IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ලංකාවේ ගැහැණියට අතවර නිමක් නැහැ

හැම මිනිත්තු  අනූවකට වරක්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවක කෙලෙසීමට ලක් වෙතියි කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධානය කියයි.

කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය අතින් ශ්‍රී ලංකාව ලොව පස් වෙනි ස්ථානය ගන්නා බවත් කාන්තාවන්ට ගරු සරු කිරීමක් නැති පරිසරයක් යටතේ ශ්‍රී ලංකාවේ කතුන් ජීවත් වන බවත් එම සංවිධානය කියයි.

පොදු ප්‍රවාහන සේවා පාවිච්චිකරණ කතුන්ගෙන් 95% ක්ම නොයෙකුත් අතවර වලට ලක්වෙතියිද අපරාධකරුවන්ට හා ප්‍රාදේශීය දේශපාලකයන්ට දඩුවමකින් තොරව ඔවුන්ගේ මැරකම් වලට ඉඩ දී ඇතැයිද එම සංවිධානය පවසයි.



අදහස් (0)

ලංකාවේ ගැහැණියට අතවර නිමක් නැහැ

රීටා Tuesday, 16 July 2013 03:41 PM

පුරුශාධිපතියෝ මේකටත් ගැහැනුන්ටම බැනලා අත පිහදමා ගනී. තමන්ගේ හැදියාව බල්ලට ගිය එක අමතක කරාවි.අපේ අඩුම ප්‍රශ්නයක් වෙන්නේ ඊනියා සුචරිතවාදින්ට මිස මහත්මයන්ට නොවේ.විනයක්,හැදියාවක් ඇති මනුස්සයන්ට නොවේ. උදාහරණ ලෙස බටහිර පිරිමි. (දී)

:       0       0

පද්මා Tuesday, 16 July 2013 03:43 PM

සුද්දන්ට එන්න කියල ලංකාවේ ජුතක බමුණු පිරිමින්ට පන්ති පවත්වමු. හැසිරෙන විදිය,විනය ගැන උගන්වන්ට බැරිනම් පොවන්න කියමු. (දී)

:       0       0

සුපුන් Tuesday, 16 July 2013 03:46 PM

ලංකාව ලිබරල් වාදී වේවා!එහෙම වෙනකල් විනයක් නැති මිනිසුන්ගෙන් ගැනු බේරාගන්ට බැහැ. ප්‍රබුද්දයෝ සංස්කෘතික තර්ක ගැහැනුන්ගේ ඇදුම ගැන ඇදබෑවත් ඊනියා සුචරිතවාදී කුහකයෝ හතරවටින් වහගෙන බස් එකේ යන මුස්ලිම් කාන්තාවන්ටත් හේත්තුව දමනවා. ඇදුම නම් ප්‍රශ්නේ මොකෝ ඒ තිරිසන් වැඩ.... (දී)

:       0       1

විජේසිංහ Tuesday, 16 July 2013 03:46 PM

කෝ සේනාව... කියලා අහන්න එපා. මේක එයාලගේ රාජකාරිය නෙමෙයි. (දී)

:       0       0

සරත් Tuesday, 16 July 2013 03:48 PM

ලංකාවේ ඕනෑම ගැහැනියෙක් ට උසාවි යන්න පුළුවන් ලංකාවේ සෑම කාන්තාවකටම නිතියේ පිළිසරනක් තියෙනවා (අ)

:       0       0

රූපා Tuesday, 16 July 2013 03:49 PM

මුලින් හොයලා බලන්න මේ කියන සංවිදානේ කව්ද කියලා. බටහිර අපට වඩා නරකයි. (දී)

:       0       0

ජයා Tuesday, 16 July 2013 03:48 PM

කසාද බැදපු මිනිස්සු දන්නවා ඔය නෝනලා කියලා තියෙන තරම් ලේසියට ඕවා කරන්න බැහැ කියලා. අනේ නිකන් ඉන්න නෝනලා ... (දී)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 17 July 2013 03:06 AM

