.(නදී)

:       0       0

ධම්ම Wednesday, 18 September 2013 04:13 PM

අන් රටවලට අනාගත පරපුරක් හදන්න අපේ රට දාලා ගිය අය මොනවා කිව්වත් මට නම් ලංකාව කියන්නේ මුළු ලෝකයම. අපේ දරුවෝ මහන්සිවෙලා අපේ රට ගොඩ දමාවි කියන විස්වාසය අපට තියෙනවා. චින්තකගේ ප්‍රකාශයටත් මා එකඟයි.(නදී)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 09:50 PM

මේ වගේ වෙලාවට 'අපේ අපේ' කියනවා. ද්විත්ව පුරවැසිකම ඉල්ලනකොට දෙන්න 'එපෝ එපෝ' කියනවා. අනේ මන්දා. (නි)

:       0       0

දම් Tuesday, 17 September 2013 09:50 PM

චින්තක වගේ කුහක ඕලමොට්ටලයන් ඉන්න තාක් කල් ලංකාව ලිඳේ ඉන්න මැඩිය සේය.(නදී)

:       0       0

දාස Wednesday, 18 September 2013 04:30 PM

ඔය ජාතිවාදී මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද තමන් ලාංකිකයෙක් වගේම පෘතුවි වැසියෙක් බව? (ස)

:       0       0

චින්තක පෙරේරා Wednesday, 18 September 2013 04:30 PM

රට දැය සමය ගැන වැඩ කරන එක ඔබ හිතන්නේ ලිඳක් කියලා නම්, එකෙන් ගොඩ එන්න ගෝලීයකරණය වැළඳ ගන්න ඕනේ කියල ඔබ හිතනවා නම්, ඔබේ අදහස ලංකාවේ හැම වැසියෙක්ම අනුගමනය කලොත් සිංහල භාෂාවට, ජාතියට, ආගමට මොකද වෙන්නේ කියාල ඔය බහුශ්‍රුත මොලයට වැටහුනේ නැතිද? ලෝකයේ සිංහල ජාතිකයෝ ඉන්නේ මිලියන 16 ක්අට අඩු ගානක් පමණයි. අප වඳ වෙමින් පවතින ජාතියක්. අපේ මිනිස්සු වැඩි හරියක් අපේ ඉතිහාසය, උරුමය, සංස්කෘතිය ගැන දන්නේ නෑ. ඒ වගේම ලෝකයේ අනිත් ජාතීන් ඔවුන්ගේ ජාතිය, භාෂාව, සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට යොදා තියෙන ආරක්ෂණවාදී ප්‍රතිපත්තීන් ගැන දන්නේ නෑ. පොත් පත් කියවන ඔබ මේ ගැනත් කියවන්න. රටක උපන්න නිසාම අපේ යන අදහසින් ඔවුන්ව අගය කිරීම මෝඩකමක්. ජන්මය නොව ක්‍රියාව වැදගත් බව ලංකාව වගේ අන්තර්ජාතික බලවේග වල කෙලි බිමක් වුන රටක මිනිස්සුන්ට දැන් තේරෙනවා. ඔබ ලංකාවේ ඉපදුනත් ලංකාව වෙනුවෙන් වැඩ නොකලොත් ඔබට උරුමකම් කියන්නට ලංකාවක් නොතියේවි. ඔය ලේඛිකාව දැන් හොයන්නේ ඒ අමතක කරපු උරුමය නෙවෙයිද? (ස)

:       0       0

ගල් බණ්ඩා Tuesday, 17 September 2013 10:43 PM

ලංකාවේ ඉපදුන පලියට ලංකාවේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් හෝ ලංකාව වෙනුවෙන් වචනයක් කතා නොකරන මිනිස්සුන්ගේ ප්‍රවෘත්ති වලින් ලංකාවේ මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද? තමන්ට දක්ෂ කමක් තියෙනවා නම් ඒකට ලංකාවේ තැනක් නැත්නම් ගැලපෙන තැනකට යන එක කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ලියන මමත් එහෙම ඇවිත් ඉන්න කෙනෙක්. නමුත් මම වගේ තව ඕනේ තරම් ලාංකිකයෝ අපේ රටට හම්බකරන මුදල් එවනවා. රටේ ප්‍රශ්නයකදී රට වෙනුවෙන් කතා කරනවා. මේ ලේඛිකාවත් එහෙම කරලා තියෙනවද කියල දැනගන්න එක කුහක කමක් නෙවේ. සිංහල පත්තරේක ප්‍රචාරයක් දෙන්න හේතුව දැන ගන්න එක ඒ ප්‍රවෘතියට වටිනාකමක් දෙන්නේ නැතිද? කාලිංග ඔබේ අසහනයට අනිත් අය පළි නෑ. (නදී)