ලංකාවේ කාන්තා අතවර වලට‍ කතාකරන්න ඉස්සරවෙලා මැද පෙරදිග ඉන්න ලංකාවේ අහිංසක කාන්තාවන්ට වෙන හිරිහැර අතවර වලට විරුද්ධව හැම සංවිධානයක්ම ක්‍රියාත්මක විය යුතුයි.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 16 July 2013 03:52 PM

දියුණු ලෝකය සමග අපි ඉදිරියට මිසක් ආපස්සට යන්ට බැහැ. කලයුතු දේ දියුණු මනසක්, සංයමය පුහුණු කිරීම. බටහිර රටවල සුරංගනාවියෝ වගේ කෙල්ලෝ මේ කාලේ රස්නේ නිසා අදින හැටියට පාර දිගටම අතවර වෙන්ට එපායැ.අපිට කොතන හරි වැරදිලා නේද? (දී)

:       0       0

අජිත් Wednesday, 17 July 2013 10:50 AM

මේ සංවිධානය ගැන කිසිම තොරතුරක් නැහැ. කොහොමද මේ සංගනන කරන්නේ කියලා පැහැදිලිත් නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 July 2013 03:58 PM

පව් ජැක්සන් ලා හරිම අහිංසකයි (අ)

:       0       0

කපිල Tuesday, 16 July 2013 03:59 PM

එක ඇත්ත සමහරුන්ගේ කතාවෙන් පේනවා ආණ්ඩුවට කඩේ යන බව මෙතැ වැඩියෙන්ම ඉන්නේ ජැක්කාරයෝ වගේ (අ)

:       0       0

අසේල Tuesday, 16 July 2013 04:03 PM

මේක පිළිගන්න බැහැ.එහෙමනම් ලංකාවේ පාරක බැහැල යන්න ගෑනු කෙනෙක් හොයාගන්න බැරි වෙනවා.රටේ නීතිය සාදාරන නැති එක වෙනම ප්‍රශ්නයක්.එත් මේ සංවිදාන කියන තරම් අපේ මිනිස්සු නරක නැහැ. (දී)

:       0       0

සංජීව Tuesday, 16 July 2013 04:04 PM

කෝ මේවාට එරෙහිව නැගී හිටුඉන අය (දී)

:       0       0

ද්ෆ්ෆ් Tuesday, 16 July 2013 04:06 PM

බටහිර සංස්කෘතියේ අයිතිවාසිකම් උකහා ගැනීමට මාන බලන කාන්තාවාදී සංගම් ,,, සාරි සමාජයට මුවාවී පිරිමින්ට එරෙහිව අයුතු අයිතිවාසිකම් දිනා ගැනීමට යත්න දැරීම??????? (දී)

:       0       0

අසංක Tuesday, 16 July 2013 04:10 PM

මේවා ගල් පැලෙන බොරු, ලංකාවේ ඇත්තටම කාන්තා හිංසනය අඩුයි පිට රට තමයි වැඩි, විදේශ රැකියා වලට ගිය කාන්තාවන්ට හිංසා නැහැ කියලාද හිතන්නේ (දී)

:       0       0

අසංක Tuesday, 16 July 2013 04:11 PM

කතාවනම් දෝලාවෙන් ලංකාව තරම් කාන්තාවන්ට සලකන වෙන රටක් කොහින්ද (දී)

:       0       0

පාර් Tuesday, 16 July 2013 09:09 PM

නමක් නෑ, ගමක් නෑ මේවට ඉඩ ලංකාවේ ?(නදී)

:       0       0

ෆාතිමා Tuesday, 16 July 2013 04:11 PM

සමාජය තමයි වග කියන්න ඕනේ මේවාට (දී)

:       0       0

තුසිත Tuesday, 16 July 2013 04:12 PM

සමාජය පිරිහිලා කියන්නේ නිකන්ද (දී)