:       0       0

මිෂා Wednesday, 18 September 2013 12:43 PM

ලංකාවේ මිෂෙල් ද ක්‍රෙට්සර් කියලා ඔක්කොම දන්නවා. කවුරු මොනවා කිවත් එයා ලංකාවේ නිසානේ ඒ දේවල් කියලා තියෙන්නේ. සතුටින් අපි සුබ පතමු හදවතින්ම (ස)

:       0       0

මිලානෝ අපි Wednesday, 18 September 2013 02:01 AM

මොනවා වුණත් මිෂෙල්ට අපේ උණුසුම් සුභ පැතුම්! මේ ලේඛිකාව ලංකාවට කී පාරක් ගිහින් තියෙනවද දන්නවද? මේ වගේ දේවල් ලියනවට මිලාන් ඉන්න සමන්ත අයියටත් සුභ පතනවා (නි)

:       0       0

ඩයස් Wednesday, 18 September 2013 02:47 AM

ලංකාවේ හිටියා නම් සංචාරයේ ප්‍රශ්න නෙමෙයි ජීවත්වීමත් ප්‍රශ්නයක් වෙන්න තිබුනා (නි)

:       0       0

කුමාර Wednesday, 18 September 2013 12:51 PM

ලංකාවේ තියන දේශපාලන සංස්කෘතිය, එතකොට ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියන කැපිලි කෙටිලි, ආනයන අපනයන වල තියන අධික බදු නිසා අපිට පඩියෙන් ජීවත්වෙන්න අපහසුකම, ඉඩමක ආදායමින් ජීවත්වෙන්න බැරිකම (කෘෂිකාර්මික ගොවියන් ගේ පලදාව විකුණා ගන්න බැරිකම) කප්පකම් කාරයෝ, ඉහල සිට පහලට චන්ඩින් හා මැරයන් සමඟ සම්බන්ධකම් තියන විවිධ පරිපාලන රටාව,, මේ කරන තියන රටක විදේශ භාෂාවක් දන්නා කෙනෙක් ඉඳීවිද? ලංකාව හොඳ රටක්, දේශගුණය, ගහකොළ, සතා සිවුපාවා ආදිය. අද උන්ට නිදහසේ ඉන්න වනාන්තර තියනවද? අලි පොත නැති උනා, හොරෙන් අල්ලපු අලි ලක්ෂ 10 දීලා ලියාපදිංචි කරන්න පුළුවන්ලු???? මේ වගේ වැඩවල පුරුදු උන බහුතරය මේ රට සුරපුරයක්, මේ කාන්තාව ලංකාවේ උපන්න‍ෙ කීම උනත් වටිනවා, සමහරු පිටරට ගියාම එකවත් කියන්න කැමති නැහැ. (ස)

:       0       0

චින්තක පෙරේරා Wednesday, 18 September 2013 12:54 PM

ලංකාවේ ජීවත්වෙන අපේම සිංහලයෝ කීදෙනෙක් සිංහල ජාතියට, රටට විරුද්ධව වැඩ කරනවද? පිටරටවල පුරවැසිකමට ලංකාව කීදෙනෙක් පාවලා දීලා තියෙනවද? ලංකාව වෙනුවෙන් කරන උද්ඝෝෂණයකට ඕස්ට්‍රේලියාවේදී 100ක් එකතු කරගන්න කොයිතරම් අමාරුද? ලංකාවේ ප්‍රශ්න විකුණලා කී දෙනෙක් ලංකාවේ හතුරන්ගෙන් සම්මාන ගන්නවද? මේ ලේඛිකාවගේ පොත් මම කියලා නැති නිසා ඒවායේ ඇතුලත් කරුණු ගැන මම මෙතැනදී කිසිවක් කියන්නේ නෑ. නමුත් ලංකාවේ වෙළඳපොලක් හදා ගන්න යටි අරමුණක් ඇතිව ලංකාව වෙනුවෙන් වචනයක් නොලියා ලංකාවේ ඉපදීම පමණක් පාවිච්චි කිරීම වැරදියි. ෂෙහාන්, දම්, විජිත වගේ අයට තමන්ගේ රට දැය සමය ගැන විතරක් නෙවේ අද ලෝකයේ වෙන දේ ගැනවත් විචාරශීලී අවබෝධයක් නැති වග ලියලා තියෙන දෙයින් පේනවා.සමන් කුමාර, අනුන්ට උදව් කරන්න කලින් තමන්ගේ දුර්වලකම තේරුම් ගන්න. (ස)

:       0       0

විජිත Wednesday, 18 September 2013 05:14 AM

චින්තක පෙරේරා ලංකාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?(නදී)