:       0       0

ගමාල් Wednesday, 17 July 2013 06:56 AM

බටහිර සංකල්ප ඉදිරියට ගෙන ඒමෙන් පසු බටහිර සංස්කෘතියේ මුලික හරයන් වන නිරුවතට හා ලිංගිකත්වය ගැන නිරුත්තර වීමෙන්, කාන්තාවාදීන්ගේ නිරුවත සමාජය ඉදිරියේ සැගවෙන්නේ කෙසේද ? (නි)

:       0       0

කසුන් Tuesday, 16 July 2013 04:21 PM

මේවාට නිසි පියවර ගන්න ඕන (දී)

:       0       0

ඇලන් Tuesday, 16 July 2013 04:28 PM

ලංකාවේ නීති තව ටිකක් තද කරන්න ඕනේ (දී)

:       0       0

ලංකා Tuesday, 16 July 2013 04:28 PM

මේ දේවල් ලංකාවෙන් ඉක්මනට අයින් කරන්න ඕන (දී)

:       0       0

සදුනි Tuesday, 16 July 2013 09:35 PM

කාන්තාවන්ගේ ඇදුම්වල අඩු පාඩු නිසා අපරාධ වෙනවා නම් හොදටම ඇග වැහෙන්න අදින අරාබි රටවල් වල වගේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 04:34 PM

නීතිය රකින අය ඒවා කඩනවනම් තව මොන කතාද? )අ_

:       0       0

රොහාන් Wednesday, 17 July 2013 07:50 AM

අනේ පහ මදිනේ.කොහොම හරි ට්‍රයි කරලා අඩුම ගානේ තුනටවත් එමුකො. නැත්නම් ආසියාවේ අශ්චර්යෙන් වැඩක් නැහැ.(නි)

:       0       0

ජගත් Tuesday, 16 July 2013 04:56 PM

අපේ බෞද්ධ රටේ මේ දේවල් තුරන් කරන්න ඕන (දී)

:       0       0

චමිලා Wednesday, 17 July 2013 08:15 AM

ප්‍රවාහනයේදී වෙන අතවර ගැන කතාකලොත්, මට කියන්න තියෙන්නේ ඒවාට කැමති කාන්තාවෝත් ඉන්නවා. මම බස් එකේ යනකොට එහෙම දේවල් නිතර දකිනවා. ඉතින් ඒවාට අකමැති කාන්තාවන්ටත් නිදහසේ බස් එකේ යන්න බැහැ එවැනි අනුබල දීම් නිසා. කාන්තාවෝත් මීට වැඩිය මේවා ගැන වගකීමෙන් වැඩ කල යුතුයි නේද ? ප්‍රවාහනයේදී සිදුවෙන අතවර වලට ඔවුන් විසින්ම අනුබල නොදිය යුතුයි කියලා මම හිතන්නේ. (නි)

:       0       0

චන්දා Wednesday, 17 July 2013 08:23 AM

යම් පුවතකට දාන අදහස් කියවලා යමක් ඉගෙනගන්නත් සමාජ යහපත උදෙසා නවමු අදහසක් කියන්න පුලුවන්නම් ඒ සදහාත් මේ තීරුව යොදා ගන්න කවුරුත් පෙලබෙනවා නම් යහපති. (නි)

:       0       0

රනා Wednesday, 17 July 2013 08:26 AM

මේවා බොහොමයක් සත්‍ය නොමැත .අපි පහ නම් මැද පෙරදිග අරාබි සහ බටහිර රටවල් ?ගල් පැලෙන බොරු.ඩොලර් ක්‍රියාත්මකයි. (අ)

:       0       0

ඩී.උපුල් Tuesday, 16 July 2013 05:32 PM

ඔය 95% තමයි හලෝ කතිරේ ගැහැව්වෙත්. නයි රෙදි පල්ලේ දාගෙන කනෝ කනෝ කියනකොට අපිද උන්ව ඇදල දාන්න ඕනේ? (දී)

:       0       0

අස්මිත් Tuesday, 16 July 2013 10:43 PM

මේවා බොරු කියලා අහක දාන්න බැහැ. ප්‍රතිශතයේ වෙනස් කම් තිබෙන්න පුළුවන්. නමුත් ලංකාවේ කාන්තා හා බාල අපරාද හුගක් සිද්දවෙන්නේ පවුලේම ඥාතියන් අතින් හා මත් උවදුරු/බීමත් පුද්ගලයන් නිසාබව පැහැදිලි ඇත්ත. නීතිය වල් වැදීම තමයි ප්‍රදානම හේතුව, ඒ වගේම ඒ අපරාද කාරයන්ට ඇප ඉල්ලන ක්‍රමය අන්තිම අසදාරනයි. ධර්මද්වීපයට ගිය කලක්.(නදී)

:       0       0

ප්‍රති Wednesday, 17 July 2013 08:31 AM

අපේ රටේ කාන්තාවන්ට වෙන අතවර වැඩිවෙලා නෙවෙයි තියෙන්නේ, ගෑනුන්ගේ අතවර මානසිකත්වය වැඩිවෙලයි තියෙන්නේ. මේ රටේ ගෑනුන් හා ගෑනු ළමුන් මානසිකව පුරුෂකරණය කිරීම බටහිර කාන්තා විමුක්තිවාදයේ අනුග්‍රහයෙන් කලක සිට සිද්ධ වෙනවා. ඒ වගේම පිරිමි ලිංගිකත්වයත්, ලිංගිකත්වයේ ස්වභාවය ගැනත් වෛරය වැපිරීම මෙයටම සමගාමීව වෙනවා. අද ලංකාව පුරා සමලිංගික විකෘති කාම බලවේග හිස ඔසවමින් කල්ලි ගැහෙමින් සිටින්නෙත් මේ කාන්තා විමුක්තිය යටතේ. ඔය කාන්තා විමුක්තිවාදය ඔඩුගිය බටහිර රටවල් වලට අද වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. අපේ සමහරු හිතන්නේ ඒ රටවල ප්‍රශ්න නැහැ කියලා. ඔය කාන්තා විමුක්ති විෂබීජය රිංගපු කිසිම රටකට සාර්ථක පැවැත්මක් නැහැ. අනෙක ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජයේ තිබෙන විවෘත බව අඩුයි, කුහකකම් වැඩියි ලිංගික අතවර අර්ථ ගැන්විලා තියෙන විදිහ හොයල බැලුවොත් ඒ අර්ථකථන කොච්චර දුරට සාධාරණද කියලා හොයාගන්නත් පුලුවන්. මේ වගේ එන්.ජී.ඕ කල්ලි වලට ඕනෑ අතවර වලට මුවා වෙලා ලිංගිකත්වයේ ස්වභාවය ගැනයි පිරිමි ලිංගිකත්වය ගැනයි වෛරයක් ඇතිකරන්න මිස අතවර අඩුකරන්න නෙවෙයි. (නි)

:       0       0

ප්‍රතිවදියා Wednesday, 17 July 2013 08:34 AM

කොලොන්නාව මංගලගේ කතාව එක්ක මමත් එකඟයි. (නි)

:       0       0

ප්‍රතිවාදියා Wednesday, 17 July 2013 08:36 AM

කුමාරගේ කතාවත් හරියට හරි. (නි)

:       0       0

මාගලි ෆනෑන්ඩු Tuesday, 16 July 2013 05:42 PM

ලංකාවේ අය ඒ තරමට ආදරේ ගැහැණියට. සිංහල කම ජාති හිතෛෂී කම බේරෙනවා .මෙන්න ඇත්ත .... (දී)

:       0       0

අපොන්සු Tuesday, 16 July 2013 02:41 PM

පස් වෙනි ස්ථානය? කලබල වෙන්න එපා. නොබෝ දිනකින්ම ආශ්චර්යමත් පළමුවෙනි තැනට ඒමට අපි වැඩ කරගෙන යනවා. (දී)