:       0       0

සමන් කුමාර Wednesday, 18 September 2013 06:14 AM

අවශ්‍ය නම්, මට පුළුවන් ඊර්ශ්‍යාව, කුහකකම නැතිකරගන්න චින්තක පෙරේරාට උදවු කරන්න. (නි)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Tuesday, 17 September 2013 06:01 PM

අපිට තියෙන්නේ ඊයෙත්, හෙටත් අනිද්දත් මෙව්වා කියවමින් සිටීමයි.(නදී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 17 September 2013 06:05 PM

ලංකාවෙදි ‍මුහුණ දුන් ප්‍රශ්න බොහොමයකුත් මෙහි ඇතුළත්ව ඇති (නි)

:       0       0

කුමාරන Tuesday, 17 September 2013 06:06 PM

උතුරේ ත්‍රස්තවාදීන් විසින් ග්‍රහණයට නතු කරගත් සිවිල් ජනතාව මුදා ගත් ආකාරය නවකතාවකින් ලොවට කියන්න.එහෙම වුණොත් ඔබට අපේ ආදරය සහ ගෞරවය හිමිවෙනවා (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 18 September 2013 07:34 AM

චින්තක මල්ලි, ලංකාවට එන්නේ හිතන්නේ කොහොමද, ඔයාලා වගේ කුඩුකේඩු අය ඉන්දැද්දි? (නි)

:       0       0

චින්තක පෙරේරා Tuesday, 17 September 2013 06:46 PM

ලංකාවේ ඉපදුන පමණින් සම්මානයක් ගත්ත කෙනෙකුට ප්‍රචාරය දෙන එක වැරදියි. මේ ලේඛිකාව ලංකාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියල යම් සළකා බැලීමක් කරන්න වටිනවා. ඒ දේවලුත් මේ පුවතට ඇතුලත් වුනා නම් අපිට ඒ පුද්ගලයා ගැන අවබෝධයක් ගන්න තිබුණා. ලංකාවේ ඉඳල වෙන රටක පුරවැසි බව මොන විදියකින් හෝ අරගෙන ගිහින් ඉන්න බොහෝ දෙනා ලංකාව වෙනුවෙන් කතා කරන්නේ නෑ. ලංකාවට අයෙත් එන්න හිටන්නේවත් නෑ. (අ)

:       0       0

බණ්ඩාර Wednesday, 18 September 2013 02:47 PM

චින්තක හරි ,100ක් නොවෙයි.10ක් සොයා ගන්න බැහැ.එයාලගේ වාසියට වැඩ කරනවා මිසක රට වෙනුවෙන් කතා කරන්නේ නැහැ.කතා කරන කෙනා තනි වෙනවා. (ස)

:       0       0

දම් Wednesday, 18 September 2013 03:31 PM

චින්තක, ඔය ඉන්න ළිදෙන් පොඩ්ඩක් මහන්සි වෙලා එලියට පනින්න.ලංකාව කියන්නේ මුළු ලෝකයම නෙවි.21 වන සියවසේ අපි ගෝලීයකරණය කතා කරද්දී මෙයා අංගුලිමාල චරිතය රගපානවා.පොතක් පතක් කියවලවත් ලෝකයේ අපි ඉන්න තැනින් එලියට එන්න උත්සහ කරමු. (ස)

:       0       0

ගල් බණ්ඩා Wednesday, 18 September 2013 10:04 PM

ජාතිවාදීයි, ආගම්වදීයි කියන මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා, කුමාරතුංග මුනිදාස වගේ ජතිමාමකයෝ නිසා තමයි අද ඔයාලට කතා කරන්න ලියන්න සිංහල භාෂාවක් සහ අපේ කියන්න රටක් ඉතුරුවෙලා තියෙන්නේ. අපිට ජාතිවාදියි කියන පෘථිවි වැසියන් හා ගොලීයවාදීන් කවද හරි ලංකාවට ආවත් ඒ එන්නේ අපි වගේ අය රැකගත්ත රටකට බව අමතක කරන්න එපා. ලංකාව ඔය හැමකෙනාටම ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න දියුණු වෙන එක නවත්වන්න කාටවත් බෑ. අපේ ජීවිත කාලේම ඒක දැකල මැරෙන්න ලැබුනොත් මට ඒ ඇති. ඔබ හෝ ඔබේ දරුවන් උරුමය හොයන දවසක් එනවා. එදාට රටක් ඉතුරු වෙන්න අද රටට උදව් කරන්න. රටට උදව් නොකරන අයට ප්‍රචාරය දෙනවට වඩා පුවත්පතකට රටට වැඩක් කරන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 822 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5123 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3005 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1405 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1516 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28228 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site