:       0       0

කුමාර Tuesday, 16 July 2013 11:31 PM

සියයට අනූ ගණන ගත්ත විදිය කොහොමද කියල කිව්වොතින් මේක විසදගන්න පුළුවන්. සමහර ස්තිවාදීන් ප්‍රසිද්ධියටත් මේ වගේ කතා කියලා මිනිස්සු ඇනකොටා ගන්න දිහා බලලා ඩොලර් සිනා පානවා.(නදී)

:       0       0

එස්.එල්.ටී.කේ. Tuesday, 16 July 2013 02:45 PM

95%ක් මේ කතාව නම් පිළිගන්න අමාරුයි. සමහර විට පස්සට යන්න, මාරු සල්ලි දෙන්න, ඉක්මන් කරන්න කියන ඒවත් අතවර හැටියට සලකලාද දන්නේ නැහැ ගණන් හැදුවේ. ඕවා නම් පිරිමි අයටත් පොදු අතවර (දී)

:       0       0

ලීල් ගුණවර්ධන Tuesday, 16 July 2013 11:39 PM

නීල්රනාගේ කතාවට කටට මසුරන් දාන්න වටිනවා. නියම ඇත්ත කතාවක්. මසුරං නැති නිසා සිනි ටිකක් හරි කටට දානවා. (නි)

:       0       0

සමන් Tuesday, 16 July 2013 02:47 PM

එලලුම් ගස ක්‍රියාත්මක කරමුද ?? (ත)

:       0       0

සංජීව Tuesday, 16 July 2013 02:49 PM

පිස්සුද ? මේ ධර්මද්වීපයේ මේවා වෙන්නේ නැහැ. හරක් මරනවා කියලා පෙළපාලි යන , ගිනි තියාගන්න අය ඉන්න මේ වගේ රටක ස්ත්‍රී දුෂණ වෙන්න පුලුවන්ද ? වහාම මෙම කට කතා පතුරුවමින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන කට්ටියට දඬුවම් දිය යුතුයි (දී)

:       0       0

උපාලි Tuesday, 16 July 2013 02:51 PM

සදාචාරය ගැනයි නීතිය ගැනයි බණ දේශනා කරන දේශපාලුවෝයි ඊනියා සමාජ ශෝධකයෝයි මොනවද කරලා තියෙන්නේ මේ ගැන. ගෑනු ළමයෙකුට හේත්තුවකින් තොරව බස් එකක යන්න බැහැ, පෝලිමක ඉන්න බැහැ. අම්මල කරගන්න දෙයක් නැතුව සුසුම් හෙලනවා තමන්ගේ දෑස ඉදිරිපිට කාලකන්නින් තමන්ගේ දුවට කරදර කරමින් බස්වල යන හැටි දැක දැක. කට අරින්නේ නැහැ කවුරුවත් රස්තියාදුකාරයින්ට බයේ. කොන්දොස්තර අහක බලාගෙන ඉන්නවා බයේ. කොන්දක් නැති පිරිමිත් ඒ ගොඩට වැටිලා අහක බලාගෙන ඉන්නවා. ඕක නෙමෙයිද ඇත්ත තත්ත්වය? (දී)

:       0       0

සාමා Tuesday, 16 July 2013 06:41 PM

ලංකාවේ හැම ආණ්ඩුවක්ම පත්වුණේ ළමයින්ට සහ කාන්තාවන්ට උපරිමය කරනවා කියලා පොරොන්දුව පිට.නමුත් මේ වනතෙක් කරපු දෙයක් පෙනෙන්න නැහැ. ලගදීම අපි පළවෙනියා වේවි (නි)

:       0       0

හේමන්ත Tuesday, 16 July 2013 02:56 PM

කාමුකත්වය දනවන විලාසිතා සහ නොහොබිනා ඇඳුම් පැළදුම් සහ කාන්තාවන් ගේ හැසිරීමත් බලපානවා. අද අපේ දරුවන් සියල්ල ටෙලි නාටක වෙලා. හැම නාලිකාවකම පෙන්නන්නේ පිරිමි අවුස්සන කාමුක දේවල්. පතපොත අපෙන් දුරස් වෙලා. පලකරන හැම පුවත්පතකම වගේ තියෙන්නේ මොනවද? බලන්න කියවන්න පුළුවන් දේවල්ද? අන්තර් ජාලයේ තියන සමාජ වෙබ් අඩවි වල තියෙන්නේ මොනවද? පිරිමි බොහෝ දෙනා මත් වතුරට හා දුම් පානයට ගොදුරු වෙලා. ගුරුවරියන් දනගස්සන යුගයක අසිරිය තමයි මේ. (දී)

:       0       0

ෆ්ද්ෆ් Tuesday, 16 July 2013 02:58 PM

ළමා හා කාන්තා අමාත්‍යංශයට, බටහිර සමාජ සංකල්ප යොදා කාන්තා අයිතිවාසිකම් උරගා බැලීමෙන් හා බටහිර නිරුවත හා ලිහිල් පවුල් සංස්කෘතිය ගැන නිහඩව සිටීම තුලින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් තුලින් ශ්‍රී ලාංකීය සමාජය නොමග යවමින්, වංචාවට ලක් කරයි. (දී)

:       0       0

විදුර Wednesday, 17 July 2013 12:23 AM

කෝ බොදු බල සේනාව?(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 17 July 2013 09:35 AM

පාර්ලිමේන්තුවෙත් කාන්ත නියෝජනයක් තියනවා නේද? කෝ එයාලා මේවට හඩ නගන්නේ නැද්ද? (නි)

:       0       0

සරත් Tuesday, 16 July 2013 03:03 PM

ඕක චින්තනයෙත් තිබුණා (අ)

:       0       0

සුරංග Tuesday, 16 July 2013 03:07 PM

නීතිය අතට අරන් කාන්තාවන් විශාල ගණනකට අතවර කල හොරෝවූපොතාන පැත්තේ පොලිස් ලොක්කෙක් තාමත් නිදහසේ ඉද්දි තව මොන කතාද ? (ත)

:       0       0

නීල් රණා Tuesday, 16 July 2013 03:08 PM

ලංකාවේ මිනිස්සු උපන් රට හඳුන්වන්නේ මව් බිම ලෙස. තමුන්ගේ අම්මට කියන්නේ ගෙදර බුදුන් කියලා. ඒ මදිවට අම්මා බුදුවේවා කියා පච්චේකුත් පපුවේ කොටා ගන්නවා. "අම්මා නොමැති කල අප්පා කවර කල" කියා පියවරුන්වත් බාල්දු කරනවා. හැබැයි කමතේ ගොයම් පාගනකොට "මයේ අම්මා" කියා අමතන්නේ හරකවයි. තරහ වුනහම "තොගේ අම්මට ..." කියා පිහිය ඇදලා ගන්නේ තරහකාරයට අනින්නයි. ඉතින් මේ රටේ මිනිස්සු අම්මවත් බුද්ධත්වයේ සිට හරකා දක්වා දෙපැත්තට තල්ලු කරනවා නම් අනිත් ගෑනු ගැන කවර කතාද. එහෙව් උන්දැලගේ මායියලටත් දුවරුන්ටත් ගෞරව කරන්න විදේශිකයන්ටවත් මෙහෙට එන්න කියමු. (දී)

:       0       0

දමිත් Tuesday, 16 July 2013 03:09 PM

ඉන්ටෙර්නෙට් . ස්මාර්ට් ෆොනේ , පුද්ගලික රූපවාහිනී අත්‍යවශ්‍ය හේතු වලට සහ පුද්ගලයන්ට පමණක් සීමා කරන්න. අසංවර ඇදුම් මැසීම සහ ආනයනය තහනම් කරන්න. තාක්ෂණයේ දිවුනුව සදාචාරයේ පිරිහීමේ මුලික ස්ථානය වන්නේය. (ත)

:       0       0

බුද්ධික Wednesday, 17 July 2013 12:38 AM

ආමෙරිකාවෙ, සෑම විනාඩි 2 කට වරක් ඉස්ත්‍රී දුෂණයක් සිදුවෙනවා. ඉතින් ඒකට සාපේක්ෂව ලංකාව හොද නැද්ද? රටේ අපරාද අඩු විය යුතුයි. නමුත් අපි සියලු දේ මැනිය යුත්තේ සාපේක්ෂව නොවෙද? (නදී)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 17 July 2013 12:48 AM

මේවා බොහොමයක් සත්‍ය නොමැත . මෙම සංවිදාන වලින් කරන්නේ කිහිප දෙනෙකුන් ගන්නා අදහස් හුවා දැක්වීමක්. බොහෝ විට අපේම රටේ සිටින අය ව්‍යාජ තොරතුරු මුදල් වෙනුවෙන් සපයනවා.(නදී)

:       0       0

ඇලක්ස් Tuesday, 16 July 2013 03:15 PM

අනේ අර බලසේනාව නිදිද?(අ)

:       0       0

ටිරාන් Tuesday, 16 July 2013 03:21 PM

මෙන්න මේ වගේ දේවල් වලට විරුද්ධව කව්රුත් ගිනි තියාගන්න ගියේ නැහැ නේද ? නිකන් කොහෙවත් නැති බෞද්ධකමක් ලංකාවේ තියෙන්නේ. (දී)

:       0       0

ජීවන් Tuesday, 16 July 2013 03:24 PM

මෝඩ කතා කියවන්න එපා. දැන් එතකොට ලිහිල් පවුල් සංස්ථාවක් ඇති බටහිර අපට වඩා නරක වෙන්න එපැයි. (දී)

:       0       0

ශීළා Tuesday, 16 July 2013 03:24 PM

ඔය තියෙන්නේ පැටිකිරිය ලංකාවේ මාර පුත්තරයන්ගේ.... ඊනියා ජාතිකවාදී නරින්ට ආඩම්බරද? (දී)

:       0       0

සේන Tuesday, 16 July 2013 03:25 PM

ඊනියා සුචරිතවාදියෝ මේ දස්කම් වලට වගකියන්න ඕනෑ. (දී)

:       0       0

සුධීර Tuesday, 16 July 2013 03:26 PM

කෝ සේනාව....? (දී)

:       0       0

අසිත Wednesday, 17 July 2013 01:27 AM

ම දන් නැති හින්දා අහන්නේ මේ කාන්තා අපචාර ගැන කියන සංවිදානේ මොකද්ද කොහේ එකක්ද? මම ඉන්නේ ඉතාලියේ දන්නා විදියට මෙහෙත් ඕනෑවටත් වැඩිය ඔය කියන අපචාර හිංසනයන් කාන්තාවන්ට තියෙනවා.(නදී)

:       0       0

බන්දුල Tuesday, 16 July 2013 03:38 PM

කියන තරමටම යකා කළුද කියලා බලන්න මේ කියන සන්විදානේ කව්ද, මෙයාල තොරතුරු මුලාශ්‍ර ගන්නේ කොහෙන්ද කියලා මුලින් හොයල බලන්න ඕනෑ.මෙයාල අතවර කියලා දාන්නේ බස් එකක වෙන ඒවත් අල්ලලා වගේ. කොහොම වුනත් අන්තිම පරිච්චේදය බැලුවම මට නම් එන්නේ ලොකු සැකයක්. (දී)

:       0       0

මාලා Tuesday, 16 July 2013 03:39 PM

අසංවර ඇදුම් කිවේ මොකට සාපේක්ෂවද.ඕක පුරුශාධිපත්‍යයට අයිසින් දමපු තර්කයක්.මොකෝ පිරිමින් ගැහැණුන්ගේ හැගීම් අවුස්සන ඇදුම් අදිනවා කියලා කවුරුත් කියල නැහැනේ.ඒ මොකෝ.... එහෙම කවුරුත් නොකියන්නේ. බයටද,සංස්කෘතික භීතිකාවක් නිසාද. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 340 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 218 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 847 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1468 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4200 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site